හීන තටාකෙට – පට්ට කොපිය 3

කවුරුත් දන්නවා ඇති චිලී ගැන. එයා තවත් එක් නව රැල්ලේ එසේත් නැත්නම් නව පරපුරේ ගා‍ය‍කයෙක්. මේ ළඟදී එයා‍ගේ හීන තටාකෙක ගීතයට මියුසික් වීඩියෝ එකක් එළිදැක්වුනා. හැබැයි ඒක දැක්කාම පට ගාලා මතක් වුනේ හින්දි චිත්‍රපටියක්. ඒක තමා පසුගිය වසරේ වැඩිම ආදායම් වාර්තා තැබූ හින්දි චිත්‍රපටිය. වෙන මොකක්වත් නෙවෙයි! ඒ චිත්‍රපටිය තමයි “ඕම් ශාන්ති ඕම්” ! මියුසික් ...

විශේෂ ප්‍රවෘත්තියක් – අම්‍පාරේ බෝම්බ පිපිරීමක් 1

අද (2008-05-09) සවස 5.45ට පමණ අම්පාරේ මහජන හෝටලයක් තුල බෝම්ම පිපිරීමක් සිදුවී ඇත. විද්‍යුත් මාධ්‍යයේ වාර්තාවන පරිදි 10දෙනෙකු තුවාල වී ඇති බවත් මේ වන විට තුවාලකරුවන් රෝහල් වෙතට ඇතුළුකරමින් සිටින බව ආරන්චි වේ. මූලාශ්‍ර – දෙරණ හා ස්වර්ණවාහිනී මේ අතර ම‍ාස්ටර් ඔෆ් නිවුස් වෙබ් අඩවියේ වාර්තාවන්නේ අම්පාර බස්නැවතුම් පොල අසල අධි බලැති බෝම්බයක් පුපුරා ඇති ...

ෂර්ලොක් හෝම්ස් ගැන… 2

මේ ටිකත් ලියන්න හිතුවේ ෂර්ලොක් හෝම්ස් ගැන නොදන්නා අය හට ෂර්ලොක් හෝම්ස් පිළිබඳ කුඩා හැඳින්වීමක් කරන්නයි. ෂර්ලොක් හෝම්ස්, ශ්‍රීමත් ආතර් කොනන් ඩොයිල් විසින් නිර්මාණය කරන ලද්දා වූ මේ සුවිශේෂී චරිතය පාදක කරගනිමින් ශ්‍රීමත් කොනන් ඩොයිල් විසින් දීර්ඝ රහස් පරීක්ෂක කතා 4ක් සමඟ කෙටි කතා 56ක් නිර්මාණක කර තිබෙනවා. ඔහුගේ අභාවයෙන් පසුව විවිධ කතා රචකයින් එම ...

ෂර්ලොක් හෝම්ස් රූපවාහිනියේ! 1

ලංකාවේ මේ වෙන කොට ටෙලිනාට්‍ය විශාල ප්‍රමාණයක් විකාශනය වෙලා තියෙනවා, විකාශනය වෙලා තියෙනවා වාගේම විකාශනය වෙන්නත් තියෙනවා. ඒ වගේ විකාශනය වෙන්න තියෙන ටෙලිනාට්‍යක් ගැන තමයි මේ කියන්නේ. මේක පරිවර්තන නාට්‍යයක්, ලන්ඩනය, 221/බී, ඩොක්ටර් කොනන් ඩොයිල් ගැන කියවෙනකොටම ඉතින් මතක් වෙන සුවිශේෂි චරිත දෙකක් සිටිනවා. ඉංග්‍රීසි සාහිත්‍යයේ මේ සුවිශේෂි චරිත 2 ගැන ඉතින් ආයේ මතක් කරලා ...

කවි පද තේරීම 4

අපේ නවය වසරේ මල්ලී කෙනෙක් එයාගේ සිංහල පොත (මුද්‍රිත) ගෙනල්ලා මට කවියක් පෙන්නලා කිව්වා තේරුම කියලා දෙන්න කියලා පඬියා වගේ පොත අතට ගත්තාට මොකද තේරුම නම් හිතාගන්න බැරිවුනා. හැබැයි මට පුදුම හිතුනා ඇයි මේ වගේ බැරෑරුම් කවියක් 9ශ්‍රේණිය වගේ සාපේක්ෂව පොඩි පන්තියකට දීලා තියෙන්නේ කියලා. කොහොමහරි මෙන්න මේකයි කවිය, මියගිය කොළ හා දොඩමින් තරුවක් සිටියයි, ...

