Skip to content

සිම්පල් ප්ලෑන් එක – කොටම කොට කෙටිකතාවකි

මාර්තු 30, 2009

*මෙය ලේඛකයාගේ පුද්ගලික අත්දැකීමක් මත ලියැවුනක් නොවේ!!!

“ටියුෂන්, ටියුෂන් සහ ටියුෂන්! මට දැං මේ ටියුෂන් කෙරුවාව එපා වෙලා! ඇත්තටම ඉගෙනගන්න වෙන සිම්පල් ප්ලෑන් එකක් ඇත්තෙම නැද්ද?”

මගේ හදවත විලාප දෙනවා. ඉගෙනගන්නවා කියලා මෙහෙමත් ඉගෙනගන්නවාද? මගේ තරුණ කාලේ මං හිතුවේ එහෙමයි.
පොඩි කාලෙ මං ඉස්කෝලෙට බාරදෙද්දී අම්මා කිව්වා ඕං පුතේ දොස්තර කෙනෙක් වෙයං කියලා. තාත්තා කිව්වා නෑ පුතේ උඹ ඉංජිනේරුවෙක් වෙයං කියලා. බාප්පා කිව්වා උඹ මං වගේ ලෝයර් කෙනෙක්‍ වෙයං කියලා. එතකොට මට හිතුනා ඔව් ඔව්, එතකොට මට පුළුවං හොඳට දුප්පත් එවුන්ගෙන් ගරාගන්න කියලා.
කොහොමහරි මං ශිෂ්‍යත්වේ පාස් වුනා. නිකම්ම පාස් වුනා නම් මදෑ කියමුකෝ, මං උඩින්ම පාස් වුනා. මගේ කරුමෙට මට ගම දාලා කොළඹ එන්න වුනා සදහටම. මං කොළඹ මහප්ප්‍රාණ තාප්ප අතරේ අතරමං වුනා. උඩ බැලුවාම බිල්ඩිමේ  මුදුන හොයාගන්න බැරිවුනා. කොළඹ පාරකට අඩිය තිව්වේ කොයි වෙලාවක හරි යෝධ වාහනයක් ඇවිල්ලා මාව චප්ප චපිරි කරලා දාවි කියලා හිතාගෙන. කන් බෙරේ පලාගෙන යන හෝන් සද්දෙට මගේ කං දෙක බීරි වුනා. මං පංති ගිහිල්ලා කට ඇරගෙන බීරි වෙච්ච කං වලින් යකඩ කටින් ඇහෙන සද්දෙට අනුව ටයිප් රයිටරයක් වගේ අතට පෑන අරං ඇක්සයිස් පොතේ කොටාගෙන කොටාගෙන ගියා. දවසට දෙකට පෑන් ඉවරවුනා. ඇරිච්ච කට වහගන්න බැරිවුනා. අන්තිමට මට කතාකරගන්න බැරිවුනා. රෑ එළිවෙනකන් මම පාඩම් කරා. ගෑනු පරාණයක් දිහා ඇහැක් ඇරලා බැලුවේ නෑ. දවසක් මෙසේ යට තියලා තිබ්බ වතුර බාල්දියට නිදිමතේම පොත අතෑරියා. නිදිමතේම මේසේ උඩට වෙලා නිදාගත්තා. පහුවෙනිදා උදේ බලද්දී පොත දියවෙලා. මං ඉතින් මොකෑ කරේ, මං වගේම තවත් එකෙක් මහන්සියෙන් ලියපු පොතක් ඉස්සුවා.
මම ඊට පස්සේ විශ්ව විද්‍යාලයට රිංගලා ලක්ෂ කෝටි ගාණක් වටින පාඨමාලා නොමිලේ හදාරලා, නමට යටින් ඉංග්‍රීසි හෝඩියේ අකුරු දහ පහළොහක් ගහගෙන කොටට තිබ්බ මගේ නම ඉස්සරහින් තව මහා… කෑල්ලක් ගහගෙන විශ්ව විද්‍යාලයෙන් එළියට බැස්සා. බැහැලා, පත්තරේ දාලා තිබ්බ දැන්වීමක් බලලා ලොකු පවුලක වරදට සමාව ඉල්ලපු ගෑනු කෙනෙක් එයාගේ දෑවැද්ද එක්කම කසාද බැඳලා අවුරුදු පහ හයකට පස්සේ හීං සීරුවේ දික්කසාද කරලා දැම්මා.
දැං මං රජයේ ආයතනයක ලොකු පුටුවක්. මං ඉගෙනගන්න කාලෙදී වැඩි දියුණුකරගත්ත පොට්ටකම, බීරිකම, හොරකම මට ගොඩක් ප්‍රයෝජනවත් වුනා මට මේ තැනට එන්න. මං මගේ දෙමව්පියෝ අමතක කරලා දැම්මා, මට හිත මිතුරෝ නෑ.
ඒක කොච්චර සිම්පල් ප්ලෑන් එකක්ද? අහ්, මගේ කොන්ද පන නෑ වගේ! මං හිතන්නේ මේ මම දේශපාලනයට එන්න ඕනේ කාලේ කියලා…

