ඔහේ ගලාගෙන යන ජීවිතය.

ජීවිතය කම්මැලිම කම්මැලි වෙලා දැන් හුඟක් දවස්. තේරුමක් නැති මාවත් ඔස්සේ තේරුමක් නැතිව ඇවිදිනකොට මුලින් පුදුම නිදහසක් දැනුනත් දැන් ඒකත් එපා වෙලා. හිතේ ගොඩක් දේවල් තිබුනත් ක්‍රියාවට නගන්න බැරි තරම් ඇඟ පත තෙහෙට්ටු කරන්න මේ තේරුමක් නැති ඇවිදිල්ල හේතු වෙන්න ඇති.

ඒත් මම ජීවතුන් අතර.

ජීවතුන් අතර අජීවීව සිටීමම තරම් නාස්තියක් වෙන කොහේද? උදේට හිරු නැගලත් පැය ගාණකට පස්සෙ නැගිටින මේ ජීවිතේ මීට වඩා වටිනාකමක් තියෙන කෙනෙක් වෙනුවෙන් පූජා කරන්න පුලුවන්නම් කොච්චර වටිනවාද? මීට අවුරුදු ගාණකට කලින් මගේ ලේ සහෝදරයෙක් යුද්ධයෙන් මා ආරක්ෂා කරන්නට මිය ගියේ මෙහෙම ජීවිතය නාස්ති කරන්නද?

පෙරදින රෑ සුරඟනක් සිහිනයෙන් පැමිණ අනාගතය පෙන්වා ගමන් කරන්නයි පැවසුවා. ඇයත්, ඒ මොහොතට පෙර ගතවූ සෑම තත්පරයක වූ සතුට-දුක මිශ්‍ර අතීතය අමතක කර කාලයේ ගමන් කරන්නැයිද, තම ජීවිතයට වටිනාකමක් දෙනු නොහැකිනම් අනෙකෙකුට වටිනාකමක් ලබාදෙන්නට වෙහෙසන්නයි පවසමින් ඈ නිහඬ වුනා.

නමුත් සිදුවූයේ අතීතයට එක් වූ සුරඟනද ආවර්ජනය කරමින් මා තවම නතර වී සිටීමයි.

ඉතින් මා තවදුරටත් නතර වී නොසිට යා යුතු නොවෙද අරුතක් සොයමින් අලුත්?

තෙවන ලොවක ඉපදීමට තරම් අන් වාසනාවක් නැතැයි මම සිතමි. මෙහි වෙනස් කිරීමට තරම්, ඉගෙනීමට තරම් කිසිවක් ලොව අන් තැනක නැතැයි සිතමි. මා පමණක් නොව අන් බොහෝ දෙනා නොයෙක් මාවත් තුළ ඔහේ ඇවිදියි… නිවැරදි පාර සොයා ඔවුන්ට පවසනු පිණිස මා සාදා ගත යුතු ය පියාපත්.

ඉතින් මේ මා පියාපත් සදනු එළඹෙන පළමු දිනයයි.

Join the Conversation

5 Comments

  1. ගෙවී ගිය අතීතය සිහිනයකි.. අනාගතයද සිහිනයකි.. ජීවත් විය යුත්තේ වර්ථමානයෙයි.. අතීතය තුලින් වර්ථමානය පනපොවා අනාගතයේ අතීතය වර්ණවත් කරගන්න.. ඔබේ උත්සාහය ඉතා අනර්ගයි…
    – සිංහල සාහිත්‍ය කරුවෙකු නොවේ.

  2. තමන්ගෙ ජීවිතය ඔහේ ගලාගන යනවා යයි සිතීමත්, තුන්වන ලෝක ය වගේම ප්‍රවාදයක්. මෙහේ අප හැමතිස්සේම මහා වරදකාරී හැඟුමකින් පෙලෙනවා. මොකක් හෝ වැඩක් කරන්න ඕනා කියලා හිතනවා. අපේ රටේ මධ්‍යම පාන්තික තරුණයා ට අලස වෙන්න අවස්ථාව ගෙදරින් නො අඩුව සපයා දෙනවා. නිමක් නැති ක්ලාස්, ඊරපස්සෙ කෝස්, නැත්තම් යුනී, අම්මා ඉන්නවා හැම පියවරකම බත් එකක් බැන්දලා දෙන්න. ඒකටත් ගරු සරුවක් නැ. අම්මගෙ ශ්‍රමයට මුල්‍යමය වටිනාකමක්න් නෑ. පලවෙනි ලෝකෙ කියලා කියන කට්ටියගෙ ජීවිතේ පොඩි කාලෙ ඉඳන් හේතු ඵල වාදයට අනුරූපයි. ඔය වයසෙදි බත් ගෙඩි දෙන්න කට්ටිය නැ. තනි වෙන එක් වලක්කන්න මොකක් හරි කරන්නම වෙනවා. සමහරවිට කුස්සියක පිඟන් හෝදන්න වෙන්න පුළුවන්. “අපි ඔක්කොම බලාගන්නම් ඔයාට තියන්නෙ ඉගෙන ගන්න ” කියන්න කවුරුත් නෑ.

