මොරටු කැම්පස් යාම සහ තවත් අතුරු කතා…

මේ දවස්වල ලියන්න කියන්න බොහෝමයක් දේවල් තිබුනත් වෙලාව සහ හිතේ ලියැවෙන වේගයේ කිසියම් වේගයේ අඩුවීමක් ‍වගේම අත ළඟ තියෙන කන පැලෙන පළවෙනි වාර විභාගයත් නිසා දැන් ලියවෙන්නෙ කියවෙන්නෙ බොහොම අඩුවෙන්. ඒ වගේම වෙනද තනිකම නිසා ලියවුනු බ්ලොග් සටහන් මීට පස්සෙ නොලියවෙන නිසාත් සැලකිය යුතු මට්ටමේ ප්‍රතිශතයකින් බ්ලොග් ලිපි ලියැවිල්ල අඩුවෙන්නත් පුලුවන්. ඒ වගේම මේ ලියන්නෙ නොලියා ඉන්න බැරි නිසාම වාගේම, කාලෙකින් මුකුත් ලියන්න බැරි වුන නිසාමයි.

ශ්‍රී ලංකාවේ ඩොට් LK ඩොමේන් නාම ලියාපදිංචි කරන ආයතනය. එහෙමත් නැත්තං LK වසම් ලේඛකාධිකාරය. එහෙමත් නැත්තං අපි මව් භාෂාවටත් වඩා හොඳින් දන්න භාෂාවෙන් කිව්වොත් LK Domain Registryය විසින් සංවිධානය කරපු ජාලගත තරග ඉසව්වක් වුනු ජනප්‍රිය ඩොට් LK වෙබ් අඩවිය ‍තේරීමේ තරගය වෙනුවෙන් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය විසින් ක්‍රියාත්මක කරවනු ලබන myblog.lk වෙබ් අඩවියට මනාපය පළ කිරීම නිසා මටත් ඒ මනාපය පළ කිරීම වෙනුවෙන් ලැබෙන තෑග්ගක් ලැබිලා කියල දැනගන්න ලැබුනෙ පහුගිය දවසක සාපේක්ෂව වෙනස් පන්තියට යන ගමන්, ම‍ගේ දෙවෙනි නිවහන ‍වගේ හඳුන්වන්න පුලුවන් බස් එක ඇතුළෙදි. ඉතින් ඒ අදාල ත්‍යාගය ලබාගන්න මොරටුව විශ්ව විද්‍යාලයට එන්න කියල ආරාධනාවක් ලැබුන එත තමයි වුනේ. තෑග්ග ‍මොනව වුනත්, වැස්සකටවත් ගොඩ වෙන්න චාන්ස් එක නැති විශ්ව විද්‍යාලයක් ඇතුළට යන්න ලැබෙන එකම ලොකු දෙයක් නිසා. මායි මගේ යාලුවෙකුයි අද, අපේ ටියුෂන් පුරවරය සහ හදවතට වඩාත් සමීප නගරය වෙලා තියෙන නුගේගොඩදී, නුගේගොඩ සරසවි පොත්හල ඇතුළෙ සෙට් වෙලා යන්න පිටත් වුනා. බස් එකේ ගියාට, සිහිය තිබුනෙ බස් එකේ නෙවෙයි. හරි. අඩුගානෙ මගේ ළඟ නෙවෙයි. කැම්පස් එක ඇතුළෙ. එතන මොනවගේද, කොහොම තැනක්ද කියල බලාගන්නකං ‍නොඉවසිල්ලකින් හිටපු නිසා. හිත තිබුනෙ මගේ ළඟවත්. බස් එ‍ක ඇතුළෙවත් ‍නෙවෙයි. දෙතැනක. එතකොට කැම්පස් එක කියන්නෙ තව තැනක්. අනිත් තැන මොකක්ද කියලා තවම ප්‍රසිද්ධියේ නිවේදනය කරන්න බැරි තැනක්. ඒක ඉතින් දන්නෝ දනිති.

