Categories
පොත්

චයිනමන් – ප්‍රදීප් මැතිව්ගේ ක්‍රිකට් ප්‍රවාදය

chinamn

සිංහල පොතක් කියවපු කාලයක් මතක නෑ. මතකෙ තියෙන අන්තිම පොතත් කුරුළු හදවත. පොතක් පිළිබඳ රෙකමදාරු අහන අහන තැන නිතරම කියවුන පොතක් තමයි ෂෙහාන් කරුණාතිලකගේ චයිනමන්. පොත ලියැවිලා තිබුනේ ක්‍රිකට් ගැන කියල දැනගන්න ලැබුනත් මගේ ක්‍රිකට් දැනුම මදිකම නිසා පොතේ නමයි ක්‍රිකට් ගැහිල්ලයි අතර සම්බන්ධය ගලපගන්න බැරුවයි හිටියේ.

ඔය අතරෙ තමයි අහන්න ලැබුනෙ පොත සිංහලට පරිවර්තනය වෙලා කියල. පොත පරිවර්තනය කරන්නේ මම කැමතිම සිංහල සිංදුවක පද රචක. කැමතිම සිංදුව තමයි “ඇරඹුමම කඳුලක් වෙලා“. පද රචක තමයි දිලීප අබේසේකර. මේ සටහන පොත පිළිබඳ විචාරයක් නෙවෙයි. හැඳින්වීමක් වගේ එකක්. පොත ගැන දැනටමත් බොහෝ ලිපි අන්තර්ජාලයේ ඇති නිසා මම මුහුන දෙන පළවෙනි ගැටලුව තමයි පොත ගැන මට අලුතෙන් මොනවද ලියන්න තියෙන්නේ කියන එක.

මුලින්ම කියන්න ඕනෙ පොතේ අකුරු පොඩියි. ඒක සමහර වෙලාවට රසවත් කියවීමකට ලොකු බාධාවක් කියලත් හිතෙනවා. ඒක නිසා වෙන්න ඇති මට තවමත් පොත කියවලා ඉවරයක් කරන්න බැරි වුනෙත්. 😛 අකුරු පොඩි වුනත් කතාව නම් රසවත් කියල තේරුනේ කතාවෙ මුල් අර්ධය කියෙව්වාම. ඒත් මුලින් රහට දැනෙන, ඒත් පොතේ මැද හරියක් වෙද්දි මෙලෝ රහක් නැති වෙන සිංහල පොත් කියවලා හොඳ පළපුරුද්දක් තියෙන නිසා මේක කොහොමවෙයිද කියලා කියන්න බෑ දැන්ම.

ඒත් එක අතකට පොත අරන් තියෙන සම්මාන ගොඩ බැලුවමනම් එහෙම අපේක්ෂා භංගත්වයට පත්වෙන්න ලැබෙයි කියලා හිතන්නත් බෑ තමයි. ලංකාවෙ ඉංග්‍රීසි පොතකට ලැබෙන ලොකුම සම්මානෙ, ඒ කියන්නෙ ග්‍රේෂන් සම්මානය ලැබෙන්න නම් එක්කො ඒ වෙනකොට සම්මානෙ දෙන්න වෙන පොතක් තිබිල නෑ. එහෙම නැතිනම් මේක තමයි සිරාම පොත. ඒත් කියවපු ටිකේ දැනුන රහ අනුව නම් මම වුනත් ඒ සම්මාන මණ්ඩලේ හිටියනම් ඉතිරි ටික නොකියවාම සම්මානෙට නිර්දේශ කරන්න තිබුනා.

ඔරිජිනල් පොතේ හිමිකාරයා ෂෙහාන් කරුණාතිලකනම් මට අලුත්. ඒ වගේම ඔනෙම පරිවර්තනයකදී ලිඛිත භාෂාවට එහා දේවලුත් පරිවර්තනය වෙනවා. පොතේ මුල් භාෂාවට අදාළ සංස්කෘතිය පරිවර්තන භාෂාවත් එක්ක ගැලපෙන්නෙ නැත්තන් පරිවර්තන කෘතියක් කියවල ආතල් එකක් ගන්න අමාරුයි. ඒත් කතාව ලංකාව වටේ ලියවුන එකක් නිසත්, ක්‍රිකට් කියන්නෙ ලංකාවෙ මිනිස්සුන්ගෙ ඇඟේ තියෙන දෙයක් (වෙන මැච් නොබැලුවත් අඩුගානෙ ලංකාව තේරෙන ෆයිනල් හරි බලන) නිසත් ඉංග්‍රීසියෙන් සිංහලට කතාව පරිවර්තනය වෙද්දි, මේක පරිවර්තනයක් ය කියල හිතාගන්නවත් බැරිතරම් පරිවර්තනය නැවුම්. එහෙනම් ඉතින් ඒකෙ ගෞරවය දිලීප අබේසේකරට දෙන්න ඕනෙ.

පොත තවම කියවලා ඉවර නෑ. මොකද කියන්නෙ? ඉතිරි ටිකත් කියවන්නද? එපාද? 😛

පසු ලිවීම:
පොත අරගන්න හිතනවානම් ටකස් එකෙන් ගෙදරට ගෙන්නගන්නත් පුලුවනි. 😉

…..

ගිහින් එන්නම්. සෙස්ස පස්සට. 🙂

4 replies on “චයිනමන් – ප්‍රදීප් මැතිව්ගේ ක්‍රිකට් ප්‍රවාදය”

මම මේක කියෙව්වෙ ඉංග්‍රීසියෙන්. ඒක දැන් මගේ ප්‍රියතම නවකතාවලින් එකක්. සමහර විට ක්‍රිකට් උන්මාදය නිසා මට එහෙම හිතෙනවා වෙන්න පුළුවන්. ක්‍රිකට් ගැන ඒ හැටි ආසාවක් නැති කෙනෙකුට ඒකෙ “ගතිය” සම්පූර්නයෙන් විඳින්න අමාරු වෙන්න ඉඩ තියෙනවා කියල වෙලාවකට හිතෙනවා. (මේ පොත කියවන්න කියලා ක්‍රිකට් ලෝලීන් නොවන අයට රෙකමදාරු කලාට කියවන්න ඉදිරිපත් වුන අය අඩුයි.) ඒත් මේක ලියලා තියෙන විදිහ හරිම රසවත්, බලවත්, මනරම්.

ෂෙහාන් කරුණාතිලකගේ පොතට සම්මානයක් (ග්‍රේෂන් නොවෙයි ජාත්‍යන්තර සම්මානයක් නේද?) ලැබුණා කියා ඇරංචිය දැකලා පොතක් ගෙන්නා ගත්තා දැන් අවුරුදු තුනකට විතර කලින්. තාම කියවන්න නම් බැරිවුණා.

පරිවර්තනය ගැනත් හොඳ විචාර පළවී තියෙනවා වත්පොතේ!

මම කොහොමත් ක්‍රිකට් රසිකයෙක් නොවේ – ලංකාව තේරුණු නැගල යන ෆයිනල් එකක් නම් බලනවා මිසක ක්‍රිකට් කවදත් මගේ සිත් ගත් ක්‍රීඩාවක් නොවේ –
හැබැයි බොහෝ දෙනා හොඳයි කියපු නිසාම මීට වසර 2කට කලින් චයිනාමන් කතාවේ ඉංගිරිසි මුල් කෘතිය කියෙව්ව‍ා – විශ්වාස කරන්න – ක්‍රිකට් කියන්නේ බෝරිං ගේම් එකක් වුන මට මේ පොත් බිමින් තියන්න බැරි තරම් රසවත් වුනා – මේක ලංකාවේ නො‍වේ ජාත්‍යන්තර මට්ටමින් ගත්තත් අති විශිෂ්ඨ නවකතාවක් – කතාවේ තිබුනේ රේඛීය ගලායාමක් නෙවේ – ක්‍රිස්ටෝෆර් නෝලන් ගේ ෆිල්ම් එකක් වගේ නිකං – හැබැයි පාඨකයා බැඳ තබා ගැනීමේ පුදුම හැකියාවක් ඒ පොතේ තිබුනා –
මේ කතාව සිංහලට පරිවර්තනය කරමු කියල මගේ අතත්‍ය යාළුවෙක් කලකට පෙර උත්සාහයක් දැරුවත් කාර්යබහුලතාව නිසා ඔහු‍ට ඒක කරගන්න හැකිවූයේ නැහැ – මොකද මෙහි අනන්‍ය ශෛලිය නිසාම පරිවර්තනය කිරීම අපහසු බවත් හැඟී ගිය නිසා
කෙසේ වුනත් දිලීප ගේ පරිවර්තනය සාර්ථකයි කියල බොහෝ දෙනෙක් කියනවා මම පොත් කියවන අය සමූහයේ දැක්කා –
මුල් පොතට ජාත්‍යන්තර කොමන්වෙල්ත් ත්‍යාගයත් ලැබී තිබෙනවා

Leave a Reply to ලක්ෂාන් Cancel reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.