කවියැයි සැලකිය හැකි යමක්.

මෙව්වත් ලියැවුනේ බස්සෙකේ යද්දි තමයි… 😀

පෙම දකිමින. මහමඟ යන.

මහමඟ යන
විටදි දකින
වතට වතින
මුවට මුවින
ඇස් පැටලෙන
බස් දොඩවන
සරග නෙතින
බැලුම් හෙලන
යොවුන් වියෙන
හිත් නැ‍ටවෙන
මන බඳවන
ආලය මිණ
පහන් දවන
තොල්පෙති මන
විල කලඹන

පෙම්වත් දන
මඟදි දකින
සතුටු සිතින
දුක විඳිමින
පෙම දකිමින
මහමඟ යන

මුඩුක්කු බලු මිලියනපති

පාරට කෙලගසා
පාරෙහිම බුදියන
අ‍‍පේ මිනිසුන්ගේ,
“සොඳුරු” දුප්පත්කම

ධනපතින් විකුණා,
දනන් හිත් සතුටු කරවත්.

ණය සල්ලි ‍‍ටොන් ගණන්…
ආනයන කරවතේ,
පාරවල් ඉදිවෙතේ,
පාරටම කෙලවැටේ,
පාරෙහිම බුදිය‍තේ…

මුඩුක්කුව බලු වෙතේ
මිලියනර් බිහිවෙතේ.

දෙවසරක් අවසන – (ජීවිතය බැලන්ස් කිරීම)

ගහක් යට
බංකුවක් උඩ
හවස හවසට
පන්ති අවසන
පන්ති කට් කර
හාදු දුන්නෙමු
හාදු ගත්තෙමු
දෙවසරක් අවසන
ඉතිරියක් වූයේ,
ගත් හාදු ද,
දුන් හාදු ද,

පමණක් නම්,
එයත් කම් නැත.
නුඹත් දැන් නැත.

දුකම පමණකි
ලයිට් කණු තුන
එකට බැන්දේ…

අටවක පුත්තු පොතේ රවී මං ළඟ හිටියානං, මට කියාවි.

තෝත් ඉතින් ආප්ප බානවා වගේ, කවි ලියලා බ්ලොග් එකේ දානවා නෙව. 😀

Join the Conversation

6 Comments

  1. රවියගේ පන්ඩිතකම් වැඩක් නෑ. ආප්ප බාලා බලපන්කො. පස්සේ හොඳ කොත්තුවක් දාමු. එක පාරටම ඒවා දාන්න බෑ.

    😀

  2. තෝත් ඉතින් ආප්ප බානවා වගේ, කවි ලියලා බ්ලොග් එකේ දානවා නෙව.

  3. ලියන ලියන තරමට කවි මුවහත් වෙනවා. සතතාභ්‍යාසය කියන්නෙ ඒකට නෙ. හොඳම කවිය නොවුණත් හොඳ කවි ලියැවෙයි.

  4. දැන් ලියන තරමක් තමයි, ඊට පස්සෙ ඉතින් විභහගයට පාඩම් කරන්න එපැයි. ඒ නිසා හිතේ තියෙන දේ ඔක්කොම ලීවට අවුලක් නෑ.

Leave a comment

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: