Skip to content

2010 පෙර…

දෙසැම්බර් 29, 2009

අනේමන්ද…
අවුරුද්දක් ඉවරයි…
පුදුම තෙහෙට්ටුයි…
අලුත් අවුරුද්දක්…
අලුත් බලාපොරොත්තු…
පරණ දේවල් අමතක කරල…
හොඳ දේවල් අරගෙන…
අලුත් අවුරුද්දට යන්න…
අපි…
උත්සාහ කරනව…

මේ අවුරුද්ද ඉවරවෙන්න තියෙන්නෙ තව දවස් කිහිපයක් විතරයි. පුදුමයි. කැලැන්ඩරයේ පිටු ගැලවෙන වේගය අදහාගන්නත් බැරි තරම්. ඇදැහුවත්… නැතත්… අපිට කාලය එක්ක ලොකු සටනක්. ලබන අවුරුද්ද කොච්චර අභියෝගාත්මක අවුරුද්දක්ද? තව අවුරුදු එකහමාරකට පස්සෙ උසස් පෙළ. ඊට පස්සෙ තව තවත්…

මං හිතන්නෙ ලබන අවුරුද්දත්, එහෙ බලල මෙහෙ බලනකොට ඉවරවෙයි. කොහොමවුනත්, මම මේ අවුරුද්ද දාලා යන්න අකමැති තරම් මේ අවුරුද්දට ආදරෙයි. පස්සෙන් පස්සට මමම මේ බ්ලොග් සටහනේ ලියල තිබුන දේවල් කියවගෙන ගියාම… මේ මමම නේද කියල හිතුනම ඇතිවෙන්නෙ පුදුම සතුටක්. හැමදාම කියනව වගේ ජීවිතේට පුදුමාකාර තරම් වෙනස්කම් එකතු කරගන්න පුලුවන් වුන අවුරුද්දක් තමයි 2009. 2009 වගේම 2010 අවුරුද්දත්… ජීවිතේට වටිනාකම් එකතු කරාවි. හැමෝටම එහෙමයි. ජීවිතයට වටිනාකම් එකතු කරන්නෙ කාලය..

ඉතින්… කාලයේ ජීවත් වෙමු.

මේ අවුරුද්ද ගැන ආපහු හැරිල බැලුවොත් පුදුමාකාරයෙන් සතුටු වෙන්න පුලුවන් අවුරුද්දක්. සමහර කළු පැල්ලම් නැතුවා නෙවෙයි. ඒත් ‍ඒ සේරම මැකිල යන්න පුලුවන් තරම් වටින අත්දැකීම් ගොඩක් එකතු කරගන්න ලැබුන අවුරුද්දක්.

මේ අවුරුද්දෙ මුල ඉඳලාම උසස් පෙළට අනුගත වීම, විෂයන් තෝරාගැනීම, පොත් කියැවීම, ව්‍යාපෘති වලට සම්බන්ධ වීම, ආදරය, මිත්‍රත්වය, සාහිත්‍ය, ආකල්ප…

ඔහොම කියාගෙන ගියොත්… ඉවරයක් නැති තරම් දේවල්…

පුදුමයි!
මේ මම, මමමද කියල…

මේ පහළින් තියෙන්නෙ අපි කරපු කලා උළෙලේ මගේ හිතට අහුවුන වීඩියෝ කිහිපයක්. අන්තිම එක නම් ඉතින් පොඩි ඇඩ් එකක්. පොඩි සෙල්ෆ් ප්‍රමෝෂන් එකක්. ඒ කිව්වෙ මේ පොඩි ඇඩ් එකක්… ;-) කලා උළෙලේ සිදුවීම් ටිකත් මේකත් එක්කම ලියල දාන්න හිතෙනව. කලා උළෙල සංවිධානය වුනේ විභාගයක් අස්සෙ. ඉතින් ඒක විභාගයකට දරුණු විදිහට බලපෑවා කියන්න ලැජ්ජ වෙන්නෙ නැහැ. ඊළඟ විභාගය හොඳින් කරගෙන උසස් පෙළට මුහුනදෙන එක තමයි දැන් බලාපොරොත්තුව. ඇත්තම කිව්වොත් කලා උළෙලේදි අඳින්න වෙන්නෙ සරමක් කියල මතක් වුනේ ඇඳුම දැක්කාට පස්සෙ. ඕක ගැටගහගන්න ඒ වෙලාවෙ ළඟ පාත කිසිම දෙයක් තිබුනෙ නැත්තෙ එදාට කලින් දවසෙ රෑ නයිට ගැහුවෙ ඉස්කෝලෙ ඉඳගෙන නිසා. අන්තිමට ඇත්තම කිව්වොත්, සරම ඉනට තදකරල ගැටගහගෙන හිටියෙ මගේ ෆෝන් එකේ හෙඩ් සෙට් එකෙන්! අපරාදෙ කියන්න බෑ… ඊට පස්සෙ හෙඩ් සෙට් එක දැක්කෙ නෑ ඇහැට… අන්න එහෙමයි හෙඩ් සෙට් එකෙන් ලජ්ජාව වහගත්තෙ. කොච්චර කලා උළෙල ගැන හිත හිත හිටියා කියනවානම්…ඒ වෙලාවෙ කකුලෙ නියපොතු වැවිලා තිබුන දිග දැක්කාම මට සිහිනැතිවෙන තරම්… නියපොතු කාට හරි වැදුනානම් ඔය යන එන අස්සෙ, මෙලකට ඒ වැදුන කෙනා තාම හොස්පිටල්!

සම්පූර්ණ කලා උළෙල මෙතනින් මෙහෙම වීඩියෝ එකින් එක බලන්න පුලුවන්.

මේ තියෙන්නෙ මම කලා උළෙලේ සිත්ගත්ම අංගය. ඒක මට විතරක් නෙවෙයි. ගොඩක් දෙනෙක්ට එහෙමයි… මේකට සම්පූර්ණයෙන්ම ස්තූති කරන්න ඕනෙ අපේ විද්‍යාලයේ සංගීත භාර ආචාර්ය අශෝක පුෂ්පකුමාර ගුරුතුමා ඇතුළු වාද්‍ය වෘන්දයටයි. මේක ඇත්තටම මාරයි!

ඊළඟට අවසාන වශයෙන් ඔක්කොම ඉවර කරල මට තමයි ස්තූති කතාව කරන්න වුනේ. ස්තූති කතාවක් කරන්න ඕනෙ කියල මතක් වුනේ එදා උදේ. ඉතින් කතාවක් ලියල හදාගන්න හැදුව හැදුව හරිගියේ නැහැ. අන්තිමට ඒ වෙලාවට හිතෙන විදිහට ස්තූති කතාව හිතේ ලියාගෙන ගිහිල්ල හිතේ හැටියට කියල නතර කළා… සමහර නම් අමතක වෙන්නත් ඇති. ඒ ගැන ප්‍රසිද්ධියේ සමාව ඉල්ලා සිටිනවා…

ඉතින් අසෙනිය කුසුමත් එක්ක කොහොම කො‍හොමහරි එකතු වුන හැම දෙනාටම ස්තූතියි… :)

ඔබ සැමට සාමය සතුට සෞභාග්‍ය පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා!

අපේ ආකල්ප හොඳ මට්ටමකට අරගෙන එන්න පුලුවන් වුනොත්… ඊළඟ අවුරුද්ද අපිට ජයග්‍රාහී අවුරුද්දක් කරගන්න පුලුවන් වේවි. මොනතරම් සමාජය, දේශපාලනය, ආර්ථිකය පහළටම ඇදගෙන වැටිල තිබුනත්… අපි පුද්ගලික වශයෙන් හරි ආකල්ප වෙනසකින් ඉදිරියට ගියොත් අපිට, අපි හැමෝටම දිනාගන්න බැරි වෙන එකක් නැහැ!

අපොයි!

මට අමතක වීමේ ලොකූ ලෙඩක් තියෙනවා කියලයි හිතන්නෙ. මට අමතක වුන ලොකූ දෙයක් තියෙනව… ඒ තමයි පසුගිය 19වෙනි සෙනසුරාදා පැවැත්වුන සිංහල බ්ලොග්කරුවන්ගේ සුහද හමුව. ඒක ගැන මෙතන විස්තර කරන්න යන එක දැන් ප්‍රමාද වැඩියි. ඒ ගැන දැන් හැමදෙනාම දන්නව. එදා හමුවෙලා මට මගේ ඉදිරිගමන වෙනුවෙන් නොයෙකුත් ආකාරයෙන් උපදෙස් දුන්න හැමදෙනාටම බොහොම ස්තූතියි. ඒ උපදෙස් බොහොම වැදගත්…

ඉතින් ඔන්න ආයෙමත්,

ඔබ සැමට සුබම සුබ නව වසරක් වේවා!

ප්‍රතිචාර 10 leave one →
  1. දෙසැම්බර් 29, 2009 11:02 පෙ.ව.

    සුදාරක මලයටත් එසේම වේවා…!!! සියළු පැතුම් ඉ‍ටුවේවා…(සුළඟ අර පණිවිඩය අරං යත්වා…..)

  2. දෙසැම්බර් 29, 2009 11:12 පෙ.ව.

    නියමයි මල්ලි. ඔහොම යං :) :)

  3. දෙසැම්බර් 29, 2009 11:19 පෙ.ව.

    ලොල්! අනිවා, මොබිටෙල් අල නිසා පණිවිඩ යවන්න බැරි නොවේවා! පෝර්න් ඒක නොකැඩේවා, මල් ගහේ මල් තව පිපෙවා. ශේන්ගේ යාළුවා එක්ක හොඳ කලදිසාවක් ලැබේවා!

    සුභ නව වසරක්ම වේවා!!!

  4. දෙසැම්බර් 29, 2009 2:32 ප.ව.

    අපි හැමගේ ආදරණීය සුදාරක මලයටත් එසේම වේවා…!!! සියළු පැතුම් ඉ‍ටුවන නව වසරක්ම වේවා . .. මේ අවුරුද්දේ කසාද බඳින්න ඕන වගේ පැතුමක් එහෙම නෑ නෙද . . ? තියෙනවනම් මල කෙලියයි . . ඇයි සියළ්ය් පැතුම් ඉටුවේවා කියලනේ කිව්වේ . .. හික්ස්

  5. දෙසැම්බර් 29, 2009 9:07 ප.ව.

    එළ එළ.., සුභ නව වසරක් වේවා…!

  6. දෙසැම්බර් 29, 2009 11:18 ප.ව.

    2010 සුභ නව වසරක් වේවා!!!

  7. දෙසැම්බර් 30, 2009 9:49 පෙ.ව.

    ඔයාටත් සුභම සුභ නව වසරක් වේවා අයියේ….

  8. දෙසැම්බර් 30, 2009 4:15 ප.ව.

    මල්ලි.. තාම හිත ගැහෙනවද බං.. හික් හික්.. සුභ නව වසරක්ම වේවා….!!

  9. දෙසැම්බර් 31, 2009 9:09 පෙ.ව.

    ඔයාටත් ඔයාගෙ හැම පැතුමක්ම හැම බලපොරොත්තුවක්ම ඉ‍ටුවන සුභම සුභ අලුත් අවුරුද්දක් වෙවා!!

  10. කසුන් | permalink
    දෙසැම්බර් 31, 2009 10:04 ප.ව.

    >”ජීවිතයට වටිනාකම් එකතු කරන්නෙ කාලය”<

    ඈත්ත. අවුරුද්දක් ඈතුලත කෙනෙකුට කොයි තරම් නම් අත්දැකීම් ප්‍රමාණයක් විඳගන්න ලැබෙනවද, ඒ හැම එකක්ම ජීවිතයට එකතුවෙන වටිනාකම් තමයි. සමහර විට අපි බලාපොරොත්තු නොවන තරමටම ඒ අත්දැකීම් අපේ ජීවිත වෙනස් කරනවා. ජීවිතය අලුත් බලාපොරොත්තු වලින් පුරවනවා.

    [
    සුභ අලුත් අවුරුද්දක්. !!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Note: You can use basic XHTML in your comments.

Subscribe to this comment feed via RSS