වනචර කෙල්ල. (කෙටි කතාවකි)

මෙම සිදුවීම සත්‍ය සිදුවීමක් නොවේ. මෙහි චරිත සියල්ල මනඃකල්පිතය.

හ්ම්…
යනවා ඉවරයක් නැති බස් එකේ ගමන් ගන්න වෙලාව අනන්තයක් වගේ හිතට දැනෙන්න පටන් අරගෙන දැන් අනන්ත වෙලාවක්. පන්තියට යන්නත් තව වෙලා තියෙනව. පන්තියට යන්නෙ නම් හොඳ හිතකින් නෙවෙයි. බස් එකට නඟින්න කලින් දුරකථන කතාවෙන් බහින්බස් වුන තරහත් අරගෙනයි බස් එකට නැග්ගෙ. ඇයත් එක්ක තරහ වෙලා කතා නැතිව ඉන්න‍කොට දැනෙන අනන්ත පාලුව අනන්ත කාලයකට පරිවර්තනය වෙලා වගෙයි.

මිනිස්සු ඔහේ ඉස්සරහට ඇවිදිනව. මහපාරේ ගාලගෝට්ටිය මැද්දෙ පාරෙ පැත්තකට වෙලා ඔහේ නිදාගෙන ඉන්න බල්ලො දැක්කම පුදුමත් හිතෙනව. වෙන්න ඇත්නම් බල්ලෙක්…

බස් එක හරි පාලුයි. මිනිස්සු කිහිපදෙනෙක්ම බලාගත්තු අතේ බලාගෙන ඔහේ ඉන්නව. බස් එකත් එක්ක දෙපැත්තට වැනෙනව. සාක්කුවෙ ෆෝන් එක තිබුනත් අතට ගන්න හිත නැත්තෙ ෆෝන් එකේ ඇය නැති නිසා. වෙනද නම් බස් එකේ ගමනට සමගාමීව අතත් වේගයෙන් වැඩකරනව.

විනාඩි තුනෙන් තුනට ‍ෆෝන් එක දෙදරනකන් බලාගෙන ඉන්නෙ පුදුම ආසාවෙන්. ගමන යනව වත් නොතේරෙන තරම්. බස් එකෙන් බහින්න කියල කොන්දොස්තර කෑ ගහල කියනකන්, හිත තිබුනෙ ඇඟිලි තුඩු වල.

සාක්කුවෙ ෆෝන් එක අතට අරගෙන බැලුවෙ එයාගෙන් එක කෙටි පණිවිඩයක් ‍හරි ඇවිත්ද කියල.

නෑ.

“අදින් පස්සෙ අපි දෙන්නගෙ සම්බන්දෙ ඉවරයි. මීට පස්සෙ මට ඔයා එක්ක කිසි කතාවක් නෑ. මට කතාකරන්න හිතන්න එපා ආයෙත්. මම ඔයාට ආයෙත් කතා කරයි කියල හිතන්නත් එපා.”

ඒ ඇගේ අවසන් පණිවිඩය.

කතා කරන්න ඕනෙ එයාට.

ඔහ්. හිතුව විතරයි. මෙන්න එයා කතා කරනව. මොකද කරන්නෙ? කතාකරනවද? නැද්ද?
නෑ. එක්කො ඕනෙ නෑ. දැන් කතා කරල තේරුමක් නැහැ.

ආයෙත් මගෙ තනිය.

බස් එක ටික ටික පිරුනත්, තාම බස් එක පාලුයි. මූසලයි. බස් එකත් පැද්දිල්ලෙ තමන්ගෙ ගමනේ…

ආයෙත් නැවතුමක්. මම දොර දිහා බලාගෙන හිටියෙ බලාපොරොත්තුවක් නැතිව. නිකමට වාගේ…

ඔහ්. හරිම ලස්සන ගෑනු ළමයෙක්. හරි අහිංසක පාටයි. අනේ… මගෙ ළඟින් වාඩි වෙනව නම්… මට නොදැනිම වගේ ඇගේ ඇස් දෙක දිහාවට මගේ ඇස් දෙක හැරුණ. ඇසින් නොදැනි කෙරුණ ආරාධනාව පිළිගන්න ව‍ගේ ඇයත් ඇවිත් වාඩි වුනේ මගේ ළඟින්. මට දැනුනෙ ඈ මගේ සිහින කුමරිය වගේ. හරි අහිංසක පෙනුම. මං හිතන්නෙ නුගේගොඩ පන්තියකට යනවා වෙන්න ඕනෙ. ඇය ‍මගේ වයසෙමද මන්ද, උකුළ උඩින් තියාගන්න ෆයිල් කවරෙ උඩින් අත් දෙක එකතු කරල තියාගත්ත ඈ, ඉදිරිය බලාගෙන. ම‍ගේ කළු ඉංගිරියාව හැරෙන්නෙම ඇය දිහාවට. ඈ මගේ නම්…

