Categories
විවිධ හින්දි චිත්‍රපටි

ගජිනි | Ghajini

Ghajini Hindi Movie Poster

ඔන්න ආමීර් ඛාන් ගේ අළුත් චිත්‍රපටියක් ප්‍රදර්ශනය ආරම්භ කරලා. ඒ ගජිනි.

තාරේ සමීන් පර් චිත්‍රපටියේ අති සාර්ථකත්වයෙන් පසුව නැවතත් බොලිවුඩ් පුරයට ඇතුලත් වන ආමීර් ඛාන් නම් විශ්වාස කරන්නේ මේ චිත්‍රපටියත් තමන්නේ අනිත් චිත්‍රපටි වගේම සාර්ථක වෙයි කියලයි. ඒ වුනත්, මේ චිත්‍රපටිය අළුත්ම එකක් කියලා කියන්න බෑ. අළුත් චිත්‍රපටියක් වුනාට කතාව නම් පරණයි.

මේ දමිළ Ghajini චිත්‍රපටියේම හින්දි නිෂ්පාදනයයි. මේ චිත්‍රපටියේ තියෙන්නේ එකම වෙනසයි. ඒ ප්‍රධාන නළුවාගේ වෙනස පමණයි. දමිළ චිත්‍රපටියේ ප්‍රධාන චරිතය නිරූපනය කරේ සූර්යා සිවකුමාරන් විසිනුයි. හින්දි චිත්‍රපටියේ ප්‍රධාන චරිතය නිරූපනය කරන්නේ වෙන කවුරුවත් නෙවෙයි ආමීර් ඛාන් විසිනුයි. ප්‍රධාන චරිතය නිරූපනය කරන්නේ දමිළ චිත්‍රපටියෙත් රඟපාපු ආසින් විසින්මයි.

අධ්‍යක්ෂණය ඒ. ආර් මුරුග‍දෝස් විසින් වන අතර සංගීත අධ්‍යක්ෂණය මගේ ප්‍රියතම සංගීත අධ්‍යක්ෂකවරයෙකු ‍වන ඒ. ආර් රහමානුයි. ආරන්චි විදිහට මේ ඉංග්‍රීසි චිත්‍රපටියක් වෙන Memento චිත්‍රපටියේ කොපියක්. කොපියක් කියන එක හරි නෑනේ… අපි මෙහෙම කියමු. මේ Memento චිත්‍රපටියේ ප්‍රතිනිර්මාණයක්. කොහොමින් කොහොම වෙතත්, මම නම් මේ චිත්‍රපටි 3ම බලලා නෑ. හින්දි චිත්‍රපටිය බලන්නයි ඉන්නේ. (ඇයි ඉතින් මම බොලිවුඩ් පිස්සා නෙව).

මේ චිත්‍රපටිය දවස් දෙකකට කලින් ලොව පුරාම ප්‍රදර්ශනය ඇරඹීමත් විශේෂත්වයක්. දැන් බොලිවුඩ් චිත්‍රපටි හොලිවුඩ් ආක්‍රමණය කරන්න පටන් ඇරගෙන කිව්වොත් ඒ‍කේ ඇති වරදකුත් නෑ. මේ චිත්‍රපටිය ආරම්භ කරපු දවසේම විශාල ආදායමක් උපයන්නත් සමත් වෙලයි තියෙන්නේ. දැන් මේ චිත්‍රපටිය ප්‍රීමියර් කොන්කෝර්ඩ් සිනමා ශාලාවේ ප්‍රදර්ශනය කෙරෙනවා. (මාත් යන්න ඕනේ බලන්න) ගජිනි චිත්‍රපටියෙන් ආමිර් ඛාන්, ෂාරුක් ඛාන්ව පැරැද්දුවා කියලා තමයි බලපු අයනම් කියනවා ඇහෙන්නේ…

මම මේ චිත්‍රපටි‍‍යේ ආසම සින්දුවක් තමයි ‍මේ…


V HOST වෙතින් මිළදී ගන්නා ඕනෑම ඩොමේන් නාමයක් රු. 1200/=ක් පමණයි. ඔබ මිළඳී ගන්නා සෑම ‍ඩොමේන් නාමයක් සමඟින් මෙගා බයිට් 50ක (50MB) වෙබ් ඉඩක් නොමිලේ! මේ දීමනාව සීමිත කාලයකට පමණයි. වැඩි විස්තර සඳහා ලියන්න supun[at]sudaraka.com හෝ අමතන්න 0718064010

Categories
ජන මාධ්‍ය විචිත්‍ර විවිධ හින්දි චිත්‍රපටි

අඬ අඬ බැලීම සහ බල බල ඇඬීම.

Taare Zameen Par Movie Poster

ඕන් සිරසෙන් හොඳ වැඩක් කලා ඊයේ. ඊයේම මේ සටහන ලියන්න හිටියාට පාඩම් වැඩ වැඩි නිසා මේක ඊයේ ලියලා දාන්න බැරිවුනා. වැඩේ කියන්නේ මං දැන් ඒක දාන්න කලින්ම අපේ අසාමාන්‍ය මලී අක්කා මේක ගැන ලියලා. ඉතින් මේ පෝස්ට් එකෙන් එයාට අසාධාරණයක් වෙයිද දන්නෙත් නෑ. මලී අක්කේ, අසාධාරණයක් වුනානම් සොරි ඩොට් කොම් හොඳේ… 😀

සිරසෙන් හොඳ වැඩක් කිව්වාම දැන් මාව මරාගෙන කන්න වගේ නම් බලන්න එපා 😀 . ලෝක ළමා දිනය වෙනුවෙන් වෙන එකම නාලිකාවක්වත් කරපු නැති ‍විදියේ වැඩක් තමයි මෙවර සිරස නාලිකාව කලේ. ‍අනිත් නාලිකා වලත් ළමා දිනයට චිත්‍රපටි පෙන්නනවා තමයි, ඒත් ඉතින් ‍ඒ ළමයින්ට බලන්න පුළුවන් ඒවා විතරයි නේ. මේ පාර සිරස නම් එහෙම නෙමෙයි; ගුරුවරුන්ටයි දෙමව්පියන්ටයි අසාමාන්‍ය ළමයින් ගැන අවධානය යොමු කරන්න ඕන හැටි කියා‍ දෙන චිත්‍රපටියක් වෙන, ප්‍රවීණ නළුවෙක් වගේම ආධුනික (ආධුනික කිව්වාට තමන්ගේ පළවෙනි අධ්‍යක්ෂණයෙන්ම මේ වගේ සුපිරි ගණයේ චිත්‍රපටියක් නිර්මාණය කරපු එක නම් නියමයි!) අධ්‍යක්ෂකවරයෙකු වෙන ආමීර් ඛාන්ගේ කුළුඳුල් අධ්‍යක්ෂණය වෙන, තාරේ සමීන් පර් (Tare Zameen Par) චිත්‍රපටිය ප්‍රදර්ශණය කරපු එක නම් ලොකු දෙයක්. මෙන්න බොලේ චිත්‍රපටිය බලන්න ඇරගෙන ටික වෙලාවක් යද්දී ඇහෙන් කඳුළු හෝ ගාලා කඩාගෙන හැලෙනවා. හැබැයි එදා සිරස තව වරදක් කරා 😀 චිත්‍රපටියේ උච්ජතම අවස්තා වලදී දැන්වීම් දාපු එක තමයි ඒක. චිත්‍රපටියටම උචිත සංගීතයෙන් හා ගීත වලින් මේ චිත්‍රපටියේ හැඟීම් උත්සන්න කරන්න ගත්ත උත්සාහය නම් උපරිමයි. ඒ උත්සාහයත් මට නම් පේන්නේ හොඳටම සාර්ථකයි කියලායි. මේ ගැන මම තව කියන්නේ නෑ. මටත් වඩා හොඳට අපේ බෝ අක්කා මේක ගැන ලියලා තිබුනා කියලා මතකයි…. ම්…. ආ…. මේ තියෙන්නේ!

මේකේ ළමා නළුවා ගැන නම් විශේ‍ෂයෙන් මතක් කරන්න ඕනේ. එහෙම නැත්තන් එයාට කරන ලොකු අපරාධයක්. නමින් දර්ශීල් සෆාරි වෙන මේ පොඩ්ඩා සිනමාවට නම් දැන් නම් පොඩ්ඩෙක් නෙවෙයි! 2008 ෆිල්ම් ෆෙයාර් සිනමා උළලේ තව පොඩ්‍ඩන් ෂාරුක් ඛාන්ගේ සම්මානෙටත් ගහලා යනවා මේ පොඩ්ඩා නිසා 😀 ඒ කියන්නේ ඒ තරම්ම මෙයා දක්ෂයි කියන එකයි! ඔන්න සුදාරකගෙන් සුභ පැතුම්! ආමීර් මාමාවත් මතක් කරා කියන්නකෝ එයා‍ගේ ඔස්කාර් සම්මාන බලාපොරොත්තුවත් ඒ වගේම ඉටුවෙන්න ඕනෑ! කලාපේ රටක් විදිහට ඉතින් කාටද ආ…ඩම්බර ආ… නැද්ද මං අහන්නේ? 😀

චිත්‍රපටිය බැලුවේ නැත්නම් දැන්ම හොයාගන්න! එහෙම නැත්තං ටොරන්ට් එකක් වත් හොයාගන්න. හැබැයි සිංහල උපසිරැසි එක්කම බැලුවා නම් තමයි වටින්නේ.

ඇනේ, ලියන්න නම් වැඩි වෙලාවක් නෑ. තාරේ සමීන් පර් ගැන වැඩිපුර දැනගන්න වෙබ් අඩවියට යන්න.
මෙන්න වෙබ් අඩවියේ ලිපිනය – http://www.taarezameenpar.com
විකීපීඩියා – http://en.wikipedia.org/wiki/Taare_Zameen_Par

ඇති යාන්තම්! සිරස හොඳ වැඩක් කරා! 😛 හැබැයි ඉතින් අඬවනවා කියලා ඔහොම අඬවන්නත් එපා! මං හිතන්නේ ගිය පාර ලියපු එකට හරියන්න සිරස මේ පාර චිත්‍රපටිය පෙන්නලා පළිය ගන්න ඇති 😀