Skip to content

සටහන ඉවත් කිරීම සහ සමාව ඉල්ලීම.

ජනවාරි 7, 2009

අද අලුයම සිරස මාධ්‍ය ආයතනයට එල්ලවූ ප්‍රහාරය සම්බන්ධයෙන් යෙදූ සටහන හා එයට ලැබුනු ප්‍රතිචාර සලකා බලා. එම සටහන ‍යොදා ඇත්තේ මා‍ගේ නොදැනුවත් කම නිසා බැවින්, ඔබේ ප්‍රතිචාර හරහා සත්‍යය තේරුම්ගත් බැවින්, එම සටහන ඉවත් කරනු ලබන අතර, මා නිවැරදි කිරීම සඳහා ඔබ විසින් ලබාදුන් ප්‍රතිචාර ස්තූති පූර්වකව පිළිගනිමි. එම සටහන නිවැරදි කරමින්, සිරස මාධ්‍යයට එල්ලවූ ප්‍රහාරය තරයේ හෙළා දකින අතර. මෙවන් ප්‍රහාර මින් ඉදිරියට කිසිදු මාධ්‍ය ආයතනයකට එල්ල‍ නොවේවා යන්න මාගේ ප්‍රාර්ථනයයි. ප්‍රතිචාර දක්වාලමින් මා නිවැරදි කරන ලද ඔබට ස්තූතිවන්ත වන අතර සිදුවී ඇති දෝෂය හේතුවෙන් ඇතිවූ අපහසුතාවයන්ට සිරස නාලිකාව හා සටහන කියැවූ ඔබ සැමගෙන් මම සමාව ඉල්ලා සිටිමි. මෙවන් නොදැනුවත්කමකින් යුතුව මින් ඉදිරියට සටහන් නොකිරීමට වගබලාගන්නා බවද මෙයින් දන්වා සිටිමි. බ්ලොග් අඩවිය සමඟ රැඳී සිටියාට ස්තූතියි

ප්‍රතිචාර 30 leave one →
  1. ප්‍රසාද් නයනජිත් permalink
    ජනවාරි 7, 2009 12:05 පෙ.ව.

    ඇත්තටම ‍බොහොම සතුටුයි සුදාරක මල්ලි… හොද වැඩක්…

  2. Anonymous permalink
    ජනවාරි 7, 2009 7:11 පෙ.ව.

    බලපෑම්වලට යට වෙලා තමංගේ හෘද සාක්ෂිය පාවා දුන්නා එහෙනං

  3. සාගර permalink
    ජනවාරි 7, 2009 7:17 පෙ.ව.

    තමන්ගේ වරදක් වටහා ගැනීමට හැකිවීම හොඳ ලකුණක්. සන්තෝසයි.

    සිරසට තියෙන්නේ ව්‍යාපාරික න්‍යාය පත්‍රයක්. වැලේ වැල් නැතුව ගිය යූ එන් පී කාරයින්ට පොඩි මෝඩ චූන් එකක් දෙන්නේ තමන්ගේ රේට්ස් වැඩි කර ගන්න මිසක දේශපාලන න්‍යාය පත්‍රයකට නෙවෙයි. (නැත්නම් යූ එන් පී කාරයෝ රූපවාහිනිය, ITN බලන්නයැ )

  4. ජනවාරි 7, 2009 8:28 පෙ.ව.

    ඔබේ අවංකභාවයට මගේ ශීර්ෂ ප්‍රණාමය

  5. manojcola permalink
    ජනවාරි 7, 2009 8:39 පෙ.ව.

    පිළිගන්න නොගන්න එක ඔබේ තීරණයක් ;ඒත් සටහන ඉවත් කළ එකනම් අපරාදේ

  6. ජනවාරි 7, 2009 8:46 පෙ.ව.

    ඔබ නම් නියම මහත්මයෙක්. ඔබට හිතෙන දෙය කෙලින් කියන්න. ඔබට බොහෝ දුර ගිය හැක.

  7. kasun permalink
    ජනවාරි 7, 2009 8:53 පෙ.ව.

    great!

  8. මලී permalink
    ජනවාරි 7, 2009 9:11 පෙ.ව.

    ඔයා ගැන ආඩම්බරයි මල්ලි!

  9. ජනවාරි 7, 2009 10:14 පෙ.ව.

    හරි හරි ප්‍රසාද් නයනජිත් සිරස බැලුවා සුදාරක ITN බැලුවා. මම නම් දෙක තුනම බැලුවා. අපි රූපවාහිනී නාලිකා එකනෙක මාරු කරමින් බැලුවත් සිරසේ ඒ ගැන කිසිදු සඳහනක් තිබුනේ නෑ. කොහොම වුනත් ආරක්ෂක අමාත්‍යෂය මගින් නිකුත් කරන නිවේදන අකුරටම පවසා ඊට එහා කිසිවක‍්නො කිරීමේ අකුරට වැඩකිරීමක් සිරස කරනු ලැබුවා කියලයි මට හිතෙන්නේ. සාමන්‍යයෙන් කෙනෙකුට දවසට හතර පස්පාරක් ‍breaking news පෙන්න සිරස එදාට විතරක් නැත්තේ ඇයි කියලා හිතෙන එක සාධාරනයි. අනිත් කරනය සිරසට විරුද්ධ අය රජයට කඩේ යනවා කීමත් ඒ අය මොඩයන් බව කීවත් අනිත් අය සිරසට කඩේ යන බවක් හෝ ඒ අය UNPය හෝ කොටියන්ය කියල හෝ අනිත් අය නොකියන එකෙත් වෛරයකින් පසුවෙන්නේ කවුරුන්ද කියන වග පැහැදිලියි. කොහොම වුනත් සටහන ඉවත් නොකර තිබුබනම් තාමා හොඳ. මොකද පස්සේ බලන කෙනෙකුට වුනත් ඒක බලලා තේරුම් ගන්න පුළුවන්නේ මොක්ද එතන කථා වුනේ කියලා.

    ඕන්න මම නම් සිරස බලනවා අ.ල. නොබල ඉන්න පුළුවන් කාටද? සැමදාම සිරස හා අනිකුත් නාලිකා වල ප්‍රවෘති බලන කෙනෙකුට සිරස තරම් පඩය වෙඩිල්ල කිරීමට දක්ෂ තවත් අයෙක් නැති වග පැහැදිලියි. ඒයින් අදහස් කරන්නේ නෑ සිරසට පහරදීම අනුමත කරනවා කියලා. කොහොම වුනත් ඒහෙම දෙයක් ඒයට වීම ගැන කනගාටුවක් නැතිමුත් ඒවන් මැර ක්‍රියාවක් අනුමත කරන වග එයින් හැඟෙන්නේ නෑ.

  10. සාගර permalink
    ජනවාරි 7, 2009 10:33 පෙ.ව.

    @Dasun Sameera

    මා ඔය ගැන ඊයේ සඳහනක් කළා. එය ඉවත් කර ඇති නිසා නැවත කරන්නම්.

    රූපවාහිනියට හා ITN එකට Breaking News දෙන්න පුලුවන් උනේ ඔවුන්ගේ කැමරා ශිල්පීන් කිලිනොච්චියේ සිටි නිසයි. සිරසට තමන්ගේ කැමරා ශිල්පියෙක් කිලිනොච්චියේ නැත්නම් ආරක්ෂක අමාත්‍යාංශයේ නිවේදන කියවනවා හැරෙන්න වෙන මොනවා කරන්නද? රූපරාමු මවන්නද? (මෙවැනි අවස්ථා සිරසට නොදීම ආණ්ඩුවේ සාමන්‍ය සිරිතක්. )

    මට කියනවාද අනෙකුත් පුද්ගලික නාලිකා Breaking News දුන්නද කියලා? ස්වර්ණවාහිණි? දෙරණ? TV Lanka? Max? TNL?

    ඇයි කවුරුවත් මේ නාලිකා ගැන වචනයක් වත් කතා නොකරන්නේ?

    කිලිනොච්චිය ගැන Breaking News නොදුන්නු හැම නාලිකාවක්ම පුච්ච්න්න ඕනෙද?

  11. ජනවාරි 7, 2009 10:41 පෙ.ව.

    @සුදාරක

    පෙර සටහන ඉවත් කිරීමට වඩා එලෙසින්ම තැබීම වඩාත් සුදුසු යැයි මා සිතනවා‍. එය ඒ මෙහොතේ ඔබේ සිතට නැගි සිතුවිල්ල.

  12. ජනවාරි 7, 2009 10:51 පෙ.ව.

    මම ඒ සටහන සම්පූර්ණයෙන්ම, අඩවියෙන්ම ඉවත් කරා comments සමඟම. ඒක නිසා දැන් සටහන දාලා වැඩක් නෑ.

  13. සාගර permalink
    ජනවාරි 7, 2009 10:52 පෙ.ව.

    අද රටේ තියෙන හැම මාධ්‍යයක්ම කරන්නේ කාට හරි කඩේ යන එකයි. මා එය වැරදියි කියනවා නෙවෙයි. එහෙම නැත්නම් ඔවුන්ට පැවැත්මක් නෑ. ‘සමබර’ මාධ්‍ය කියලා ජාතියක් ලෝකේ නැහැ. හැම මාධ්‍යයක්ම තම පැවැත්ම සඳහා ආදායමක් හෝ ලාභයක් ලැබිය යුතුයි. ඔවුන් ඒ සඳහා තමන්ට වඩාත් ගැළපෙන කණ්ඩායම තෝරා ගන්නවා.

    සිරස රජයට වාසිදායක පුවත් පළ නොකර යූ අන් පීයට වාසි දායක පුවත් පළ කරන්නේ ඇයිද යන්න The Buddhist නාලිකාවේ කිතුනුවන් සඳහා ඉඩ වෙන් නොකරන්නේ මන්ද වගේම මෝඩ ප්‍රශ්නයක්.

    සිරස ත්‍රස්තවාදයට උදව් දෙනවා කියා රජය චෝදනා කරනවා නම්, ඉතාම සරල විසඳුමක් තියෙනවා. එක දවසින් ඔවුන්ගේ බලපත්‍රය අත් හිටුවියහැකියි. එය නොකර, මේවාගේ බියසුළු අනීතික ක්‍රියා කරන එකට නම් අප කියන්නේ ‘බලු වැඩ’ කියලා.

  14. සාගර permalink
    ජනවාරි 7, 2009 11:03 පෙ.ව.

    මට මතකයි, 1999 දී චන්ද්‍රිකා කුමාරතුංග බෝම්බයකින් ඔත්පල වූ අවස්ථාවේ පවා රාජ්‍ය මාධ්‍ය සිරසට චෝදනා කළා ඇයි හැමදාම News First දෙන සිරස එදා News First නොදුන්නේ කියලා. (ඔවුන් එදා මිනිත්තු 45 ක් ප්‍රමාද වුනා.)

    හේතුව?

    ඒ රැස්වීම ආවරණය කරන්න ගිය සිරස කැමරා ශිල්පියා ඒ බෝම්බයෙන්ම මිය යාම.

    මේ නිසා කරුණු නොදැන රාජ්‍ය මාධ්‍ය නඟන චෝදනා පුනරුච්චාරණය කිරීම වැරදියි.

  15. ජනවාරි 7, 2009 11:31 පෙ.ව.

    සිරස සිරස සිරස සිරස සිරස සිරස සිරස සිරස සිරස සිරස සිරස සිරස සිරස සිරස සිරස සිරස සිරස සිරස සිරස සිරස සිරස සිරස සිරස සිරස සිරස සිරස සිරස සිරස සිරස සිරස සිරස සිරස සිරස සිරස සිරස සිරස සිරස සිරස සිරස සිරස සිරස සිරස සිරස සිරස සිරස සිරස සිරස සිරස සිරස සිරස සිරස සිරස සිරස සිරස සිරස සිරස සිරස සිරස සිරස සිරස සිරස සිරස සිරස සිරස සිරස සිරස සිරස සිරස සිරස සිරස සිරස සිරස සිරස සිරස සිරස සිරස සිරස සිරස සිරස සිරස සිරස සිරස සිරස සිරස සිරස සිරස සිරස සිරස සිරස සිරස සිරස සිරස සිරස සිරස සිරස සිරස සිරස සිරස සිරස සිරස සිරස සිරස සිරස සිරස සිරස

    කෝ යකෝ කිලිනොච්චිය

    කුමන්ත්‍රණය අති සාර්තකයි

  16. ජනවාරි 7, 2009 11:40 පෙ.ව.

    මට සංවාදය දිගින් දිගට ගෙනියන්න ඕන කමක්නෑ. මට පෙනෙන විදියට මම දැම්ම පොස්ට් එක නිසා නැවතත් මේක හයිජැක් වෙලා වගේ. වරද මගේ. කෙහොම වුනත් සාගරට උත්තරයක නොදී බෑනේ. ඒනිසායි ලියන්නේ.
    @සාගර
    නැවතත් සටහන කියවා බලන්න. මම සිරස කාටවත් කඩේ යන බවක් සඳහන්කලේ නෑ. ප්‍රවෘතියක් කියන්න රූප රාමු අත්‍යාවශයමද? ඇයි අර කලින් වතාවක කිසිදු අයෙකුට තුවාලයක්වත් නොවී බොම්බයක් පිපුරුනාම රෝගින් රෝහලට ඇතුලත් කරන දර්ශණ වගයක් පෙන්නුවේ. ඒවගේ යුදහමුදාවේ කලින් පටිගත කරපු දර්ශනයක් හරි පෙන්නන් තිබුනානේ. නැවතත් කියනවා මම සිරසට විරුද්ද නෑ. නමුත් සිරස කරන සමහර වැඩ වලට විරුද්ධයි. ඔව් ඔව් සිරස විතරක්නොවේ. මම මේලඟදී දැක්කා ස්වර්ණවාහිනියේ මත්ද්‍රව්‍ය පෙන්නව අවස්ථාවේදී කපන ලද දර්ෂනයක් යන මෙහොතේ ඊට උඩි සෝඩා ඇඩ් එක් දානවා. :) කාගේ කාගේ කින්ලෝටේ හුනු ටික ටික තියෙනවා ;)

  17. Janaka permalink
    ජනවාරි 7, 2009 12:50 ප.ව.

    A different look on Sirasa attack
    http://www.infosl.com/doyouknow/?p=74

  18. ප්‍රසාද් නයනජිත් permalink
    ජනවාරි 7, 2009 2:35 ප.ව.

    @දසුන් සමීර “ඇයි අර කලින් වතාවක කිසිදු අයෙකුට තුවාලයක්වත් නොවී බොම්බයක් පිපුරුනාම රෝගින් රෝහලට ඇතුලත් කරන දර්ශණ වගයක් පෙන්නුවේ.”…

    තවත් වරක් වරද්දගත්තා. එදා හෝ පසුදා සිරස රාත්‍රී 7.00 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නැරඹුවානම් හේතුව දැනගන්න තිබුණා. ඔවුන්ගේ කැමරා ශිල්පියා රූගත කළ දර්ශන තමයි එදා ඔවුන්ට හැකි ඉක්මනින් Breaking News ලෙස පෙන්වා තිබෙන්නේ. කැමරාවේ මකා ඉවත් නොකළ කොටසේ කළින් වුණු ප්‍රහාරයක තුවාලකරුවන් රෝහලට රැගෙන යෑම සටහන් එළෙසම තිබී එයද විකාශය වෙලා තියනව. නමුත් ඉන් පසු කිසිම ප්‍රවෘත්ති ප්‍රකාශයක මේ අත්වැරදීමකින් නොමැකී ඉතිරිව තිබූ දර්ශණ විකාශය කර නැහැ. එය රාත්‍රී 7.00 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ මැනවින් සදහන් කරා…

