Categories
විවිධ

මරණය, ශෝකය සහ යථාර්ථය

මාතෘකාව ලිව්වාට සටහන අරඹන්නේ කොතැනකින්ද කියලා මට තාම හිතාගන්න අමාරුයි. සටහන ලියන්නේ කොහොමද කියලා විතරක් නෙවෙයි. මේ සිදුවීම සිදුවුනේ කොහොමද කියලාත් හිතාගන්න අමාරුයි. කමක් නෑ. සටහනේ පිළිවෙල ගැන හිතන්න එපා. කැමතිනම් කියවාගෙන යන්න. ඔන්න මුලින්ම කිව්ව ස‍ටහන අපිළිවෙලයි කියලා. (වෙන ඒවාත් අපිළිවෙලයි තමයි. ඒත් මේක ඊටත් වඩා අපිළිවෙල වෙයි)

එදා නිවාඩුකාලේ සිකුරාදා දවසක්. අම්මාගේ උපන්දිනය එදා නිසා එදා අපේ ගෙදර හැම දෙනාම හිටියේ සතුටින්. අම්මාගෙන් එදා උපන්දින සංග්‍රහය විදිහට උදේ ආහාරය විදිහට කලින්ම ඉල්ලලා තිබුනේ පොල් සම්බලුයි බතුයි තමයි. උදේ ආහාරය සතුටින් ගත්තා විතරයි, උදේම ලොකු අම්මාගෙන් දුරකථන ඇමතුමක් ආවා. ඒක ‍නම් කොහෙත්ම සතුටුදායක ආරන්චියක් නොවෙයි. දුරකථන ඇමතුමෙන් කියැවුනේ ඔපරේෂන් එකකට භාජනය වෙලා හිටපු අ‍පේ එකක මාමාට 99%ක්ම අසාධ්‍යයි කියලයි. එදා උසේ තිබ්බ සතුට කොහෙන් ගිහාද දන්නේ ගෙදර හැම දෙනාම හිටියේ පුදුමාකාර සංවේගයකින්. එදා උදේම අපේ හොඳ ඇඳුම් හෝදලා තිබු‍න නිසා. ගමනක් යන්න හරියට ඇඳුමක් තිබ්බෙත් නෑ. තිපුනේ ගෙදරට අඳින ඇඳුමක් විතරයි. ගමනක් යන්න පුළුවන් ඇඳුම් සේරම තිස්ස ගමන නිසා කිළිටු වුන නිසා තමයි මේ ප්‍රශ්නෙට මුහුනදෙන්න වුනේ. ඒක නිසා, අපි ලැහැස්ති වුනේ සෙනසුරාදා උදේම ගාල්ලේ යන්නයි. ඒක නිසා ගෙදර හැමදෙනාම බලාගෙන හිටියේ කොයි වෙලාවෙද පහුවදා පාන්දර වෙන්නේ කියලා. ඒත් අපිට පාන්දර වෙනකම්ම ඉන්න ලැබුනේ නම් නැහැ. හවස් වෙද්දී තව දුරකථන ඇමතුමක් ලැබුනා. ඒ පණිවිඩයෙන් නම් කියවුනේ මාමාට අන්තිම අසාධ්‍යයි, ජීවිතේ ගැන විශ්වාසයක් නැහැයි කියලයි ඒක නිසා අපිට හෙට උදේ වෙනකම් බලාඉන්න හිතක් දුන්නේ නෑ. ඒ වෙලාවේ වේලිලා තිබ්බ ඇඳුම් දෙකක් ඇඳගෙන ‍වේලිච්ච නැති ඇඳුම් දෙකක් පොලිතින් බෑග් එකක දාගෙන අපි කොටුව බස් ස්ටෑන්ඩ් එකට එනකොට හවස 6යි. ගියේ ලං.ග.ම ස්ටෑන්ඩ් එකට. පුද්ගලික බස් නැවතුම් පොළට යන්න තරම් ඒ වෙලාවේ හිතු‍නේ නෑ. එහෙම හිතන්න පුළුවන් තත්ත්වයක් අපිට තිබුනේ නැහැ. ගිහිල්ලා බස් එකට නැගලා ඉන්නකොට තමයි හිතුනේ, ඇවිල්ලා තියෙන්නේ වැරදි බස් ස්ටෑන්ඩ් එකට කියලා. බස් එකට නැගලා විනාඩි තිහකටත් වැඩියෙන් බලං ඉන්න වුනා බස් එක පිටත් වෙනකන්. කොහොමහරි රෑ දහය වෙද්දී තිරාණගම. ඒත් ඒ වෙලාවේ ත්‍රී වීල් එකක් තිසා විල්බැරෝවක් වත් ‍හොයාගන්න බැරිවෙච්ච නිසා අපිට තවත් කළකිරුනා. තිරාණගම හන්දියේ ඉඳලාම අපි පයින්ම අපේ අම්මලාගේ මහගෙදරට එනකොට රෑ දහයාමාරත් පහුවෙලා. එත‍කොට හැම නෑයෙක්ම වගේ මහගෙදරට ඇවිල්ලායි හිටියේ. ගිහිල්ලා අපිට හදලා තිබ්බ පානුයි පරිප්පුයි කාලා පිරිමි අපි කට්ටිය සාලෙටත්, අම්මලයි, ලොකු අම්මලයි ආච්චිගේ කාමරේටත් වෙලා කසු කුසු ගගා හිටියේ. මාමාට තරුණ කාලේ ගෑස්ට්‍රයිටීස් වැඩිවෙලා බඩවැල්වල තුවාලයක් වෙලයි තිබුනේ. ‍කොහොමහරි ඔපරේෂන් 4කට මුහුණදීලායි හිටියේ. එයිනුත් 3වෙනි ඔපරේෂන් එක වෙද්දී ඇත්තටම හිටියේ මරණාසන්නව. තුන්‍ වෙනි ඔපරේෂන් එක වෙලාවේදී අසාධ්‍යව හිටපු මාමා ඒ වෙනකොට හිටපු කරාපිටිය ශික්ෂණ රෝහලෙන් මාරු කරලා කොළඹ ගෙනිච්චාට පස්සේ පෙර පිනකින් වගේ ජීවත්වෙන්න වාසනාව ලැබුනා. මාමා තමන්ගේ මිතුරෙක් එක්ක කියලා තියෙනවා ‍තමන් ඒ ඔපරේෂන් එක කරද්දී සිහිය නැතිවුනාට පස්සේ තමන්ට දැනුනාලු උඩ පාවෙනවා වගේ දෙයක්. බැලුවාම එයා ඉඳලා තියෙන්නේ තමන්ගේ ඔපරේෂන් තියටර් එකේ. එයා උඩ පාවෙමින් තමන්ගේ ඔපරේෂන් එක සියැසින් දැකලා තිබුනා කියලා. ඒත් ඒ ගැන පවුලේ නෑයොත් එක්ක කතා කරලා නැහැ. සමහරවිට එයා හිතන්න ඇති තමන්ව විශ්වාස නොකරයි කියලා. ඒ වගේ මරණාසන්න අත්දැකීමක් ලබපු මාමා, තමන්ගේ 5වෙනි ඔපරේෂන් එක කරද්දී එතරම් අසාධ්‍ය වෙලා හිටියේ නැහැ. ඔපරේෂන් එක කරේ හර්නියා රෝගයට, ඒත් ඔපරේෂන් එක කරද්දී බඩවැල් දියවෙලා කියලා දැනගන්න ලැබිලා තියෙà¶
±à·€à· ඩොක්ටර්ලාට. ඊට පස්සේ බඩවැල් මහලා ඔපරේෂන් එක කරලා තියෙනවා. මාමා ජීවිතේ අන්තිම කාලේ හිටියේ හරිම දුකින්, ඒකට හේතුවක් තියෙනවා. ඒක නිසා වැඩිපුර මත්ද්‍රව්‍ය පානය කරලාත් තියෙනවා. ඒක වෙන්න ඇති බඩවැල් දි‍යවෙන්න හේතුව. ඔපරේෂන් එකෙන් පස්සේ මාමාට සිහිය ගන්න අපහසු වුනා. සිහිය ලැබුනේම නැහැ. අපි මෙහෙම කතා කර කර ඉඳලා 12à¶§ විතර නිදාගන්න හදද්දීම දුරකථන ඇමතුමක් ලැබුනා. ඔව්, ඔබ හරි. ඒ තමයි මාමා අප අතරින් වෙන්වූ බවට ලැබුනු පණිවිඩය. මේක මට විතරක් නෙවෙයි, හැමදෙනාටම දැඩි කම්පනයක් ගෙනදුන්නා. ඇහින් කඳුළු පිටවෙන්න නොදී අපි හැමදෙනාම හිරකරගෙන හිටියේ ආච්චිටයි, මාමාගේ බිරිඳ; නැන්දාටයි නොපෙනෙන්න වුනත්, වැඩි වෙලාවක් අපිට එහෙම හංගගෙන ඉන්න ලැබුනේ නැහැ. අම්මායි, ලොකු අම්මලා දෙන්නායි හඬා වැලපෙනවා දැක්ක නැන්දා, සිහි  නැතුව පොළවට ඇඳන් වැ‍ටුනා. සිහිය ගන්නකොට ආච්චිටත් ඇහැරිලා. දැන් ගෙදර එකම යුද්ධයක් වගේ. පිරිමි අය හැමදෙනාම ගැහැනු හැමදෙනාවම සනසවනවා. අහල පහල ගෙවල්වලින් කට්ටියත් ඇවිල්ලයි හිටියේ ඒ වෙලාවේ. උදේ වෙද්දී නොපැමිණිලා හිටපු පවුලේ අනිත් ඥාති බොහෝ දෙනෙක් මහගෙදරට එකතු වුනා. හවස් වෙද්දී මාමාගේ මෘත ශරීරය මහගෙදරට ගේනකොට හිතට දැනුනේ පුදුමාකාර කම්පනයක්. මුලින්ම ඇවිල්ලා කාපට් එක එලුවා. ඊට පස්සේ ස්ටෑන්ඩ් එකක් ගෙනල්ලා දිගඇරියා. ලයිට් හතරක් හතරපැත්තෙන් ගෙනැල්ලා තිබ්බා. පොල්තෙල් පහන් දෙකක් එකපැත්තකිනුත් තිබ්බා. මගේ හිතට නම් ඒ වෙලාවේ එක සිතුවිල්ලක් වත් හරියට ආවේ නැහැ. නිකන් චිත්‍රපටියක් ඇස් ඉදිරියේ දිගඇරනෙවා වගේ දැනුනා. ‍මේ දකින්නේ හීනයක්ද කියලත් හිතුනා. අන්තිමට පෙට්ටිය ගෙදර උළුවස්ස අතරින් ගේනකොට හදවතේ ගැස්ම දෙගුණ තෙගුණ වුනා. පෙට්ටිය ගෙනාපු හදරදෙනා පෙට්ටිය ස්ටෑන්ඩ් එක උඩින් තිබ්බා… පෙට්ටිය අරිනවා දැක්කේ නෑ. මම දැක්කේ හරියට පෙට්ටිය ඇරෙනවා ‍වගේ. ඒක මහා පුදුමාකාර සිතිවිල්ලක්. විස්තර කරන්න බැරි සිතිවිල්ලක්. පෙට්ටිය ඇතුලේ සැතපිලා හිටියේ මාමා!
මට නිකන් සිහි නැතිවෙනවා වගේ දැනුනත්, අවස්ථාවේ හැටියට සිහිය එළඹවාගත්තා. අම්මා එක පැත්තකින් අඬා වැලපෙනවා වගේ දැක්කා. එක පැත්තකින් නැන්දා, අනිත් පැත්තෙන්, තමාගේ එකම පුතා අහිමිවෙච්ච ආච්චි අම්මා… මේ කම්පනය දිගටම තිබුනා. ඊට පස්සේ මොකද කරන්නේ කියලා හිතාගන්න බැරිවයි හිටියේ. ඊට පස්සේ පිරිමි හැමදෙනාම එකතුවුනා. මූලිකත්වය ගත්තේ සංවිධා‍නයට ශක්තිමත් හදවතක් තිබුනු මුදිත අයියා. එයා හිටියේ නැතිනම් අවමංගල්‍ය කටයුතු කොහොම කෙරෙයිද කියලා හිතාගන්න බැරිවෙන තරම්. මමත් පුළු පුළුවන් තරම් අවමංගල්‍ය කටයුතු වලට දායක වුනා. අවමංගල්‍ය කෑම මේසයට අයත් වැඩ වලටත් මට දායකත්වය ලබාදෙන්න වුනා. ඒ හැම එකක්ම මාමා වෙනුවෙන් ඉටුකරන්න ලැබීමත් පිනක් විදිහටයි මට හිතුනේ. මේක හිනා වෙන්න කාරණයක් විදිහට සලකන්න එපා. ඒත් මේක කියන්න ඕ‍න. කෑම මේසයට ආහාර බෙදන වැඩත් මට භාරවුනා. මාමා හුරතලයට ඇති කරපු බල්ලා මෙල්ල කරන්න පුළුවන් වුනේ මාමාටම විතරයි. ඉතින් ඌ හිටියේ නිදැල්ලේ. බොහොම අමාරුවෙන් කට්ටිය එකතුවෙලා කූඩුව‍ට දැම්මාත් වැඩේ හරිගිගේ නැහැ. කූඩුව කඩලා කොහොමහරි පනිනවා. කෑම මේසයට බත් බෙදාගෙන එද්දී, මෙන්න මූ ඇඟට පැන්නේ නැතැයි. බත් එකත් එක්ක මම බිම. ඔන්න ඒක විතරයි. මගේ අතින් අතපසු වීමකට වුනේ. ඒ ඇරෙන්න මාමාට අවසන් ගෞරව දක්වන්න එන හැම‍දෙනාමට බීම, තේ, බිස්කට් වලින් සංග්‍රහ කරන්නත් මට පැවරුනා. ඒ හැම දෙයක්ම පුළුවන් තරම් හොඳින් කරන්නත් පුළුවන් වුනා. ගෙදර වැඩිහිටි කෙනෙක් ජීවත්ව ඉන්නවානම් ආදාහනය කරන එක හොඳ නෑ කියලා චාරිත්‍රයක් තිබුනත්, ගෙදර වත්තේ භූමිදානය කරේ නැත්තේ, මේක නිසා ගෙදර අයට විශාල මානසික පීඩනයක් ලැබෙන්න පුළුවන් නිසා. භූමිදානය කරන තැන දැකලා හැම වෙලාවේම මරණය නිසා පීඩාවට පත් වෙනවාට වඩා හොඳයි පොදු සුසාන භූමියක භූමිදානà¶
º කරනවා කියලා යෝජනා වුනත් ඒකට රුපියල් 50,000කට වඩා වියදම් වෙන නිසා, චාරිත්‍රය ගැන නොසිතා යන්ත්‍රාණුසාරයෙන් ආදාහනය කරන්න තීරණය කරා. මේ පිළිබඳව යෝජනාවට සැමදෙනාම එකඟවුනා. හැමදෙනාම අවමංගල්‍ය කටයුතු සාර්ථකව කරන්න (අනිත් අය වගේ නෙවෙයි. පවුලේ හැමදෙනාම මාමා ජීවත්ම ඉන්න කාලේදීත් හොඳින් සැලකුවා. මරණයේදීත් හොඳින් ගෞරවාන්විතව කටයුතු කරන්න අපිට ඕනෑකම තිබුනා) උත්සාහ ගත්ත නිසා අප අතරින් වෙන් වන දවසේ ජායාරූප ගැනීම ගැන කවුරුවත් වැඩිය හිතුවේ නැහැ. ඒ වෙලාවේදී හොයාගත්ත සේයාපටල කැමරාවේ වැඩෙත් භාරවුනේ මට. ඩිජිටල් කැමරා ඕන තරම් අල්ලලා තිබුනාට, මම සේයාපටල කැමරාවක් හරියට පාවිච්චි කරලා තිබුනේ නැහැ. මට ඒ ගැන හරි සිහියකිනුත් නෙවෙයි හිටියේ. මාමාව අන්තිමට දකින නිසා මට තිබුන මානසික පීඩනය මෙහෙමයි කියලා කියන්න බැහැ. කොහොමහරි ඇඬූ කඳුලින් හිටපු මම, අවසන් අවස්ථාවේ ජායාරූප ටික ලබාගත්තා. කොහොමහරි පුදුමයකට වගේ ජායාරූප ටික නම් හොඳට තිබුනා. ගමේ නම් පුදුම පාළුවක් තිබුනේ. හැමදෙනාම අපේ අම්මලා වගේ ගමෙන් පිටවෙලා. ඒක නිසා වැඩි දෙනෙක් ගමේ නැහැ. මරණය වෙලාවේදී මට අවුරුදුගානකින් වගේම ජීවිතේටම දකින්නට නොලැබුනු ගොඩක් ළඟ, දුර ඥාතීන් මුනගැහෙන්නත් ලැබුනා. ඉතිරි දවස් 4ම වාගේ මායි අයියලායි එකතුවෙලා නිදි මැරුවේ ඒක චාරිත්‍රයක් නිසා. දින හතක් යනකන්. ගෙදර පාළුවෙන්න දෙන්න බැහැ. ජනෙල් දොරවල් ඇරලා තියෙන්නේ ඕනේ. නිදිමරපු හැමදෙනාම වගේ විහිළු කතා කිය කිය හිනා‍වුනේ සිදුවීම අමතක කරලා නම් නෙවෙයි. එක පැත්තකින් නිදිමත නැතිකරගන්න. අනිත් පැත්තෙන් දුක තුනී කරගන්න. මම අහලා තියෙනවා මළ ගෙවල්වල වෙස්සන්තර ජාතකය, මළ පොත ව‍ගේ පොත් කියවනවා කියලා. ඒත් දැන් කාලේ ඒ පොත් හොයාගන්නවත් නෑ නොවැ. හත්දවසේ දානේ දවස වෙනකම්ම හැමදෙනාම තම තමන්ගේ දුක බෙදාගත්තා. හත්දවසේ දානෙන් පස්සේ හැමෝම තම තමන්ගේ ගෙවල් වලට පිටත් වෙන්න පටන්ගත්තා. අපිත් පිටත්වුනේ හැමදෙනාම පිටත් වුනාට පස්සේ.

