Categories
නිර්මාණ විවිධ

ප්‍රශ්න

මං මෙහෙම පටන්ගන්නම්…

සිංහල අයට සිංහල වීම නිසා ප්‍රශ්න තියෙනවා,
දෙමළ අයට දෙමළ වීම නිසා ප්‍රශ්න තියෙනවා,
මුස්ලිම් අයට මුස්ලිම් වීම නිසා ප්‍රශ්න තියෙනවා,
දේශප්‍රේමීන්ට දේශප්‍රේමී වීම නිසා ප්‍රශ්න තියෙනවා,
දේශද්‍රෝහීන්ට දේශද්‍රෝහී වීම නිසා ප්‍රශ්න තියෙනවා,

කලා කාරයන්ට කලා කාරයන් වීම නිසා ප්‍රශ්න තියෙනවා,
දේශපාලකයින්ට දේශපාලකයින් වීම නිසා ප්‍රශ්න තියෙනවා,

ළමයින් ළමයින් වීම නිසාද,
තරුණයින් තරුණයින් වීම නිසාද,
වැඩිහිටියන් වැඩිහිටියන් වීම නිසාද,
මිනිසුන් මිනිසුන් වීම නිසාද,
ඒ අයට එහෙම වීම නිසාද,
ප්‍රශ්න තියෙනවා.

ඉතින් අවසාන වශයෙන්…

මට “මම” (වෙන එකෙක් නොවී මමම) වීම පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා.

ඉතින්,

ප්‍රශ්න ඇතිවීම ප්‍රශ්නයක් කරගන්න එපා.

11 replies on “ප්‍රශ්න”

අන්තිම පේළි දෙක (ඉතින්, ප්‍රශ්න ඇතිවීම ප්‍රශ්නයක් කරගන්න එපා.) අයින් කළා නම් මෙය ඉතා හොඳ කවියක් ලෙසත් ගත හැකියි.

අපි ඉතින් ජීවිත කාලය පුරාම කරන්නෙ ප්‍රශ්න වලට පිළිතුරු හොයන එකනෙ.

ඇත්තටම ප්‍රෂ්න කියන දේ අමුතු දෙයක්..ගොඩක් අය දුක් වෙනවා තමන්ගෙ ප්‍රෂ්න වලට උත්තර නෑ කියල.කලින් මමත් එහෙමයි.ඒත් දැන් මට හිතෙන්නෙ අපේ හැම ප්‍රෂ්නෙකටම උත්තරයක් තියෙනව.ඉස්සර තාත්තා මට ඕක කිව්වට පිළිගත්තෙ නෑ.දැන් තමා තේරෙන්නෙ අපි ප්‍රෂ්න වලට උත්තර හොයන්න මහන්සි වෙන්නෙ නැති එක තම හේතුව කියල.මොනව වුනත් ප්‍රෂ්න Rox! 😉 හැමදාමත් වගේම හොඳ ලිපියක් අයියේ..

ඔව්. හැම ප්‍රශ්නයකටම. උත්තරයක් කියන්නේ උත්තර එකක්ම නෙවෙයි. උත්තර ගොඩක් තියෙනවා. ලේසිය ක්‍රම වගේම අමාරු ක්‍රමත්. ඉතින් ඒක හොයන්නයි මහන්සිගන්න ඕනේ. බොහොම ස්තූතියි ප්‍රතිචාරයට නංගී…

මට නම් ජීවත් වෙන එක ප්‍රශ්නයක්
කෝ තාම හම්බ උනේ නැහැනේ ඒකට විසඳුමක් දෙන්න පුළුවන් කෙනෙක්

ඔයාගෙ ප්‍රශ්න ලැයිස්තුවට එකම එක දෙයක්, නමුත් වැදගත් දෙයක් අමතක වෙලා. ගැහැණුන්ට ගැහැණු කම නිසාත් ගොඩක් ප්‍රශ්න තියනවා, මල්ලි. සමාජ වටිනාකම දෙවැනි තැනට දමලා. නිදහස සීමා වෙලා. වග කීම් වලට හිර වෙලා. මේ අල්පයක් පමණයි…තවත් විවිධාකාර ප්‍රශ්න…ඒවත් අධ්‍යයනය කරනවා නම් හොඳයි..මතු පිටින් නොවෙ,යි පුළුල්ව අපි කවුරුත්.

ඔව්, ඇත්තටම. ඒක මඟඇරිච්ච එක නං ලොකු පාඩුවක්. ඉතින් මඟඇරුන ඒ දේ මෙතනට එකතු කරාට බොහොම ස්තූතියි. අර කිව්වා වගේ ඒ ගැන අධ්‍යයන කරන එක ගැනනං මගෙත් අදහසක් තියෙනවා.

Leave a Reply to සුපුන් සුදාරක Cancel reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.