Categories
විවිධ

පමාවි ලියන නිද‍හසේ සටහන.

වෙනදාටත් වඩා උත්සව ශ්‍රීයෙන්, සතුටෙන් සැමරූ මෙවර 61වෙනි නිදහස. සත්‍යවශයෙන් නිද‍හසේ උත්සවයක් විය. විරෝධාර හමුදාවන් සිය බල පරාක්‍රමය පෙන්වමින් ලොව කෲරතම ත්‍රස්තවාදී සංවිධාන යුදමය වශයෙන් පරාජයට පත් කරමින් පවතින මෙවන් ‍මොහොතක නැති නෙයියාඩගම් නැත්තේද නොවේ. සමහරු පවසන්නේ මෙය ජනඝාතය යුද්ධයක් බවය. ඔවුන් ජනයා යැයි සිතා සිටි‍න්නේ කොටි ත්‍රස්තවාදීන්දැයි නොවැටහේ. ඔවුන් තිරිසනුන් ජනයා ලෙසින් සිතන්නේ නම් ඔවුන්ට නවාතැන් ගැනීමට ඇති එකම ස්ථානය මුල්ලේරියාවේ පිහිටා ඇත. මා එය කුමක්දැයි මෙහි නොපවසන්නේ එය ඔබ දන්නා නිසා ය. ලොව විනීතම හමුදාව ශ්‍රී ලංකාව බව ඔබට මෙම සේයා රූ දැකීමෙන් පසක් නොවන්නේ ද?

http://heesara.blogspot.com/2009/02/stop-genocide.html

කියවන්න. කියන්න තියෙන දේ හොඳට දෙසා ඇත.

ජාති‍යේ අවාසනාවට එසේ නොතේරෙන හාල් පාරුවන්ද ඇත. ඔවුන්ට අනුව මහින්ද රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ පවුල රටට‍ කෙලවා ඇත. මහා පාරේ අසරණ මිනිසුන් ඝාතනය ‍කෙරේ. මුලු රටම අද ලේ විලකි. ඔවුන් අද පාරේ බැස යන්නේ කෙසේදැයි මා නම් දන්නේ නැත. වෙනදා බස් රථයට පන බයෙන් නගින අප හට සුව නින්දෙන් ගමනක් බිමනක් යෑමට හැකියාව ලැබෙමින් පවතී. මගේ මතයට අනුව නම් ඔවුන් මේ මිහිමවගේ පුතුන් නොවේ. ඔවුන් යන්නේ අහසෙනි. ඒ නිසා මේ පොළව මත සිදුවෙන දෑ තේරුම් ගැනීමට ඔවුන්ට නොහැකි වී ඇත. අහෝ ලක් මෑණියණි. මෙවන් පුතුන්ට සමාව ලබාදී ඔවුන්වද රැකගනිත්වා.

මේ අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය පිස්සු කෙළිමින් ඩෙඟා නටමින් සිටිති. ලංකාවේ එවුන් නොවන නිසා තරමක සිතට සහනයක් දැනේ. නමුත් ලෝක මතය සෙලවේ නම් එය ශ්‍රී ලංකාවට ඉමහත් පාඩුවකි. ඔවුන්ට අනුව ශ්‍රී ලංකා හමුදාව පොකුරු බෝම්බ හෙළාදමති. එයද දඩමීමා කරගනිමින් ජාත්‍යන්තර (ත්‍රස්ත) ක්ෂමා සංවිධානය ත්‍රස්තවාදීන් ක්ෂමා කරන ලෙස ලෝ ප්‍රජාවගෙන් ඉල්ලා සිටියි. අවසානයේ එක්සත් ජාතීන්ගේ සංවිධානය එම ප්‍රකාශය ඉල්ලා අස් කරගනිමින් ලංකාවෙන් සමාව ඉල්ලා ඇත. නමුත් සමාව ඉල්ලා සිටින විට ‍සියල්ල සිදුවී හමාරය. එක්සත් ජාතීන්ගේ සංවිධානය ලෝක සංවිධානයකි. ඔවුන් අපි මෙන් පොඩි ‍පොඩි එවුන්ගෙන් සැදුම්ලත් ආයතනයක් නොවේ. එහෙව් සංවිධානයකට මෙහෙව් වැරදීමක් වේ යන්න සිනාසී අමතක කළ යුත්තක් නොවේ. ඊශ්‍රායලය ගාසා තීරයට පොකුරු බෝම්බ හෙලද්දී අනේ ‍පනේ මේ උන්දැලා නිහඬව CNN, BBC හරහා ආතල් එක බෙදමින් සිටිති. ඒ යුධ පුවත් වාරණය කරති. විලි ලැජ්ජාවේ බැරි ජාත්‍යන්තර ක්‍රියාකාරීත්වයට යටවන අ‍පේ රටේ නූල් නැති පන කෙන්ද පමණක් ඇති රූකඩ පිනෝකියෝලා නෙයියාඩගම් නටති.
අපි වැනි පොඩි එවුන් ඒවා බලා සිටිමින් විතරක් නොසිටිමු. ඔවුන්ට ප්‍රතිචාර ලබා දීමට 18 පනින තෙක් සිටින්නට අපිට ඉවසිල්ලක් නැත.