මඳ විරාමයකින් පසු නැවතත්…

සිංහල බ්ලොග් මැරතන් එකට වැඩ කරපු නිසා ඇති වෙච්ච තෙ‍හෙට්ටුවයි, මේ සතියේ දෙවන පාසල් වාරය ආරම්භ කිරීම නිසායි මේ සතියේ බ්ලොග් එක ලියන්නම ලැබුනේ නෑ. තව දවස් ටිකයි නේ සාමාන්‍ය පෙළ විභාගෙට, ඒක නිසා ටිකක් රැ වෙනකන් පාඩම් කරනවා. නිවස පිහිටලා තියෙන්නේ පාසලට වඩා පොඩ්ඩක් දුරින් නිසා පාසලට යන්න උදෙන්ම නැගිටින්නත් ඕන නිසා කාල කළමණාකරණය ...

මැරතන් ඉවරායි!

සිංහල භාෂාවෙන් බ්ලොග් ලියන්නන්ගේ සහයෝගීතාවය වර්ධනය කිරීම උදෙසා මෙවර පළමු වරට පැවැත්වූ සිංහල බ්‍ලාග් මැරතන් ඉසව්ව මෙසේ නිමාවට පත්වන්නේ සතුටු සිතින්. සතුටු සිතින් කියලා කිව්වේ මේකයි. සිංහල භාෂාවෙන් බ්ලොග් ලිවීමේ වැදගත්කම මෙවර වඩාත් වැදගත් ලෙස ඉස්මතු වී පෙනුනා. දිගින් දිගටම සිංහල භාෂාවෙන් බ්ලොග් ලිවීමේ අවශ්‍යතාවය මෙවර පෙනෙන්නට ඇති. මම නම් කියන්නේ මේකයි. මැරතන් දුවනවා වගේ ...

හයත් වුනා එහෙනම්…

මැරතන් එක ඉවරවෙන්න ඉතින් ඔන්න තව පැය 2යි තියෙන්නේ. දැන් ඉතින් කවුරුත් වේගේ වැඩි කරොත් හොඳයි…

ඇයි අපිට මෙහෙම වුනේ!?

ඉතිහාසය, ලෝකයේ තියෙන විශේෂ මාතකාවක්. අතීතය විසින් වර්තමානය නිර්මාණය කර ඇත. වර්තමානය විසින් අනාගතය නිර්මාණය කර ඇත. මැරතන් වෙලාව නිසා මේ නිර්වචන ඉදිරිපත් කරපු අවය මතකයට ගන්න අමාරුයි. කිව්වේ කවුද කියලා දන්නවානම් ප්‍රතිචාරයක් විදිහට පල කරන්න. වර්තමානය තේරුම් ගැනීමේ යතුර ලෙස ඉතිහාසය භාවිතා කර හැකි බවට හා තවත් නිර්වචන ගණනාවක් ඉතිහාසය සම්බන්ධයෙන් පවසා තිබීමෙන් පැහැදිලි ...

දැන් වේලාව සවස එකයි! තත්පර ගොඩායි!

ඔන්න ඉතින් හවස එකත් වුනා. මැරතන් තරඟේ තාම්ත් විවෘතයි. බ්ලොග් වලින් මැරතන් දුවන එකත් එච්චර ලේසි පහසු වැඩක් නෙවෙයි කියලා මට නම් මුලින්ම තේරුනේ මගේ සුපිරි බල අධිවේගී අන්තර්ජාල සම්බන්ධතාව නිසාමයි. ටෙලිකොම් වල ආශිර්වාදයෙන් අන්තර්ජාලයේ භාවනා කරපු මගේ ඉවසීමේ සීමාව නම් හොඳටම පැනලා. මැරතන් දුවන්න බ්රෝඩ්බෑන්ඩ් ඇරගන්න ලේස්ති වුනත් කෝ කොහේද වෙලාවට ලැබුනේ නෑනේ. මේ ...