මේ මා වෙත බ්ලොග් අඩවියේ පළ කරන මෙන් ඉල්ලා සිටිමින් විද්‍යුත් තැපෑලට එවන ලද්දාවූ කුමුදු පින්තු මහත්මා පිළිබඳ ලිපියකි. කර්තෘ අඥ්‍යාතයි. ඔහු පවසන අන්දමින් ඔහු කුමුදු පින්තු මහත්මාගේ පාඨශාලයීය ජීවිතයේ සමකාලීනයෙකි.
කුමුදු පින්ටෝ අසාමාන්‍යයෙන් මුණ ගැසෙන චරිතයකි. ඔහු වෘත්තියෙන් ඉංජිනේරුවෙකි. මා දන්නා තරමින් යාන්ත්‍රික ඉංජිනේරුවෙකි. ලංකාවට ආ මුල්ම පෞද්ගලික පරිගනකවලින් එකක් ඔහු මිලට ගෙන තිබිණි. ඒ රූපවාහිනිය හා සම්බන්ධකොට පරිගනක ක්‍රියාකළ යුතුව තිබුණු මුල්ම යුගයයි.
ඔහු විවාහ වූයේ නැත.
එහෙත් බොහෝ දෙනෙකු ආරණ්‍යවාසී නොවන තරුණ කාලයේ ඔහු භාවනා කිරීම සදහා ආරණ්‍ය වාසී වූයේ ය. වසර කීපයකින් ඒ මග එපා යයි කියා නැවතත් නගරයට සංක්‍රමණය වූයේ ය.
ලංකාවේ පරිගණක ඉගෙන ගන්නා සිසුන් වෙනුවෙන් ඔහු සිංහලෙන් පොත් පළ කළේ ය. ලංකාවේ පරිගණක වෙළඳාමේ අද ඉන්නා දැවැන්ත සමාගම් බොහෝ ගණනක් ඔහුගෙන් මුල් යුගයේ උපදෙස් ලැබුවේ ය.
ඔහු විසින් ඉලෙක්ට්‍රොනික මාධ්‍යයෙන් ඉගැන්වීම සදහා නිර්මාණය කරන ලද දෑ දෙස් විදෙස් අධ්‍යාපන විශේෂඥයින්ගේ අගැයීමට ලක්වූයේ ය. ඉලංගරත්නගේ පොත් ද ස්ටීවන් ස්පීල්බර්ගේ චිත්‍රපටි ද ඔහු තම විෂයමාලාවන් ඉගැන්වීම සදහා භාවිතා කළේ ය. සාහිත්‍යයට චිත්‍රපටයට කිසිම සම්බන්ධයක් නැති විෂයන් ඉගැන්වීමට ඔහු සාහිත්‍ය ද චිත්‍රපටිය ද යොදා ගත්තේ ය. ඒ නිසාම ඔහු දක්ෂ එමෙන්ම නිර්මාණශීලි ගුරුවරයෙකු වශයෙන් ඔහුගේ ගෝලයින් අතර අතිශය ජනප්‍රියත්වයක් ලැබී ය.
ඔහුගේ සමහර දේ බලන කෙනෙකු ඔහු පිස්සෙකැයි කියන්නට ද ඉඩ තිබේ. ඇත්තටම සමහර විට ඔහු පිස්සු වැඩ කළේ ය.
ඔහු ඉතිහාසය දෙස බලා සිදු වූ සිදුවීම් පෙළ ගස්වා ඒ තුළ යම් රටාවක් ඇත් දැයි සොයා බැලුවේ ය. ඉතිහාසය සම්බන්ධ ඔහුගේම න්‍යායන් කීපයක් ගැන ඔහු මහත් උනන්දුවෙන් කතා කළ වකවානුවක් ද තිබිණි. ඒ සියල්ල චක්‍රාකාරයෙන් නැවත නැවතත් සිදුවෙන බව කියමිනි. විශේෂයෙන් රටේ සිදුවන කැරලි සම්බන්ධයෙන් ඔහු අනාගත පුරෝකථනයන් කිරීමට ඔහුගේ න්‍යාය යොදාගෙන තිබිණි.
කැරලි නැවත නැවතත් චක්රකාරයෙන් ඇතිවන්නට හේතු පිරික්සීම ගණිතඥයෙකු හැටියට තම කාර්යය ලෙස ඔහු නොසැලකුවේ ය. සමහර විට සමාජ විද්‍යාව හදරා තිබුනේ නම් ඒවායේ හේතුඵල සම්බන්ධය ගැන සෙවීමට ඔහු උනන්දුවන්නට ඉඩ තිබුනේ යැයි සිතේ.
ඔහුට රෝගාබාධයන් බොහෝ විය. ඔහු ඉක්මණින් කුපිත වන බව සමහරු කී අතර සමහරු ඔහු දුටුවේ සාන්තුවරයෙකු ලෙසිනි. ගමේ දහම් පාසැලේ ප්රධානාචාර්යාවරයා ඔහු වූ අතර ඒ දහම් පාසලේ ක්රියාකාරිත්වයන් හරහා දැනටත් මාධ්‍යවල වැඩකරන බිහිවී ඇත.
වරෙක පවුලෙන් උරුම වූ ඔහුගේ එකම ගෙය වෙන්දේසි කරන්නට තිබෙන බව ඔහුට දැනගන්නට ලැබෙන්නේ වෙන්දේසියට ටික දවසකට පෙරය. ඒ ගේ උගසට තබා පවුලේ කෙනෙකු විසින් ගත් ණය මුදලක් නොපියවීම හේතුවෙනි. ඔහු ගේ සියලු සම්පත් යොදා එය ව්‍යාර්ථ කර ගැනීමට ඔහුට හැකි විය. යාලුවන්ගේ හෝ හිතේසීන්ගේ උදව් ඒ සදහා ලැබුනා දැයි නොදනිමි. නැතිනම් ඔහු කෙතරම් දක්ෂයෙක් වුව ද අගුපිලට වැටෙන්නට කටයුතු යෙදී තිබුනේය. ඒ ඔහුගෙන් වැඩගත් ව්‍යාපාරිකයින්ට පින්සිදුවන්නට ද නැත්නම් තමන්ගේම ආර්ථික කළමනාකරණයේ දුර්වලකම් නිසා ද යන්න හරිහැටි පැහැදිලි නැත.
මරණයෙන් පසු දෙපැත්තකට බෙදී ඔහු ගැන කරන වාදයන්ගෙන් පෙනී යන්නේ ඔහු ජීවත්ව සිටින කාලයේ ඔහුව එක් එක්කෙනා දැන ගෙන සිටියේ කොටස් වශයෙන් බව ය. ඒත් ඒ හැම කොටසකම ප්‍රබලත්වයක් තිබුනා විය යුතු ය. මැරුණු කෙනෙකුට නිකම් ඉන්නට දෙන්නේ නැතිව ගලින් හා මලින් දෙකින්ම හරි හරියට සංග්‍රහ කරනු ලබන්නේ ඔහු ජීවත්ව සිටියදී කරන ලද මැදිහත්වීම් ප්‍රබලත්වය නිසා ම ය.
නිමි.
6 replies on “අසාමාන්‍ය කුමුදු”
චරිතයක හොඳ නරක දෙකම තියනවා. මෙච්චර විස්තර කොහෙන්ද හොයාගත්තේ මලයෝ ?
මේක මම ලියපු එකක් නම් නෙවෙයි. බ්ලොග් එකේ පළ කරන්නයි කියල විද්‍යුත් තැපෑලෙන් ආපු ලිපියක්. 🙂
Great article……
Mr. Kumudu is one of the strangest people I have met. I knew him for several years and almost all details in the above article written by an anonymous author are true according to my knowledge.
I have seen Kumudu as a great teacher and a person who believed and nurtured a philosophy of his own. He was also an astrologer, he knew a great deal of Buddhism and Sinhala literature which he used constructively when teaching. As the above article says he became a monk in early 90s and if I recall correctly he had been a monk for 3 years (according to him he returned from there due to deteriorating health conditions). He suffered from multiple illnesses such as arthritis, wheeze and epilepsy since his childhood. Mr. Kumudu was unmarried and according to him it was due to a failed romantic affair with a girl hailing from Kandy (an incident that took place in early 80s when he was at digitronics which was founded by him). I will remember him as a great guru, a visionary and a man with a philosophy of his own who had changed many lives in a positive way.
For some reason few people in the blog space try to distort the reality of this man’s life. I do not regret as this is the human nature. Some of them might be jealous of his sudden popularity and stardom after death, some might be looking for vengeance and some would simply suspect. I have no idea about his sexual preferences but Mr. Kumudu I knew was a disciplined guru who never exploited his students.
Truth is truth. he is the best…
So far he’s the best teacher that I have met in my life. because you have mentioned most of the qualities that I have seen from my eyes.
Thanx for this article…
කුමුදුලාල් පින්ටෝ මහතා ගැන මා දන්නා ඇබිත්ත මීට එක් කරන්න හිතුනා.
මේ නම මා මුල් වර කියෙව්වේ අසූවේ දශකයේ මුල වෙන්න ඕනැ. ඒ යුගයේ නවයුගයට හා වරින් වර නිකුත් වූ පරිගණක සඟරා කිහිපයකට ඔහු ලියූ ලිපි කියෙව්වා මතකයි. මුලින්ම පරිගණකයක් යනු කුමක්දැයි මා අවබෝධ කර ගත්තේ එබඳු ලිපි හරහා. ඒ මා හතේ අටේ ඉන්නා කාලෙ.
පසුව මා ‘විජය පරිගණක’ සඟරාව සංස්කරණය කරන කාලෙ මහාචාර්ය සමරනායක මහතා “මේ අපේ යාළුවෙක් ලියපු ලිපියක්. පුළුවන්නම් පළ කරන්න” කියා කුමුදුලාල් පින්ටෝ මහතා ලියූ ලිපියක් මා අතට පත් කළා. මා එය පළ කළ මුත් ලිපිය මොකද්ද කියා මතකයක් නැහැ.
මෑත අතීතයෙදි ලැබෙන වෙලාව අනුව ඔහුගේ වියුණට ඉඳහිට ගොඩ වැදුනත් අප අතර ඇති සමානාත්මතාවය වටහා ගත්තෙ ඔහු මැයි 26 වැනිදා ‘ගුරුවරයකුගේ සතුට’ නමින් කළ වියුණු ලිපිය කියවා. එහි ඔහු සඳහන් කරනවා තමන්ට හතරෙ පන්තියෙදි ඉගැන්නු ‘තෙන්නකෝන් මැඩම්’ ගැන.
මටත් තෙන්නකෝන් මැඩම් කෙනක් බුද්ධ ධර්මය හා සමාජ අධ්‍යයනය ඉගැන්නුවා හයේ පන්තියෙදි. ඒ 1979දි. ඒ ඇගේ ගුරු දිවියේ අවසන් වසර. ඊළඟ අවුරුද්දෙ ඇය විශ්‍රාම ගියා. මේ ඇය වෙන්න බැහැ කියා මා හිතුවා කාල සීමාව දිගු නිසා. එක තෙන්නකෝන් මැඩම්ද ලංකාවෙ ඉන්නෙ?
මා වැරදි බව පින්තු පෙන්නා දෙන්නේ මැයි 30දා ලියන ‘ආයෙත් තෙන්නකෝන් මැඩම් හමුවෙන්නට ගිය කතාව’ නම් වියුණු ලිපියෙන්. එහි ඔහු මෙසේ කියනවා.
“…මේ ළඟදි කතා වුණා තෙන්නකෝන් මැඩම් බලන්න යන්න. මේ මැඩම් තමයි මගෙ හතරෙ පන්තියෙ ටීචර්. ටීචර් අපි අඳුන ගත්ත. ටීචර්ට දැන් වයස 91යි. හොඳට කතා කරනව. ඇවිදිනව. පේනව. අපි දෙන්න එක්ක පැය ගණනක් කතා කර කර හිටිය. තෙන්නකෝන් මැඩම් කෝට්ටෙ රජ මහා විහාර කුළඟන සමිතියටත් බැඳිල. වයසට අනුව නෙවෙයි වැඩ. යුද්දෙන් බැට කෑ ගම්මානවලට ගිය කතාවල්, ඒ දරුවන්ට පොත් බෙදූ හැටි, අත් පා අහිමි වූ අපේ හමුදා සෙබළුන්ට කෘතිම පා දීපු හැටි. මේවා රහ කර කර අපිත් එක්ක කිව්වා. මේවා ඇහෙනකොටයි මට හිතුනෙ මං ඉස්කෝලෙටත් රටටත් කළ වැඩ මදිය කියන එක…”
පසුව මා දැන ගත්තේ මට ඉගැන්වූ සුරියාරච්චි මැඩම් ඇතුළු තවත් ගුරු මෑණිවරුන් කිහිපදෙනකුම ඔහුටද උගන්වා ඇති බව. ඔහුවන් කෙනකුට ඉගැන්නු ගුරු මව්වරුන් පියවරුන් කිහිපදෙනකුගෙන්ම ඉගෙන ගන්නට ලැබීම මට විශාල ගෞරවයක්.
කුමුදුලාල් පින්ටෝ මහතාට නිවන් සැප ලැබේවා!