Categories
විවිධ

තරු පෙනෙන තරු

දැන් ශ්‍රී ලංකාවේ මාධ්‍ය වල අළුත්ම ප්‍රවනතාවය වෙලා තියෙන්නේ තරු බිහි කිරීමනේ. ඔන්න ඉතින් තවත් තරු පෙන්නන වැඩ සටහනක් ආරම්භ කරලා ඒකේ නම නම් දෙරණ ඩ්‍රීම් ස්ටාර්! අර සිරස සුපර් ස්ටාර්ස් වගේම තමයි. ළඟදීම දවසක දෙරණ රූපවාහිනිය හරහා අපිට තරු බලාගන්න පුළුවන්. කොහොම හරි ඉතින් SMS යවලා වියදම් වෙච්ච ගාන බැලුවම ඉතින් කාට කාටත් හොඳ හැටි තරු පෙනේවි!

Categories
විවිධ

සිංහලයන් යනු කවුරුන්ද? – 2

මම කලින් සටහනක ලිව්වා. සිංහලයන් යනු යක්ෂ, නාග, දේව හා තවත් එක් ගෝත්‍රයක් යන බව. මම අර “තවත් එක් ගෝත්‍රයක්” ලෙස කලින් ලිව්ව දේ මම අද (2008-01-02) හොයාගත්තා ඒ රිවිර පත්තරේට (2008-01-03 දිනට පළවන පුවත්පත) ජයරත්න පතිර ආරච්චි මහතා ලියපු ලිපියක තිබිලා.

මෙන්න ඒ අනුව සිංහල යන ඒකීය ජන කොට්ඨාශය සැදුම් ලත් සිව් හෙළයන්
1. යක්ෂ
2. නාග
3. දේව
4. ගාන්ධර්ව

මේ පිළිබඳව තව ඉදිරියටත් විවිධ සොයා බැලීම් වලින් අනතුරුව ලිපි ලියන්න මම සූදානමින් සිටිනවා. දිගටම සුදාරකගේ අන්තර්ජාල සටහන සමඟ එක්වන්න. ඉහත පළ කර ඇති කරුණු තවදුරටත් විමසා බැලීමට http://www.rivira.lk/2008/02/03/rividahara3.htm වෙත පිවිසෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.