Categories
විචිත්‍ර විවිධ

අලුත් ඇඳුමක්!

හැමදාම හඩ්ඩා වගේ පරණ එකම ඇඳගෙන ඉන්න බෑනේ. පරණ ඇඳුමට යන්න කිව්වා.  ඒකට යන්න කියලා… ඔන්න ම‍ගේ බ්ලොග් එකට අලුත් ඇඳුමක් ඇන්දුවා. තාම අංග සම්පූර්ණ කරේ නැහැ. පොඩි පොඩි වෙනස්කම් වගයක් කරන්න තියෙනවා. ඔයාලටත් වර්ඩ්ප්‍රෙස් බ්ලොග් එකක් තියෙනවානම්, ඒකට අළුත් පෙනුමක් ඕනෑනම්, කරන්න තියෙන්නේ අලුත් ඇඳුමක් අන්දන එක. අළුත් වුනාට මදි. හොඳ පෙනුමක් තියෙන්නත් එපැයි නේද? එහෙනම් මෙන්න හොඳ හොඳ තීම් ඩවුන්ලෝඩ් කරගන්න‍ වෙබ් අඩවි කීපයක්. මේවා සියල්ලම නොමිලේ. ඒ වගේම හොරකම් කරපු ඒවාත් නෙමෙයි. නොමිලේ භාවිතා කරන්න කිසිම ප්‍රශ්නයක් නැහැ.

http://www.wpthemespress.com

http://www.freewpthemes.net

http://www.skinpress.com/category/wordpress/

මේ වගේ තවත් වෙබ් අඩවි හුඟක් තියෙනවා. ඒවා පස්සේ වෙලාව ලැබුනාම කියන්නම්. හුටා! වෙලාව කිව්වාමයි මතක් වුනේ! මට දැන් පාඩම් කරන්න වෙලාව හරි. ගිහිල්ලා එන්නම්! ජයවේවා!