රොක් සංගීතය පිළිබඳව නම් මා එපමණ දන්නේ නැහැ. මා ලියන්නෙක් මිසක්, සංගීත විශේෂඥයෙක් නොවෙයි. (මං රාජ කුමාරයෙක් නෙවෙයි. ගමේ කොල්ලෙක්!) නමුත් මීට මාස කිහිපයකට අහම්බෙන් අහන්න ලැබුන මේ ගීතය මා කොපමණ වෙනස් මානයකට ගෙන ගියාද නම්, මා බොහෝ විට වියවුල් වූ විට නැවත නැවත මේ ගීතයට සවන් දීමට පුරුදු වුණා. වාර්තාව පැය තුනක් – කාමරය තුළ – එක දිගට!
ගීත රසවිඳීමට සංගීතය පිළිබඳව එපමණ දැනුමැත්තෙක් විය යුතු නොවීම ම, සංගීතය නම් කලාවේ සර්වකාලීනත්වය ආරක්ෂා කරනවා. ආදරය පිළිබඳ ශ්රී ලංකාවේ සංස්කෘතික රටා පිළිබඳ කතිකා කරන්නට මේ ගීතය තරම් සුදුසු අන් කිසිවක් නැහැ. පහත උත්සාහය ගීතය එසේම වදනින් වදන පරිවර්තනය කිරීම ප්රයත්නයක් නොවේ. නමුත් ගීතයේ අර්ථය සිංහලට නැගීටම ගත් අසාර්ථක උත්සාහයක්. ඕනෑ වුනේ ගීතය නැවත වරක් බෙදාහරින්නට. රස විඳින්නට සලස්වන්නට. ඉතින්, සවන් දෙනු මැන.
[youtube=http://www.youtube.com/watch?v=Lli99OmkPwM][/youtube]
So close no matter how far | කොතෙක් අප දුරස් වූවද |
Couldn’t be much more from the heart | හදවතේ සිට දුරක් නැත |
Forever trust in who we are | අප පිළිබඳ අප විශ්වාස තබනා කල |
And nothing else matters | අන් කිසිවක් ගැන වගක් කුමටද? |
Never opened myself this way | මෙලෙස මා හද විවර කර නොමැත |
Life is ours, we live it our way | ජීවිතය ජීවත් විය යුතු ය. එය අපගේම අරුතිනි. |
All these words I don’t just say | එ බව අමුතුවෙන් පැවසිය යුතු නොවූවද… |
And nothing else matters | අන් කිසිවක් ගැන වගක් කුමටද? |
Every day for us something new | දිනෙන් දින අපි අලුත් වෙමු නොවෙ ද? |
Open mind for a different view | දෙනෙත් විවර කරනා කල වෙනස් දැක්මට… |
And nothing else matters | අන් කිසිවක් ගැන වගක් කුමටද? |
Never cared for what they do | කුමක් කළද අනෙකා මට කුමකට ද? |
Never cared for what they know | අනෙකා දන්නා දෙයින් මට මොකට ද? |
But I know | නමුදු දනිමි මම යමක් නිසැකව… |
එය නම්… | |
So close no matter how far | කොතෙක් අප දුරස් වූවද |
Couldn’t be much more from the heart | හදවතේ සිට දුරක් නැත |
Forever trust in who we are | අප පිළිබඳ අප විශ්වාස තබනා කල |
And nothing else matters | අන් කිසිවක් ගැන වගක් කුමටද? |
[youtube=http://www.youtube.com/watch?v=QohUdrgbD2k][/youtube]
3 replies on “Nothing Else Matters: Metallica #පර්යේෂණසටහනක්”
මෙන්න මේකත් බලන්ඩ!
http://www.youtube.com/watch?v=rbTozgoj9OQ
Life is ours, we live it our way
nothing else matter
http://www.elakiri.com/forum/showthread.php?t=1578513
please watch this