කවියෝ නොවෙති කිසිදා පෙම්වතුන්.

හද බිඳෙන බව දැන
ආදරය කරන හදවත්
දිනෙක හද බිඳුන තැන
වෙතිය කවියෝ වදන් ගලපන.

කවි වලට පෙම් බඳින
කවියක්ම යැයි සිතා
පෙම් බඳිති කවියන්ට
අරුත් විසඳා බැලුමට.

කවි තරම් කවියෝ
රසවත්ව නැති නිසා
කවියාගෙ හද ද බිඳ
යති යන්න කවි සොයා.

නැවත හඳ බිදුන තැන
රසිකාවියක සොයමින්
නැවත කවි ලීවද
කවියෝ නොවෙති කිසිදා පෙම්වතුන්.

Join the Conversation

4 Comments

  1. එකඟයි සුදාරක සමඟ. ඒ උනාට මම අහල තියේ මෙහෙම.(කොහේ දෝ පැරණි හින්දි චිත්‍රපටයක)

    මෙ ශායර් තො නහී
    මගර් ඒ හසී
    ජබ්සෙ දේඛා මේනෙ තුජ්කො
    මුජ්කෝ ශායරී ආගයී

    මම කවියෙක්නම් නොවෙමි
    නමුත් සුන්දරියේ
    ඔබ දුටු වෙලේ පටන්
    මට කවි සිතුවිලි පහල වෙයි.

    මටත් යන්තම් කවි පද ටිකක් ගැට ගහගන්න ඇහැක් වුනේ වරහව නිසා තමයි.ආදරය කරන කාලේ මක්කට කවි ලියනව ද අමුතුවෙන්.

  2. අනේ මන්දා මං කවියෙක් නෙමෙන නිසා මට තේරුං යන්නෙ නෑ මේවා…

  3. අහලා නැද්ද කතාවක්,කවියාද පිස්සාද පෙම්වතාද සිතුවිලි මැවීම අතින් සමානය කියලා.ඒ කියන්නෙ පිස්සාව හලලා ගත්තහම කවියාත් පෙම්වතාත් කියන්නෙ එක්කෙනෙක්..))

    කොහොමටත් හරිම රසිකාවිය මුණ ගැහුණම තමන් ඇත්තටම කවියෙක් කියලා හිතාගෙන කවි ලියන්න පුළුවන් වේවි..එදාට ලියන කවි අපතේ යන එකක් නැහැ.

  4. ආදරය=විරහව-තරහව….විරහව විදිද්දිත් ආදරේ එහෙම්මම නම් අන්න ඒකයි ආදරේ..තේරුනාද?

Leave a comment

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: