Categories
විචිත්‍ර

Harry Potter and the Half Blood Prince පූර්ව ප්‍රචාරක වීඩි‍යෝ පටය නිකුත් වෙයි!

මෙන්න තවත් විශේෂ ප්‍රවෘත්තියක්! එය ඔබ හැරී පොටර් විත්‍රපටි රසිකයෙක් / රසිකාවියක් වශයෙන් මෙතෙක් පුල පුලා බලාසිටි අවස්ථාවයි! වැඩි අටූවාටීකා අවශ්‍ය නෑ. කෙලින්ම නරඹන්න. මේක තමයි, HOT HOT! “Harry Potter and the Half Blood Prince” පූර්ව ප්‍රචාරක වීඩියෝව!

වැඩි විස්තර YuthMAX වෙබ් අඩවියේ “වින්දන” විශේෂාංගයෙන්

Categories
විවිධ

ඇයි Google ලංකාවට මෙහෙම කරන්නේ?

ඔව්, කතා දෙකක් නෑ දැනට ලෝකේ තියෙන හොඳම වෙබ් අඩවියයි Google කියන්නේ, භාවිතා කිරීමට පහසු, ඒත් සංකීර්ණ ක්‍රමලේඛණ යොදාගනිමින් නිමවා ඇති Google වෙබ් අඩවියෙන් ලබාදෙන සේවාවන් අතුරින්, Google Mail (GMail), Google Docs, Google Apps, Blogger වැනි ‍සේවාවන් වැදගත් වෙනවා. ඒ අතුරින් වෙබ් අඩවි නිර්මාණකරුවන්ට මුදල් ලබාදෙන (Google Adsense) සේවාවත් ඉතාම ජනප්‍රියයි. ඒත් වාර්තාවන විදිහට දැන් මේ Google Adsense සේවාව සිංහල භාෂාවෙන් (සිංහල යුනිකේත) නිර්මාණය කරන වෙබ් අඩවි හා බ්ලොග් අඩවි වලට ලබා දෙන්නේ නෑ. ඒ වගේම ලංකාවේ අයට Adsense for Videos කියන පහසුකම ලබාදෙන්නේත් නෑ. ඒ වගේම Google Summer of codes හි ඉදිරියෙන්ම සිටියෙත් ලංකාවේ අය බවත් ඔබ දන්නවා ඇති. (දන්නේ නැතිනම් පිවිසෙන්න) ඉතින් ඇයි ගූගල් අපිටම මෙහෙම කරන්නේ ආ…?