Categories
විවිධ

නැවතත් බ්ලොග් මාර්ගයට

බ්ලොග් මැරතන් එක මට නම් හරියට බාධක දුවනවා වගේ, එහෙන් අකුණු ගහනවා. මෙහෙන් මගේ දුරකථන බිලත් ආරක්ෂා කරගන්න එපැයි. සැලසුම් කර විදිහට බ්රෝඩ්බෑන්ඩ් නියමිත දිනට ලබාගන්න බැරි වෙච්ච නිසා තමයි මේ ඔක්කොම. ඔන්න ඉතින් කොහොම කොහොම හරි බ්ලොග් මැරතන් තුන් වෙනි පැයටත් ළඟාවුනා. දිගටම මැරතන් ඉසව්ව සමඟ රැඳී සිටින්න, හොඳ හොඳ ‍සෙල්ලම් බලාගන්න පුළුවන්…!

Categories
විවිධ

වෙබ් අඩවියට ප්‍රචාරය – 2

ඔබේ වෙබ් අඩවියට කට කතා මා‍ර්ගයෙන් ප්‍රචාරණය ලබා දීම පිළිබඳව තමයි අප කතාකරේ. වෙබ් අඩවියට ප්‍රචාරණය ලබාදීමට තවත් ක්‍රම ගණනාවක්ම තියෙනවා. ඔබේ වෙබ් අඩවිය පිළිබඳව ඔබේ මිතුරන්ගේ බ්ලොග් අඩවි තිබේනම්, ඒවායෙහි ඔබේ වෙබ් අඩවිය ගැන හිතන්නේ මොනවාද කියලා සටහන් කරන්න කියන්න, ඒ තුලින් ඔබට ඒ බ්ලොග් අඩවි හරහා ඔබේ වෙබ් අඩවියට ප්‍රචාරණය ලබාගන්න පුළුවන්. මෙයට අමතරව ඔබට පුළුවන් වෙනත් වෙබ් අඩවි සමඟ යොමු හුවමාරු කරගැනීමට (Link Exchange) මෙහිදී සිදුවන්නේ ඔබ ඔබේ වෙබ් අඩවියෙන් අනිත් වෙබ් අඩවි වලට පිවිසීමට යොමු ලබාදෙනවා, එමෙන්ම ඔබ‍ගේ වෙබ් අඩවියෙන් යොමුව ලබාදුන් වෙබ් අඩවියෙන්, ඔබේ වෙබ් අඩවියට යොමුවක් ලබාදෙනවා. Link Exchange කරගැනීමකදී සිදු වන්නේ මෙම ක්‍රියාදාමයයි. තව විස්තර තියෙනවා පසුව කියන්නම්කෝ