ඔන්න ඔහොමයි ජීවිතේ හැටි. අනපේක්ෂිත හමුවීම්, අනපේක්ෂිත වෙන්වීම්… මේක තමයි යථාර්තය. මේ ලෝකෙට එනකොට හැමදෙනාම එන්නේ තමා වටේ ඉන්න හැමෝවම හිනස්සවාගෙන. ඒත්! ඒත්, මේ ‍ලෝකෙන් වෙන්වෙද්දී තමාගේ වටේ ඉන්න ‍හැමෝවම අඬවාගෙන තමයි යන්නට යන්නේ. අපිත් කවදාහරි දවසක යන්නටම යාවි. එදාවෙනකම් කාටවත් වරදක් නැතිව ජීවත් වෙන්න පුළුවන් නම්, ඒ ටිකම ඇති.

විභාගයත් අත ළඟ. තව මාස දෙකයි හරියටම තියෙන්නේ. පුළුවන් තරම් වැඩ ටික හොඳට කරගෙන යනවා. වාර විභාගෙත් ප්‍රතිඵල ටිකක් හොඳයි. ගණිතයට ළකුණු අනූවයි. හැබැයි විද්‍යාවට නම් ටිකක් මහන්සි වෙන්න වෙයි වගේ. පොඩි දුකක් තියෙන්නේ ඉතිහාස ප්‍රශ්න පත්‍රයට ලියන්න බැරි වෙච්ච එකයි. වාර විභාගේ ඉතිහාස ප්‍රශ්න පත්‍රයට ලියන්න කලින්ම අපිට නිවාඩු ලැබුනා‍නේ. සාක් සමුළුව නිසා. ඒක නිසා ඉතිහාස ප්‍රශ්න පත්‍රයට ලියන්න තිබුනේ නිවාඩු‍වෙන් පස්සේ. ඉතින් ඒ වෙලාවේ හිටියේ ගාල්ලේ නිසා ප්‍රශ්න පත්‍රයට ලියන්න බැරිවුනා. කමක් නැහැ. ප්‍රශ්න පත්‍රයට ලියන්න බැරිවෙච්ච එක ගැන මහ ලොකු දුකක් නැහැ. මාමාගේ අවසන් කටයුතු වලට දායකත්වය දක්වන්නට ලැබිච්ච එක නිසා ඒ දුක මැකිලා යනවා.