  19. Iron Mask permalink
    ජනවාරි 7, 2009 2:38 ප.ව.

    This is some thing I got from an email….
    මේකත් වෙන්න බැරි දෙයක් නෙමෙයි නේද?

    “GONRASA” ATTACK BY OWN MASTER PLAN…………..

    The Mtv/ Mbc attack was orchestrated by them selves. They had already moved all important equipment to the there new studio complex at Ratmalana (old S-Lon factory) so that the Depanama complex can be given/ rented out to Airtel. All this was done to descredit the government and to take away focus from the victorious armed forces and most of all to upgrade their equipment with the US $ 6,000,000 insurance claim (as they did before). Even after a petrol bomb was thrown at the studios 3 days ago, why did they have only 2 security guards on duty??????? WHY????

    The truth hurts!

  20. ප්‍රසාද් නයනජිත් permalink
    ජනවාරි 7, 2009 3:10 ප.ව.

    @Iron Mask…

    තවත් ගැටළු පතුවෙනවාගග. කොළඹ වැනි ආරක්ෂක ප්‍රදේශයකට අවි රැගෙන, අංක තහඩු නොමැති රථයක මැර කණ්ඩායමක් පැම්ණෙන්නේ කොහොමද?.. විනාඩි 30කට් 45ක‍ට පසු නැවතත් අවි රැගෙන නිරුපද්‍රිතව අංක තහඩු නොමැති රථයේම පලා යන්නේ කොහොමද?… පහරදීමට පෙර දෙවරකට වැඩියෙන් 119ට දැන්වූවද පොලීසිය සියළු සිදුවීම් අවසානයේ පැ‍මිණෙන්නේ ඇයි?.. මාස ගණනක් තිස්සේ මිලියන ගණනක් ආයෝජනය කර සැකසූ දකුණු ආසියාවේ එකම නවීන ප්‍රධාන පාලක මැදිරිය ඔවුන් විසින්ම විනාශ කරගන්නේ ඇයි?.. මැරයින් සිරස මාධ්‍යයේම අය නම් සේවකයින්ට වෙඩි තබන්නේ, පහර දෙන්නේ ඇයි?..

  21. සාගර permalink
    ජනවාරි 7, 2009 3:12 ප.ව.

    @දසුන් සමීර,

    සිරස කරන හැම දේකටම 100% කැමති කිසිම කෙනෙන් ඇතැයි මා හිතන්නේ නැහැ. මා පුද්ගලිකව ‘පුංචි පහේ මං’, ‘කාගෙද ගී නද’, ‘හිනා ඉනා’ වැනි මෝඩ වැඩසටහන් වලට විරුද්ධයි. ඒත් ඒ නිසා සිරස ආයතනයට ගිනි තැබිය යුතුද? ඕනේ දෙයක් පෙන්න ගත්තු දෙන්. මගේ සල්ලියැ? මට එපා නම් මා ඒක නිවලා Dialog TV බලනවා.

    ඔච්චර ඕනේ කමක් තිබුනා නම් ITN එකෙන් කිලිනොච්චිය බලා ගන්න තිබුනනේ. දැන් ඉතින් අල්ලගත්තු එකේ සවාරියක් යන්නත් බැරියැ හැබැහින්ම බලන්න. ඕක දැම්මේ නෑ කියලා කාටවත් හානියක් උනා කියලා ආරංචියකුත් නෑ. (ඔන්න අසත්‍ය පුවතක් දැම්ම නම් වැරදියි. ) ඔහොම පොඩි දේවල් වලට ආයතන ගිනි තියන්න ඕනෙද?

