Categories
විවිධ

Game of Thrones ශ්‍රී ලංකා.

ප්‍රසිද්ධ Game of Thrones රූපවාහිනී කතා මාලාවේ මීළඟ කතා පෙළ නිකුත් වෙන්නේ මේ අප්‍රේල් 12 වෙනිදා ඇමරිකාවෙ වේලාවෙන් රෑ 9ට. ඒ කියන්නෙ 13වෙනිදා උදේ වෙද්දි ඩවුන්ලෝඩ් කරගන්න ලැබෙයි. මං මේ කතා කරන්න හැදුවේ අලුත් කතා පෙළ ගැන නෙවෙයි. මං කල්පනා කරේ Game of Thrones කතා මාලාවේ සිද්ධි පෙළ ලංකාවේ වුනොත් ඒකට සමපාත වෙන ශ්‍රී ලංකා චරිත මොනවාද කියලා.

Robert Baratheon නොහොත් මහින්ද රාජපක්ෂ.

mahinda-robert

ඇඟ පතින් දෙන්නම සමානයි වගේම තමයි වැඩත්. බලේ තිබුනට මොලේ තියෙනවද කියන එක දෙන්න ගැනම තියෙන ප්‍රශ්නයක්. ඒ වගේම තමන්ගේ හතුරන් ගැන ඉතාම කෘර තීරණ ගන්නවා වගේම, තමන්ගේ නමින් වෙනත් කෙනෙක් අතින් රාජ්‍ය මෙහෙයවීමට නැඹුරුවෙන චරිත දෙකක්. ඒ වගේම දෙන්නම තරුණ කාලේ ජවසම්පන්න දේශපාලනික චරිත. 😉

Cersei Lannister නොහොත් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග (චෞර රැජින?)

cbk-cersei

රාජ්‍ය බලය තම පවුලට නතු කරගැනීම සඳහා උත්සහයේ යෙදෙන කාන්තාවන් දෙදෙනෙක්. ඒ වගේම දරුණු ලෙස පලිගැනීම් සිදුකිරීමට ප්‍රකට චරිත දෙකක්. මේ දෙන්නටම කාගෙන්හරි පලිගන්න හිතුනොත් ඒක කරලම තමයි නවතින්නේ.

Tywin Lannister නොහොත් රනිල් වික්‍රමසිංහ

ranil-tywin

පවුල් බලය තහවුරු කරගැනීම පිළිබඳ කරුණ හැර අනිත් බොහෝ චරිත ලක්ෂණ මේ දෙදෙනාගෙම සමානයි. රාජ්‍ය පාලනය පිළිබඳ උපාය සහගත (කුපාඩි?) දැනුම, බලය තමා අතට ලබා ගැනීම සඳහා ඉත්තන් මෙහෙයවීමට දක්ෂ දෙන්නෙක් තමයි මේ.

Renly Baratheon නොහොත් සජිත් ප්‍රේමදාස

renly-sajith

සමාන්‍ය ජනතාවගේ ආදරය දිනාගත් නායකයෙක් වුනත්, රාජ්‍යයක් පාලනයට තරම් මුහුකුරා ගිය හැකියාවක් නැති චරිත දෙකක්.

Benjen Stark නොහොත් සෝමවංශ අමරසිංහ

benjan-somawansha

ගියා ගියාමයි ආයෙ හොයාගන්න නැති “සහෝරදයෙක්”. ඒ වුනාට ආයෙමත් කොයෙි වෙලාවෙ හරි මතුවෙයි කියල බලාපොරොත්තුවක් තියෙනවා. 😉

Ned Stark නොහොත් මෛත්‍රීපාල සිරිසේන

ned-maithree

ගෞරවනීය චරිතයක් නමුත්, රාජ්‍ය පාලනයට, දේශපාලනයට උපායශීලීත්වයක් පේන්නෙ නෑ. සියල්ලටම වඩා ඉහළින් තමන්ගෙ ගරුත්වය සහ පිදිය යුත්තාට පිදීම ගැන හිතනව වුනාට දේශපාලනයේ ලොකු උපායශීලීත්වයක් පේන්න නෑ. ඒ වගේම දේශපාලනික උපායකරුවෝ ඒකෙන් ප්‍රයෝජන ගන්නවත් පේනවා.

Daenerys Targaryen නොහොත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර.

hiru-daenerys

තමන්ගෙ පිය රජතුමා මරුපු එකේ පළිය ගන්න කරන උත්සාහයම මදිද දෙන්න සමානයි වගේ පේන්නම? 😉

Iron Throne නොහොත් විධායකය.

The-Iron-Throne

මේක ගන්න තමයි හැම එකාම පොරකන්නේ. 😉 Iron Throne එකේ ඉඳගන්න එක ලේසි පහසු වැඩක් නෙවෙයි. ඒක හදල තියෙන්නෙ සතුරන්ගේ අසිපත් උණු කරල එකතු කරල නිසා සමහර වෙලාවට ඒ අසිපත් තල වලට කැපුම් ඇතිවෙන්න පුලුවන් වගේම ඒ අසුන කෙනෙක්ව සිහි විකල් කරන්නත් පුලුවන්. මේ උදාහරණම මදිද තවත් සසඳන්න? 😉

මීට අමතරව තව නොසෑහෙන්න සමාන චරිත මුනගැහෙනවා Game of Thrones බැලුවොත්. 😉

 

15 replies on “Game of Thrones ශ්‍රී ලංකා.”

අපොයි වෑඩේ කොහොම වුනත් ඔයා නෙඩ් ස්ටාක් ගෑන හිතා ඉන්න විදිය නම් බිය උපදවන සුළුයි. හේතුව මුලින්ම මිනිහා මෑරෙන එක දෙවෑනුව නෙඩ් ස්ටාර්ක් ගෙ රටට හෙන ගෑහිච්ච එකයි. අනිත් එක නෙඩ් ස්ටාක් ආප්ප කාලා පනින ජාතියෙ නෙවෙයි නේද? සුදාරකගෙ මනසේ අඳුරු තෑනක් වත් මේකෙන් පෙනෙනවදෝ කියලත් හිතෙනවා. කොහොම උනත් දෑක්කම හිනා යනවා!

මල කෝලම් … මෙන්න මුන් වගේ අඳ බාලයෝ තමයි ගොන් වෙනසකට මුල පිරුවේ ..

මෛත්‍රීපාල Ned Starkට සමාන කරනවා කියන්නේ මහා විහිළුවක්. Ned Stark කියන්නේ Robert Baratheon ගෙ හොඳ මිත්‍රයෙක් වගේම හරි දේ කරන්න ගිහින් ඔලුව දන් දීපු කෙනෙක්.

මෛත්‍රීපාල සිරිසේන කියන්නේ මුරුංග අත්තේ තියපු ඉත්තෙක් විතරයි. රැජිනක් අතට අත දුන්න එක ගැන උදම් අන අන වර්ණනා කරන චරිතයක්. කිසිම දෙයක් නොකර බලය ලැබුන චරිතයක්. කොටින්ම කිව්වොත් Joffrey baratheon වගේ අම්ම (චන්ද්‍රිකා) හින්ද බලය ලැබුන නමුත් එයින් කරන්න දේ මොකක්ද කියල නොදන්නා Robin Arryn වගේ අම්මට ඕන දේ කරන්න දීල ඉන්න චරිතයක්.

Stanis => Fonseka
Mance Rayder => Prabakaran
Varys => Basil
LittleFinger => Wimal
Jon => Anura Kumara
Joffery => Namal

GRR Martin => Sudaraka

මට නම් ඔය මොකවත් වැඩක් නෑ බොලව්. මන් මේ බලා ඉන්නේ මකර මාතාව වගේ හිරුණිකා අක්කත් ගින්දරෙන් අවදි වෙන සීන් එක බලන්න.

මෙච්චරකල් මේ සීරිස් එක බලන්න කිසිම ආසාවක් තිබ්බේ නෑ ඒත් දැන් නම් මේ උඹගේ පෝස්ට් එක බැලුවට පස්සේ නම් නොබලා කොහොමද?

විනෝදය සඳහා කදිම සැසඳීමක් 😀

Robert Baratheon සහ මහින්දගෙ සැසඳීම ටිකක් හරි මදි වගේ.

Robert Baratheon සිය හතුරන් ගැන අනෙක් චරිත වලට සාපේක්ෂව සැලකිය යුතු කෲර තීරණ ගැනීමක් සිදු කරන්නේ නැහැ. ඔහු හොඳ පාලකයෙක් නොවේ. තරුණකාලයේ හොඳ සොල්දාදුවෙක්. එමඟින් තමා ඔහු බලය අල්ලා ගන්නෙ. මට හිතෙන විදිහට නම් මහින්ද රාජපක්ෂ චරිතයට වඩාත් සමාන Robert Baratheon ට වඩා Tywin Lannister ගේ චරිතරයි. ඔහු සිය පවුලේ බලය සහ කීර්ති නාමය වෙනුවෙන් නොකරන දෙයක් නැති තරම්. එවගේමයි ඔහුගේ තීක්ෂණ බුද්ධිය. නමුත් මහින්ද වගේම Tywin Lannister ත් සුදු චරිතයක් නොවේ.

Cersei Lannister චන්ද්‍රිකා බණ්ඩාරනායක නම් විමුක්තිගෙ තාත්තා?? එක්කෝ ඕනේ නෑ.. 😉

Renly Baratheon සහ සජිත් ප්‍රේමදාස ගෙ සැසඳීමට මමත් එකඟයි. 🙂

Daenerys Targaryen ට හිරුණිකාව සමාන කරන්න එපා අයියෝ. මම ඩ්‍රැගන් ක්වීන්ට ලව්.. හිරුණිකා නම්.. නොදෝකින්. 😛

රනිල්ව ටයිවින් ලැනිස්ටර් සමග සැසදීම පිලිබඳව 100% එකග වෙමි.රාජිත සේනාරත්න සදහා little finger ඇත

Leave a Reply to සුටියා Cancel reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.