ඈ ‍මගේ දිහා හොරැහින් බලාගෙන ඉන්නවා කියල මටත් දැනෙන්න පටන් අරගෙන. සුළඟට එහෙ මෙහෙ දුවන ඇගෙ අකීකරු කොණ්ඩය මගෙ මුහුණෙත් වදින්නෙ ‍මගෙන් මොනවහරි දෙයක් ඉල්ලනව වගේ. ඇගේ ලස්සන හරියටම පෙනුනෙ හුළඟට එහෙ මෙහෙ දුවන ඇගෙ කොණ්ඩය හදාගන්න කොණ්ඩයත් ඇගේ අතත් දඟලන දැඟලිල්ල දැක්කාම.

කොණ්ඩයත් එක්ක දඟලපු අත්ල එක්පාරටම පහත් වුනේ මගේ කකුල උඩට. හදවත ගැහුනෙ විදුලි වේගයෙන්. මේ හැමදෙයක්ම වෙන්න ගියේ සුළු ‍මොහොතයි. ඒකට ‍මොහොතක් කියන්නත් බැරි තරම්. ඇත්තටම කාලය ඒ මොහොතේ ගමන් කළේ නෑ.

“වනචර කෙල්ල!”

හිත එහෙම කියන මොහොතේම ඇය මගේ දිහාවට ‍‍බොහොම අහිංසක විදිහට හිනාවෙලා…

“අනේ… සොරි.”

මම හිනාවෙලා… “ඉට්ස් ඕකේ” කිව්ව. මට හිතත් එක්කම තරහයි. ඈට “වනචර කෙල්ල” කිව්ව‍ට.

මට ඇගෙන් කොහේද ඈ යන්නෙ කියල අහන්න ඕනේකමින් හිත පිරුනෙ ඒ වෙලාවෙ. මම අහන්න හදනකොටම, ඈ අසුනෙන් නැගිට්ට. මම ප්‍රමාද වැඩියි. ඇය බසයෙන් බැහැලත් ඉවරයි…

ආයෙත් මගෙ තනිය.

මගෙ හිතට ඇතිවුනේ වරදකාරී හැඟීමක්. මගේ ගැහැනු ළමය එක පැත්තක මාත් එක්ක විරසක වෙලා ඉඳිනකොට කොහෙන්වත් කඩාපාත්වුන කෙල්ලෙක් ගැන මොකක්දෝ හිතක් පහළ කරගෙන.

මගෙ ගෑනු ළමයට කතා කරන්න ඕනෙ.


ඔහ්. කෝ මගෙ ෆෝන් එක…

කෝ දෙයියනේ මගේ ෆෝන් එක?

Join the Conversation

41 Comments

  1. හොඳයි ඇත්තටම.
    කතාවෙ ගොඩාක් තැන්වල තියනවා මටත් අදාල උන හැගීම්.අර බල්ලෙක් වෙන්න ඇත්නම් කියන එක එහෙම

    හොඳයි හොඳයි ඔහොම යං

  2. මේක නම් මාරම ගති අප්පා..! මම හිතුවෙම finally they live happily ever after කියල..! බලනකොට උඹ කතාව වෙනම පැත්තකට හරවලා…!!!
    හරීම අපූරුයි..!!! 🙂
    ජයෙන් ජය ම පතනවා..!!!

  3. අයියෝ.. අන්තිමටම ඇවිල්ලා කාපු එක නම් අවුල්… හොඳටම අවුල් වනචර කෙල්ල ෆෝන් එක ඉස්සුවට.

    අපරාදේ. උඹට තිබුනේ බස් එක යනකොටවත් අරයට කියන්න “ඇයට” කෝල් එකක් දෙන්න කියල.

  4. හරිම අගෙයි…. කෝ හැබැට ෆෝන් එක…හැඟීම් එක්ක තමයි දැන් හැම බිස්නස් එකක්ම රන් වෙන්නේ .
    බලන්න වැඩිහරියක් වෙලද දැන්වීම් දිහා…

    කොහොම වුනත් ලස්සන කෙටි කතාව….

