Categories
විවිධ

සුභ උදෑසනක් වේවා!

නොකඩවා ලියන්න හිටියට මේන් වැඩේ කරන්න හම්බවුනේ නෑ. ගොරව ගොරවා, අකුණු ගහ ගහ වහින්නට වුනානේ. ඉතින් වැස්ස පෑයුවාම ආපහු දුවන්න හිතාගෙන පොතක් අතට ඇරගෙන කියවන්න ගත්තා… පොත කියවලා ඉවරවෙනකොට මට දැනුනා මුළු පරිසරයම නිකන් ආලෝකමත් වෙලා, වැස්ස නතරවෙලා කියලා! අහ් දන්නෙම නැතුව නින්ද ගිහිල්ලා. මොනවා කරන්නද, කමක් නෑ මෙතන ඉඳගෙන හරි ඉදිරියට ලියනවා…

Categories
විවිධ

නුගේගොඩ ගමන

ඔන්න ඉතින් අද ඒ.ඩී.ඇස්.ඇල් ගන්න නුගේගොඩ ගියානේ. අද නිවාඩු දවසක් නිසා වැඩිපුර තදබදයක් තිබ්බේ නම් නෑ.. ඒක නිසා හොඳට ගියා. ඒ.ඩී.ඇස්.ඇල් ඇරගෙන පොඩි සවාරියක් දැම්මා නුගේගොඩ කට්ටියත් අඩුයිනේ 😉 ඔන්න ඉතින් සවාරියේ යද්දී දැක්කේ නැතෑ වෙසක් කූඩුවක්. මේ ජිවීතේට එහෙම එකක් දැක්කාමයි. දණහිසට අඟල් දෙක තුනක් උඩ වැහෙන්න විතරයි ඇඳලා හිටියේ. තව පොඩ්ඩෙන් මේ වෙසක් කූඩුව බලන්න ගිහිල්ලා තව පොඩ්ඩෙන් නුගේගොඩ ලයිට් කණුවක් හැප්පෙනවා… වෙසක් කාලෙට කලින්ම වෙසක් කූඩුවක් දැක්කේ ඔන්න ඔහොමයි… 😀