බ්ලොග් සටහනක් ලියද්දී, මගේ තියෙන නරකම පුරුද්ද මාතෘකාවෙන් පිට පනින එක. ඒ වැරැද්ද පැත්තකින් තියලා… ආයෙමත් මාතෘකාවට ආවොත්. අපි දැන් ‍මේ යමින් ඉන්නෙ මොරටු විශ්ව විද්‍යාලයට. ඒ යන්නෙ, තෑග්ගක් අරගන්න. තෑග්ග අරගන්නෙ LK ඩොමේන් රෙජිස්ට්‍රියෙන්. බ්ලොග් එකක් වගේ එක්තරා ආකාරයක සංදේශමය වැදගත්කමකින් වටිනා දෙයකට. මග වර්ණනාවක් කරන්නේ නැතිනම් ඒකෙ අගේ නැතිවෙල යනව. පණීඩිඩය අරගෙන ගියපු සැළලිහිණියා අච්චර මග වැනුම් කරා නං. ඒ වැනිල්ලට ඒ කාව්‍යයට ලැබිලා තියෙන වටිනාකම. කවදහරි බ්ලොග් වලටත් නොලැබී ‍තියෙන්න විදිහක් නැහැ…

හරි. ආපහු මාතෘකාවට. මාතෘකාවේ උප මාතෘකාව. මාර්ග වර්ණනාව.

මම මේ ගාලු පාරට ඇතුළත් වුනේ මං හිතන්නෙ අවුරුදු ගානකට පස්සෙ. මං හිතන්නෙ අවම වශයෙන් අවුරුදු දෙකකටවත් පස්සෙ. සමහර විට වැඩිවෙන්න පුලුවන්. සමහර විට අඩුවෙන්නත් පුලුවන්. කොහොමහරි ගාලු පාරට එච්චර කාලකයකට පස්සෙ ඇතුළත් වෙන්න ලැබීමයි වැදගත්. ළඟදි විවෘත කරපු ගුවන් පාලම ළඟින් යද්දි, මට ඉබේම මගේ යාලුවට ඇහෙන්න කියවුන “අඩේ, මේක නේද ළඟදි විවෘත කරේ?” ප්‍රශ්නය ඇහුණ. අපි වාඩිවෙලා හිටපු තැන නැගිටලා හිටපු නංගි කෙනෙක් තමංගෙ අම්මගෙ මූන දිහා බලල හිනා වුනා. මේ වගේ වැදගත් ප්‍රශ්නයක් අහපු වෙලාවක හිනා වීම, තමයි මොරටු ගමනේදී අපිට ලැබුන ප‍ළවෙනි බයිට්ටෙක.

කටුබැද්දෙන් බැහැපු අපි. කටුබැද්දෙන් මොරටු විශ්ව විද්‍යාලයට හැරෙන පාරට හැරුන අපි. පාර බලා කියාගන්නත් එක්ක පයිංම යමු කියල පිටත් වුනා. යනවා… යනවා… ඉවරයක් නැහැ…

තාම යනවා…

හරි. ඔන්න අපි යන්තං මේක තමයි කැම්පස් එක කියල අඳුරගත්ත. ටිකෙන් ටික බය හිතෙන්න පටන්ගත්ත. අනේ මන්ද ඇයි කියල. එහෙම හේතුවක් කියන්න බෑ. එකම හේතුව අපි කැම්පස් එකට ළං වීම විතරයි.