එවන්වූ මොහොතක අපි අභිමානවත් නිදහසක් සමරමින් සිටිමු.
චිරං ජයතු ශ්‍රී ලංකා!

Categories
සාහිත්‍ය

කිඳුරියගේ විලාපය

ම්… අපේ 10-11 සාහිත්‍ය පොත නිකම් පෙරළනකොටයි කිඳුරු වලප පාඩම අහුවුනේ. කිඳුරු වලප පාඩම දැක්කාමයි මතක් වුනේ රත්න කොඩිකාර මහත්මයාගේ සිංහල සාහිත්‍ය විචාරය අංක 1 කියන පොත. සාහිත්‍ය අමාරු නම්, ඔන්න මේ පොත කියවන්න අමතක කරන්න එපා O/L මල්ලිලා නංගිලා. නියමෙටම කියලා තියෙනවා. සාහිත්‍ය විචාරය ලියන්න අමාරු නං, මෙන්න පොත ඇරගෙන කියවන්න. එතකොට තමන්ගේම කියලා චිචාරයක් ලියාගන්න පුලුවන් වෙන එක අනිවාර්යයි. ඔය නිකන්, එක එක විචාර කට පාඩම් කරගෙන ගිහිල්ලා ලියනවාට වඩා හොඳයි, තමන්ගේම කියලා විචාර ක්‍රමයක් ලියන එක. කෝ ඉතින් කියන්න ආපු එක කියන්න වුනේ නැ නෙව. ඉතින් ඔන්න මම රත්න කොඩිකාර මහත්මයාගේ සිංහල සාහිත්‍ය විචාර පොතේ මම හොයපු එක හොයාගත්තා. එක තමයි කුමාර හෙට්ටිආරච්චි කවියා විසින් රචිත කිඳුරියගේ විලාපය කවි පන්තිය. කියවලා නැත්තං මේං කියවන්න. නියම කවි පංතිය.

කිඳුරියගේ විලාපය – කුමාර හෙට්ටිආරච්චි

කිඳු රා නඟින්නේ බසයට බොරැල් ලේ
මක රා පසුම්බිය පඩි දා විදිල් ලේ
දෙද රා විද්ද විදමන රත් කිහිල් ලේ
කිඳු රා පපුව පැළිලා ගෙයි තොටිල් ලේ

සිප බඳ කොමළතින් ලුණු කැඳ පොවා පි යා
සැප නැති බදු ගේක වකුටු ව නිදා පි යා
ලප සඳ මහිමි ගිනි පොලියෙන් මුදා පි යා
පඩි පත කෑ තොපට හෙණ හතය පා පි යා

බල සම්පන්න දෙවියොත් පඩි නො ලබා
හිඟ මන් සදිසි පඩි පත දැක උණු වේ
සුප සන් මහිමිගේ ඉහ ගිනි දුටුවා
මට වන් මෙදුක තගෙ අඹුවට නො වදී ද?

