බ්ලොග්? 14

මේක මේ සිංහල භාෂාව හා තොරතුරු තාක්ෂණය සම්බන්ද කතාවක්. දැන් උසස් පෙළටත් තොරතුරු සන්නිවේදන තාක්ෂණය ඉගැන්වීම් කෙරෙනවා නෙව. ඔය අතරෙ මුනගැහෙනවා මෙලෝ රහක් නැති සිංහල වචන. උදාහරණයක් විදිහට ROM එකට කියන්නෙ පඨන මාත්‍ර මතකය. පඨන මාත්‍ර මතකය කිව්වම ROM එකක් මැවිල පේනවාද? නෑනෙ. වචනයක් වුනාම ඒකෙන් අර්ථ දක්වන රූපය මවාගන්න පුලුවන් වෙන්න ඕනෙ. ඉතින් ඒ ...

සෝෂල් මීඩියාද? සෝෂල් ඩිසීස්ද? 20

මේ දවස්වල බලන්න එපැයි Twitter එකේ ආඩම්බර්! ලොකු ලොකු තැන්වලින් Twitter එකට බැහැල මාර්කටින්ග් වැඩ පටන් අරගෙන. ට්විටර් විතරක් නෙවෙයි. ෆේස්බුක් වලත් ඒ වගේම ලොකු මාර්කටින්ග් වැඩ. නොමිලේ යට ඇඳුම්, නොමිලේ කේක්, නොමිලේ iPad, ෆිල්ම් බලන්න ටිකට් සහ තවත් බොහෝ දේවල් ලබාගන්න කට්ටිය පොරකනව. පුද්ගලිකව මාත් කැමතියි නොමිලේ ලැබෙන කේක් කෑල්ලක රහ බලන්න. නිකන් දෙනවනං, ...

බ්ලොග්කරුවනි, අහවල් එකක් කරනවාද? 60

බ්ලොග් ගැන බ්ලොග් ලිවිල්ල දැන් නම් එක්තරා ආකාරයක කම්මැලි වැඩක්. නොලියාම බැරි නිසා ලියවෙනව මිසක්, හීනෙකින්වත් ලියන්න හිතාගෙන හිටපු දෙයක් නෙවෙයි. බොරු කියන්න ඕනෙ නෑ මම නං හරිහමන් බ්ලොග් එකක් කියවපු කාලයක් මතක නෑ. කමෙන්ට් කරලත් නෑ සෑහෙන්න කාලෙකින්. (ඔය ළඟදි බ්ලොග් කියවන්න කියල හිතල දහයක් පහ‍ළොවක් බලල කියවපු පහ හයකින් දෙක තුනක කමෙන්ට් කරත්) ...