Categories
විවිධ

මැරතන් විස්තර විචාරය

ඔව් මෙන්ම මේ දැන් ටිකකට කලින් බ්ලොග් මැරතන් ඉසව්ව ආරම්භ වුනා. ශෝකජනක ආරම්භයක් වූ නමුත් ඉදිරියේදීවඩා හොඳ තරඟයක් තරඟකරුවන්ගෙන් බලාපොරොත්තු විය හැකියි. හෝව්! හෝව්!! මලින්ත, මේ මල් කඩන වෙලාවක් නෙවෙයි! මැරතන් එක මැරතන් එක… ඔව් වතුර බාල්දියක් ඉදිරියට රැගෙන දුවන සුදාරකගේ ජල පහරක් මේ අවස්ථාවේදී මලින්තට එල්ලවුනා! ඔව් මලින්ත! නාගත්තා!!! මේ අතර ආනන්දවර්ධන හිමින් සීරුවේ ඉදිරියට පැමිණෙනවා… ඉදිරියට වෙන්නේ මොකක්ද කියලා දැනගන්න නම් ඉතින් සුදාරකගේ අන්තර්ජාල සටහන සමඟ රැඳී සිට්න්න ඕනේ! ඕං!!!

Categories
විවිධ

සැරසේන්! එල්ලවේන්!! යා!!!

ඔන්න ප්‍රථම වරට පවත්වනු ලබන සිංහල බ්ලොග් මැරතන් ඉස්ව්ව ආරම්භ කරා. දැන් ඉතින් කට්ටියම දිගට හරහට ලියන්නයි තියෙන්නේ. මෙවර බ්ලොග් මැරතන් ඉසව්ව සංවිධානය කරනු ලබන්නේ සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ එකමුතුකමින්, සියළුම සිංහල භාෂාවෙන් බ්ලොග් ලියන්නන් වෙනුවෙන්. ඉතින්, කට්ටිය පෙරලගන්නේ නැතුව, සැහැල්ලුවෙන් දුවන්නයි තියෙන්නේ. එහෙනම් ඉතින් බලාගෙන ඉන්නේ? දුවමු, දුවමු…