Categories
කාලීන විවිධ

මම කවුද?

බුදුන් කීවේ මම යැයි කියා දෙයක් නැතැයි කියාය. මට මගේ ජාතිය පිළිබඳ ප්‍රශ්නයක් ඇත. මම සිංහලද, දෙමළද, ශ්‍රී ලාංකිකද එසේත් නැතිනම් නිකන්ම නිකන් මනුස්සයෙක්දැයි යන්න මට ප්‍රශ්නයකි. මගේ මිතුරන් ඔවුන් කියාගන්නා ජාතියේ නිසා ඔවුන්ගේ ජාතිය ගැන මට ප්‍රශ්නයක් නැත. ඉතින් මට සිංහල මිතුරෝද, දෙමළ මිතුරෝද, මුස්ලිම් මිතුරෝද, බෞද්ධ මිතුරෝද, කතෝලික මිතුරෝද වෙති. ඔවුන්ගේ ජාතියෙන් මට වැඩක් නැත.

“ආදරය කරනවානම් මචං දෙමළ කෙල්ලෙක්ට ආදරේ කරපං. උන්නං පණ වුනත් දෙයි.” මිතුරන් එසේද කියයි. අපේ තාත්තාද මට හොයන්නේ දෙමළ කෙල්ලකි. ජාතියක් අනුව ආදරයේ ස්වභාවය වෙනස්වන අයුරු මට ප්‍රශ්නයකි. ඒත් දෙමළ කෙල්ලන් හොඳ බව මමද සිතමි.

මගේ උප්පැන්න සහතිකයේ බෞද්ධ බව සඳහන්ය. නමුත් මා පන්සලකට ගිය කාලයක් මතක නැත. ගංගාරාමයට යන්න නම් කැමතිය. හැම පන්සලකම පරිසරයට මම කැමැත්තෙමි. ඒ නිස්කලංක බව නිසාය. දිනක්  බසයේ ගමන් කරද්දි වයස්ගත චීවරධාරියෙක් පන්සලට එන්නැයි යෝජනාවක් කළේය. මට මා ගැනම පිළිකුල් හැඟීමක් ඇති විය.

මම මස් අනුභව කරමි. ඒවාට හලාල් තිබේදැයි, නැතිදැයි මට අදාළ නොවේ. මම ඒ ලකුණ තිබේදෝ හෝ නැත්දෝ හෝ බලන්නේ නැත. එසේ නොබැලුවා කියා තවම නිෂ්පාදයනයක් හේතුවෙන් මට කිසි අසනීපයක් හැදී නැත. ඉතින් මගේ සෞඛ්‍ය තත්වය හොඳයැයි මම සිතමි. බෞද්ධ හිමිකාරීත්වය ඇතැයි පැවසෙන ඔඩෙල් ඇඳුම් මට මිල වැඩිය. සමහරවිට ඔඩෙල් එකට නොයන්නේම නොවේ. නමුත් නෝ-ලිමිට් එකේ ඇඳුම් මට ලාභය. ඇඳුම් පැළඳුම් වලට – ආහාර වලට මොන ආගමක්දැයි මට සිතේ. ඒ මගේ හැටිය.

අවසානයේ මා, උත්පත්තියේදී ප්‍රභාෂ්වරව තිබූ සිත වයස විස්සක් තුළ නොයෙකුත් දෙයින් කිළිටි වූ තවත් එක් මිලේඡ්ච මිනිසෙක්යැයි සිතේ. මම හොඳද නැත. ඇති නරකකුත් නැත.

11 replies on “මම කවුද?”

එදා මෙදා තුර මිනිස්සු ජීවත් වුණ කාලෙත් එක්ක ගත්තම අපි ජීවත් වෙලා ඉන්න පොඩි කාලසීමාව ගණන්ගන්නවත් බෑ… මොකටද මේ බේද? තොප්පිය පොජ්ජක් උස්සමි!

‘අපේ තාත්තාද මට හොයන්නේ දෙමළ කෙල්ලකි.’

හෑ!!!

/* මගේ උප්පැන්න සහතිකයේ බෞද්ධ බව සඳහන්ය. */

උපතින් බමුණෙක් හෝ වසලයෙක් හෝ නොවන එකේ බෞද්ධ යැයි ලේබල් වදින්නේ කොහොමද?

කරුණාකර ඔබේ උප්පැන්නය පරීක්‍ෂා කරන්න. කොයි කොටුවේද මේක තියෙන්නේ? මුත්තා ලාංකිකකයෙක්ද යන වග කියන හරියේද? නැති නම් පියාගේ රුකියාව සහ උපන් දිණය අසා මවගේ වයස විතරක් අහන හරියේද?

එකඟයි. දැන් ඉන්න සෑහෙන දෙනෙක් අහනවා ‘උප්පැන්නේ තියෙන්නේ මොන ආගමද කියලා’ . මගෙ නම් එහෙම එකක් නෑ. දැන් එව්වගෙ තියන්වද දන්නේ නෑ

/* බුදුන් කීවේ මම යැයි කියා දෙයක් නැතැයි කියාය. */

එහෙමද නැති නම් මමය මාගේය යන සිතුවිලි නැති කරගන්න කියාද?

නියම ලිපියක් ලොක්කා … ස්තුතියි …

ලියලා තියෙන එක දැක්කම හිතුනා බුදු දහමවත් නොදන්න එකෙක් බුදු බණ කියා උගෙ හිතේ තියෙන එක සාධාරණය කොර ගැනීමට ලියා ඇත්තක් බව. කොහොමත් උඹේ උප්පැන්න නොව උඹේ මහ ඇත්තන්ගේ උප්පැන්න බැලුවානම් හරියටම තියෙයි උඹට ඔය වගේ අදහස් ටිකක් තියෙන්ඩ හේතුව හා උඹට තියෙන ප්‍රශ්නයට පිළිතුර.

Leave a Reply to kathandarakaraya Cancel reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.