Categories
විවිධ

සාමයේ පහන් දැල්වෙන, සුභ වෙසක් මංගල්‍යයක් වේවා.

වෙසක් සඳින් ආලෝකමත්වූ මේ රාත්‍රියේ අතැඟිලි තුඩින් ලියැවෙන සුදාරකගේ අන්තර්ජාල සටහනේ තවත් සටහනක් මෙසේ එළිදකින්නේ, සාමයේ පහන් දැල්වෙන වෙසක් තෙමඟුලේ ඔබට ආසිරි පතන්නටයි. බුදු රාජාණන් වහන්සේගේ උතුම් වූ උත්පත්තිය, උතුම් වූ බුද්ධත්වය හා උතුම් වූ පරිනිර්වාණය සිහිගන්වමින් සකල ලෝ බෞද්ධයා මෙවර වෙසක් තෙමඟුල සමරන්නේ මහත්වූ නේක දුක්ඛයන්ට මුහුණදෙමින් බව ඔබ සැම නොදන්නා කරුණක් නොවන බව මම දනිමි. තෙල් මිල, ආහාර මිල, යුද්ධය, සාගින්න හා ස්වාභාවික විපත් වලින් ලද පීඩනයෙන්  මෙන්ම විවිධ වා‍ද භේදයන් උත්සන්න වෙමින් පවතින කාලයක බුදුන්ගේ ධර්මයේ, දර්ශනයේ වටිනාකම නොමඳව ඔබට නොදැන්නේද?

කෙසේ නමුදු ශ්‍රී ලාංකික බෞද්ධයින්ගේ එකම වෙසක් ප්‍රාර්ථනාව වනුයේ සාමයයි. ජාති, කුල, ආගම් භේදයෙන් තොර සියල්ල සියල්ලන්ටම සමාන වන, ප්‍රඥ්ඥාවේ ආලෝකය දැල්වෙන්නාවූ ‍ලංකාවක් ලොවක් දකින්නට අපගේ නෙත්, සිත් වාසනාවන්ත වේවායැයි අපගේ පරම පවිත්‍රවූ ප්‍රාර්ථනාව වන්නේය. එනයින් මේ වෙසක් මංගල්‍යය දිනයේ ඒ ඉහත කී සාමයේ ප්‍රාර්ථනාවන් ඉටුවෙන සුභම සුභ වෙසක් මංගල්‍යයක් වේවායැයි මගේ ප්‍රාර්ථනාවයි…

ඔබ සැමට සාමයේ පහන් දැල්වෙන සුභ වෙසක් මංගල්‍යයක්ම වේවා…!

ටිකක් බර වචනයෙන් ලිව්වාට, මේ වෙසක් දිනයේ අප සියළු දෙනාටම ජීවත්වීමට සිදුවී ඇත්තේ ඉතාමත් දුක් සහිත වටපිටාවක් තුලයි. පුවත්පත් වලින් ආරන්චි වූ විදිහට මෙවර බොහෝ දෙනා ආමිස පූජාවන්ට වඩා ප්‍රතිපත්ති පූජාවන්ටද යොමුවී ඇත්තේ ඒ නිසාම වෙන්නට ඇති.  කොහොමහරි ගතවෙච්ච මාස 12 දිහා හැරිලා බැලුවාම බුද්ධ ධර්මයේ තියෙන වටිනාකම බොහෝ දෙනාට දැනෙන්න ඇති, දැනෙනවාත් ඇති ඉදිරියටත් දැනේවි. ලංකාවේ බෙදී යාම් විශාල වෙන්න ගත්තා. ර‍ටේ ආරක්ෂක හමුදා රට එකතුකරන්න අනේක උත්සාහ ගනිද්දි අපේ පාලකයෝ පිස්සු කෙලින්න ගත්තා. පාලකයෝ විතරක් නෙවෙයි විපක්ෂයත් එකයි. හැමෝම බෙදි බෙදී යනවා. මේක දේශපාලනයට විතරක් නෙවෙයි බලපෑවේ. ලංකාවේ අන්තර්ජාල සමූහයකටත් බලපෑවා (දන්නෝ දනිති!) මේවායින් කබලෙන් ලිපට වැටෙන්නේ අපි තමයි. ‍පක්ෂ විපක්ෂ ඈයෝ කොච්චර ගහබැන ගත්තත් අන්තිමට කරට අත දාගෙන ගිවිසුම් ගහගන්නවා. මේවා ගැන වැඩිය කියවන්න යන්නේ යන්නේ නෑ. කියන්න දේකුත් නෑ. මේවා හැමදෙයක්ම හැම දෙනාගෙම හදවතේ කකියනවා ඇති. අන්තිමට කියන්න තියෙන්නේ මේකයි, අලුත් අවුරුද්දේ වත් අලුත් වෙන්න බැරි වුනානම් මේ වෙසක් දවසේ ධාර්මිකව අධිෂ්ඨානයක් කරගන්න, කරපු වැරදි අමතක කරලා හොඳ දේවල් සිහියට නගාගන්න. නූපන් කුසල් උපදවාගෙන, උපන් කුසල් දියුණු කරගන්න…

Categories
විචිත්‍ර

අයියෝ ෂර්ලොක්!

මම කලින් කිව්වා මතක ඇතිනේ ෂර්ලොක් හෝම්ස් කියලා ටෙලිනාට්‍ය පෙළක් රූපවාහිනියේ විකාශනය වෙනවා කියලා. ඉතින් ඒකට සමගාමීව මමත් ෂර්ලොක් හෝම්ස් ගැන සටහනකුත් දැම්මා. ඉතින් මම ගිය සතියේ සෙනසුරාදා ලේස්ති වෙලා ටී. වී එක ඉස්සරහා හරියටම 9.30ත් කලින් වාඩි වුනා. ෂික් නාට්ටේ මඟහැරිලාවත්ද? විනාඩි 10ක් විතර ගියා තාම නාට්ටේ පටන්ගත්තේ නෑ. ඉතින් මොකද කරේ නාට්ටේ බැලිල්ල අතඇරලා පුටුවෙන් නැගිට්ටා විතරයි මෙන්න පටන්ගත්තා. බලන්න පටන්ගත්තු තැන ඉඳලා කිසිම වින්දනයක් මට නම් ලැබුනේ නෑ. විනාඩි5ක්වත් රූප රාමු පෙන්නන්නේ නෑ දැන්වීම් දානවා. ඒක තමයි අප්පිරියම. එහෙම දැන්වීම් දාන්න හේතුව වෙන්න ඇත්තේ ඒ නාට්‍යය හදන්න ගොඩක් සල්ලි වියදම් කරන්න ඇති නිසා වෙන්න ඇති. ඒත් මටනම් හිතෙන්නේ…

“අප‍රාදේ හදන්න ගියපු සල්ලි!”

පලවෙනි කොටසින්ම නාට්ටේ එපා වුනා. අපි හැමෝගෙම වින්දනය වෙනස්නේ. මට නම් ඉතින් අප්පිරියයි… ඒකටත් හේතු ගොඩාආආආආයි!!!

නාට්‍යයේ ශෛලිගත භාවය වැඩියි.
හරිම අතාත්විකයි.
දුර්වල සංස්කරණ උපක්‍රම
සහ තවත් බොහෝ දෑ…

රංගන ශිල්පියෙක් වුනාම, ඒ චරිතය ඒ ආකාරයෙන්ම නිරූපනය කිරීමේ හැකියාව තියෙන්න ඕනේ. ඒත් මේකේදී නියම ෂර්ලොක් හෝම්ස් ඉස්මතු වෙන්නේ නෑ. ඒ වගේම ෂර්ලොක් හෝම්ස් පොත මේකේ ප්‍රධාන නලුවා කියවලා තියෙනවාද දන්නෙත් නෑ. හැබැයි මට හිතෙනවා මේ ෂර්ලොක් හෝම්ස් චරිතයට ගැලපෙන නළුවෙක්. ඒ නළුවා තමයි රොජර් සෙනෙවිරත්න. අද ජීවතුන් අතර කොනන් ඩොයිල් හිටියානන් පෙරළි පෙරළි අඬාවි (සමහරවිට හිනාවෙන්නත් බැරිකමක් නෑ) මේ ගැන වැඩිය ලියන්න දෙයක් නෑ. ඔයා මොකක්ද හිතන්නේ මේ නාට්ටේ ගැන? හොඳයිද? නරකයිද? ප්‍රතිචාරයක් ලෙස සටහන් කරන්න…