Ayubowan! Can't read my blog posts? Please visit http://www.siyabas.lk/si and download Sinhala Fonts

සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ විශේෂ නිවේදනයයි!

දැනුම්දීමයි!

සිංහල ෆයර්ෆොක්ස් සම්බන්ධව දැනට ඇතිවී තිබෙන තත්වය පිළිබඳව අප අවධානය යොමු කළ යුතු වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව ඔබව දැනුවත් කිරීමට අදහස් කළෙමු.

දැනට මේ ඇතිවී තිබෙන තත්වය පිළිබඳව අපගේ අවධානය යොමු නොවූ පැතිකඩක් පිළිබඳව කරුණු පැහැදිලි කිරීම මෙම ලිපියේ අරමුණ වන අතර පළමුව දැනට ඇති වී තිබෙන තත්වයේ පසුබිම මදක් පැහැදිලි කරගනිමු.

සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ සාමාජිකයින් කිහිප දෙනෙක් විමින් ඉක්ටා (ICTA) ආයතනයේ ක්‍රියා කලාපය විවේචනය කරමින් බ්ලොග් සටහන් ලියුවේ ආසන්න වශයෙන් පහත සඳහන් කරුණු පාදක කරගනිමින් ය.

1. මෝසිලා ආයතනය යටතේ ඇති විවෘත හා නිදහස් මෘදුකාංගයක් වන සිංහල ෆයර්ෆොක්ස් බ්‍රවුසරය ඉක්ටා ආයතනයේ සහ මොරටුව විශ්ව විද්‍යාලයේ නිෂ්පාදනයක්ය යනුවෙන් හුවාදැක්වීමට ගත් උත්සාහයත්,

2. ඒ පිළිබඳව මාධ්‍ය ආයතන වලට ඔවුන් විසින් පෙන්වූ වැරදි චිත්‍රයත්,

3. මාධ්‍ය ආයතන විසින් කළ වැරදි ප්‍රචාරය නිවැරදි නොකිරීම සම්බන්ධවත්,

4. පසුව සිංහල බ්ලොග්කරුවන් වෙත නිකුත්කළ කිසිම නිල තත්වයක් නැති මාධ්‍ය ප්‍රකාශයත්,

5. මොරටුව විශ්ව විද්‍යාලයේ හා ICTA විසින් ෆයර්ෆොක්ස් ඔවුන්ගේ නිෂ්පාදනයක්ය යනුවෙන් මාධ්‍යන්ගේ ගිය ප්‍රකාශත්,

මෙම කරුණු එකක් හෝ කිහිපයක් අලලා ලියැවුනු සිංහල බ්ලොග් සටහන් නිසා පැනනැගුනු තත්වය මත අප සංගමයේ කාලිංග ඇතුලත්මුදලි මහතා සහ ඉක්ටා ආයතනයේ වසන්ත දේශප්‍රිය මහතා අතර සුහඳ ලිපි හුවමාරුවක් ද සිදුවිය. සිංහල බ්ලොග්කරුවන් කිසිවිටෙකත් ඉක්ටා ආයතනය සමඟ ප්‍රශ්න ඇතිකරගැනීමටවත්, වෛරබැඳ ගැනීමටවත් මේ නිසා අදහස් නොකළ අතර එසේ විවේචන ඉදිරිපත් කලේ පැහැදිලිවම පෙනෙන වැරදි කිහිපයක් ඉක්ටා ආයතනය මගින් සිතාමතා හෝ නොසිතා සිදුවී තිබූ නිසාය. එවන් ඇතැම් කරුණු ගැන වසන්ත දේශප්‍රිය මහතා විසින් අපට පැහැදිලි කිරීම් ඉදිරිපත් කළ අතර සිදුවී තිබූ ඇතැම් වැරදි ගැන කණගාටුව ද ප්‍රකාශ කරන ලදි. එමෙන්ම ඔහු ලබාදුන් ඇතැම් පිළිතුරු සම්බන්ධයෙන් අපේ නොසතුට හා විරුද්ධත්වයද ප්‍රකාශ විය.

ඩනිෂ්ක නවීන් විසින් ඔහුගේ අන්තිම බ්ලොග් සටහනේ කියා තිබූ ආකාරයට ඉක්ටා ආයතනය යනු සිංහල ෆයර්ෆොක්ස් නිර්මාණය සඳහා දායක වුනු ප්‍රජාවේ එක් පාර්ශවයක්පමණි යන්න අපද එකහෙළා ප්‍රකාශ කර සිටිමු. ඒ ෆයර්ෆොක්ස් සිංහලයට පර්වර්ථනය කිරීම සඳහා යම්කිසි කාලයක් එම කටයුත්තෙහි පූර්ණකාලීනව යෙදී සිටී ඩනිෂ්ක නවීන් හට මූල්‍යමය වශයෙන් අනුග්‍රහය දක්වමින්ය. රෙඩ්හැට් ආයතනයද ඒ අයුරින්ම ෆයර්ෆොක්ස් සිංහලයට පරිවර්ථනය කිරීම සඳහා ඩනිෂ්ක හට මූල්‍ය අනුග්‍රහය ලබාදීමෙන් මෙම කටයුත්තට දායක වූ තවත් ආයතනයකි. එමෙන්ම සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයද එහි සාමාජිකයින්ද එම කාර්යය සඳහා නන් අයුරින් සහාය දැක්වීය.

ඉහත ආයතන වල අනුග්‍රහය යටතේ කටයුතු කිරීමට ඩනිෂ්කට ඔවුන් සමඟ ගිවිසුම් වලට එළඹීමට සිදුවී ඇති බවද අපි දනිමු. ගිවිසුම් වල අන්තර්ගත වූ කරුණු පිළිබඳව අපි දැනුවත් නැතත් ඉක්ටා ආයතනයේ වසන්ත මහතා විසින් කාලිංග වෙත එවා තිබූ අවසන් ලිපියේ සඳහන් පරිදි ෆයර්ෆොක්ස් සිංහලයට පරිවර්ථනය කිරීම ඩනිෂ්ක ඔවුන් සමඟ ඇතිකරගත් ගිවිසුමේ පරිදි contractual deliverable” (භාරදිය යුතු කටයුත්තක්) බව පැවසේ. ෆයර්ෆොක්ස් සිංහලයට පරිවර්ථනය කරන්නේ ඉක්ටා ආයතනයේ පුද්ගලික ප්‍රයෝජනය සඳහා නම් එම ගිවිසුමේ පරිදි ඩනිෂ්ක විසින් කාර්යය නිමකර එය ඉක්ටා ආයතනයට අවශ්‍ය පරිදි භාවිතා කිරීමට දීම හෝ ගිවිසුම් ප්‍රකාරව එහි අයිතිය ඉක්ටා ආයතනයට ලබාදීම පිළිබඳව කිසිඳු ප්‍රශ්නයක් අපට නැත.

නමුත් ඉක්ටා ආයතනයේ ගිවිසුම ප්‍රකාරව ඩනිෂ්ක විසින් ෆයර්ෆොක්ස් සිංහලයට පරිවර්ථනය කර භාරදිය යුත්තේ ඉක්ටා ආයතනයට වුවත් එය ඇත්ත වශයෙන්ම භාර දී ඇත්තේ (ඉක්ටා අනුදැනුමද ඇතිව) මෝසිලා ආයතනය වෙතය. එමෙන්ම ඉක්ටා ආයතනයට ගිවිසුමකින් බැඳී සිටී ඩනිෂ්ක ඔහුගේ රාජකාරිය කළේද මෝසිලා ආයතනයේ දැක්ම, මෙහෙවර, අරමුණු, සහ ඉලක්ක (goals) වෙනුවෙන් ඔවුන්ගේ deadlines අනුවය. ඒ අනුව ඩනිෂ්ක විසින් මෝසිලා ෆයර්ෆොක්ස් 3.0 නිකුතුව සමඟ සිංහල අනුවාදයද 2008 ජූනි 17 දින නිකුත් කිරීම සඳහා භාරදුන්නේ මෝසිලා ආයතනය වෙතයි. ඉන්පසු මොසිලා වෙබ් අඩවිය ඔස්සේ ලංකාවේ මෙන්ම ලොව පුරා බොහෝ පිරිසක් ෆයර්ෆොක්ස් හි සිංහල අනුවාදය බාගත කරගන්නා ලද බව අපි දනිමු.

ඒ අනුව පෙනීයන්නේ ඉක්ටා ආයතනය විසින් ඩනිෂ්ක වෙත ඉදිරිපත් කළ ගිවිසුම විවෘත සහ නිදහස් මෘදුකාංග පිළිබඳව කිසිඳු සිතාබැලීමකින් තොරව, කිසිඳු ආකාරයකින් තර්කානුකූල නොවන, පදනම් විරහිත කොන්දේසි සහිත ලියවිල්ලක් බවත්, එම ගිවිසුම සඳහා මෝසිලා ආයතනයට හෝ ඩනිෂ්කට කොන්දේසි ඇතුලත් කිරීමට අවස්ථාවක් නොලැබී ඇති බව හෝ අවස්ථාවක් ලැබුනත් ඔවුන් විසින් කොන්දේසි ඇතුලත් කර නැති බවයි. එය වැඩිදුර නොසිතීම නිසා සිදුවූවක් විය හැකිය. (එවන් කොන්දේසි තිබේදැයි අපි නොදනිමු)

එමෙන්ම ඉක්ටා ආයතනය මෝසිලා ආයතනයේ කිසිඳු ප්‍රතිපත්ති ප්‍රකාශනයක් (Policy Statement) හදාරා නොමැතිව එම ගිවිසුම් සකස් කර ඇති බවත් පෙනී යයි. මක්නිසාද ඉක්ටා ආයතනයේ ගිවිසුම පරිදි ෆයර්ෆොක්ස් සිංහල සංස්කරණයේ අයිතිය ඉක්ටා ආයතනය සතුබව ප්‍රකාශ කළද, මෝසිලා දේශීයකරණ ව්‍යාපෘති සඳහා වන ප්‍රතිපත්ති ප්‍රකාශයේ (Mozilla Trademark Policy for Localization Projects : http://www.mozilla.org/foundation/trademarks/l10n-policy.html ) සඳහන් පරිදි නිල ෆයර්ෆොක්ස් සිංහල සංස්කරණයේ හිමිකාරීත්වය ඇත්තේ එම කාර්යය සිදුකළ කණ්ඩායමේ නායකයාට (නොහොත් හිමිකරුට) බව “The L10n team owner is the module owner for the translation” ලෙස පැහැදිලිව සඳහන් වේ. ඒ අනුව ඉක්ටා ආයතනය හා ඩනිෂ්ක නවීන් අතර කුමන ගිවිසුමක් ඇති වුවද ඊට පෙර සිට තිබූ මෝසිලා ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව ෆයර්ෆොක්ස් සිංහල සංස්කරණයේ හිමිකාරීත්වය ඇත්තේ ඒ සඳහා මූලිකත්වය ගත් කණ්ඩායම් නායකයා වූ ඩනිෂ්ක නවීන් හටය. එයද මෝසිලා වෙබ් අඩවියේ “Browser/toolkit owner - Danishka Navin ” (https://wiki.mozilla.org/L10n:Localization_Teams#Sinhala_.28si.2Csi-LK.29 ) යනුවෙන් පැහැදිලිව දක්වා ඇත.

තවත් අයුරකින් බැලුවත්, ඉක්ටා ආයතනය රාජ්‍ය ආයතනයක් නිසා දැනට අප භාවිතා කරන සිංහල ෆයර්ෆොක්ස් මෘදුකාංගය නිපදවීම සඳහා පූර්ණකාලීනව කටයුතු කළ පුද්ගලයාට මූල්‍යමය අනුග්‍රහය සපයා ඇත්තේ මහජනතාව විසින්මය. එය හරියට ගමක ප්‍රජාශාලාවක් ගොඩනැගීම සඳහා ග්‍රාම සංවර්ධන සමිතිය මඟින් මේසන්බාස් කෙනෙකුට ‍වේතනයක් ගෙවා අවශ්‍ය ගොඩනැගිල්ල සාදවාගත්තා හා සමාන කටයුත්තකි.

මෙම ඉක්ටා ආයතනය-සිංහල බ්ලොග්කරුවන්-ඩනිෂ්ක යන පාර්ශව අතර ඇතිවී ඇති තත්වයයෙන් තම අරමුණු මුදුන්පත් කරගැනීමට වෙර දරණ තවත් පාර්ශවයක්ද සිටින බව පෙ‍නී යයි. එම කරුණ පැහැදිලි කිරීම සඳහා මෙම ලිපිය ලිවීමට අදහස් කළ අතර පසුබිම පැහැදිලි කිරීමට ඉහත කරුණු ඉදිරිපත් කළෙමු.



සිංහල යුනිකේත සම්බන්ධ ඉතිහාසයය ගැන සලකාබැලීමේදී සිංහල යුනිකේත පිළිබඳව මත දෙකක් දරණ පිරිසක් ලංකාවේ සිටින බව බොහෝ දෙනෙක් දන්නා කරුණකි. ඉක්ටා ආයතනය ප්‍රමුඛ බහුතරයක් සිංහල යුනිකේතවල කිසිඳු අඩුපාඩුවත් නොමැති බවත්, එය ඕනෑම කෙනෙක්ට ඕනෑම පරිගණක පද්ධතියක් තුල භාවිතා කර නිවැරදිව සිංහල ලිවීමට හා කියැවීමට හැකි පරිදි මෙවලම් නිර්මාණය කර ඇති බවත් ප්‍රකාශ කරද්දී, තමන්ගේ පටු වාණිජ පරමාර්ථ මුදුන් පමුණුවාගැනීමට වෙර දරණ එක් පුද්ගලයෙකු සමඟ සිටින ඉතා සුළු පිරිසක් සිංහල යුනිකේත වල අඩුපාඩු ඇතැයි පවසමින් ඒ සඳහා විකල්පයක් තමන් සතුව ඇතැයි මොර දෙති. ඒ බව බොහෝ දෙනෙක් දන්නා කරුණකි.

ඩනිෂ්කගේ මූලිකත්වයෙන් සිංහල ෆයර්ෆොක්ස් එලිදැක්වීමත් සමඟ මෙම සිංහල යුනිකේත විරෝධී කල්ලියට තරු වීසි වී ඇත්තේ සිංහල යුනිකේතය සඳහා ප්‍රායෝගිකව ජාත්‍යන්තර පිළිගැනීමක් සිංහල ෆයර්ෆොක්ස් නිසා ලැබීම හේතුවෙනි. සිංහල යුනිකේත භාවිතයෙන් නිකුත්වූ ලොව ජනප්‍රියතම මෘදුකාංගය ෆයර්ෆොක්ස් වන බැවින් මෙම සිංහල යුනි‍කේත විරෝධී කල්ලි‍යේ සිංහල යුනිකේත දෝෂ සහිතයියන තර්කය නිරායාසයෙන්ම බිඳී ඇත. එමෙන්ම ඔහුගේ විකල්ප සිංහල යුනිකේත මාලාවේ ඉරණමද ඒ සමඟම තීරණය වී ඇත. එම නිසා එම කල්ලියේ අලුත්ම සතුරන් වී ඇත්තේ ඩනිෂ්ක නවීන්, සිංහල ෆයර්ෆොක්ස් සහ සිංහල බ්ලොග්කරුවන් ය.

එමෙන්ම සිංහල යුනිකේතවල කිසිඳු අඩුපාඩුවක් නැතැයි කියා කීමටද ඉක්ටා ආයතනය ඇතුලු සිංහල යුනිකේත ප්‍රජාවට ඇති ප්‍රබලම සාධකයද සිංහල ෆයර්ෆොක්ස් බව අවිවාදයෙන් කිව හැකිය.

ඌරන් කැකුණ තලන විට හබන් කුකුලන්ට මඟුල් කීවා සේ, ඉක්ටා ආයතනය, ඩනිෂ්ක නවීන් සහ සිංහල බ්ලොග්කරුවන් අතර ගැටුමක් ඇතිවී ඇති මේ මොහොතේ සිංහල යුනිකේත විරෝධී කල්ලියට රජ මඟුල් අවස්ථාවකි. එම නිසා එම කල්ලිය විවිධ බ්ලොග් අඩවි ඔස්සේ මෙම ඇතිවී ඇති තත්වය හැකි තරම් උණුසුම් කර, අවුල් කර ඉක්ටා ආයතනය සහ සිංහල බ්ලොග්කරුවනුත්, ඩනිෂ්කත් කෙටවීමට උත්සාහ කරන බවක් පෙනේ. මෙම ප්‍රශ්නකාරී තත්වය දුරදිග ගොස් ඉක්ටා ආයතනයත්, සිංහල බ්ලොග්කරුවනුත්, ඩනිෂ්ක නවීනුත් විරසක වුවහොත් ඉන් උපරිම වින්දනයක් ලබන්නේ එම සිංහල යුනිකේත විරෝධී කල්ලියයි. එමෙන්ම එම තත්වය යටතේ සිංහල ෆයර්ෆොක්ස් හි ඉදිරි සංවර්ධන කටයුතුද කඩාකප්පල් වීමට ඉඩ ඇත.

කෙසේ වෙතත් මෙම කරුණ ගැන කිසිඳු තැකීමක්, දුරදිග සිතීමකින් තොරව කටයුතු කළ සහ කරන ඉක්ටා ආයතනයේ ඇතැම් නිලධාරීන්ගේ ක්‍රියාකලාපය නිසා සිංහල යුනිකේත විරෝධී කල්ලියේ අයට ඇති තරම් මඩ බාල්දි ප්‍රමාණයක් රැස්කරගත හැකිවී ඇත. අවස්ථාවෙන් ප්‍රයෝජන ගනිමින් ඉක්ටා ආයතනයටත්, ඩනිෂ්ක නවීන්ටත්, සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයටත්, එහි සාමාජිකයින්ටත් එරෙහිව අසත්‍ය ප්‍රකාශ සහ මඩ ප්‍රහාර ඔවුන් විසින් දියත් කරමින් පවතී.

ඔවුන් පවසන පරිදි ඉක්ටා ආයතනය විසින් මහජන මුදලින් ඩනිෂ්ක නවීන්ගේ කැනඩා සංචාරය සඳහා මුදල් වියදම් කර නැති බවත්, ඔහු කැනඩාවේ සංචාරයක නිරත වූයේ මෝසිලා ආයතනයේ ආරාධනාවක් මත “‍2008 ෆයර්ෆොක්ස් සමුළුවටසහභාගීවීම සඳහා බවත්, ඒ සඳහා සියළු වියදම් මෝසිලා ආයතනය විසින් දරා ඇති බවත් ෆයර්ෆොක්ස් සිංහල කිරීමේ කටයුතු වලට හවුල් වූ පාර්ශවයක් වශයෙන් අප අවධාරණයෙන් කියා සිටිමු.

එබැවින් කරුණාකර එම පිරිසගේ අසත්‍ය ප්‍රචාර වලින් නොමඟ නොගොස් ක්‍රියා කරන ලෙසද, එවන් බ්ලොග් අඩවි වලට ගොස් අදහස් ප්‍රකාශ කිරීමෙන් වලකින ලෙසද සැමගෙන් ඉල්ලා සිටිමු. එමෙන්ම ඉක්ටා ආයතනයට හෝ වෙන යම් පිරිසකට/පුද්ගලයෙකුට පන්න පන්නා පහර දීමේ ප්‍රතිපත්තියක් සිංහල බ්ලොග්කරුවන් අතර නැති බවද කිව යුතුය.

තවද සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ සාමාජිකයින්ගේ බ්ලොග් සටහන් හෝ ප්‍රකාශ ඒ ඒ සාමාජිකයින්ගේ පුද්ගලික අදහස් වන බවද, ඒවා සංසදයේ අදහස් හෝ ප්‍රකාශ ලෙස වටහා නොගන්නා ලෙසද මතක් කර සිටිමු.

එමෙන්ම දුරදිග සිතා කටයුතු කරන මෙන්ද, තම නිලධාරීන්ගේ නොමනා ක්‍රියාකලාපය සොයාබලා වගකීමෙන් කටයුතු කරන ලෙස අවවාද කරන ලෙසද ඉක්ටා ආයතනයේ වගකිවයුතු ඉහල නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිමු.



ස්තුතියි.

සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය

තිස්සමහාරාමයේ සිට ලියමි.

ඔන්න ඉතින් නිවාඩුවට පරණ යාළුවෝ කට්ටිය බලලා යන්නයි. තිස්ස පන්සලේ බෝධි පූජාවකටයි සහභාගී වෙන්න ඇති වෙච්ච ආශාව සන්සිඳුවාගන්න තිබ්බ ඕනෑකමයි නිසා මගේ උපන් ගම නොවුනාට, ඒ වගේ ගම වෙන තිස්සමහාරාමයට ආවා. කිස්ස පැත්තේ හරියට ඇවිදින්න මේ ලැබුණේ අවුරුදු දෙකකට විතර පස්සේ මං හිතන විදිහට. මීට කලින් දවසක ආවාත් එදා ඉන්න වුනේ දවසක් විතරයි ඒක නිසා මේක තමයි අවුරුදු දෙකකට විතර පස්සේ ගමේ හරියට පය තියපු අවස්ථාව.

දැන් තිස්සමහාරාමයත් සෑහෙන්න දියුණුයි. දැන් තිස්සමහාරාමයටත් ADSL සම්බන්ධතාවය ලැබිලයි තියෙන්නේ. කියන්නත් සතුටුයි. මම මේ දැන් ඉන්න Internet Cafe එකේ සිංහල ෆයර්ෆොක්ස් පාවිච්චි කරනවා. ඒ වගේම මගේ පරිගණක තියෙන යාළුවන් කිහිප දෙනෙකුත් සිංහල යුනිකේතයට උනන්දු කරන්න ලැබුනා. ඉදිරියේදී තිස්සමහාරාමෙනුත් හොඳ බ්ලොග්කරුවන් සෙට් එකක් හඳුන්වාදෙන්නයි ඉන්නේ.

ඒ වගේම මිට කලින් ලියපු “අබා සමඟින් සටහන් ශතක පූරණය” කියන සටහනට ලැබිච්ච ප්‍රතිචාර බලන්නත් ලැබුනේ අද තමයි. ඒ ප්‍රතිචාර වලට බොහොම ස්තූතියි. සටහනට ලැබෙන ප්‍රතිචාර වලින් සමහරක් මෙ‍ලෝ දෙයක් නැති ස්පෑම් නිසා ලැබෙන ප්‍රතිචාර mannually approve කරන්න තමයි සැකසුම් හදලා තියෙන්නේ. ඒක නිසා ඔබේ ප්‍රතිචාරය බ්ලොග් සටහනේ ප්‍රදර්ශන‍ය වෙන්න ප්‍රමාද වුනානම් සමාවෙන්න ඕනේ.

කැෆේ එකේ ඉන්න ගමන්, සිංහල බ්ලොග් සින්ඩිකේටරයටත් එබිලා බැලුවා. බලනකොට අබා චිත්‍රපටිය ගැන ගොඩක් දේවල් ඒ ඒ අඩවි වල ලියැවිලා තියෙනවා දැක්කා. අබා චිත්‍රපටිය ගැන සංවාදයක් ඇතිවීම හොඳ දෙයක්. ඒක මුලින් කියන ගමන් අර මම මගේ අබා ගැන සටහනේ ලියලා තියෙන…

ඒ වගේම පොඩි අඩුපාඩුවක් තියෙන තැනක් දකිනවා. ඒක තමයි, මේ චිත්‍රපටියේ චිත්‍රරාජ චරිතයට අමුතු දේව රූපයක් මවාදී තිබීම. මෙය හැරීපෝටර් චිත්‍රපටියේ/කතාමාලාවේ හැරීපොටර්ගේ දෙමව්පියන් මරණයෙන් පසු නැවතත් භූතාත්මයක් විදිහට පැමිණ තම පුතාට සහය ලබාදෙනවා. අන්න ඒ විදිහට අබා චිත්‍රපටියේ චිත්‍රරාජ චරිතය මතු කරලා තිබෙනවා. සමහරු කියනවා චිත්‍රරාජ චරිතය මේ චිත්‍රපටියේ නිර්මාණ කරලා තියෙන්නේ එක්තරා ආගමක නායකයෙක්ව සිහිගන්වමින් කියලා. රූපය නම් යම්තාක් දුරකට සමානයි. ඒත් එච්චර අන්තවාදීව හිතන එක හරි නෑ. මොකද මේ චිත්‍රපටියේ කිසිම විදිහකින් ඒ ආගම ඉස්මතු කරන්න උත්සාහ කරලා නැහැ. අපි අපිම තමයි ඒක බොරුවට ඉස්මතු කරගෙන අපි අපිටම ගහගන්න යනවා කියන දේ තමයි මට එක පැත්තකින් හිතෙන්නේ.

මෙන්න මේ කාරණාව ගැන මටත් වඩා හොඳට සංහිඳ බ්ලොග් අඩවියේ ලියැවිලා තියෙනවා දැක්කා. ඒ කතාවෙත් ලොකු ඇත්තක් තියෙනවා කියලා තමයි මට හිතුනේ. මම නම් වැඩිය ක්‍රිස්තියානි ආගම පිළිබඳව දන්නේ නැහැ. ඒත් සංහිඳ බ්ලොග් අඩවියේ සටහන් කරු නාමල් උඩලමත්ත මහත්මාට නම්, මේ ගැන හොඳ දැනුමක් තියෙනවා. ඒ කතාවට මාත් එකඟයි. දැන් හිතෙනවා අබා චිත්‍රපටියෙන් චිත්‍රරාජ හරහා ක්‍රිස්තු චරිතය සම්බන්ධ සිදුවීම් ඉස්මතු වෙනවා කියලා. හැබැයි මෙහෙම දෙයක් හිතෙනවා, අබා චිත්‍රපටියේ චිත්‍රරාජට දේව ආරූඪයක් දීම හොඳයි. හැබැයි ඒක කරන්න තිබ්බේ ඒ විදිහට නෙවෙයි කියලායි හිතෙන්නේ. අපිට මෙහෙම හිතන්න පුළුවන්නේ,

චිත්‍රරාජ යක්ෂ ගෝත්‍රික නායකයෙක් හෝ නායක පරපුරකින් පැවත එන්නෙක්. පුරාණයේ තිබ්බ සිරිතක් අනුව රාජ්‍ය නායකයා සැලකුනේ දේවත්වයේ සංකේතයක් විදිහටයි. ඒක නිසා ඒ කා‍ලයේ ගෝත්‍රිකයා, තමන්ගේ නායකයාට දේවත්වයෙන් සලකන්නට ඉඩ ඇති. හැබැයි චිත්‍රපටියේ විදිහට ඒක ඉස්මතු කරන එක හරි නැහැ. අර සංහිද බ්ලොග් අඩවියේ තියෙන විදිහට, ඒ අවස්ථා ඒ කාලයට සමරූපී විදිහට නිර්මාණය කරානම්, චිත්‍රපටියේ අලංකාරය මීට වඩා වැඩි වෙන්න තිබුණා කියලා හිතෙනවා. නමුත් සමස්තයක් වශයෙන් ගත්තාම අබා සාර්ථක චිත්‍රපටියක්.

මදැයි. කොහෙන් ආවත් දැන් වැටෙන්නේ අබා උඩටම තමයි. :) කමක් නෑ දැන් ඒක තමයි වෙන්න ඕනේ. කඩා වැටිලා තිබ්බ සිංහල සිනමාව ගොඩ නගන්න අපිත් දායක වෙන්න ඕනේ මෙන්න මේ විදිහටයි.

තව ලියන්න වෙලාව නෑ. දන්නේ නැද්ද ඉතින් පරණ යාළුවොත් එක්ක සෙට් වුනාම :D කරන්නද දේවල් නැත්තේ??? :D

අබා සමඟින් සටහන් ශතක පූරණය

මේ දවස්වල හැමෝම කතා කරන්නේ ලාංකීය සිනමාව, ඉතිහාසය ගැන තමයි. වැඩි දෙයක් කියන්න අවශ්‍ය වෙන්නේ නෑ. මාතෘකාව දැකපු ගමන් කියන්න ඇහැකි මොකක්ද ‍මේ දැන් මම මේ කතා කරන්නේ හදන්නේ කියලා. ඔව් කතා කරන්න යන්නේ අබා චිත්‍රපටිය ගැන. අබා චිත්‍රපටි කතාව නම් කියන්නේ නැහැ. මොකද ඒක ලංකාවේ ඉතිහාසය හදාරපු ඕන කෙනෙක් දන්න නිසා වගේම, මෙය කියවන ඔබගේ රසවින්ඳනයට බාධා කරන්න කරන්න අකමැති නිසා. දැන් මාතෘකාවේ පළවෙනි කොටස තේරෙන්න ඇති. අබා චිත්‍රපටිය සිංහල සිනමාවේ සන්ධිස්ථානයක් වගේම සුදාරකගේ අන්තර්ජාල සටහනේ සිය වෙනි සටහන කියන්නේ සුදාරකේ අන්තර්ජාල සටහනේ තවත් සුවිශේෂී සන්ධිස්ථානයක්. මේ දෙකම එකට ගැලපුනේ පුදුම අවස්ථාවකදී. ඒ ‍‍කො‍හොම වෙතත්, සුදාරකගේ අන්තර්ජාල සටහනේ සියවෙනි සටහන මෙවර ලියැවෙන්නේ, සිංහල සිනමාවට විශේෂ මෙහෙයක් ඉටු කරන, කරමින් සිටින ජැක්සන් ඇන්තනී කලා ශූරින්ට කෙරෙන ගෞරවයක් වශයෙන් වගේම, අබා චිත්‍රපටිය හා එහි සංවාදයට ගැනෙන ලංකා ඉතිහාසය ගැන මට හිතෙන දේ ගැන කියන්න. ඉතිහාසය ගැන මගේ දැනුම අඩු වුනත්, ඉතිහාසය හදාරන්න පොඩි කාලේ ඉඳලාම තිබ්බ ආශාව නිසාම අබා චිත්‍රපටියේ එන ඉතිහාස කතාව ගැන මට හිතෙන දේ කියන්නයි මේ හදන්නේ.

මුලින්ම චිත්‍රපටිය බලපු හැටි කියලා ඉන්න එපැයි.

චිත්‍රපටිය බලන්න ඕන ඕන ඕන කියලා කිව්වාට මොකට බලන්න යන්න තැනක් හිතාගන්න බැරිවයි හිටියේ. මේ දවස් ටිකේ අපේ ඉස්කෝලේ අමතර නිවාඩු කාලීන පන්ති වගයක් පවත්වපු නිසා අපේ නේවාසිකා‍ගාරේ අයත් මේ දවස්වල ‍ඉස්කෝලේම නැවතිලා ඉන්නවා. ඉතින් ඔන්න මට අදහසක් ආවා අපේ පන්තියේ ඉන්න නේවාසිකා‍ගාරේ කට්ටියම එකතු‍ වෙලා සැවෝයි එකේ චිත්‍රපටිය බලන්න යන්න. කිහිප‍ දෙනෙකුට ටිකට් ඇරන්දෙන්නවා කියලත් පොරොන්දු වෙලා දිනයක් ලේස්ති කරගත්තා. ඒ දවස තමයි මම මේ දැන් කියන දිනයට පස්සේ දවස. ‍පොරොන්දුව වෙච්ච දිනයේ හවස මට අමතර පන්තියක් තිබ්බ නිසා අපේ ඉස්කෝලේ ආපනශාලාවෙන් කෑම එකක් ගත්තා. කෑම එක ටිකක් ඇඟට ඇල්ලුවේ නැති ගතියක් තිබ්බ නිසා. ඇඟ දෙවෙනියට තියලා බඩ ගැන හිතලා කෑම එක ගත්තා. අනික සල්ලි දීලා ගත්තු කෑම එකනේ. අත අරින්නත් බෑනේ කියලා කෑම එකට වැ‍ඩේ දුන්නා. හිටු කියලා වැඩේ දුන්නට බස් එකට නැග්තා විතරයි. කාපුවා ඇඟේ වැඩකරන්න පටන් ඇරගෙන පොඩි බඩේ අමාරුවකුත් හැදුනා. කොහොමහරි බස් එක පන්තියට ළං වෙච්චි, ළං වුනාට දැන් පන්තියට යන්න බැරි තරමට ‍බ‍ඩේ අමාරුව උත්සන්න වෙලා. අන්තිමට පන්තිත් යන්නේ නැතිව කෙලින්ම ගෙදර ඇවිල්ලා වැසිකිලියේ තමා නතර වුනේ. :D ඉතින් ඔන්න පහු ගිය දවසේ. ඒ කියන්නේ අබා බලන්න යන්න තීරණය කරගත්ත දවසේ ඉස්කෝලේ යන්න බැරි වුනා. එදත් Live @ 55, පුවත් වියමන වගේ පැයෙන් පැයට වැසිකිළියට වාර්තා කරන්න සිද්ද වුනා :D . අද තමයි අර නිවාඩු කාලීන අමතර පන්ති පැවැත්වුන අන්තිම දවස. අන්තිම දවසේ තිබ්බේ එක කාල පරිච්ඡේදයක් විතරක් නිසා උදේ 9.30 වෙනකොට ඉස්කෝලේ අහවර වුනා. අර මගේ නින්ද වීඩියෝ කරපු යාළුවත් එක්ක තමයි මම සාමාන්‍යයෙන් මහරගමට එන්නේ, ඉතින් ඔන්න මහරගමට ලං‍ වෙලා වෙලාව බැලුවාම 10.15යි. වෙලාව බැලුවාම තමයි ඕං ගණ දෙවි නුවණ පහලවුනේ. :D එකපාරටම ඔළුවට විදුලියක් කෙටුවා වගේ මතක් වුනා මහරගම නැෂනල් සිනමා ශාලාවේ අබා පෙන්නනවා කියලා. ඒ අතරේ හිමීට සාක්කුවත් ඇදලා බැලුවා. ඇදලා බැලින්නං මෙන්න රුපියල් 150කුත් සාක්කුවේ. මං යාළුවගෙන් හිමීට අහලා බැලුවා “මචන්, රුපියල් පනහක් තියේද? මං අතින් 50ක් දාලා යමුද අබා චිත්‍රපටිය බලන්න?” (මං මේ මහා දාන පතියා වෙන්න හදනවා නෙවෙයි. ඇත්ත කතාව කියන්න එපැයි ඉතින්. මට කියන්න ඕනේ වුනේ මේක හදිස්සියේ ගත්ත තීරණයක් කියලා කියන්න) වැ‍ඩේ කියන්නේ මිනිහා අතේ සන්තකේටමත් හරියටම තිබ්බේ රුපියල් 50යි. ඉතින් ඉබ්බා දියේ දැම්මාම ඇන්නෑවේ කියලා කිව්වාලු. මහරගමින් බහිනකොට උදේ 10.25යි. කොහොමහරි පාර මාරු වෙලා. මහරගම නැෂනල් ශාලාවට ගිහිල්ලා හරියටම චිත්‍රපටිය පටන්ගන්නකොටම අසුන් ගත්තා. හැබැයි මහරගම නැෂනල් එකේ DTS එහෙම නැති නිසා හරියට ශබ්ද රසේ නම් විඳගන්න බැරිවුනා. ඒත් ඉතින් මට මේ කතාව නොවැ වැදගත්. ඉතින් ඕං ඔහොමයි අබා චිත්‍රපටිය බලන්න අවස්ථාව ලැබුනේ. හැබැයි ඉතින් අම්මාට නොකියා හදිස්සියේ චිත්‍රපටිය බැලුවා කියලා බැනුම් අහන්නත් වුනා. ඒක ඉතින් වෙනම කතාවක්. මම හැබැයි කලින් අම්මාගෙනුයි තාත්තාගෙනුයි අවසර ඇරගෙන තිබුනේ හොස්ට‍ල් එකේ අයත් එක්ක බලන්න යන්න. ඒත් ඉතින් කරුම බඩේ අමාරුවක් හැදුනා නොවැ. හරි දැන් මාතෘකාවට පිවිසෙමුකෝ…

ලංකාවේ නිර්මාණය වෙච්චි චිත්‍රපටි අතුරින් අක්ෂරය චිත්‍රපටියට (බලලා නැහැ. බලන්න වයස හරි නෑ නොවැ. මේක බලපු කෙනෙකුගෙන් අහලා දැනගත්ත එකක්) පස්සේ සිංහල සිනමාවට ලෝක සිනමා තාක්ෂණය නියමාකාරයෙන් එකතු වෙච්ච සිනමා නිර්මාණයක්. තාක්ෂණය එකතු වෙනවා කියන එකේ අර්ථය මම මෙතනට යොදාගෙන තියෙන්නේ ත්‍රිමාණ සජීවීකරණ වගේ දේවල් ගැන නෙමෙයි. මම මෙතැනදී තාක්ෂණය කියන්නේ කැමරා, පසුතල නිර්මාණය හා ශබ්ද පරිපාලනය කියන දේවල්වලට. ලංකාවේ පළවෙනි වතාවට ‍දේශීය නිෂ්පාදකව‍රයෙකු යටතේ කෙරෙන ලද අති දැවැන්තම නිර්මාණයත් මේකම වෙන්න ඇති. ලංකාවේ නිර්මාණය වෙච්ච චිත්‍රපටියක් විදිහට ගත්තොත් නම් අති විශිෂ්ට ගණයේ සිනමා නිර්මාණයක්. ඒත් මේ චිත්‍රපටියට යම් තාක් දුරකට ලෝක සිනමාව සමගත් ගැටෙන්න බැරි කමක් නැහැ. චිත්‍රපටියේ නම අබා වුනාට චිත්‍රපටියේ වැඩි තැනක් දීලා ති‍බුනේ හබරා චරිතයට. ඇත්තෙන්ම මෙම චරිතය නිරූපණය කරන සෞම්‍ය ලියනගේ අති දක්ෂ අන්දමින් මෙම චරිතයට සාධාරණයක් ඉටු කරලා තිබුනා. මේ චිත්‍රපටියේ ඔහුගේ දක්ෂතා දැක්කාම මට හිතෙනවා අර මස් පුම්බගෙන ජනප්‍රියතාවයට දඟලන ලංකාවේ අනිත් නළුවන්ට වඩා සෞම්‍ය ලියනගේ අති දක්ෂයෙක් කියන එක. අවිවාදයි! සෞම්‍ය ලියනගේ තමයි ලංකාවේ දැනට අතිදක්ෂ චිත්‍රපටි රංගන ශිල්පියා!!. ඒ වගේම චිත්‍රපටි‍යේ ප්‍රධාන චරිතය, එසේත් නැතිනම් අබා චරිතයට රඟ දක්වන ළමා නළු සජිත අනුත්තරත් දක්ෂයි. ඒත් පොඩි පොඩි අඩුපාඩුකම් නැත්තේ නැහැ. ඔහුට තියෙනවා දැන් සෑහෙන්න දුර ගමනක් ඉදිරියට යන්න. ඔහුටත් මෙය අවස්ථාවක් කරගන්නවා සුභ පතන්නට. ඒ වගේම පොඩි අඩුපාඩුවක් තියෙන තැනක් දකිනවා. ඒක තමයි, මේ චිත්‍රපටියේ චිත්‍රරාජ චරිතයට අමුතු දේව රූපයක් මවාදී තිබීම. මෙය හැරීපෝටර් චිත්‍රපටියේ/කතාමාලාවේ හැරීපොටර්ගේ දෙමව්පියන් මරණයෙන් පසු නැවතත් භූතාත්මයක් විදිහට පැමිණ තම පුතාට සහය ලබාදෙනවා. අන්න ඒ විදිහට අබා චිත්‍රපටියේ චිත්‍රරාජ චරිතය මතු කරලා තිබෙනවා. සමහරු කියනවා චිත්‍රරාජ චරිතය මේ චිත්‍රපටියේ නිර්මාණ කරලා තියෙන්නේ එක්තරා ආගමක නායකයෙක්ව සිහිගන්වමින් කියලා. රූපය නම් යම්තාක් දුරකට සමානයි. ඒත් එච්චර අන්තවාදීව හිතන එක හරි නෑ. මොකද මේ චිත්‍රපටියේ කිසිම විදිහකින් ඒ ආගම ඉස්මතු කරන්න උත්සාහ කරලා නැහැ. අපි අපිම තමයි ඒක බොරුවට ඉස්මතු කරගෙන අපි අපිටම ගහගන්න යනවා කියන දේ තමයි මට එක පැත්තකින් හිතෙන්නේ. අධ්‍යක්ෂකවරයා අන්‍යාගමිකයෙක් වූ පමණින් එ‍සේ ලේබල් ගැසිම නම් හොඳ දෙයක් නෙවෙයි. ඒවාගෙම මෙහි චිත්‍රරාජ මරණයට ගෙන යන අවස්ථාව නිරූපණය කරවලා තියෙන්නේ හරියට අර ආගමික නායකයා මරණයට ගෙන යනවා වගේ තමයි. ඒත් එය චිත්‍රපටියේ උච්ඡ නාට්‍යමය අවස්ථාවක් නිරූපණය කිරීමට යොදවාගන්නා ලද්දක් මිසක්, ඒ ආගම ඉස්මතු කරවීමක් ලෙස නොවෙයි මා නම් එය දුටුවේ. අමතර දෙයක් කියන්න තියෙනවා. අපි අව් කණ්ණාඩියක් දාගත්තාම අපිට පේ‍න හැමදෙයක්ම කලු පාටට, ඒ ‍වගේ එක එක පාට කණ්ණාඩි දාගත්තාම අපිට ‍දේවල් පේන්නේ ඒ ඒ පාටට. නමුත් චිත්‍රපටියක් ඒ විදිහට පාට පාට කණ්ණාඩි දාගෙන බලන එක හොඳ දෙයක් නෙවෙයි. අපි අපේ කණ්ණාඩි අපිටම තියාගත්තාවේ. ඒත් චිත්‍රපටියකදී, වි‍ශේෂයෙන්ම මේ ව‍ගේ ලාංකීය දැවැන්ත නිර්මාණයකදී එසේ කිරීම වැරදියි. මෙහි යම්කිසි ආගමකට, ජාතියකට කිසිදු ආකාරයෙන් නිගරුවක් කරලා නැහැ කියලා ඔබට අර කණ්ණාඩි ගලවලා බැලුවාම පෙනේවි. චිත්‍රපටියේ කිරියක්කිනි චරිතයට වෙනුවෙන් නිරූපණය කරන දිනූෂා රාජපතිරණත් ඉතා අලංකාර ආකාරයෙන් හැඟීම් දනවමින් චිත්‍රපටියේ තමන්ගේ රංග කාර්යය කෙටි චරිතයක් වුවත්, ඉටු කරලා තියෙනවා. මේ ආකාරයට, චිත්‍රපටියේ අනෙකුතු රංගන ශිල්පීන් තමන්ට හැකි උපරිමයෙන් දායකත්වය ලබාදෙද්දී නවක නිළි දුලානි අනුරාධා විසින්, මෙහි තවත් ප්‍රධාන චරිතයක් වන ශුකුම්බකබතා චරිතය නිරූපනය කරනවා දකින්න පුළුවන්. ඇගේ රංගන හැකියාව මීට වඩා තවත් ටිකක් දියුණු කරගන්න තිබ්බා කියලා තමයි මට නම් හිතෙන්නේ. කෙසේ වෙතත්, ඇයද ඇයගේ චරිතයට සාධාරණයක් ඉටු කිරීමට සමත්වී තිබෙනවා.

මීළඟට මෙහි එන ඉතිහාස කතාව ගැන අවධානය යොමු කරමු.

මෙම චිත්‍රපටියෙන් කිසිදු ආකාරයෙන් භාවිත ඉතිහාසය විකෘති කිරීමක් සිදුවී නැහැ කියලයි මුලින්ම කියන්න අවශ්‍ය. එමෙන්ම පණ්ඩුකාභය කුමරුගේ පියා දීඝ ගාමිණී කුමරු නොවන බව අධ්‍යක්ෂක විසින් පවතා තිබෙනවා. එමෙන්ම සාමාන්‍යයෙන් පිළිගනු ලබන දීඝ ගාමිණී කුමරුගේ චරිතය රූප රාමු කිහිපයක‍ට පමණක් සීමා කරමින් චිත්‍රරාජ චරිතය ඉස්මතු කරවීමට අධ්‍යක්ෂවරයා උත්සාහ ගෙන තිබෙනවා. චිත්‍රරාජ, විජය රජු විසින් උදුරාගත්, තම ගෝත්‍රයේ ප්‍රෞඩත්වය උපක්‍රමශීලීව නැවත ගොඩනගාගනිමින් රටේ හිමිකාරයන් වෙත රටේ බලය හිමිකරගැනිමට දිවිපරදුවට තබා ගනු ලබන උත්සාහය ඉස්මතු කර පෙන්වීමට ගනු ලබන උත්සාහය මැනවින් මෙහි නිරූපණය වී තිබෙනවා. චිත්‍රපටියේ සැඟවුනු අර්ථයට අනුව චිත්‍රරාජ චරිතය යනු උන්මාද චිත්‍රගේ ආරක්ෂාවට පිහිටුවන්නා නොව, ගෝත්‍රික ඔටුන්න හිමි කුමාර චරිතයකි. ඒ විදිහට මෙහෙම නිගමනයකට එන්න පුළුවන්. චිත්‍රරාජ තමන්ගේ ගෝත්‍රයේ නිවහල්භාවය වෙනුවෙන් වංග රටින් පැමිණි සිංහ වාංශිකයන්ගේ වහළෙකු වශයෙන් සේවය‍ට ගොස් දේශපාලනික උපක්‍රමයක් යොදවයි. යක්ෂ ග්‍රෝත්‍රික ලෙයින් බලවත් රාජ වංශයක් ඇරඹීමට තවත් රාජ වංශික කුමාරිකාවක් වන උන්මාද චිත්‍රාවගෙන් දරුවකු උපද්දවයි. ඔහුට දේශීය යුධ දැනුම ලබාදී ඔහු ලවා පිටදේශක්කාර ඔහුගේම මාමාවරුන් නූතන සිංහල  රාජවංශය ලක්දිව පිහිටවනු ලබවයි. මෙය අපේ ඉතිහාසය පිළිබඳ දැවැන්ත අභිරහසක් හෙළි දරව් කරනු ඇත. පණ්ඩුකාභය Half Blood Prince කෙනෙකු විය නොහැකිද? දැන්, ඔහුගෙන් නූතන සිංහල පරපුර පැවතගෙන ඒ යැයි නිගමනය කළ හැක්කේ නොවේද? හෙළ පරපුරක් වූ යක්ෂයින්ගේ උපායශීලී බව, තාක්ෂණික ඥානය, රාජ්‍යෝපායන් මිශ්‍ර වූ ඉන්දු ආර්ය මිශ්‍ර වූ බලවත් ජාතියක ආරම්භය මෙය යැයි සැලකිය හැකිද? ඒ බලවත් ජාතියේ බලය මෑත කාලීනව හීන වූයේද යන ආකාරයේ උභතෝකෝටික ප්‍රශ්ණ මාලාවක් සාමාන්‍ය අයෙකුගේ සිතේ ඇතිවීම සාධාරණයි නොවේද?

එය එසේ තිබෙද්දී පුරාවිද්‍යාත්මක සාධක ඔස්සේ යමින්, අනුරාධපුරය නමැති ‍ලෝක පූජිත ගණයේ රාජ්‍යය ගොඩනංවනු ලැබුයේ පණ්ඩුකාභය රජු නොවේ යන්නටද විවිධ මත පළවෙමින් ඇත. කෙසේ වෙතත්, සිංහල නම් දුර්ලභ ජාතියේ මූලය සොයාගැනීමේ අර්බුධය මුලින්ම ඉපදුනේ කිකිළිද බිත්‍තරේද කියන ගැටළුවටත් වඩා අපහසු කරුණක් වී ඇත. කවුරුන්හෝ මේ ජාතියේ තොරතුරු යටගියාවේ සඟවා ඇත. එය හොඳට හෝ නරකකට විය හැකියි. සමාවෙන්න, භාෂා භාවිතයේදී වෙච්ච අත් වැරැද්දට නොදැනීම ලියැවෙන භාෂාවෙන් ලියැවිලා අන්තිම ටික. ඔන්න ඕකයි කතාව.

කොහොමහරි අබා දෙවැනි කොටසක් අනිවාර්යයෙන්ම එනවා වගේ හිතෙනවා. ඒ දෙවැනි කොටසේ රංගන ශිල්පීන්ගේ දක්සතා ටිකක් වැඩි වෙලා තියෙන්න ඕනේ. ඒ ‍වගේම අති නවීන තාක්ෂණයෙන් නිර්මාණය කරන ලද යුධමය ජවනිකා අඩංගු වේ යැයි බලාපොරොත්තු වෙනවා.

ඒ කිව්වේ අබා චිත්‍රපටිය ගැනනේ. අබා චිත්‍රපටිය ගැන එළකිරි වෙබ් අඩවියේ ෆෝරමයට ඇමුණුමක් එවා තිබුණා “අබා අප වනසන සොබා” කියන නමින්. ඒකට ප්‍රතිචාරයක් දක්වලා ම‍ගේ බ්ලොග් අඩවියේ ‍තියෙන්නේ වල් පල් කියලා අහගන්නත් වුනා නොවැ. ඉතින් හිතුවා බ්ලොග් අඩවියේ තත්ත්වය දියුණු කරගන්න මේ බ්ලොග් අඩවිය කියවන ඔබගෙන් අදහස් ලබාගන්න අවශ්‍යයි කියලා. මේ ‍බ්ලොග් අඩවිය ගැන ඔබේ අදහස් මෙම බ්ලොග් අඩවියේ “මත විමසුම” පිටුවේ සටහන් කරන්න පුළුවන්. ලිඛිත අදහස් තියෙනවා නම්, ඒවා මගේ ඊමේල් ලිපිනය වන supun[@]sudaraka[dot]com යන ලිපිනයට යොමු කරන්න.

දිවිය පහසු කරන සම්පත් බැංකුව හා දිවියට කෙළවන ශ්‍රී ලංකා ටෙලිකොම්

අපේ පවුලේ බැංකුව සම්පත් බැංකුව තමයි ඉතින්. ඒක ඉතින් මලින්ත හරහා වක්‍රව දැනගන්න ඇතිනේ… ;) ඉතින් මේ ළඟදී මරු වැඩක් වුනා. ටෙලිකොම් බිල ගෙවන්න දවසක් පරක්කු වුනා විතරයි මෙන්න බොලේ දුරකථන සම්බන්ධතාවය නවත්තලා. කනෙක්ෂන් දෙන්න සතිගණන් මාස ගණන් රැ‍ග් එක දෙන ශ්‍රී ලංකා ටෙලිකොම්, මෙන්න බිල ගෙවන්න දවසක් පරක්කු වෙච්ච ගමන් සම්බන්ධතාවය අයින් කරලා. ඉතින් මොකද කරේ ගත්තා 0112303030 මේක තමයි සම්පත් බැංකුවේ ටෙලි බෑන්කින්ග් සේවා දුරකථන අංකය. නියම සේවාවක්. දුරකථ‍නයෙන් ගිණුම් ශේෂය බලාගන්න, ගිණුම් අතර මුදල් මාරුකරන්න. Mobile Cash වගේම ඉතාමත් කාර්යක්ෂම හා මිත්‍රශීලීව ගණුදෙනුකරුවන්ට සහායත් ලබාදෙනවා. මේ ‍සේවාවේ තවත් අංශයක් තියෙනවා අපේ බැංකු ගිණුමින් එක් එක් සේවාවන් සඳහා (උදාහරණයක් වශයෙන් කිව්වොත් SLT) ගෙවීම් කරන්නත් පුළුවන්. ඉතින් සම්පත් ටෙලි බෑන්කින්ග් සේවාවට සම්බන්ධ වෙලා පහසුවෙන් ගෙවීම කරා. ඔන්න හිටියා දවසක් දෙකක්, සෙනසුරාදා ඉරිදත් ගතවුනා. තාම ‍ටෙලිකොම් එක සම්බන්ධතාවය දීලා නෑ. ‍ඒ වගේම මම උන්ගේ (මුන්ට මෙහෙම කතා කරලත් මදි) පාරිභෝගික සහය අංකේ 0112555555 අංකේට කතා කරන්න හැදුවාම කියනවා “ඔබේ දුරකථනයෙන් ඇමතුම් ලබා ගැනීම තාවකාලිකව අත්හිටුවා ඇත. විස්තර සඳහා කරුණාකර අංක 1242 අමතන්න කියලා” ඉතින් පාරිභෝගික සහය අමතන්නත් මුන්ට ගෙවලා ඉන්න ඕනේද? මගේ CDMA ෆෝන් එකේ නම් නොමිලේම පුළුවන් කම තිබ්බා. ඉතින් මොනවා කරන්නද? ඉතින් ඊට පස්සේ 1242 අංකේට ගත්තා. මෙන්න ආයෙමත් අර කුණුහරුපේ වාදනය‍ වෙනවා. ඉතින් මොකද කරේ… මගේ ජංගම දුරකථනේ ගත්තා. ඒක මොබිටෙල් නිසා ඒකේ Any8 අංක වලට 0112555555 අංකේ දාගත්තා. ඊට පස්සේ ජංගම දුරකථනෙන් පාරිභෝගික සහායට කතා කරා. පුදුමේ කියන්නේ වැඩි වෙලා යන්න කලින් ඉස්සුවා (සාමාන්‍යයෙන් ටෙලිකොම් දුරකථනෙකින් ගත්තොත් නම් අංකේ ඩයල් කරලා සහයට කෙනෙක් සෙට් වෙනකම් නාලා, කාලා, බීලා, අළුත් ඇඳුමකුත් ඇඳගෙන ආපහු දුරක‍ථනේ ළඟට එන්න වෙලාව තියෙනවා. ඒත් තව වෙලාවකුත් ඉතිරිවෙනවා) ඉතින් ඔන්න කතා කරා කියමුකෝ. ඊට පස්සේ කිව්වා මෙහෙම ටෙලි බෑන්කින්ග් වලින් ගෙව්වා. ඒත් තාම සම්බන්ධතාවය දීලා නැ කියලා. ඉතින් එහෙන් කියපි, තාම නම් අප්ඩේට් වෙලා නෑ. කොහොමද ගෙව්වේ අරකයි මේකයි කියලා ඊට පස්‍සේ එයා කිව්වා අපි මේක චෙක් කරලා ආපහු කරන්නම් කියලා මගේ අංකෙත් ඉල්ලගත්තා. අපරා‍දේ කියන්න බෑ ටෙලිකොම් එකේ බලු බල්ලෙක්වත් කතා කරේ නෑ. ඊටපස්සේ මම හිතුවා සම්පත් බැංකුවේ වරදක් ඇති ඒකයි. කියලා. සම්පත් බැංකුව නම් හැමදාම වේගවත් (මම කතා කරපු හැම දවසකම වගේ ඉක්මනින් ප්‍රතිචාර දක්වලා තියෙනවා) එතනට මම කිව්වා මෙහෙමයි. මම ගෙව්වා, තාම අප්ඩේට් වෙලා නෑ. එහෙන් කිව්වා සම්පත් බැංකුවෙන් අහන්න කියලා. ඊට පස්සේ මගෙන් දුරකථන අංකේ ඉල්ලගෙන කිව්වා. අපි තව ටිකකින් මේක පරික්ෂා කරලා කතා කරන්නම් කියලා. ඔන්න ඉතින් ඊට පස්සේ විනාඩි 15ක්වත් ගියේ නෑ. ‍සම්පත් බැංකුවෙන් කතා කරා. ඊට පස්සේ මගෙන් ටෙලිකොම් ගිණුම් අංකෙයි, බිල්පතේ ඉන්වොයිසි අංකෙයි අහලා ඉල්ලගත්තා. ඊට පස්සේ ආපහු විනාඩි 5කින් විතර කතා කරාම කිව්වා. මේක‍ ගෙවපු දවසට පස්සේ දවසෙම ටෙලිකොම් එකට ඊ-මේල් කරලා තියෙන්නේ කියලා. ඒ කියන්නේ වැරැද්ද තියෙන්නේ ටෙලිකොම් එකේ තමයි. ඉතින් ආපහු ගත්තා 0112555555ට ඊට පස්සේ එතනට කිව්වා බැංකුවේ වැරැද්දක් නෑ. මම දිනෙයි වෙලාවයි දෙකම කියලා කිව්වා ඒ වෙලාවට සම්පත් බැංකුවෙන් ටෙලිකොම් එකට මේල් කරලා කියලා. ඉතින් මෙන්න තව අංකයක් දීපි. ඔන්න ඉතින් ඒකටත් කතා කරා. ඒකට කතා කරාම තමයි එතනින් කිව්වේ ආ හරි මෙහාට එදාම ඇවිල්ලා කියලා. දැන් මේක අප්ඩේට් කරන්නම් කියලා. ඇයි හත්තිලව්වේ අපි කතාකරනකම්ම ඉන්න ඕනෑද බිල අප්ඩේට් කරන්න? මුන් හදන්නේ අපේ සල්ලි හොරාට ගහගන්නද කියලා කියන්නත් බෑ. අඩුගානේ මුලින් 0112555555ට කතා කරපු වෙලාවේ එතනින්වත් කිව්වානම් හරිනේ මේ අංකෙට කතා කරන්නයි කියලා. එතකොට රස්තියාදුවක් නෑනේ.

බලාගෙන ගියාම වැරැද්ද වෙන කාගේවත් නෙවෙයි අපේම තමයි. ටෙලිකොම් වගේ සේවා සපයන්ගෙන් සේවාව ලබාගන්න එකයි තියෙන ලොකුම වැරැද්ද. හැබැයි දැන් අර T.V එක වහලා දාන්න කිව්වා වගේ මේකටත් කෙනෙක්ට කියන්න පුළුවන් ඇයි ‍යකෝ ටෙලිකොම් වලින් සේවාව ගන්නේ වෙන එකක් ගනින් කියලා. ඒකත් ඇත්ත තමයි. ඒත් ඉතින් අඩුවටයි, මාස ගාණක් වෙහෙසවෙලා හරි පහසුවෙන් ඇරගන්න පුළුවන් ADSL සේවාවක් ලංකාවේ දෙන්නේ ටෙලිකොම් විතරයිනේ (ඒක හරියට ඒකාධිකාරියක් ව‍ගේ නේද?). තවත් එකක්. එතකොට කෙනෙක් අහන්න පුළුවන් දුරකථන සම්බන්ධතාවය අයින් කරලානම් තමුන්නාන්සේ කොහොමද බ්ලොග් එකේ ලියන්නේ කියලා. වැඩේ කියන්නේ මගේ දුරකථනයේ නවත්තලා තියෙන්නේ ඇමතුම් ගන්න එක විතරයි. මම හිතන්නේ ටෙලිකොම් එකට ම‍ගේ ADSL සම්බන්ධතාවය අයින් කරන්න අමතක වෙලා :D මේ ටෙලිකොම් එකේ හැමෝටම තියෙනවා ලොකු අමතක වීමේ රෝගයක්. එක වෙලාවට ‍ඒකෙන් පාරිභෝගිකයන්ට වාසියි. තව වෙලාවක පාරිභෝගිකයන්ට අවාසියි.

දැන් රටේ එළකිරි බොන්න පුරුදුකරගෙන යනවානේ. පාරිභෝගියන්ට කෙසේවෙතත් මුලින්ම ටෙලිකොම් එකට එළකිරි පොවලා ඉන්න ඕනේ. එතකොට මතක ශක්තිය වැඩිවෙනවා කියනවානේ. ඒ වගේම “අපි වවමු රට නගමු” ප්‍රතිපත්තිය යටතේ ලංකාවේ ගොටුකොල වවලා ඒ ඔක්කොම මුලි‍න්ම ටෙලිකොම් එකට කවලා තමයි ලංකාව දියුණු කරන්න පටන්ගන්න ඕනේ. මොකද අනාගතේ ලංකාවේ දියුණුවට තොරතුරු තාක්ෂණය බලපාන නිසා. ඉතින් ලංකාවේ තොරතුරු තාක්ෂණ ඒකාධිකාරිය තියෙන්නේ ටෙලිකොම් එක‍ටනේ. මේකට ඉක්මනට ක්‍රියාමාර්ග නොගත්තොත් ටෙලිකොම් නිසා අපේ දිවියට කෙළවෙන එක කෙසේවෙතත්, ලංකාවේ තොරතුරු තාක්ෂණයටත් කෙළවෙන දවස වැඩි ඈතක නොවේ!…

යාවත්කාලීන කිරීම - අපරාදේ කියන්න බෑ අර අප්ඩේට් කරනවා කිව්වාට පස්සේ මේ සටහන ලියන අතරතුරේ සම්බන්ධතාවය ලබාදීලා :D :D

11.11.11 හා ර‍ටේ දියුණුවට හිට්ලර් ව‍ගේ කෙනෙක් අවශ්‍යද?

දැන් බලයි මේ මොකක්ද කියන්නේ කියලා. හරිනම් 08.08.08ට පස්සේ එන්න ඕනේ 09.09.09 වගේ එකක් නේ. මේ එහෙම දෙයක් නෙවෙයි. මේක වෙනම දෙයක්. අපේ ඉද්දා ඉන්නේ මාත් එක්ක දැන් එකොළහේ පන්තියේ නේ. ඒ ව‍ගේම සිංහලෙන් බ්ලොග් ලියපු බුධාජීවත් ඉන්නේ එකොළහේ පන්තියේනේ. කොහොම කොහොමහරි අපේ ඉද්දා මගේ ඔළුවට වදින අළුත් සටහනක් දාලා තිබ්බා. ඒක තමයි…

ලංකාවට හිට්ලර් වගේ කෙනෙක්?

මම මේ පහතින් ලියලා තියෙන සටහන ඇත්ත‍ටම ඒ සටහනට ලියපු comment එකක්. ඉතින් මගේ ඒ comment එක දිග වැඩි නිසා මගේ බ්ලොග් එකේ දානවා. මම හිතන්නේ ඉද්දා තරහවෙන එකක් නැතිව ඇති. ඉතින් මගේ comment එක එයාගේ බ්ලොග් එකෙනුත් කියවන්න පුළුවන්. මම මෙතැන ඒ comment එක දැම්මේ ඒක ටිකක් දිග වැඩි නිසා. කියවන්න එපා වෙයි කියලා හිතලා වෙන වෙලාවක නිවාඩු පාඩුවේ මගේ බ්ලොග් එක පැත්තේ ආපු කෙනෙකුට කියවලා යන්න පුළුවන් වෙන්නයි. ඉතින් මගේ පහත සටහන කියවන්න කලින්, ඉද්දාගේ සටහන මුලින් කියවලා ඉන්න.

———————————————————

ඉද්දා‍ගේ කතාවටයි, බුධාජීව‍ගේ කතාවටයි දෙකටම තමයි මේ ප්‍රතිචාරය සුදාරකගෙන්.

රටක් දියුණුවෙන්න නම් අනිවාර්යයෙන්ම ඒ රටේ පාලනය බලසම්පන්න වෙන්න ඕනේ. ඒකාධිපති පාලකයෙක් හිටියත් වැඩක් නැහැ අර ඉද්දා කියනවා වගේ බුද්ධියක් නැති එකෙක් හිටියොත්. ඒකාධිපති වුනත්, පාර්ලිමේන්තු කණ්ඩායමක් වුනත්, බුද්ධියක් නැතිවුනොත් වැඩක් නෑ. ලංකාවේ ඒකාධිපති පාලකයන් සිටියා කියන කතාව නාමිකයි. ලංකාවේ අනුරාධපුර, පොළොන්නරුව කාල වලදී තමයි අපි ඔය කියන ‍ඒ කාලේට සාපේක්ෂව ලංකාවට දියුණූවක් ලැබී තිබුණේ. නමුත්, ඒ කාල වලදී ඒකාධිපති පාලනයක් තිබුනේ නැහැ. ඔවුන් තමන්ගේ රට පාලනය කරදී ඔවුන්ටත් අමාත්‍ය මණ්ඩලයක් සිටියා. ඒ වගේම ර‍ටේ ආගමික නායකයින්ගෙන් අනුශාසකත්වය අනිවාර්යයෙන්ම එම පාලකයින්ට ලැබුනා වගේම ඒ පාලකයින් කිසිම විරුද්ධත්වයකින් තොරව ඒ උපදෙස් අනුශාසනා ලබා ගත්තා. ඒත් කාලීනව රාජධානි විතැන් වුනා. එසේ රාජධානි විතැන් වීමත් සමඟම ඒ හා සමකාලීනව ලෝකයේ විශාල දේශපාලනික හා ආර්ථික වශයෙන් විශාල වෙනස්වීම් රැසක් සිදුවුනා. ඒත් එක්කම ලංකාවට මුස්ලිම් වරුන්, පෘතුගීසීන්, ලන්දේසීන් හා අවසාන වශයෙන් ඉංග්‍රීසින් ලංකාවට ආක්‍රමණ හා සංක්‍රමණ ක්‍රම වලින් ඇතුල් වුනා. අර මුලින් කී සමකාලීන දේශපාලනික හා ආර්ථික වශයෙන් සිදුවුනු වෙනස්කම් වල‍ට සමගාමීව රට තුල වෙනස්කම් සිදුකරගැනීමට අර රාජධානී වල පාලකයන්ට අවශ්‍යවුනේ නෑ. ඔවුන්ට අවශ්‍ය වුනේ රට තුල තමන්ගේ බලය රැක ගැනීමට. අන්න ඒ විදියට අර යුරෝපා ප්‍රදේශ බලවත් වෙද්දී එයට මුහුණදීමට වටපිටාවක් ලංකාව තුල තිබුනේ නැහැ. ලංකාවේ ඒ කාලය වෙන කොට තිබ්බේ බල අරගලයක් පමණයි. ඒ බල අරගලය නිසා ඒ ඒ කොට්ඨාස වලට තමන්ගේ බලය, ගොඩ වැඩි කරගැනීමට අවශ්‍ය වූ නිසා ඒ හා සමකාලීනව බලවතුන්ගෙන් ආධාර ඉල්ලුවා. මේ වෙනකොට ඉන්දියාවත් බිඳ වැටී තිබුනේ. ඔවුනුත් මුස්ලිම් වරුන්ගේ ආගමනය හමුවේ කොටස් වශයෙන් කැඩී බිඳී වෙන් වී ගියා. මෙන්න මේ අකාරයෙන් ලංකා‍වේ කොටසක් පෘතුගීන්ගෙන් ආධාර ඉල්ලන අතරේ අනෙක් කොටස මුස්ලිම් වරුන්ගෙන් ආධාර ඉල්ලුවා. පෘතුගීසීන් දැනගෙන හිටියා ලංකාව කියන්නේ ආසියා මහද්වීපයේ ආර්ථික මර්මස්ථානයක්. ඉන්දියාවේ නැගෙනහිර හා බටහිර මුහුදු වෙරළ පාලනයට, කුරුඳු ලබාගැනීමට නිධානයක් මෙන්න මේ කරුණ සිතේ තමා ගමින්. ලංකාව‍ට ‍උදව් කරන මුවාවෙන් පෘතුගීසින් ලංකාව‍ට ඇතුලත් වුනා. ඒ පෘතුගිසින්ගේ වෙඩි පහරකින්ම (සමහරුන් කියනවා අත් වැරැද්දක් කියා) ඔවුන්ට ලංකාවට ආරාධනා කරන ලද පුද්ගලයාද මිය ගියා.ඔන්න ඔය ආකාරයට ලංකාව තුල විශාල දේශපාලනික් බෙදීම් ඇතිවුනා. ඉඟුරු දී මිරිස් ගන්නත් ලංකාවේ දේශපාලනික උරුමක්කාරයින් පියවර ගත්තා. ඒ අතරේ මධ්‍ය ලංකාවේ පාලනය නායක්කාර් වංශිකයන්ට නතුවුනා. මේ අවස්ථාව ප්‍රයෝජනයට ගමින් ලංකාවේ ස්වදේශිකයන්ට උදව් කරන මුවාවෙන් ලංකාව සම්පූර්ණයෙන්ම ඔවුන්ගේ අණසකට යටත් කරගත්තා.

මම මේ කතාව කිව්වේ ඔබේ මාතෘකාවට ලංකාවේ දේශපාලනය ‍ගොඩ නැගිලා තියෙන ආකාරය පහදා දීලා ඒ තුලින් ලංකාවට ඒකාධිපති පාලනයක් අවශ්‍යද? නැතිනම් ඒ කෙසේද? අවශ්‍යනම් ඒ කෙසේද? කියා මතයක් ගොඩ නගන්නටයි.

ලංකා‍වේ පාලනයක් හිමිකරගත් ඉංග්‍රීසින් ඔවුන්ගේ පාලන ක්‍රමය, එනම් පාර්ලිමේන්තු ක්‍රමය අප රටට හඳුන්‍වා ‍දුන්නත්, එය මා මුලින් කී අනුරාධපුර‍, පොළොන්නරු පාලන ක්‍රමයට‍ බොහෝ සමානාත්මයක් දක්වනවා. ඒ අනුව ඔවුන් අපට හඳුන්වාදුන්නේ අළුත් දෙයක් නෙවෙයි. ඒත් අවුරුදු 60ක් ගිහිල්ලත් තාම අපිට බැරිවුනා ඒක ලංකාවට අවශ්‍ය විධියකට හදාගන්න. ලංකාව කියන්නේ ඉන්දියාව වගේ ලොකු රටක් නෙවෙයි. ඒක නිසා ලංකාව පළාත් වශයෙන් බෙදලා පාලනය කරන එකේ කිසිම අවශ්‍යතාවක් නෑ කියලයි මම නම් හිතන්නේ. මේ පුංචි ලංකාව තමයි මම හිතන විදිහට ලෝකේ ‍බෙදීම් වැඩිම රට. රටක‍් වර්තමාන තත්ත්වයක් එක්ක දියුණු කරන්න නම්, ඒකාධිපති පාලනයක් ව‍ගේම ඔහුට උපදෙස් ලබාදීමට හා ඔහුගේ උදව්වට බුද්ධිමත් කණ්ඩායමක් සිටින්න අවශ්‍යයි. ඒ ක්‍රමය ලංකාවේ තියෙනවා වගේ. ඒත් ඔය පාර්ලිමේන්තුවේ ඉන්න එවුන් සෙට් එකට වඩා හොඳට පාලනය කරන්න පුළුවන් ස්වර්ණවාහිනියේ විකාශය වන ඇන්ඩ් කොම්පැණි නාට්‍යයේ ඉන්න නළුවන්ට පුළුවන් ඒ ‍මොකද ඒ නළුවෝ දන්නවා පාලකයන්ටත් වඩා (පාල‍කයෝ නොදන්නා තරම්. දන්නවානම් ඉතින් හදාගන්න බැරියැ) පාලකයන්ගේ තියෙන වැරදි. ඉතින් ඒ වැරදි හදාගෙන ගොඩ යන්න පුළුවන්. ලංකාව හැම වෙලාවේම තියෙන්නේ දියුණු කරන්න පුළුවන් වටපිටාවක තවම. දියුණු වෙන්න තරම් අවශ්‍ය ස්වාභාවික සම්පත්. යහපත් පාරිසරික සාධක මේ හැම එකක්ම. ස්වභාවධර්මය ලංකාවට ආශිර්වාදයක්. රටක් පාලනය කරද්දී ඒ රට තුල එකිනෙකට විරුද්ධ මත ගොඩනැගෙන්න ඕන. වෙන්න ඕනේ ඒ මත වලින් නිවැරදි මතය තේරුම් ගෙන ක්‍රියාත්මක කිරීමයි. ඒක ඔය ඒකාධිපති ක්‍රමයකින් කරන්න බැහැ. ඒක නිසා තමයි අන්තිමේදී හිට්ලර්ට සියදිවි නසාගන්නත් වුනේ. විරුද්ධ මත සලකා බලලා. රටේ දියුණුවට ක්‍රියාත්මක වුනානම් අද ලෝක බලවතුන්ගෙන් සුවිශේෂි ස්ථානයක් ජර්මනියට ලැබෙනන්න තිබුණා. අහලා තියෙනවානේ ගුරුන්ටත් අකුරු වරදී කියලා.

ඉතින් වෙන්න ඕනේ මේකයි. ඒකාධිපති පාලනයක් විතරක් තිබිලා රටක් ගොඩනගන්න බැහැ. ඒ රටට අවශ්‍ය කරන බුද්ධිමතුන් කොට්ඨාසයක්, රටට ආදරය කරන පිරිසක් පාර්ලිමේන්තුවට එකතු වෙන්න ඕනේ. දේශ හිතෛශීත්වය තිබිලා ‍වැඩක් නැහැ බුද්ධිය නැතිනම්. බුද්ධිය විතරක් තිබිලා වැඩක් නෑ දේශය ගැන කැක්කුමක් නැත්නම්. රටක දේශපාලනයේදී මේ දෙක එකට ගැට ගැහිලායි තියෙන්න ඕනේ. ඒත් ලංකාවේ? තමන්ගේ මතය වැරදියි කියලා අනිත් අය කිව්වොත් හැපි හැපී අඬනවා. අනිත් අයගේ මතයට ගරහනවා. ඒක නෙවෙයි වෙන්න ඕනේ. ඒ වගේම රටක දියුණුව බලාපොරොත්තු වෙනවා නම්, අනිත් අයගේ මතයක් එක්ක ගැටෙන්න ඕනේ. ඒ තුවක්කු පිස්තෝල ඇරගෙන නෙවෙයි බුද්ධියෙන්. අනිත් අයගේ මතයට ගරහන්න යන්නේ නැතිව තමන්ගේ මතය හා අනිත් අයගේ මතයේ තියෙන වැරදි හඳුනාගනිමින්. රටක් තුළ දේශපාලනය ගෙනියනවා නම් කිසිම වැරද්දක් නැහැ. ඒත් ලංකාවේ වෙන්නේ මේක නෙවෙයි. තමන්ගේ මතය පරාද වුනො