Categories
විවිධ

මට කොත්තුත් ඕනේ…

ෂා මැරතන් එක ඇදිලා යනවා නියමෙට කට්ටිය වතුර ගහගන්නවා, සමහරු දිගට හරහට චැට් කරනවා. කියලා වැඩක් නෑ. නියම ඉසව්ව. ශ්‍රී ලංකාවේ වැඩිම දෙනෙක් පිවිසෙන බ්ලොග් සින්ඩ්කේටරය තමයි කොත්තු කියන්නේ. වෙනදා ඉංග්‍රීසි සටහන් වලින් පිරිලා තියෙන කොත්තුව, අද සිංහල සටහන් වලින් පිරිලා. සිංහල සටහන් වලින් පිරිලා තියෙන කොත්තුවේ රහ වැඩියි කියලා තමයි මට නම් හිතෙන්නේ.

Categories
විවිධ

සංසාරේ බවේ දුකා

බුදු දහමේ ඉගැන්වෙන හැටියට වෙනස් නොවෙන එකම දේ තමයි වෙනස් වීම. ඉතින් සියල්ල අනිත්‍යයි අනිත්‍යයි කියන්නේ කිසිම දෙයක ස්ථිර පැවැත්මක් නැති බවයි. මේ ස්ථිර පැවැත්ම නැති නිසා එක දුකක්. එමෙන්ම මම, මගේ යන සංකල්ප සීමා වන්නේ වචන වලට පමණයි. මෙය මගේ, මාගේය, මාගේමය කියලා කොචිචර කිව්වාත් අවසානයේ සිදුවන්නේ එය අපෙන් ඈත්වීම. උදේ පාන්දර පොඩ්ඩක් හිතන්න කාරණාවක් තමයි මේ මම දැන් කිව්වේ…