    එක දවසක එක පාරට පියාපත් එන්නෙ නැ. එකපාරට් අපි සමනල්ලු වෙන්නෙ නැ. මිනිසුන්ට ඒක වෙන්නෙ පොඩ්ඩ පොඩ්ඩ, පොඩි මොඩියුල් එකක්, කෝඩ් එකක්, ඩ්දවසකට් ටිකක්, ඔහොම යද්දි එකකට හිත යනවා ඒක දිගේ ඇදිලා යනවා. අපට හදලා දුන්න රටට මොනවා හරි කරන්න ආසානම් කොහේ හරි කොනක පලමුව දුරට් යන්න. ඊට් පස්සෙ ඉවුරෙ ඉන්න අයට අත දෙන්න. ඔයාට කෙනහිලි කමක් වුන තැන මතක තියාගන එතන අනිත් අයට සුමට කරවන්න. හැබැයි එතනට යන්න කලින් අසාධාරණේට බිරුවාම පොඩ්ඩක් බුරලා පොරක් වෙලා ඔක්කොම දමලා ගහලා යන්න පුලුවන්. කාටවත් වැඩක් වෙන්නෙ නැ. රළු තැන sසුමට කරන්න පුළුවන් තැනකට යන්න බලන්න. හැම දෙයක්ම හදන්න බැරිවුනත් ටිකක් හදන්න පුළුවන්.

    ඔයා කාලය නාස්ති කරලා නැ, මේ මුලු කාලෙම ඔයා හැදුනා, ඒ විදිය වෙනස් කරන්න එක පාරට පියාඹන්න්න පුලුවන් නම් හොඳයි හැබැයි ගොඩක් අයට වෙන්නෙ අයිකරස් ට වෙච්ච වැඩේ එහෙම කලාම.

    අත්දැකීම දිහා වෙනත් විදියකට් බලන්න. එතකොට හැමදේම හරි යයි. පොඩි තැන ඉඳන් ලොකු තැන ඉඳන් පොඩ්ඩක් බලන්න. ඔයි ටික ඇති.

    අදම පියාඹන්න එපා. ටික කාලයක් කොරවක්කෙක් වගෙ කොටන්න… තව ටික කාලයක් කොකෙක් වග් බලා ඉන්න. සුද පෙනෙන්න ඉගිලෙන්න පුළුවන් එතකොටයි.

    සුබ පතනවා. !

  3. ජීවිතෙ සුන්දර / අසුන්දර වෙන්නෙ අපේ සිතුවිලිත් එක්ක. සරල වෙන තරමට ජීවිතෙ සුන්දරත්වය විදින්න පුලුවන්. මටත් දැනුන දේවල් ලියලා තියෙනවා.

    ජයෙන් ජය. ආපහු ලියන්න ගත්ත එක නම් ගොඩක් හොද දෙයක්

  4. ජීවිතය කොහොමත් ගලාගෙන යන්නේ ඔහේ තමා. අපි කරන්න උත්සාහ කරන්නේ වෙනත් දේ වලින් අපිවම මායාවක මුලා කරගන්න හදන එක. හරියට මළගෙදරක රැය පහන් කරන්න ක්‍රමයක් නැති නිසා ඕමි බලනවා වගේ, කැරම් ගහනවා වගේ, කෝපි බොනවා වගේ. කොහොමත් වෙන්නේ රැය පහන් වෙන එක. අපි නිදිකිර කිරා කැරම් ගහන්නේ පාන්දර 2 ට කැරම් ගහන්න ආසාව නිසා නෙමේ. නින්ද යන එකෙන් අපව ඈත් කරගන්න නිසා. මට තේරෙන විදිහට නම් ඔය මුලාව අතහැරලා දාලා නවතින්න පුළුවන් නම් ඒකයි ජයග්‍රහණය. හැබැයි නැවතුනා කියල පසුතැවෙනව නම් ඒක ඊටත් වඩා ප්‍රශ්නයක්. අපට සමාජය විසින් කියල දීලා තියෙන්නේ නවතින එක ප්‍රශ්නයක්, අසාර්ථකත්වයක් කියල. ඉතින් අපි රෝදයක් උඩ දුවන මීයෙක් වගේ හති දදා දුවනවා. ඇයි දුවන්නේ කියලා අපිම දන්නේ නෑ. දුවන්නේ එකතැන ඉන්න බැරි නිසා. අන්තිමට බැලුවම අපි දුවල තියෙන්නේ රෝදයක් උඩ. අපි ඉඳල තියෙන්නෙ එකම තැන. ඉතින් ඇයි අපිට හතිදමදමා දුවන්නෙ නැතුව නැවතිලා ඉන්න බැරි. හේතුව අපේ ඔලු අපට පාලනය නැති වීම. අපේ මනස අපට පාලනය නැති වීම. අපේ ආශා අපට පාලනය නැති වීම. අපට එකතැන ඉන්න ගියොත් කාලකණ්ණියා කියන ලේබලේ අලෝනවා. එතකොට අපට ගිල්ටි ෆීලින්ග් එක එනවා. එනිසා අපි දුවනවා. සමාජය අපිට දීල තියෙන ගෝල්ස් රීච් කරන්න හදනවා. ඒ මිමි වලට අනුව සාර්ථක මිනිහෙක් වෙන්න හදනවා. පොරක් වෙන්න දඟලනවා. අනෙක් අයගේ ගෞරවය ලබා ගන්න හදනවා. ඒ තුළින් ආත්ම තෘප්තියක් හොයාගන්න හදනවා. අන්තිමට දුවලා දුවලා හති. හති… නැවතිලා ගිමන් හරින්න බලද්දි ඉන්නේ මරණ ඇඳේ.

    ඕකයි අපේ කථාව.

Leave a comment

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: