Categories
විවිධ

රේස්!

මැරතන් එකක් අ‍ස්සේ මේ ලියන්න ලෑස්ති වෙන්නේ රේස් එකක් ගැන. රේස් තමයි මෑතකදී ඉන්දියාවේ නිෂ්පාදනය වූ දැවැන්තම හින්දි සිනමා නිර්මාණය. මෙම චිත්‍රපටියේ ප්‍රධාන චරිත කිහිපයක්ම තිබෙනවා. ඒ අතිරිනුත් ප්‍රධාන වනුයේ සයි‍‍ෆ් ඛාන් හා අක්ශේ ඛන්නා ගේ චරිත. මේ චරිත අතරය හාස්‍යක් එක් කරන ප්‍රධාන චරිතය වනුයේ අනිල් කපූර්ගේ චරිතයයි. සියල්ල මුදලට යටවූ සමාජ තත්ත්වයක් පිළිබඳව ගෙන එන මේ චිත්‍රපටි‍ය නම් මම නැරඹුවේ නෑ. ඒත් සින්දු නම් ඇහුවා. මට මේ චිත්‍රපටියේ සින්දු වල නම් කිසි සියුම් රසයක් දැනෙන්නේ නෑ. ප්‍රධාන වශයෙන් ශබ්ද රසයම විතරයි. මේ චිත්‍රපටියේ සංගීතය නිර්මාණය කර තිබෙන්නේත්, ජබ් වී මෙට් චිත්‍රපටියේ සංගීතය නිර්මාණය කරන ලද්දා වූ ප්‍රීතම් චක්‍රබෝතීම තමයි. වැඩි විස්තර පසුව බලාපොරොත්තු වන්න. මැරතන් බලලා / ලියලා මහන්සියි වගේ නම් රේස් චිත්‍රපටියේ මේ ගීතය රස විඳින්න…
[youtube=http://www.youtube.com/watch?v=4tnbHSmlrCc&hl=en]

රූප ගැන හිතන්න එපා. සින්දුව විතරක් අහන්න.. 😀

Categories
විවිධ

දැන් වෙලාව උදේ නවයායි!

මැරතන් දුවලා දුවලා සමහර අයට නම් ඉතින් මහන්සියි වගේ, තව හරියටම පැය 11කට ආසන්න කාලයක් මැරතන් දුවන්නයි තියෙන්නේ.  කට්ටිය ලියනවා ලියනවා…. මැරතන් සින්ඩ්කේටරයේ පිරී ඉතිරිලා යන්නම අකුරු වලින් පිරිලා ගිහිල්ලා. ඒ අතරේ සංසදයේ කතා කාමරේ තමයි නියම වැඩේ යන්නේ… කට්ටිය නාවනවා, සමහරු නාගන්නවා කියලා වැඩක් නෑ. මැරතන් එක අස්සේ උදේ පාන්දරම නාගත්තා නාගත්තා වගේ නෙමෙයි. උදේ පාන්දරම සීතලට ගල් වෙලා හරියට අයිස් වගේ…