Categories
විවිධ

කොටින්ට ක‍ඩේ යන අයට (දන්නෝ දනිති)

මේ… ඇහුනාද?
අන්න ඉන්දියාවට ත්‍රස්තවාදියෝ ගහලා…
මිනිස්සු කී දෙනෙක් නැතිවෙලාද කියලා දන්නවාද?
එතකොට ඒක මර්දනය කරන්නේ නැතිව…
ආ උඹ එහෙනම් මරපන් කියලා බකන් නිලාගෙන හිටියාම හරිද ගොයියෝ…?
(ඇයි ඉතින් උඹලාට ලංකාවේ උදාහරණ මදි නේ… ගනින් ලෝකෙන් ආදර්ශයක්)

කොටි කියන්නේ මිනිස්සු නෙවෙයි හලෝ…
උන් සත්තු. මිනිස් ප්‍රතිරූපකයෝ… උන් සත්තූ…

උන් අපේ රටේ මිනිස්සු නෙවෙයි…
මේ රටින් කෑල්ලක් කඩාගෙන වෙන රටක් හදන්න මාන බලන සත්තු.

අපේ රට අයිති මිනිස්සුන්ට (සිංහල, දෙමළ, මුස්ලිම්) මිසක් සත්තුන්ට නෙවෙයි.

උඹ පාරේ යන වෙලාවක කොටින්ගේ බෝම්බෙකට අහුවුනොත්, (එහෙම නොවේවා සිතින් ප්‍රාර්ථනා කරමු)
මේ මම කඩේ ගියපු කොටින්ගේ බෝම්බෙකටම නේද මම අහුවුනේ?

කියලා…

අනේ උඹේ දේශපාලනය. පයට පෑගෙන දේශපාලනය…

ඔහොම (කඩේ) යං… ඔහොම (කඩේ) යං…

Categories
ශ්‍රී ලංකා

අපට ඇත ගොඩනගන්නට රටක්

රාවණ රජු එදා විසූ රටක්,
චුම්බක බලයෙන් ගුවන් ගමන් ගිය රටක්,
තෙවරක් උතුම් ගෞතම බුදුන්ගේ පහස ලැබූ රටක්,
පණ්ඩුකාභය වැනි රජුන් ගොඩනැගි රටක්,
දහසක් මහා වැව් බැඳි රටක්,
නිර්මල උතුම් බුදු දහම රැකි රටක්,
හතුරා‍ටත් රජෙකු සේ සැලකූ දුටුගැමුණුගේ රටක්,
අහසින් වැටෙන එක් දිය බිඳක් නික‍රුනේ මුහුදට ගලා නොගිය රටක්,
පෘතුගීසීන්ට පෙරදිගදී හිමිවූ විශාල පරාජය හිමිකරදුන් රටක්,
ඔබට ඇත මෙරට වෙනුවෙන් කරන්නට යමක්,
කරව එය නොකර අඳුර‍ට සාපයක්,
අපට ඇත ගොඩනගන්නට රටක්,
යළි ගොඩනගමු අපේම ශක්තිමත් රටක්…

හෙට තියෙන ඉතිහාස පේපරේ ගැන උදේ බස් එකේ යන ගමන් හිත හිත යනකොට නිකන් අහම්බෙන් මේ සිතුවිලි පහළ වුනා. මම ඉතින් කොහොමත් කවි, නිසඳැස් එහෙම ලියන්න නම් දස්සයා නෙවෙයි. ඒත් ඉතින් ආපු සිතිවිලි වලින් ප්‍රයෝජනයක් ඇරගන්නේ නැතිව නිකන් ඕහේ අමතක වෙලා යන්න නොදී ගෙදර ආවාම බ්ලොග් එකේ ලියන්න, මාත් පහන් අයියාගේ බ්ලොග් ලියන ක්‍රමෙන් ප්‍ර‍යෝජනයක් ගත්තා.

අහසින් වැටෙන එක ජල බිඳුවක් වත් ප්‍රයෝජනයක් නැතිව මුහුදට ගලාගෙන යන්න නොදී රට සහළින් ස්වයංපෝෂිත කරපු පරාක්‍රමබාහු රජතුමාව ආදර්ශයට ඇරගෙන, හිතට නැගෙන එක සිතුවිලි බිඳක් හෝ ප්‍රයෝජනයට නොගෙන ඔහේ අමතක වී යන්න නොදී ප්‍රයෝජනයක් ගන්න නම්…

සිංහල බ්ලොග් නියම තැන!
😉