තවත් ලියන්න බැහැ. නැවත තවත් සටහනකින් හමුවනතෙක් ඔබට ආයුබෝවන්…

Categories
විවිධ

සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ විශේෂ නිවේදනයයි!

දැනුම්දීමයි!

සිංහල ෆයර්ෆොක්ස් සම්බන්ධව දැනට ඇතිවී තිබෙන තත්වය පිළිබඳව අප අවධානය යොමු කළ යුතු වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව ඔබව දැනුවත් කිරීමට අදහස් කළෙමු.

දැනට මේ ඇතිවී තිබෙන තත්වය පිළිබඳව අපගේ අවධානය යොමු නොවූ පැතිකඩක් පිළිබඳව කරුණු පැහැදිලි කිරීම මෙම ලිපියේ අරමුණ වන අතර පළමුව දැනට ඇති වී තිබෙන තත්වයේ පසුබිම මදක් පැහැදිලි කරගනිමු.

සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ සාමාජිකයින් කිහිප දෙනෙක් විමින් ඉක්ටා (ICTA) ආයතනයේ ක්‍රියා කලාපය විවේචනය කරමින් බ්ලොග් සටහන් ලියුවේ ආසන්න වශයෙන් පහත සඳහන් කරුණු පාදක කරගනිමින් ය.

1. මෝසිලා ආයතනය යටතේ ඇති විවෘත හා නිදහස් මෘදුකාංගයක් වන සිංහල ෆයර්ෆොක්ස් බ්‍රවුසරය ඉක්ටා ආයතනයේ සහ මොරටුව විශ්ව විද්‍යාලයේ නිෂ්පාදනයක්ය යනුවෙන් හුවාදැක්වීමට ගත් උත්සාහයත්,

2. ඒ පිළිබඳව මාධ්‍ය ආයතන වලට ඔවුන් විසින් පෙන්වූ වැරදි චිත්‍රයත්,

3. මාධ්‍ය ආයතන විසින් කළ වැරදි ප්‍රචාරය නිවැරදි නොකිරීම සම්බන්ධවත්,

4. පසුව සිංහල බ්ලොග්කරුවන් වෙත නිකුත්කළ කිසිම නිල තත්වයක් නැති මාධ්‍ය ප්‍රකාශයත්,

5. මොරටුව විශ්ව විද්‍යාලයේ හා ICTA විසින් ෆයර්ෆොක්ස් ඔවුන්ගේ නිෂ්පාදනයක්ය යනුවෙන් මාධ්‍යන්ගේ ගිය ප්‍රකාශත්,

මෙම කරුණු එකක් හෝ කිහිපයක් අලලා ලියැවුනු සිංහල බ්ලොග් සටහන් නිසා පැනනැගුනු තත්වය මත අප සංගමයේ කාලිංග ඇතුලත්මුදලි මහතා සහ ඉක්ටා ආයතනයේ වසන්ත දේශප්‍රිය මහතා අතර සුහඳ ලිපි හුවමාරුවක් ද සිදුවිය. සිංහල බ්ලොග්කරුවන් කිසිවිටෙකත් ඉක්ටා ආයතනය සමඟ ප්‍රශ්න ඇතිකරගැනීමටවත්, වෛරබැඳ ගැනීමටවත් මේ නිසා අදහස් නොකළ අතර එසේ විවේචන ඉදිරිපත් කලේ පැහැදිලිවම පෙනෙන වැරදි කිහිපයක් ඉක්ටා ආයතනය මගින් සිතාමතා හෝ නොසිතා සිදුවී තිබූ නිසාය. එවන් ඇතැම් කරුණු ගැන වසන්ත දේශප්‍රිය මහතා විසින් අපට පැහැදිලි කිරීම් ඉදිරිපත් කළ අතර සිදුවී තිබූ ඇතැම් වැරදි ගැන කණගාටුව ද ප්‍රකාශ කරන ලදි. එමෙන්ම ඔහු ලබාදුන් ඇතැම් පිළිතුරු සම්බන්ධයෙන් අපේ නොසතුට හා විරුද්ධත්වයද ප්‍රකාශ විය.

ඩනිෂ්ක නවීන් විසින් ඔහුගේ අන්තිම බ්ලොග් සටහනේ කියා තිබූ ආකාරයට ඉක්ටා ආයතනය යනු සිංහල ෆයර්ෆොක්ස් නිර්මාණය සඳහා දායක වුනු ප්‍රජාවේ එක් පාර්ශවයක්පමණි යන්න අපද එකහෙළා ප්‍රකාශ කර සිටිමු. ඒ ෆයර්ෆොක්ස් සිංහලයට පර්වර්ථනය කිරීම සඳහා යම්කිසි කාලයක් එම කටයුත්තෙහි පූර්ණකාලීනව යෙදී සිටී ඩනිෂ්ක නවීන් හට මූල්‍යමය වශයෙන් අනුග්‍රහය දක්වමින්ය. රෙඩ්හැට් ආයතනයද ඒ අයුරින්ම ෆයර්ෆොක්ස් සිංහලයට පරිවර්ථනය කිරීම සඳහා ඩනිෂ්ක හට මූල්‍ය අනුග්‍රහය ලබාදීමෙන් මෙම කටයුත්තට දායක වූ තවත් ආයතනයකි. එමෙන්ම සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයද එහි සාමාජිකයින්ද එම කාර්යය සඳහා නන් අයුරින් සහාය දැක්වීය.

