Skip to content

සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය දැන් ක්‍රියාත්මකයි!.

මාර්තු 12, 2008

ශ්‍රී ලාංකේය බ්ලොග්කරණය ප්‍රචර්ධනය හා සිංහල බ්ලොග්කරුවන්ගේ උන්නතිය උදෙසා, සිංහල බ්ලොග් ලියන්නන්ගේ එකමුතුවෙන් නිර්මාණය වූ නවතම වෙබ් අඩවිය “සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය“යි මෙම වෙබ් අඩවිය හරහා සිංහල භාෂාවෙන් බ්ලොග් ලියන්නන් වෙනුවෙන් විවිධ ඉසව් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන අතර, ඒවායෙහි ප්‍රධාන අරමුණ වන්නේ තරඟකාරීත්වයක් ඇතිකිරීම නොව සිංහල බ්ලොග්කරුවන් අතර සුහදත්වයක් ගොඩනැගීම හා නිර්මාණශීලි බව වර්ධනය කිරීමයි. දැන් ඔබට http://www.sinhalabloggers.com වෙබ් අඩවිය හරහා මෙම ඉසව් සඳහා සහභාගී වීමට කටයුතු සලසා ඇත.
මෙම වෙබ් අඩවියෙන්…
+ සිංහල භාෂාවෙන් බ්ලොග් ලිවීම ප්‍රවර්ධනය කිරීම
+ බ්ලොග් ලියන්නන්ගේ අනන්‍යතාවය සුරැකීම
+ බ්ලොග් ලියන්නන්ගේ බ්ලොග් ලිවීම සම්බන්ධ ගැටළුවලදී සහයෝගය දැක්වීම
+ බ්ලොග් ලියන්නන් දිරිමත් කිරීම
+ බ්ලොග් ලියන්නන් අතර සුහදත්වය ගොඩනැගීම
+ සහ තවත් බොහෝ දෑ.

ඔබත් පහත් යොමු හරහා මෙම වෙබ් අඩවි සමඟ එකතු වී, සිංහල භාෂාවෙන් බ්ලොග් ලිවීම ප්‍රවර්ධනයට උපකාරී වන්න.
ප්‍රධාන වෙබ් අඩවිය – http://www.sinhalabloggers.com
සංසදය (Forum) – http://forum.sinhalabloggers.com

මෙම වෙබ් අඩවියට තවත් විශේෂාංගද එකතු කෙරෙමින් පවතින බැවින්, කරුණාකර එම විශේෂෘංග පිළිබඳ දැනුවත් වීමට සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය වෙබ් අඩවිය සමඟ නිතිපතා රැඳී සිටින්න.

No comments yet

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Note: You can use basic XHTML in your comments.

Subscribe to this comment feed via RSS