    අගෙයි
    ලස්සනයි……

  5. නියම කතාව මලයා!! මේ දවස්වල ගෑනු ළමයත් එක්ක අවුල් නේද?නැත්තං මුල් පේළි ටික ඔය වගේ ස්වභාවිකව ලියන්නෙ කොහොමද?

  6. නියමයි මල්ලි, හිතන්නවත් බැරි අවසානයක්.. මුල ඉඳන් phone එක ගැන කොච්චර කිව්වත් අවසානෙ එහෙම වෙයි කියල හිතෙන්නෙ නෑ… එ හින්ද ම හරි ලස්සනයි..

  7. කෙල්ලො අපිව නැති කරනවා… හැඟීම් වලට අහු උනාම අන්තිමට ඵෝන් නෙමෙයි කෙස් ගස් ටිකත් නැති වෙනවා… එල

  8. එක මොහොතක් එක සිදූවීමක් පදනම් කරගෙන ලියලා තියෙන සිතුවිලි සමූදාය කියලා වැඩක් නෑ. ඇත්තටම කෙටි කතාවක ජීව ගුණය පවතින්නේ මෙතැනයි. මම ඒ ලක්ෂණයට ඉතාමත් ඇලුම් කරනවා. ජීවිතෙන් දහසක් දේ එකවර විඳිනවට වඩා එකම එක මෙහොතක සුන්දරත්වය විඳිනකොට දැනෙන රසය කියලා නිම කරන්න බෑ.
    ඉතින් කතාව ගැන කියනවනම් එළටම ලියලා තියෙනවා. ස්තූතියි රසය බෙදුවට.

  9. පට්ට කතාව ඔවාගේ සිද්ධි ගොඩක් අයට වෙලා තියෙනවා. හික් හික්. මේක සුදාරක මලයට උන වැඩක් නෙවෙයි නේද? 😀 😛

  10. මට නම් හිතෙන්නෙම මේක මලයට වෙච්ච එකක් කියලා 😛

    එලටම ලියල තියෙනවා මචෝ. සුබපැතුම් 😀

  11. සුදාට “අලි මදිවට හරක්” සීන් එකක් වෙලා වගේ… 😀

  12. අපරාදේ කියන්න බෑ! නෑ මම කියන්නේ ෆෝන් ඒක ගරන නම් නෙමේ! දකින දකින කෙල්ලන්ට ඇල්ම බැල්ම දාන උඹට (හෝ ඕක වුණ කෙනාට)!

  13. සිරාවටම මේක සිරා බන්…මේ උබේ අර ඩිස්ප්ලේ එක සවුත්තු වෙච්ච ෆොන් එකද බන් ? එහෙනම් අවුලක් නැහැනෙ ගත්ත කෙල්ලට හුලන් 😛

  14. නිමේෂයකින් පැමිණ,
    දසන් දක්වා සිනාසුණු ඇය,
    මගේ ෆෝන් එකටත් තට්ටු කර,
    සුලඟ මෙන් යන්න ගියා…………………

  15. හා හා…. හරියට රසවින්දා මේ කතාව.. කෙටියි… ලස්සනයි… අපූරුයි…

    සමාවෙන්න… අදමයි මේ පැරණි බ්ලොග් සාමාජිකයාගේ පැත්තේ ආවේ… ඒත් කියවනන් රසබර ගොඩාක් තිබේ… මුලක සිට කියවන් යමින් සිටිමි… ජයම වේවා! ඔබගේ ලිවීම අපූරුයි…

  16. macho,
    maka 1ka dayak haranna,anak awa hariyatama hari.
    ela ela
    habai 1ka maga yaluwakta una dayak
    good luck brother

  17. ”ම‍ගේ කළු ඉංගිරියාව හැරෙන්නෙම ඇය දිහාවට. ඈ මගේ නම්…”

    තමන්ගෙ කෙල්ල පොඩ්ඩක් තරහ වුන ගමන්…වෙන කෙල්ලෙක්ට ඇහැ දාන ගියාට හොඳ වැඩේ….කෙල්ල බැහැල යනකම් phone එක මතක් නොවුනෙත් ඔය චපල හිත නිසානෙ..ඉතින් ඒක නැති වුන එකේ කිසිම අපරාදයක් නෑ…

    1. he hee … eeeka aththa bn… any ways nice story machan

  18. නියම හැරවිල්ලක්, චූන් එකේ ඒ.සී බස් එකක ඇවිල්ල එකපාරටම හැප්පුනා වගෙයි. ඔහොම යන්.

Leave a comment

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: