Skip to content

නිදහසට 60යි!

පෙබරවාරි 3, 2008

Sri Lanka Flag

කැමිලස්ගේ සිරිබිරිස් කාටූනය

ශ්‍රී ලංකාවේ “නාමිකව පමණක්” සමරන 60වැනි නිදහස් උළෙළ යෙදී ඇත්තේ 2008 පෙබරවාරි මස 4වන දිනටයි. නිදහස ලංකාව ලැබෙන විට ලංකාවේ තිබූ ආර්ථිකමය හා දේශපාලනමය තත්ත්වය පිළිඹිඹු කෙරෙන මගේ සිත්ගත්ම කාටූනයක් මෙවර රිවිර පුවත්පතේ පලවුනා (කවුරුවත් හිතන්න එපා මම රිවිර පුවත්පතම මාර්කටින්ග් කරනවයි කියලා. අපේ ගෙදරට ඉරිදාට ගේන්නේ රිවිර පත්තරේ, එක නිසයි රිවිර පත්තරේ තියෙන ඒවා ගැනම කියන්නේ). එම කාටූනය මගේ මේ සටහනටත් එකතු‍ වෙනවා. එම කාටූනයේ සියළුම අයිතිය රිවිර පුවත්පත සතුවන බව මතකයේ තබාගන්න.‍ කාටූනයක් වුනාට මෙහි මතුපිට ඇත්තේ සම්පූර්ණ සත්‍යයක්. නිදහස ලැබෙන විට තිබූ තත්ත්වය අනුව මේ වන විට අප නිදහස ලබා‍ ගෙනත් කරමින් සිටින්නේ කුමක්ද යන්න විශාල ගැටළුවක්. අපිට පිටුපසින් සිටි සිංගප්පූරුව වැනි රටවල් ලංකාව පසු කරලා ගොඩක් දුර ගිහිල්ලා. මේවාට හේතු මොනවාද? කවුද මේවාට වගකියන්නේ? මේවා ගැන කතාකරන්නත් එපා වෙනවා. නිදහසට විවිධ අර්ථකථන තියෙන්න පුළුවන්. ඒත් රටේ ගැටළුවලට දෙන්න පුළුවන් නිවැරදිම අර්ථකතනය නම් රට කරවු, දේශපාලඥයින්ගේ වැරදි නිසා තමයි මේ රටට වෙලා තියෙන්නේ. රට ස්වයංපෝෂිත කරන්න ඕන තරම් පියවර මීට කලින් ගන්න ඕන තරම් නිදහස තිබුනා. ඒත් දැන් තමයි කට්ටියට මතක් වෙලා තියෙන්නේ “අපි වවමු රට නගමු” වගේ වැඩ පියවරවල් ‍ගන්නේ. පරක්කු වෙලා වුනත් කරන වැඩේ නම් හොඳයි. ඒත් අපේ රටේ මිනිස්සුන්ගේ ලොකු අවුලක් තියෙනවා. කට්ටියට මොකක් හරි හොඳ දෙයක් කරන්න මතක් වෙන්නේ විනාශ වෙලා ඉවර වුනාට පස්සේ. ඉතින් ඊට පස්සේ අපේම අය කියනවා අනේ ඉතින් මෙහේම කරානම් හොඳයිනේ අරකයි මේකයි කියලා. ඉතින් අපි 60වෙනි නිදහස සමරන මේ මොහෝතේදීවත් හිතාගමු. රටට මොකක් හරි ‍හොඳ වැඩක් කරලා මේ රට වැටිලා තියෙන අගාධයෙන් ගොඩ අරගන්න උදව් වෙමු කියලා. පෑනෙන් පුළුවන් අය පෑනෙන්, උදැල්ලෙන් පුළුවන් අය උදැල්ලෙන්… ඒ විතරක් නෙමෙයි කී බෝර්ඩ් එකෙන් පුළුවන් අය කී බෝඩ් එකෙන් වැඩ කරලා, ජාති බේද, කුළ බේද වලින් අයින් වෙලා එක ධජයක් යටතේ එකමතුව වැඩ කරලා අපේ රට සම්පූර්ණයෙන්ම නිදහස් කරගනිමු!

No comments yet

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )

Follow

Get every new post delivered to your Inbox.

Join 60 other followers