වැඩි අටුවාටීකා ලියන්න තරම් වේලාවක් නෑ. මේ තියෙන්නෙ බස් එකේ යද්දි ලියපු කවි වගේ එව්ව දෙකක්. 🙂
අබිසරු ලිය
අබිසරු ලිය
සුරූපිනිය
රෑ මනමාලී…
සියුමැළි ලිය
කරන එළිය
රෑ හැඩකාරී…
මන බඳන නිළිය
රති කරළිය
රඟන කුමාරී…
ආදර වෙළඳිය
සලෙලුන් මත්
කරන නුරාවී…
සුර පුරය මවන
මන නළවන
මායා හැඩ කාරී…
නිල්මිනි දිගු දෑසයි
සොඳුරු විලයි
අනුකම්පා නොසොයන්නී…
එක් තැන් ඇ හිමියි
හඬන පුතුයි
වෙනුවෙන් වෙහෙසෙන්නී…
ආදරය බෙදයි
සතුට බෙදයි
දුකෙන් තැවෙන්නී…
—
ආසයි මං කැම්පස් යන්න
කැම්පස් යන්න
ආසයි මං
ඒත් රැග් අයියල,
කරනවානේ රැග්.
දානවනෙ බත් වලට වැලි!
අලත් තම්බනවනෙ
බෝංචිත් කඩනවනෙ.
මාත් හරි ආසයි
යන්න කැම්පස් එකට
ඩිග්රියක් ගහගන්න
ලෙක්චරර් කෙනෙක් වෙන්න
දේශපාලනේ කරන්න
ඒත් රැග් අයියල
දෙනවනේ රැග්
කරනවානේ වාත
දානවනෙ බත් එකට වැලි!
කියවනවානේ කුණුහරුප!
ඒත් මෙහෙ මුදලාලිල
බත් වලට වැලි දානව
බත් වලට ඩයි දානව
එයාල බාස්මතී කනව
අපි ඉල්ලං කනව
ඉතින් මං ආසයි
යන්න කැම්පස් එකට
රැග් අයියලාගෙන්
බත් වලට වැලි දාගන්න
සෙල්ලම් බත් උයන්න
මඩ නාවන්න
ඒත් මේ උසස් පෙළ
දැක්කාම බඩ රිදෙනව
කන්න ඕනෙ නෑ…
වගේ දැනෙනව
කැම්පස්
ගියත්
නොගියත්
දෙකම එක වගේ දැනෙනව
ලොකු මහත්තුරු
බාස්මතී කනව
අපි කොහෙත්
වලි කනව
ඒකයි අන්දරේ
ඉස්සර කාලෙ
රජ වාසලක්
ඉස්සරහ
“උඹේ කටෙත් පස් – මගේ කටෙත් පස්”
කියල කියන්නට ඇත්තෙ
ඉතින් මං,
ඉඩම් විකුණනව
රට යනව
කැම්පස් යනව
වැලි නැතුව
බත් කනව
මුදලාලිල
සහ
අයියල
බත් වලට වැලි දානව
මගේ ගේ හදාගන්න
ගඟේ වැලි මදි වෙනව
ඉතින් මං රට යනව