දරුවන් උදේ අකුරට නොයති ද ඉති නේ
පවසින් සයින් නැඟි ගිනි දලු ඉහ මුදු නේ
ගසකින් කඩන කහවනු හීනෙන් පෙනු ණේ
ඉතිකින් කෙලෙස වෑවෙම් දෝ හිමි සඳු නේ

ඉතින් ඔන්න ඕකයි කවි පංතිය. මම O/L ලියන කාලේ හිටියේ හොස්ටල් එකේ නෙව. ඉතින් සිංහල ලියන දවසට කලින් කට්ටියත් එක්ක පාඩම් කර කර ඉන්නකොට මේ කවිය අහුවුනා. ඉතින් ක‍ට්ටිය පාඩම් කරන එක අත ඇරලා දාලා බකස් ගාලා හිනාවෙන්න පටන්ගත්තේ නැතැයි 😀

ඉතින් ඔන්න ඔහොමයි අපි පාඩම් කරේ O/L වලට. සිංහල වලට මොකක් ලැබේවිද මන්දා…. 😀

ආරන්චි වුන විදිහට‍ මේ වගේ කවි තව තියෙනවාලු. තියෙනවානම්, ඔයාලාගේ බ්ලොග් අඩවි වලත් ලියන්න. එහෙම නැතිනම් අලුතෙන්ම එකක් ලියන්න. එතකොට අපිටත් කියවලා රස විඳතහැකි නෙව 😉

සාහිත්‍ය ගැන කියනකොට මට මේ මතක් වුනේ. සාහිත්‍ය විෂය ශිෂ්‍යයන්ට පාසල් වන උගන්නන්නේ විභාග පාස් කරන්නම නෙවෙයි නේ. උසස් රසවින්දනයක් ඇති කරන්න. ඒත් අනේ අපේ මේ අධ්‍යාපන පරිපාලනය කියන්නේ නම් මහා අල පාත්තියක්. එච්. එම් කුඩලිගමයන්ගේ “වැස්ස” කවි පන්තියෙන් සාහිත්‍ය පොතට උපුටාගත් “වැස්ස” පාඩම ගැන සිංහල භාෂාවෙන්ම කිව්වොත් තනිකර “කවන්ධයක්” ඇයි හත්තිලව්වේ පළවෙනි කවියම කපලා දාලා නෙව. පාඩම උගන්න‍නකොට මිශ්‍ර පාසල් වල බවලත් උදවියට විළි ලැජ්ජා හිතෙනවාලු. පාඩම උගන්න ගුරුවරියන්ට විළි ලැජ්ජා හිතෙනවාලු. හනේ හපොයි, ‍අද එච්. එච්. කුඩලිගම කවියා ජීවතුන් අතර හිටියානම් මොනවා හිතාවිද? එක්කෝ කවි පන්තිය හරි නැත්තං, කවි පන්තියම අයින් කරලා වෙන කවි පන්තියක් තෝරාගන්න ඕනේ. එහෙම නැතිනම් මුලු කවි පන්තියම එකතු කරන්න ඕනේ. ඔන්න නොදන්න අයට දැනගන්න මම මෙතන දාන්නම්, බලන්න විලි ලැජ්ජා හිතෙනවාද කියලා :P. සමහර විට කොටු කොටු වැටෙයිද දන්නෑ කවියට උඩින්. එහෙම වුනොත් නං ඕං මං නැ!

ගැබිනියකගෙ තන පුඩුවල පැහැය    උරා
පා වෙන වළාකුළු පවතියි අහස පුරා
මිටියාවතේ මී දුම් ගොබ දෙපළු ඉරා
ඉගිලෙති කුරුලු හමුදාවෝ කැදලි කරා

ඉතින් ඔන්න ඕකයි තත්ත්වේ. ලංකාවේ අධ්‍යාපනේ එන්න එන්න බාල්දු වෙනවාද මංදා. එහෙනං ඉතින් පෞද්ගලික විශ්ව විද්‍යාල නොඇර මොනා කොරන්නද කියලා හිතාගන්නත් බෑ. බලාගෙන යනකොට ඒක තමයි යථාර්ථය. අනිච්චේ දුක්ඛේ කිව්වාලු 🙁


උපුටාගත් සියළුම පද්‍යයන්ගේ අයිතිය එහි කතුවරුන් සතුය.