නිමි

ප්‍රතිචාර 18 leave one →
  1. මාර්තු 30, 2009 7:07 ප.ව.

    එළ. මේකනම් නියමෙට ලියලා තියෙනවා මචං.

  2. මාර්තු 30, 2009 7:14 ප.ව.

    මේක නම් මරුම සිම්පල් ප්ලෑන් එකක්, මල් හතයි ! :D

  3. මාර්තු 30, 2009 7:25 ප.ව.

    බොහොම ලස්සනට ලියල තියෙනව. මේ ශෛලියට මම ගොඩක් කැමතියි :)

  4. මාර්තු 30, 2009 8:29 ප.ව.

    නියමයි..හොදට ලියල තියෙනව.විශිෂ්ටයි…මගෙන් සුභ පැතුම්…

  5. මාර්තු 30, 2009 8:50 ප.ව.

    මේකනම් මැක්සා මචං.

  6. මාර්තු 30, 2009 10:47 ප.ව.

    කෙටියි එහෙත් රසවත්

  7. ramachandra permalink
    මාර්තු 30, 2009 10:58 ප.ව.

    style 1 maru

  8. මාර්තු 31, 2009 1:36 පෙ.ව.

    ලස්සන ලිවිල්ලක්… මගෙන් සුබ පැතුම්…

  9. මාර්තු 31, 2009 3:01 පෙ.ව.

    මල්ලි මේක හිතන තරම් සිම්පල් නැහැ ඔය ගානට එන්න.ට්‍රයි කරල බලපන් දැන් නෙමෙයි පස්සේ තෙරේයි
    මම කියන්නේ මොකද්ද කියලා.
    ඔයිට වඩා සිම්පල් පැලැන් එකක් මම ලග තියෙනවා.
    ඒ මොකක්ද දන්නවද?
    මම සිම් එක විසිකරා,
    දැන් මම ෆොන් එකෙන් කරන්නේ සි්දු අහන එක විතරයි.
    මල්ලිට කියන්න මල්ලි එක මාරම සිම්පල් මල්ලි….

  10. මාර්තු 31, 2009 7:56 පෙ.ව.

    කථාව සියයට එකසිය විසි දෙකක් හරි!! කථා ශෛලියත් මරු. හැම දෙයක්ම මරේ මරු.. හරිම සිම්පල් ප්ලෑන් එකක්

  11. මලී permalink
    මාර්තු 31, 2009 11:24 පෙ.ව.

    හික් හික්.. මේක නම් ශෝක්!!

  12. kasun permalink
    මාර්තු 31, 2009 1:43 ප.ව.

    ela :)

  13. Thilina permalink
    මාර්තු 31, 2009 7:24 ප.ව.

    බඩුම තමා, one more…

  14. මාර්තු 31, 2009 10:51 ප.ව.

    බඩුම තමා මචං, හරි සිම්පල්!

  15. අප්‍රේල් 1, 2009 2:41 ප.ව.

    මල් 10+ !

    සිරා කතාව !

  16. අප්‍රේල් 4, 2009 8:05 ප.ව.

    අම්මටසිරි.. මාර කෙටි කතාවක්නෙ..
    මල් එකසිය හතයි මල්ලි! දිගටම ලියන්න!

  17. ප්‍රියදර්ශන permalink
    අප්‍රේල් 27, 2009 3:01 ප.ව.

    පොට්ටකම්, බීරිකම්, හොරකම්
    මේ ඔක්කොම දේශපාලනේට සුදුසුකම්………. මරු ප්ලෑන් එක……….
    ඔහොම යං……..

  18. ජූලි 30, 2010 11:08 ප.ව.

    ෂහ්… මරේ මරු… මරු කියන්නෙ මරුම මරු… :D
    Keep it up bro… wish u all the best
    :)

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Note: You can use basic XHTML in your comments.

Subscribe to this comment feed via RSS