ඉහත ආයතන වල අනුග්‍රහය යටතේ කටයුතු කිරීමට ඩනිෂ්කට ඔවුන් සමඟ ගිවිසුම් වලට එළඹීමට සිදුවී ඇති බවද අපි දනිමු. ගිවිසුම් වල අන්තර්ගත වූ කරුණු පිළිබඳව අපි දැනුවත් නැතත් ඉක්ටා ආයතනයේ වසන්ත මහතා විසින් කාලිංග වෙත එවා තිබූ අවසන් ලිපියේ සඳහන් පරිදි ෆයර්ෆොක්ස් සිංහලයට පරිවර්ථනය කිරීම ඩනිෂ්ක ඔවුන් සමඟ ඇතිකරගත් ගිවිසුමේ පරිදි contractual deliverable” (භාරදිය යුතු කටයුත්තක්) බව පැවසේ. ෆයර්ෆොක්ස් සිංහලයට පරිවර්ථනය කරන්නේ ඉක්ටා ආයතනයේ පුද්ගලික ප්‍රයෝජනය සඳහා නම් එම ගිවිසුමේ පරිදි ඩනිෂ්ක විසින් කාර්යය නිමකර එය ඉක්ටා ආයතනයට අවශ්‍ය පරිදි භාවිතා කිරීමට දීම හෝ ගිවිසුම් ප්‍රකාරව එහි අයිතිය ඉක්ටා ආයතනයට ලබාදීම පිළිබඳව කිසිඳු ප්‍රශ්නයක් අපට නැත.

නමුත් ඉක්ටා ආයතනයේ ගිවිසුම ප්‍රකාරව ඩනිෂ්ක විසින් ෆයර්ෆොක්ස් සිංහලයට පරිවර්ථනය කර භාරදිය යුත්තේ ඉක්ටා ආයතනයට වුවත් එය ඇත්ත වශයෙන්ම භාර දී ඇත්තේ (ඉක්ටා අනුදැනුමද ඇතිව) මෝසිලා ආයතනය වෙතය. එමෙන්ම ඉක්ටා ආයතනයට ගිවිසුමකින් බැඳී සිටී ඩනිෂ්ක ඔහුගේ රාජකාරිය කළේද මෝසිලා ආයතනයේ දැක්ම, මෙහෙවර, අරමුණු, සහ ඉලක්ක (goals) වෙනුවෙන් ඔවුන්ගේ deadlines අනුවය. ඒ අනුව ඩනිෂ්ක විසින් මෝසිලා ෆයර්ෆොක්ස් 3.0 නිකුතුව සමඟ සිංහල අනුවාදයද 2008 ජූනි 17 දින නිකුත් කිරීම සඳහා භාරදුන්නේ මෝසිලා ආයතනය වෙතයි. ඉන්පසු මොසිලා වෙබ් අඩවිය ඔස්සේ ලංකාවේ මෙන්ම ලොව පුරා බොහෝ පිරිසක් ෆයර්ෆොක්ස් හි සිංහල අනුවාදය බාගත කරගන්නා ලද බව අපි දනිමු.

ඒ අනුව පෙනීයන්නේ ඉක්ටා ආයතනය විසින් ඩනිෂ්ක වෙත ඉදිරිපත් කළ ගිවිසුම විවෘත සහ නිදහස් මෘදුකාංග පිළිබඳව කිසිඳු සිතාබැලීමකින් තොරව, කිසිඳු ආකාරයකින් තර්කානුකූල නොවන, පදනම් විරහිත කොන්දේසි සහිත ලියවිල්ලක් බවත්, එම ගිවිසුම සඳහා මෝසිලා ආයතනයට හෝ ඩනිෂ්කට කොන්දේසි ඇතුලත් කිරීමට අවස්ථාවක් නොලැබී ඇති බව හෝ අවස්ථාවක් ලැබුනත් ඔවුන් විසින් කොන්දේසි ඇතුලත් කර නැති බවයි. එය වැඩිදුර නොසිතීම නිසා සිදුවූවක් විය හැකිය. (එවන් කොන්දේසි තිබේදැයි අපි නොදනිමු)

