Categories
විවිධ

හැරී පෝටර් මීළඟ චිත්‍රපටිය

මේක තමයි අළුත්ම වින්දනීය ප්‍රවෘත්තිය. ලෝකය පුරා ජනාදරයට පාත්‍ර වූ කතා මාලාවක් වන හැරී පෝටර් ආශ්‍රයෙන් නිර්මාණය වන මීළඟ චිත්‍රපටිය වන Harry Potter And The Half Blood Prince චිත්‍රපටිය මේ වසරේ නොවැම්බර් මාසයේ 21වන දිනයේ මහජන ප්‍රදර්ශනය විවෘත වන බව තමයි ආරංචි වන්නේ. මෙම චිත්‍රපටියේ අළුතින්ම ඔබට දැකගැනීමට ලැබෙන චරිතය වන මහාචාර්ය ස්ලග්හෝර්න් ලෙස ජිම් බ්‍රෝඩ්බෙන්ට් චිත්‍රපටියේ රඟදක්වනවා.

තවත් ප්‍රවෘත්ති තියෙනවා. හොඳ‍ හොඳ දේවල් එළිවෙන ජාමෙට කිව්වාලු…

යාවත්කාලීන කිරීම (2010.01.05)

කොහොමහරි මේ හැරී පෝටර් චිත්‍රපටිය නිකුත් වුනේ මුලින්ම නිවේදනය කරපු දිනයටත්, අවුරුද්දකට පස්සෙ. හරියටම චිත්‍රපටිය නිකුත් කළේ 2009 අවුරුද්දෙ ජුලි 15වෙනිදාවක.

Categories
විවිධ

මැරතන් දෙවැනි පැය

ඔන්න සිංහල බ්ලොග් මැරතන් දෙවැනි පැයත් පටන් ගත්තා. කට්ටිය දිගට හරහට “අත් දෙකෙන්ම” දුවනවා වගේ. මාර්ගය දෙපස මැරතන් බලන්න කට්ටිය පිරිලා බව මගේ බ්ලොග් අඩවියට පිවිසෙන පිවිසුම් ගණන දිහා බැලුවාම පේනවා. අපි දැන් පිවිසෙන්නේ මැරතන් දෙවැනි පැයට, මේ පැයේදී මා බලාපොරොත්තු වනවා.

  • වෙබ් අඩවි ප්‍රචාරණය පිළිබඳ සටහනක්
  • අළුතෙන්ම නිකුත් වන චිත්‍රපටියක් පිළිබඳ විස්තරයක්
  • ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙල පිළිබඳ විස්තරයක්

ඔබට ඉදිරිපත් කරන්න. ඉතින්, දිගටම සුදාරකගේ අන්තර්ජාල සටහන සමඟින් රැඳී සිටින්න.