කැම්පස් එකට ගියපු අපි තුන්දෙනාටම. ඒ කියන්නෙ මටයි, යාළුවටයි, මගේ හිතටයි. ඕනෙ වුනේ මේ විශ්ව විද්‍යාලය මොකක්ද කියල බලාගන්න. අර මුලින් කිව්ව වගේ. වැස්සකටවත් ගොඩ වෙන්න චාන්ස් එකක් ෂුවර් නැති අපිට, ඇතුළට යාමම ලොකු දෙයක්. අඩුගානෙ ළඟින් ගියත් ඇති! ගේට්ටුවේ ආරක්ෂක අංශයට මේ ගැන කිව්වම දාහක් ප්‍රශ්න. කොහොමහරි විශ්ව විද්‍යාලෙ තියෙන ‍රෙස්පෙක්ට් එක. ඒ අයගෙ ඇඟෙත් තිබුන. තමන් වැඩකරන තැන තියෙන ‍ගෞරවය, පිළිගැනීම. තමන්ගෙ ඇඟටත් ආරෝපණය වෙලා තිබුන. කොහොමහරි. අනේ අපොයි කියල, කැම්පස් එක බලන්න මාර ‍බලාපොරොත්තුවෙන් ආපු මටයි මගේ හිතටයි යාළුවාටයි කියන තුන්දෙනාගෙන්. දෙන්නෙකුට විතරයි අවස්ථාව ලැබුනෙ කැම්පස් එක ඇතුළට යන්න. ඒ කියන්නෙ මටයි මගේ හිතටයි. එතකොට යාලුවාට යන්න ලැබුනෙ නැහැ. මිත්‍රත්වයේ නාමයෙන් යාලුවව ගේට්ටුව ළඟ දාලා. මම. නෑ, මම නෙවෙයි. මගේ හිත සහ මම. හිමින් හිමින් බයෙන් බයෙන් විශ්ව විද්‍යාලය ඇතුළට අඩිය තිව්ව. ඔන්න දැං මම බයෙන් ඉස්සරහට යනව. මූනට හම්බවෙනව ලංකාවෙම බ්‍රයිට් කේස් ටික. පිට තැනකදී වෙනම මූනට මූන බලන එකයි. කැම්පස් එක ඇතුළෙ මූනට මූන බලන එකයි අතර තිබුනෙ හෙන වෙනසක්. ඒ මූනු දකිනකොටත් බයයි. අනේ මන්ද. කොහොමහරි මට දැනුනෙ බයක්. ඔන්න මං හිමින් සීරුවෙ ඉස්සරහට ඇදෙනව. බයටම, ගේට්ටුවෙන් අහගත්ත මාර්ග විස්තරය අමතක වෙලා ගිහිල්ල තිබුන. ඔන්න දැං මං මොරටුව විශ්ව විද්‍යාලයේ අතරමං වෙලා. තනියම ‍නෙවෙයි. හිතත් එක්ක. යාලුවානං ගේට්ටුව ළඟ අතරමං වෙලා හිටිය බවයි ආපහු ‍එනගමන් දැනගන්න ලැබුනෙ. හිතත් අතරමං වෙලා හිටපු නිසා වගේම. මංමුලා වුන කෙනෙක්ගෙන් පාර අහල වැඩක් නැති නිසාම… මම මගේ… උපරිම ධෛර්යය දාලා ගියා අයිය කෙනෙක් ළඟට.

එක්ස්කියුස්මී අයියෙ,
(ඇහුන් නෑ…)
අයියෙ,
මේ… LK Domain Registry එක කොතනද දන්නෑ තියෙන්නෙ…

ඒ මොකක්ද මල්ලි…?
(මට ක්ලාන්තය දැනින)

මේ… මට තෑග්ගක් ලැබිල තියෙනව. ඉතින් ඒක අරගන්න අද එන්න කියල තිබුන.

ආ මල්ලි… අර අතන පුටු වගයක් හදන්න තියෙනව. මල්ලිට ඒකට වෙන්නැති එන්න කියන්නැත්තේ…
(පොළව පලාගෙන යන්න සිතුණි)

මේ වෙලාවෙ තමයි මට මතක් වුනේ… ගේට්ටුවෙන් කියපු බිල්ඩිමේ නම.
අර… සුගතදාස බිල්ඩිම?

ආ… ඒකද…හරි හරි ‍ඔහොම යන්න…

ඉතින් ඒක තමයි දෙවෙනි වගේම, වැදගත්ම බයිට් එක.

කොහොමහරි බිල්ඩිම හොයාගත්ත කියමුකෝ. තියෙන තැනත් හොයාගත්ත කියමුකෝ… තෑග්ග ගන්න ආපු බවට සහතික කරන්න, වෙව්ලන අතින් අත්සන් කරෙ. මට මතක විදිහට හරියට අත්සන ගහගන්නත් බැරිවුනා. ඒ තරමට අත පය වෙව්ලිල්ල. හොඳ‍ වෙලාවට වාඩි වෙන්න පුටුවක් ලැබුනෙ. නැත්තං, අද ගෙදර එන්න වෙන්නෙ ඇම්බියුලන්ස් එකකින් කියල ෂුවර්.

අන්තිමේ. මට මතක නෑ ආවෙ කොහොමද, දැන් ආපහු යන්නෙ මොන පාරෙන්ද කියල. කොහොමහරි එතන කැරකි කැරකි ඉඳල, යන්තං එළියට ආවා. එහෙම වුනේ නැත්තං. මම තාමත් සුගතදාස බිල්ඩිම ඇතුළෙ කැරකැවෙනව. දැං නං මට කැරකැවිල්ල වගෙ.