  22. සාගර permalink
    ජනවාරි 7, 2009 3:31 ප.ව.

    US $ 6,000,000 insurance claim

    ඒ කියන්නේ රු. මිලියන 660 ක්.

    ලංකාවේ දළ ජාතික නිෂ්පාදිතය (GDP) රු. බිලියන 2.

    අපූරුයි. සිරස ආයතනයෙ එක ගොඩනැඟිල්ලක වටිනාකම ලංකාවෙ සියලුම දෙනා වසරක ඉපයූ මුදලින් තුනෙන් එකක්.

    බොරුවක් වත් හරියට කියා ගන්න බැහැ. :-)

  23. ජනවාරි 7, 2009 3:40 ප.ව.

    දකුණු ආසියාවෙම ලොකුම මැදිරිය? මොනවද මේ කියන්නෙ?

  24. ප්‍රසාද් නයනජිත් permalink
    ජනවාරි 7, 2009 3:44 ප.ව.

    @apelogic. දකුණු ආසියාවේ ලොකුම මැදිරිය නෙමෙයි. හරියට කියවන්න. දකුණු ආසියාවේ එකම අති නවීන ප්‍රධාන පාලක මැදිරිය…

  25. ජනවාරි 7, 2009 7:36 ප.ව.

    ගත් තීරණය ගැන සතුටු වෙමි. යමක් තීරණය කරමේදි එක අන්තයකට යොමු නොවීම ගැන ස්තූතියි.

  26. ජනවාරි 7, 2009 10:29 ප.ව.

    නෑ… සිරස මාධ්‍ය ජාලය අපට එපා. උන් කඩේ යන්නෙ කොටින්ට මිස දේශපාලන පක්ෂයකට නෙමේ. (පක්ෂයකට කඩේ ගියා නං ඒක එයා‍ලගෙ ව්‍යාපාරයක් හරි මොකක් හරි මගුලක් කියල කමක් නෑ කියන්න තිබුන)
    කොටියට කඩේ යෑමත් අපේ රටේ සංස්කෘතිය නැති බංගස්තාන කිරීමත් නිසා ඔය ක‍ළ වැඩේ හරියට හරි. එළකිරි. වැඩේ කරපු අය ඒක බාගෙට කිරීම ගැන මම කනගාටු වෙමි.
    සිරසට ඔහොම වෙලා මදි.

  27. සාගර permalink
    ජනවාරි 8, 2009 1:43 ප.ව.

    මා එදාම සුදාරකට කීවා කොයි තරම් අමානුෂික දේකටද ඔහු හිනාවෙන්නේ කියලා. ඔහු ඒ කියමන පිළිගෙන තම සටහන ඉවත් කළා. අද තව දුරටත් තේරෙන්න ඇති මා එදා කියූ දේ ඇත්ත.

    මට කණගාටු තවත් විශාල පිරිසක් මේ ව්‍යසනයට අනුබල දෙමින් සිටීමයි. අප කවද්ද මේ වලෙන් ගොඩ එන්නේ?

  28. ප්‍රසාද් නයනජිත් permalink
    ජනවාරි 8, 2009 10:12 ප.ව.

    තවත් පිස්සෙක්…

  29. pissa permalink
    ජනවාරි 9, 2009 9:30 පෙ.ව.

    SIRASA SUCKS!

  30. Brave Heart permalink
    ජනවාරි 10, 2009 9:17 පෙ.ව.

    huh! mama kiyewwa okkoma comments tika. mata therena vidiyata nam meka SIRASAMA karapu wadak. mokada dawas dekakata issella petrol bombs gahawwata passewath SIRASA nikang indieda camera mananne nathuwa. Api TNL balanawa. Api dannawa SHAN Wickramasinghe kiyanne kawda kiyala, namuth SIRASA kade yanne LTTE ekata.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )

Follow

Get every new post delivered to your Inbox.

Join 60 other followers