Categories
විවිධ

ඒ.බී.සී මාධ්‍ය නැවතත් කරළියට

ඔබ දන්නවා ඇති මීට ටික කාලෙකට කලින් වැරදි ප්‍රවෘත්තියක් ජනතාවට ලබාදීම නිසා හිරු එෆ් එම් ඇතුළු එම නාලිකාව අයත් මාධ්‍ය ආයතනයට අයිති නාලිකා කිහිපයක් තහනම් කරනු ලැබුවා. ඔන්න දැන් ආපහ් කෙසේ වෙතත් එම නාලිකා තමන්ගේ විකාශය නැවත ආරම්භ කරලා. ඒ නාලිකා අතුරින් මම වැඩියෙන්ම ඇහුවේ හිරු එෆ් එම් නාලිකාව තමයි. හැබැයි මේ පාර තමන් ඉදිරිපත් කරන ප්‍රවෘත්ති පිළිබඳව ටිකක් වගකීමකින් කටයුතු කරන එක තමයි වැඩිය හොඳ…

Categories
විවිධ

ලංකාව දියුණු වෙමින් පවතින රටකි

ශ්‍රී ලංකාව සුද්දන්ට නතු කරගැනීමට පෙර ‍පෙරදිග ධාන්‍යාගාරයයි.
සුද්දා අපිට රට භාර ගියාට පස්සේ ශ්‍රී ලංකාව දියුණු වෙමින් පවතින රටකි
ඊට වසර 10කට පසුද ශ්‍රී ලංකාව දියුණු වෙමින් පවතින රටකි
ඊට වසර 40කට පසුද ශ්‍රී ලංකාව දියුණු වෙමින් පවතින රටකි
වර්තමානයේද ශ්‍රී ලංකාව දියුණු වෙමින් පවතින රටකි
අනාගතයේ ශ්‍රී ලංකාව?