ඉතින් ඔන්න බිල්ඩිමෙන් වගේම කැම්පස් එකෙනුත් එළියට ඇවිල්ල. මායි යාළුවයි හිතයි. අපි තුන්දෙනාටම ඇති වෙන්න. තුන් දෙනා ගැනම සිනා පහළ වුනා. අන්තිමේ පන එපා කියල. නුගේගොඩ එන්න පිටත් වුනා.

ඉතින් ඔන්න ඕක තමයි. මොරටු කැම්පස් යාම පිළිබඳ කතාව. උසස් පෙළ ලියන්නත් කලින් කැම්පස් යන්න ලැබුන එක ලොකු දෙයක්. ඉතින් කැම්පස් එකේ අයියලගෙන් රැග් නොකා. තමන් විසින්ම කන්න පුලුවන් රැග් එක උපරිමයෙන්ම කෑවෙ ‍ඔහොමයි. මේක ඉතින් එච්චර වැදගම්මක් ඇති කතාවක් නම් නෙවෙයි. හැබැයි ඉතින් මට ආපහු වෙලාවක බලල මතක්කරගෙන මට මං ගැනම හිනාවෙන්නයි. මේක ලියුවෙ. ඉතින් දුන්න තෑග්ගට බොහොම ඉස්තූතියි. අද මහ රෑ පන්ති ගිහිල්ල එද්දි කඩං පාත් වුන ධාරාණිපාත වර්ෂාවට ඔළුටට උඩින් ඉඳගෙන මාව ආරක්ෂා කරේ අන්න ඒක තමයි…

හරි.
ආයෙත් කැම්පස් යන්න ලැබු‍නොත් මේ වගේම මොනවහරි දෙයක් ලියන්න ලැබේවි. ඔන්න ඔහොමයි දවසකට හරි කැම්පස් ගියේ. මටත් ඉතින් දැන් බය නැතුව රස්සාවකට ගියාම කියත හැකි මාත් මොරටු කැම්පස් ගිහිල්ල තියෙනව කියල.

Join the Conversation

29 Comments

  1. ඇයි බං එතකොට ඩෝමේන් එකක් රෙජිස්ටර් කරගැනීමේ වැඩකට ආවත් එන්න ඕන ගේට්ටුවේ ඉන්න හිකනල්ලුංගෙ සයිස් බලලද? ඩෝමේන් රෙජිස්ට්‍රි කාර්යාලේ දාන්න තිබ්බෙ මහජනයාට වඩා පහසුවෙන් යන්න පුළුවන් තැනක මිස කැම්පස් එකේ ඇතුල නෙවේ.

    1. මම දන්න විදිහට LK Domain Registry එක කරන කට්ටිය නිකං part-timeලු ඕක කරන්නෙ. කිසිම රටක ඩොමේන් රෙජිස්ට්‍රිය විශ්ව විද්‍යාලයකින් පාලනය කරන සිරිතක් නෑ නෙ.. 😉

  2. apooo.. oka campus eka athulata yanna ochchara gemak denna onada.. lolzzz.. gate eka lagata gihin LK domain registry ekata yanna ona kiwwa gaman sikka penala gate eka open karanne 😀

    anika e building eka thiyenne wale canteen eka laga 😛

      1. Malli,
        Oya Moratu campus eka dekapu heti nam godak hari…
        Eth Moratuwa diha oya tharam bayen balannepa.. Moratuwa aththatama godak adaraneeya minissu inna thenak….

  3. ගේට්ටු නැතුව බලාගන්න ,
    පේරාදෙණිය විශ්ව විද්‍යාලයට පියනඟන්න

    1. විශ්ව විද්‍යාලවලට දැන්වීම් දානවා නම් දාන්න කියාපු වචන ටික. අපරාදේ එළියට දාන්නේ නැතුව පරිස්සම් කර ගන්න තිබ්බේ. 🙂

  4. අයියෝ සික්කව ගණන් ගන්නේ නැතිව ගියා නම් කිසි අවුලක් නෑ. ඒවුනාට මල්ලිලා බොරුවට බය වෙලා. කවුරුත් ඔහොම රැග් කරන්න එන්නෙ නෑ.

  5. උඹ තෑග්ග ගැන සික්කාටත් කිව්වාද :p

    උඹට හරියටම බලා ගන්න ඕනෙ නම් යන්න තිබුනේ පේරා.