එමෙන්ම ඉක්ටා ආයතනය මෝසිලා ආයතනයේ කිසිඳු ප්‍රතිපත්ති ප්‍රකාශනයක් (Policy Statement) හදාරා නොමැතිව එම ගිවිසුම් සකස් කර ඇති බවත් පෙනී යයි. මක්නිසාද ඉක්ටා ආයතනයේ ගිවිසුම පරිදි ෆයර්ෆොක්ස් සිංහල සංස්කරණයේ අයිතිය ඉක්ටා ආයතනය සතුබව ප්‍රකාශ කළද, මෝසිලා දේශීයකරණ ව්‍යාපෘති සඳහා වන ප්‍රතිපත්ති ප්‍රකාශයේ (Mozilla Trademark Policy for Localization Projects : http://www.mozilla.org/foundation/trademarks/l10n-policy.html ) සඳහන් පරිදි නිල ෆයර්ෆොක්ස් සිංහල සංස්කරණයේ හිමිකාරීත්වය ඇත්තේ එම කාර්යය සිදුකළ කණ්ඩායමේ නායකයාට (නොහොත් හිමිකරුට) බව “The L10n team owner is the module owner for the translation” ලෙස පැහැදිලිව සඳහන් වේ. ඒ අනුව ඉක්ටා ආයතනය හා ඩනිෂ්ක නවීන් අතර කුමන ගිවිසුමක් ඇති වුවද ඊට පෙර සිට තිබූ මෝසිලා ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව ෆයර්ෆොක්ස් සිංහල සංස්කරණයේ හිමිකාරීත්වය ඇත්තේ ඒ සඳහා මූලිකත්වය ගත් කණ්ඩායම් නායකයා වූ ඩනිෂ්ක නවීන් හටය. එයද මෝසිලා වෙබ් අඩවියේ “Browser/toolkit owner – Danishka Navin ” (https://wiki.mozilla.org/L10n:Localization_Teams#Sinhala_.28si.2Csi-LK.29 ) යනුවෙන් පැහැදිලිව දක්වා ඇත.

තවත් අයුරකින් බැලුවත්, ඉක්ටා ආයතනය රාජ්‍ය ආයතනයක් නිසා දැනට අප භාවිතා කරන සිංහල ෆයර්ෆොක්ස් මෘදුකාංගය නිපදවීම සඳහා පූර්ණකාලීනව කටයුතු කළ පුද්ගලයාට මූල්‍යමය අනුග්‍රහය සපයා ඇත්තේ මහජනතාව විසින්මය. එය හරියට ගමක ප්‍රජාශාලාවක් ගොඩනැගීම සඳහා ග්‍රාම සංවර්ධන සමිතිය මඟින් මේසන්බාස් කෙනෙකුට ‍වේතනයක් ගෙවා අවශ්‍ය ගොඩනැගිල්ල සාදවාගත්තා හා සමාන කටයුත්තකි.

මෙම ඉක්ටා ආයතනයසිංහල බ්ලොග්කරුවන්ඩනිෂ්ක යන පාර්ශව අතර ඇතිවී ඇති තත්වයයෙන් තම අරමුණු මුදුන්පත් කරගැනීමට වෙර දරණ තවත් පාර්ශවයක්ද සිටින බව පෙ‍නී යයි. එම කරුණ පැහැදිලි කිරීම සඳහා මෙම ලිපිය ලිවීමට අදහස් කළ අතර පසුබිම පැහැදිලි කිරීමට ඉහත කරුණු ඉදිරිපත් කළෙමු.

සිංහල යුනිකේත සම්බන්ධ ඉතිහාසයය ගැන සලකාබැලීමේදී සිංහල යුනිකේත පිළිබඳව මත දෙකක් දරණ පිරිසක් ලංකාවේ සිටින බව බොහෝ දෙනෙක් දන්නා කරුණකි. ඉක්ටා ආයතනය ප්‍රමුඛ බහුතරයක් සිංහල යුනිකේතවල කිසිඳු අඩුපාඩුවත් නොමැති බවත්, එය ඕනෑම කෙනෙක්ට ඕනෑම පරිගණක පද්ධතියක් තුල භාවිතා කර නිවැරදිව සිංහල ලිවීමට හා කියැවීමට හැකි පරිදි මෙවලම් නිර්මාණය කර ඇති බවත් ප්‍රකාශ කරද්දී, තමන්ගේ පටු වාණිජ පරමාර්ථ මුදුන් පමුණුවාගැනීමට වෙර දරණ එක් පුද්ගලයෙකු සමඟ සිටින ඉතා සුළු පිරිසක් සිංහල යුනිකේත වල අඩුපාඩු ඇතැයි පවසමින් ඒ සඳහා විකල්පයක් තමන් සතුව ඇතැයි මොර දෙති. ඒ බව බොහෝ දෙනෙක් දන්නා කරුණකි.

ඩනිෂ්කගේ මූලිකත්වයෙන් සිංහල ෆයර්ෆොක්ස් එලිදැක්වීමත් සමඟ මෙම සිංහල යුනිකේත විරෝධී කල්ලියට තරු වීසි වී ඇත්තේ සිංහල යුනිකේතය සඳහා ප්‍රායෝගිකව ජාත්‍යන්තර පිළිගැනීමක් සිංහල ෆයර්ෆොක්ස් නිසා ලැබීම හේතුවෙනි. සිංහල යුනිකේත භාවිතයෙන් නිකුත්වූ ලොව ජනප්‍රියතම මෘදුකාංගය ෆයර්ෆොක්ස් වන බැවින් මෙම සිංහල යුනි‍කේත විරෝධී කල්ලි‍යේ සිංහල යුනිකේත දෝෂ සහිතයියන තර්කය නිරායාසයෙන්ම බිඳී ඇත. එමෙන්ම ඔහුගේ විකල්ප සිංහල යුනිකේත මාලාවේ ඉරණමද ඒ සමඟම තීරණය වී ඇත. එම නිසා එම කල්ලියේ අලුත්ම සතුරන් වී ඇත්තේ ඩනිෂ්ක නවීන්, සිංහල ෆයර්ෆොක්ස් සහ සිංහල බ්ලොග්කරුවන් ය.

