Skip to content

කෙටි/නව කතාවකට මූල බීජයක්…

මැයි 25, 2009

“උඹ ඒකිට ආදරෙයිද බං?”
“ඔව්…”
“උඹ ඒකි වෙනුවෙන් මැරෙන්න වුනත් ලෑස්තියිද බං?”
“ඔව්…”
“හරි. ම‍ට ඇත්තම කියපං…”
“හරි. කියන්නම්.”
“ඒකි උඹට මැරෙන්න කිව්වොත්, උඹ මැරෙනවාද?”
“හ්ම්…”
“මොකක්ද හ්ම්….?”
“හ්ම්…”

හ්ම් හ්ම් හ්ම්… රෑට බකමූණෝ කෑ ගහන්නේ ඔහොම. බක‍මූණොත් එක්ක එකතු වෙලා කෑ ගහන මගේ හදවත කෑ ගහන්නෙත් ඔහොම. ළඟදී අහවරයක් කරලා දාපු යුද්දේ නිසා මිනිස්සුන්ගේ බලාපොරොත්තු අලුත් වෙලා. ඔව්, අලුත් රටක් ලැබේවි. මිනිස්සුන්ට බයක් හැකක් නැතිව පාරේ බැහැලා යන්න පුලුවන් වෙලා… ඉතින් මම? ඔව් මටත් නිදහසේ ආදරය කරන්න රටක් ලැබිලා. හැබැයි… ආදරේ කරන්න දෙන්නෙක් ඕනලු. ඉතින් තනියම ආදරේ කරොත් නරකද? ආදරය නම් රාගයෙන් තොර සඳ එළිය සේ අචින්‍ය නිසා තනියම වුනත් ආදරේ කරන්න පුලුවන් නේද? මාර ගාල ගෝට්ටියයි…

ගාල කඩාගෙන දුවන හරක් ගාල වගේ පන්ති-පන්ති-පන්තියටම හිරවෙලා රොබෝ‍ලා වගේ ඉන්නකොට නිකන් ඔල්මොරොන්දං වගේ. ඉතින් ඒකට‍ කරන්න තියෙන්නේ හොඳ පොතක් පතක් කියවලා නිවි හැනහිල්ලේ ඉන්න එක. ඒත් ඉතින් පොතක් කියවන්න කෝ දෙයියනේ වෙලාවක්? දුවපං පන්ති! බලාගනිං පොත! ටීවියෙක එහෙම දානවා නෙවෙයි! ෆේස්බුක් පැත්තේ ගියොත් තෝ මකවනවා… ඔ‍හොමයි හිත කෑ ගහන්නේ…

හහ්! හිතට පුලුවන් මාව නවත්තන්න! යකාටවත් බෑ ඕං මාව නවත්තන්න! හැබැයි උණ්ඩයකට පුලුවන් ඕන මිනිහෙක් නවත්තන්න… ෂහ්. උණ්ඩය. ඒක නම් මාර සංකීර්ණ මාතෘකාවක්. මේ උණ්ඩය හොයා ගත්තු එකා මරන්න එපායැ. චහ්! ඒකටත් උණ්ඩයම පාවිච්චි කරන්න වෙන එකයි තියෙන අවුල. දැං කාලේ කැති-පිහි-පොරෝ-මන්න-පෑන-යතුරුපුවරුව වලින් මුකුත් කරන්න බෑ. උණ්ඩයම තමා හොඳ… මං‍ මොනවා කියවනවාද මන්දා… ඇයි උණ්ඩ වලට වඩා සැරට වදින නිර්ණාමික කුණුහරුප කන්දරාව?

ගිහිං නිදාගනිං! තවත් සාම්ප්‍රදායික කෙටි කතාවක්, නවකතාවක් ලියන්නැතුව

(මෙයත් කල්පිතයක්ම පමණී!)

එක එක වැඩ අස්සෙත් නිකන් ඉන්න බැරිවාට ලියැවුනකි.

ප්‍රතිචාර 14 leave one →
  1. මැයි 26, 2009 12:00 පෙ.ව.

