
දැන් මම මේ සටහන ලියන්න පටන්ගන්නේ මං හිතන විදිහට හතර වෙනි හෝ පස් වෙනි වතාවට. හැම ඉරිදාම හවස හතේ ඉඳලා රෑ අට වෙනකං මේ දවස්වල ටීවියෙක දිහා කට ඇරගෙන බලාගෙන ඉන්නේ වෙන කවුරුත් දිහා නෙවෙයි. මාතෘකාවේ තියෙන විදිහටම රොබින් දිහා. රොබින් කියන්නේ මේ රොබින් හුඩ්. ඒ හැමදාම ඒක බලලා ඉවරවෙලා කොම්පියුටරේ ළඟට දුවගෙන එන්නේ “අලුත් වෙච්ච පරණ රොබින්” ගැන ලියන්න වුනාට විවිධ වූ හේතූන් මත ලියැවිල්ල නතර වීම ගැන මට ප්‍රශ්නයක් ඇතිවුනත් ඒ ප්‍රශ්නේ සතියේ ඊළඟ දින වලදී ඔළුට උඩට වැටෙන වැඩ රාජකාරී එක්ක අමතක වෙලා යන නිසා ආයෙත් “අලුත් වෙච්ච පරණ රොබින්” ගැන ලියන්න හිතෙන්නේ ඉරිදා රෑ අටට. රොබින් හුඩ් බලලා ඉවර වුනාම. ඉතින් කොහොමහරි මේක අදනං ලියලා ඉවරවෙනවාමයි කියලා හිතාගෙන පුටුව උඩ වාඩි වුනේ. ඉතින් හ’ර්න් දෙයියාගේ පිහිටෙන් ඇල්බියන් අසිපතේ ආනුභාවයෙන්වත් මේක ලියැවුනොත් තමයි හොඳ.
හරි. පළවෙනි ඡේදය ඉවරයි. ඊළඟට අමාරු හරිය.

මේ රොබින් හුඩ් ඒ රොබින් හුඩ් නෙවෙයි. ඒ රොබින් හුඩ් කිව්වේ මේ අපි අර පොඩි කාලේ බලපු රොබින් හුඩ්. ඒ රොබින් හුඩ්, මේ රොබින් හුඩ් නෙවෙයි. හරි ගුප්තයි. අනික මට මතක හැටියට එයා ඒකේ සුදු චරිතයක් විතරයි. ඒත් මේ අලුත් රොබින්. ඒ රොබින් වගේ නෙවෙයි. කළු-සුදු දෙකම පෙන්නන මරු රොබින් කෙනෙක්.
මං දන්නවා දැන් කට්ටියට මඤ්ඤං වෙලා කියලා. ඒ රොබින් – මේ රොබින් – රොබින් රොබින් රොබින්. හරි මට පේනවා නිකන් ඔළුව වටේ රොබින් කුරුල්ලෝ පියාඹනවා වගේ…
ආ හරි කමක් නෑ. මේ කියාගෙන ගියේ රොබින් කුරුල්ලෝ ගැන නෙවෙයි. ෂර්වුඩ් වනාන්තරේ රොබින් හුඩ් ගැන. හරි මං කියාගෙන ගියේ. ඒ රොබින් ගැනම වුනත් අලුත් රොබින් කෙනෙක් ගැන.
ඔන්න මොන මොන වැඩේ තිබුනත්. ඉරිදා රෑ හත වෙනකොට දහම් පාසල් වුනත් ඉවරවෙලා තියෙන නිසාත්. රෑ හත නිදහස්ව තියාගන්න අමතක කරන්න එපා. ජාතික රූපවාහිනිය මේ වෙනකොට කොච්චර පිරිහිලා තිබුනත්. මටම පුදුමයි මේක විකාශනය කරන්න පටන්ගත්තේ ඇයි කියලා.

මේක මම බලන්නේ, බලන්න කියන්නේ රස වින්දනය නිසාම විතරක් නෙවෙයි. බලන අයට අවබෝධ කරගන්න ලැබේවි මේ කතාවත් එක්ක තමන්ට සමාජ දේශපාලනික කාරනා ගොඩක් තේරුම්ගන්න ලැබේවි කියන එක. ඒක එදාට විතරක් නෙවෙයි. කතාව නිර්මාණය වෙලා තියෙන අද කාලයටත් හොඳින් ගැලපෙනවා කියන එකයි මගේ අදහස. ඉතින් දේශපාලනයේ තියෙන ආර්ට් එක තේරුම්ගන්න කැමතිනං පොඩ්ඩක් හොඳට විවෘත මනසකින් කතාව බලන්න අමතක කරන්න එපා. රොබින්හුඩ්ට ජනතාව අතරේ කැපී පෙනෙන්න තියෙන අවශ්‍යතාව. සේවය කිරීමෙන් ලැබෙන තෘප්තිය. දේශපාලනික සම්බන්ධතා හතුරා එක්ක නිර්මාණය කරගැනීම කියන දේවල් පොඩ්ඩක් මනස විවෘත කරලා බලන්න.

හැබැයි. ඔය කොයි මනස වුනත් වැහෙන වෙලාවක් එනවා. ඒ තමයි මැරියන් පේන්න ඉන්න වෙලාව 😀
නැද්ද මං අහන්නේ… මැරියන්ගේ ලස්සනට ඉන්න තැනත් අමතක වෙනවා 😀

අලුත් වෙච්ච පරණ රොබින් හුඩ්ට කැමතිනං (අකමැති වුනත් කමක් නෑ) මෙන්න මේවා බලන්නත් අමතක කරන්න එපා.
විකීපීඩියා ලිපිය
IMDB
රසිකයන්ගේ අඩවිය (Fan Site)
නිල වෙබ් අඩවිය
ලංකාවේ මේ වෙන කොට ටෙලිනාට්‍ය විශාල ප්‍රමාණයක් විකාශනය වෙලා තියෙනවා, විකාශනය වෙලා තියෙනවා වාගේම විකාශනය වෙන්නත් තියෙනවා. ඒ වගේ විකාශනය වෙන්න තියෙන ටෙලිනාට්‍යක් ගැන තමයි මේ කියන්නේ. මේක පරිවර්තන නාට්‍යයක්, ලන්ඩනය, 221/බී, ඩොක්ටර් කොනන් ඩොයිල් ගැන කියවෙනකොටම ඉතින් මතක් වෙන සුවිශේෂි චරිත දෙකක් සිටිනවා. ඉංග්‍රීසි සාහිත්‍යයේ මේ සුවිශේෂි චරිත 2 ගැන ඉතින් ආයේ මතක් කරලා දෙන්න නම් අවශ්‍ය නෑ. ඒ තමයි රහස් පරීක්ෂක ෂර්ලොක් හෝම්ස් (Sherlock Holmes) හා දොස්තර වොට්සන් (Doctor Watson) මෙම කතා මාලාව පාදක කොට ගනිමින් විවිධ භාෂාවලින්, ටෙලි නාට්‍ය, ගුවන් විදුලි නාට්‍ය හා චිත්‍රපටි පවා බිහිවෙලා තියෙනවා. ඒ විතරක් නොවෙයි! පරිගණක ක්‍රීඩා පවා බිහිවෙලා තියෙනවා. දැන් ඔබට මේ ෂර්ලොක් හෝම්ස් කතා සිංහල භාෂාවෙන් හා රූප මාධ්‍යයෙන්ම නැරඹීමට පුළුවන් (නමුත් මා හිතන්නේ නෑ කතා පොතේ තියෙන රසයම මේ නාට්‍ය තුලින් ලබා ගත හැකි වේ යැයි කියා) සෑම සෙනසුරාදාවකම රාත්‍රී 9.30ට ජාතික රූපවාහිනී නාලිකාව හරහා මේ නාට්‍ය රසවිඳීමට පුළුවන්. ඊයේ අහම්බයෙන් රූපවාහිනියට දාපු වෙලාවේ තමයි මේ නාට්‍ය මාලාවේ හැඳින්වීම දැකගත හැකිවුනේ. ඒ නිසා නාට්‍යයේ අධ්‍යක්ෂණය, නිෂ්පාදනය පිළිබඳව නම් වැඩි විස්තර බලා ගැනීමට බැරිවුනා. මේ නාට්‍යයේ ප්‍රධාන චරිතය වන ෂර්ලොක් හෝම්ස්ගේ ප්‍රධාන චරිතය පණපොවන්නේ ප්‍රවීන රංගන ශිල්පී රවීන්ද්‍ර රන්දෙනිය මහතායි. මේ අවස්ථාව මඟහරින්න එපා! විශ්ව සාහිත්‍යයේ වඩාත් ජනප්‍රියම රහස් පරීක්ෂකයාගේ රහස් පරීක්ෂණ සිංහල භාෂාවෙන්ම රසවිඳීමට ඔබත් අමතක කරන්නට එපා.!