එමෙන්ම සිංහල යුනිකේතවල කිසිඳු අඩුපාඩුවක් නැතැයි කියා කීමටද ඉක්ටා ආයතනය ඇතුලු සිංහල යුනිකේත ප්‍රජාවට ඇති ප්‍රබලම සාධකයද සිංහල ෆයර්ෆොක්ස් බව අවිවාදයෙන් කිව හැකිය.

ඌරන් කැකුණ තලන විට හබන් කුකුලන්ට මඟුල් කීවා සේ, ඉක්ටා ආයතනය, ඩනිෂ්ක නවීන් සහ සිංහල බ්ලොග්කරුවන් අතර ගැටුමක් ඇතිවී ඇති මේ මොහොතේ සිංහල යුනිකේත විරෝධී කල්ලියට රජ මඟුල් අවස්ථාවකි. එම නිසා එම කල්ලිය විවිධ බ්ලොග් අඩවි ඔස්සේ මෙම ඇතිවී ඇති තත්වය හැකි තරම් උණුසුම් කර, අවුල් කර ඉක්ටා ආයතනය සහ සිංහල බ්ලොග්කරුවනුත්, ඩනිෂ්කත් කෙටවීමට උත්සාහ කරන බවක් පෙනේ. මෙම ප්‍රශ්නකාරී තත්වය දුරදිග ගොස් ඉක්ටා ආයතනයත්, සිංහල බ්ලොග්කරුවනුත්, ඩනිෂ්ක නවීනුත් විරසක වුවහොත් ඉන් උපරිම වින්දනයක් ලබන්නේ එම සිංහල යුනිකේත විරෝධී කල්ලියයි. එමෙන්ම එම තත්වය යටතේ සිංහල ෆයර්ෆොක්ස් හි ඉදිරි සංවර්ධන කටයුතුද කඩාකප්පල් වීමට ඉඩ ඇත.

කෙසේ වෙතත් මෙම කරුණ ගැන කිසිඳු තැකීමක්, දුරදිග සිතීමකින් තොරව කටයුතු කළ සහ කරන ඉක්ටා ආයතනයේ ඇතැම් නිලධාරීන්ගේ ක්‍රියාකලාපය නිසා සිංහල යුනිකේත විරෝධී කල්ලියේ අයට ඇති තරම් මඩ බාල්දි ප්‍රමාණයක් රැස්කරගත හැකිවී ඇත. අවස්ථාවෙන් ප්‍රයෝජන ගනිමින් ඉක්ටා ආයතනයටත්, ඩනිෂ්ක නවීන්ටත්, සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයටත්, එහි සාමාජිකයින්ටත් එරෙහිව අසත්‍ය ප්‍රකාශ සහ මඩ ප්‍රහාර ඔවුන් විසින් දියත් කරමින් පවතී.

ඔවුන් පවසන පරිදි ඉක්ටා ආයතනය විසින් මහජන මුදලින් ඩනිෂ්ක නවීන්ගේ කැනඩා සංචාරය සඳහා මුදල් වියදම් කර නැති බවත්, ඔහු කැනඩාවේ සංචාරයක නිරත වූයේ මෝසිලා ආයතනයේ ආරාධනාවක් මත “‍2008 ෆයර්ෆොක්ස් සමුළුවටසහභාගීවීම සඳහා බවත්, ඒ සඳහා සියළු වියදම් මෝසිලා ආයතනය විසින් දරා ඇති බවත් ෆයර්ෆොක්ස් සිංහල කිරීමේ කටයුතු වලට හවුල් වූ පාර්ශවයක් වශයෙන් අප අවධාරණයෙන් කියා සිටිමු.

එබැවින් කරුණාකර එම පිරිසගේ අසත්‍ය ප්‍රචාර වලින් නොමඟ නොගොස් ක්‍රියා කරන ලෙසද, එවන් බ්ලොග් අඩවි වලට ගොස් අදහස් ප්‍රකාශ කිරීමෙන් වලකින ලෙසද සැමගෙන් ඉල්ලා සිටිමු. එමෙන්ම ඉක්ටා ආයතනයට හෝ වෙන යම් පිරිසකට/පුද්ගලයෙකුට පන්න පන්නා පහර දීමේ ප්‍රතිපත්තියක් සිංහල බ්ලොග්කරුවන් අතර නැති බවද කිව යුතුය.

තවද සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ සාමාජිකයින්ගේ බ්ලොග් සටහන් හෝ ප්‍රකාශ ඒ ඒ සාමාජිකයින්ගේ පුද්ගලික අදහස් වන බවද, ඒවා සංසදයේ අදහස් හෝ ප්‍රකාශ ලෙස වටහා නොගන්නා ලෙසද මතක් කර සිටිමු.

එමෙන්ම දුරදිග සිතා කටයුතු කරන මෙන්ද, තම නිලධාරීන්ගේ නොමනා ක්‍රියාකලාපය සොයාබලා වගකීමෙන් කටයුතු කරන ලෙස අවවාද කරන ලෙසද ඉක්ටා ආයතනයේ වගකිවයුතු ඉහල නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිමු.

ස්තුතියි.

සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය