මේක මේ මම ලියපු එකක් නොවෙයි. මටම කියල දෙයක් ලියාගන්න බැරි නිසා උපුටා ගත්තා පද පේළියක්. පොත බත්තලංගුණ්ඩුව. පොත ලියන්නේ මංජුල වෙඩිවර්ධන.
පොතේ කතාවේ හැටියට ලියන්නා මේ පද පේළි උපුටාගන්නේ බයිබලයෙන්. බයිබලය කියවලා නැති නිසා සහ කතාවට අකුරු පැටලිලා තියෙන එළිසමයෙන් පද එළියට ගලවාගන්න බැරි නිසා මට හිතාගන්න බැරි මේ පද පේළි ඇත්තටම බයිබලයේ තියෙන ඒවාද නැතිනම් මංජුල වෙඩිවර්ධනගේ හිතෙන් ලියවුනාද කියලයි.
උපුටාගැනීම ඇරඹේ…
“ප්‍රේම පාරමිතාව”
මා මිනිසුන්ගෙන් ද, දේව දූතයන්ගේද,
භාෂා වලින් කතා කරතත්
ප්‍රේමය මට නැත්නම්
මම ගෝෂා කරන ඝණ්ඨාරයකට හෝ,
කටුක රාවය දෙන
කයිතාලමකට හෝ සමාන වෙමි.
දිවැසි වැකි දෙසීම වරම මට තිබුණත්
සියලු අභිරහස් ගැන අවබෝධයක් ද
සකල ඥානයද මට ඇතත්
කඳු සෙලවීමට තරම් බලවත් විශ්වාසයක් මට තිබුණත්
ප්‍රේමය මට නැත්නම්
මම හිස් තැනැත්තෙක්මි.
දන් දීම සඳහා මා සතු සියල්ල වෙන් කළත්,
මගේ සිරුර ගිනි පූජාවක් සඳහා බිලි දුන්නත්
ප්‍රේමය මට නැත්නම්
මට කිසි පලක් නැත.
ප්‍රේමය, ඉවසිලිවන්තය; කරුණාවන්තය;
ප්‍රේමය ඊර්ෂ්‍යාව වන්නේ නැත.
පාරට්ටු කරගන්නේ නැත.
උඩඟුවන්නේ නැත.
ප්‍රේමය, අවිනීත නොවේ.
ආත්මාර්තකාමී නොවේ.
හනික නොකිපේ.
නපුර සිතේ ධාරණය කර නොගයි.
ප්‍රේමය, අනුන්ගේ වරද ගැන ප්‍රීති නොවේ.
හරි දේ ගැන ප්‍රීති වේ.
ප්‍රේමය, සියල්ල උසුලයි.
ප්‍රේමයෙහි, විශ්වාසයට ඉමක් නැත.
බලාපොරොත්තුවට නිමක් නැත.
ඉවසීමට අගක් නැත.
ප්‍රේමය සදාතනියකය.
දිවැසි වැකි වුවද පහව යන්නේ ය.
විවිධ ශබ්ද දෙසුම් වුවද නිම වන්නේ ය.
ඥානයද නැතිවන්නේ ය.
මන්ද අපේ ඥානය අසම්පූර්ණය.
දිවැසි වැකි දෙසීම ද අසම්පූර්ණවය.
සම්පූර්ණ දේ පැමිණි විට
අසම්පූර්ණ දේ පහව යන්නේ ය.
…
ඇදහිල්ල, බලාපොරොත්තුව හා ප්‍රේමය සදහටම පවතින ධර්මතා තුනකි. මෙයින් ශ්‍රේෂ්ඨතම වන්නේ ප්‍රේමයයි.
උපුටාගැනීම අවසන් වේ.
සෑහෙන දවසකට කලින් කියවීම පටන්ගත්ත බත්තලංගුණ්ඩුව ඉවරවුනේ අද උදේ. ලැබ් රිපෝර්ට්, ව්‍යාපෘති මැද ගෙවෙන ජීවිතේ ඒකාකාරී නෑ. ඒත් මොකක්ද ඩිප්‍රෙස් ගතියක් තියෙනවා.
ඇයි දන්නෑ. වෙලාකට මැරෙන්න හිතෙනවා. 😛