මේ මා වෙත බ්ලොග් අඩවියේ පළ කරන මෙන් ඉල්ලා සිටිමින් විද්‍යුත් තැපෑලට එවන ලද්දාවූ කුමුදු පින්තු මහත්මා පිළිබඳ ලිපියකි. කර්තෘ අඥ්‍යාතයි. ඔහු පවසන අන්දමින් ඔහු කුමුදු පින්තු මහත්මාගේ පාඨශාලයීය ජීවිතයේ සමකාලීනයෙකි.

මෙම සිදුවීම සත්‍ය සිදුවීමක් නොවේ. මෙහි චරිත සියල්ල මනඃකල්පිතය.
හ්ම්…
යනවා ඉවරයක් නැති බස් එකේ ගමන් ගන්න වෙලාව අනන්තයක් වගේ හිතට දැනෙන්න පටන් අරගෙන දැන් අනන්ත වෙලාවක්. පන්තියට යන්නත් තව වෙලා තියෙනව. පන්තියට යන්නෙ නම් හොඳ හිතකින් නෙවෙයි. බස් එකට නඟින්න කලින් දුරකථන කතාවෙන් බහින්බස් වුන තරහත් අරගෙනයි බස් එකට නැග්ගෙ. ඇයත් එක්ක තරහ වෙලා කතා නැතිව ඉන්නකොට දැනෙන අනන්ත පාලුව අනන්ත කාලයකට පරිවර්තනය වෙලා වගෙයි.