Skip to content

ෂර්ලොක් හෝම්ස් රූපවාහිනියේ!

මැයි 4, 2008

Sherlock Holmesලංකාවේ මේ වෙන කොට ටෙලිනාට්‍ය විශාල ප්‍රමාණයක් විකාශනය වෙලා තියෙනවා, විකාශනය වෙලා තියෙනවා වාගේම විකාශනය වෙන්නත් තියෙනවා. ඒ වගේ විකාශනය වෙන්න තියෙන ටෙලිනාට්‍යක් ගැන තමයි මේ කියන්නේ. මේක පරිවර්තන නාට්‍යයක්, ලන්ඩනය, 221/බී, ඩොක්ටර් කොනන් ඩොයිල් ගැන කියවෙනකොටම ඉතින් මතක් වෙන සුවිශේෂි චරිත දෙකක් සිටිනවා. ඉංග්‍රීසි සාහිත්‍යයේ මේ සුවිශේෂි චරිත 2 ගැන ඉතින් ආයේ මතක් කරලා දෙන්න නම් අවශ්‍ය නෑ. ඒ තමයි රහස් පරීක්ෂක ෂර්ලොක් හෝම්ස්  (Sherlock Holmes) හා දොස්තර වොට්සන් (Doctor Watson) මෙම කතා මාලාව පාදක කොට ගනිමින් විවිධ භාෂාවලින්, ටෙලි නාට්‍ය, ගුවන් විදුලි නාට්‍ය හා චිත්‍රපටි පවා බිහිවෙලා තියෙනවා. ඒ විතරක් නොවෙයි! පරිගණක ක්‍රීඩා පවා බිහිවෙලා තියෙනවා. දැන් ඔ‍බට මේ ෂර්ලොක් හෝම්ස් කතා සිංහල භාෂාවෙන් හා රූප මාධ්‍යයෙන්ම නැරඹීමට පුළුවන් (නමුත් මා හිතන්නේ නෑ කතා පොතේ තියෙන රසයම මේ නාට්‍ය තුලින් ලබා ගත හැකි වේ යැයි කියා) සෑම සෙනසුරාදාවකම රාත්‍රී 9.30ට ජාතික රූපවාහිනී නාලිකාව හරහා මේ නාට්‍ය රසවිඳීමට පුළුවන්. ඊයේ අහම්බයෙන් රූපවාහිනියට දාපු වෙලාවේ තමයි මේ නාට්‍ය මාලාවේ හැඳින්වීම දැකගත හැකිවුනේ. ඒ නිසා නාට්‍යයේ අධ්‍යක්ෂණය, නිෂ්පාදනය පිළිබඳව නම් වැඩි විස්තර බලා ගැනීමට බැරිවුනා. මේ නාට්‍යයේ ප්‍රධාන චරිතය වන ෂර්ලොක් හෝම්ස්ගේ ප්‍රධාන චරිතය පණපොවන්නේ ප්‍රවීන රංගන ශිල්පී රවීන්ද්‍ර රන්දෙනිය මහතායි. මේ අවස්ථාව මඟහරින්න එපා! විශ්ව සාහිත්‍යයේ වඩාත් ජනප්‍රියම රහස් පරීක්ෂකයාගේ රහස් පරීක්ෂණ සිංහල භාෂාවෙන්ම රසවිඳීමට ඔබත් අමතක කරන්නට එපා.!

One Comment leave one →
  1. මැයි 4, 2008 12:20 ප.ව.

    මේක නම් බලන්නම ඕන මලයා. හැබැයි මොන විදියට තියෙයිද කියන්න බෑ. :D

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )

Follow

Get every new post delivered to your Inbox.

Join 60 other followers