    “ඒකි උඹට මැරෙන්න කිව්වොත්, උඹ මැරෙනවාද?”
    “හ්ම්…”
    “මොකක්ද හ්ම්….?”
    “හ්ම්…”

    =D

  2. මැයි 26, 2009 12:12 පෙ.ව.

    simply fabulous :D

  3. මැයි 26, 2009 12:52 පෙ.ව.

    <?php
    $i=0;
    while($i<=1)
    echo ‘“උඹ ඒකිට ආදරෙයිද බං?”
    “ඔව්…”
    “උඹ ඒකි වෙනුවෙන් මැරෙන්න වුනත් ලෑස්තියිද බං?”
    “ඔව්…”
    “හරි. ම‍ට ඇත්තම කියපං…”
    “හරි. කියන්නම්.”’;
    ?>

  4. මැයි 26, 2009 1:16 පෙ.ව.

    හාස්‍ය රසයක් එක් කරමින් සිතේ ඇති වු චින්තන මාලාව අපුරුය!

  5. Anonymouse permalink
    මැයි 26, 2009 6:10 පෙ.ව.

    කොල්ලා! මනක්කල්පිත කතාව නම් ලස්සනයි..ඒත් වැරදි උපකල්පන,වැරදි තීරණ වලට එච්චරම ඉක්මනට එන්න එපා!.ඒ කෙටි කතාවත් ලියවෙන්න ඉඩ ඇරපන්..

  6. මැයි 26, 2009 7:36 පෙ.ව.

    එළ වචන ටික… උඹ පන්ති කීයකට යනවද? 6කටම යනවද?

  7. මැයි 26, 2009 8:07 පෙ.ව.

    @Thilina – නෑ නෑ… පන්ති තුනයි :D

  8. මැයි 26, 2009 8:11 පෙ.ව.

    යටි හිත – උඹ ඒකිට ආදරෙයිද බං?
    සුදා – ඔව්…
    යටි හිත -උඹ ඒකි වෙනුවෙන් මැරෙන්න වුනත් ලෑස්තියිද බං?
    සුදා – ඔව්…

    සුදා මොකෝ බන් බල්ලාගේ ඉන්න මැක්කගෙන් පටන් අරගෙන මාළුවට මැක්කො හිටියනම් කියලා ඉවර කරලා තියෙන්නෙ…..

  9. මැයි 26, 2009 10:14 පෙ.ව.

    නියමයි!

  10. මැයි 26, 2009 10:22 පෙ.ව.

    උණ්ඩයට වඩා පෑන බලවත් කියලයි මමනම් අහල තියෙන්නෙ ;)

  11. මැයි 26, 2009 10:23 පෙ.ව.

    @Anju- මචන් ඒ දෙක සාපේක්ෂයි. වෙලාවකට පෑන. වෙලාවකට උණ්ඩේ… ;) ඒක ඒ ඒ තැ‍නේ හැටියට තමා ;)

  12. මැයි 26, 2009 10:55 පෙ.ව.

    @Sudaraka- ඔව් ඉතින් බලාගෙන ගියහම ඒකත් ඇත්ත තමයි. යුද්දෙට යනකොට පෑනක් අරගෙන ගිහිල්ලා මක්කොරන්ඩද? :)

  13. මැයි 26, 2009 3:10 ප.ව.

    උඹට නං මොකක් හරි upset එකක් ගිහිල්ල තියෙනව මලේ.

  14. මැයි 26, 2009 6:36 ප.ව.

    මලයගේ මොලේ කොලොප්පම් වෙලාද කොහෙද…සමහන් එකක් බීලා දොයිය ගන්නව. එතකොට බකමූනො හිටියත් නැතත් නින්ද යයි.

    මොනවා වුනත් අමුතු විදියේ පොස්ට් එකක්..මේකා තව ටික දවසක් යනකොට සුදා ගුරුකුලය කියල එකක් පිහිටුවයිද දන්නෙත් නෑ

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Note: You can use basic XHTML in your comments.

Subscribe to this comment feed via RSS