    මමත් දෙතුන් පාර මොරටුව ගිහින් තියෙනවා. සික්කලට එහෙම බනින්නත් බෑ. ඒ අය කරන්නෙත් ජොබ් එක. ටිකක් සැරයි තමයි. හැබැයි සික් ජොබ් එක නැත්තන් අර ඊයෙ පෙරේදා පේරා වුන දේ තමයි තව තැනක වෙන්නේ. මොරටුවත් ලස්සන තැන. ටිකක් මධ්‍ය මහා විද්‍යාලය වගේ :p

  6. යකෝ, කැම්පස් එකේ සින්නො පට්ට බයයි වැරදි උං ව ‍රැග් කරන්න. බැරි වෙලාවත් ‍රැග් කරන්න ආව නං කියන්න ඔයා ආපු කාරනේ. “සොරි” කියලා, එක්කං ගිහිල්ල ප්ලේන්ටිත් අරං දේවි. “‍රැග්” වෙන එකත් ප්‍රිවිලේජ් එකක් 🙂 එහෙම හැමෝටම මොර‍ටුවෙදි ‍රැග් වෙන්නෙ බැහැ. සුදුසු කම් සපුරලා ඉන්න ඕන.

  7. මල්ලි යන්ඩ කලින්ම බය වෙලා නේ…

  8. අයියෝ මල්ලි මොකැයි උනේ?
    මල්ලි අපේ කැම්පස් එකයි කට්ටිය ගැනයි පොඩි වැරදි talks වගයක් දීල තිබුන, පස්සෙ ඒව ගැන බලාගම්මු! හොඳේ? 😀

    මොරටුව කියන්නෙ එදත්, අදත් හෙටත් එළ කොල්ලො, කෙල්ලො ඉන්න කැම්පස් එකක්.

    මල්ලිත් කොහොමහරි මොරටුම යමු ඉතින්!

    1. eyaaa.. moratuwa campus eka gena mona kathaada.. melo wedakata nathi campus ekakne..

      maha lokuwata kiyanne engineering da computing da arawada mewada kiyala.. adu gaane campus eke website ekawath hariyata hadaganna ba.. lolzzzz..

      ithin oke igena ganna eun gena kumana kathaada

      1. නරියත් උඩ පැනල පස්සෙ මිදි තිත්තයි කිව්වලුනෙ. 😀

        අනෙක website එකට කැටයම් දාන්න තරම් වෙලාවක් තියෙනවනම් ඉතින් මොනව කොරන්න බැරිද? හැමදාම Coursework කියයි, Mid-term කියයි, Exam කියයි.
        මල්ලිත් ගිහින්ම බලන්නකො කැම්පස් එකේ රඟේ.

        1. anee ow.. හැමදාම Coursework කියයි, Mid-term කියයි, Exam කියයි. kiwwata kisima practical knowledge ekak na.. wedak karanna giyama melo hasarak danne na.. pothe gurala, giraw thamai oken eliyata enne 😛

          1. මේ කතාව නම් පිළිගන්න බෑ, එහෙම එවුන් ටික දෙනෙක් ඉන්නව තමයි, ඒක මොරටුවෙ විතරක් නෙමෙයි හැම කැම්පස් එකකම පොදුයි, නමුත් ඒ කිහිප දෙනා නිසා කැම්පස් එකේ ඉන්න හැම එකා ගැනම එහෙම හිතන එක සම්පූර්ණයෙන් වැරදියි.

      2. කැම්පස් එකේ ඉන්න සම්පූර්ණ ලමයි ගානෙන් computer කරන්නෙ පොඩි ප්‍රතිශතයයි.
        අනික වෙබ් සයිට් හදන්නෙ ලමයි නෙමෙයිනෙ, ලමයින්ට දුන්න නම් බලන්න තිබ්බ ඒවයෙ quality එක. ආයි එලටම හදයි. වෙබ් සයිට් එකෙන් කියන්න බෑනෙ කැම්පස් එකේ තරම. ඔයා හිතන මට්ටම නම් හරිම පහළයි.
        ඔයා හිතන විදිහට හිතුවොත් ලංකාවෙ නෙමෙයි ලෝකෙ තියෙන හොඳම කැම්පස් කීයකට වැඩක් නෑ කියන්න වෙනවද?
        ලෝකයේ විශ්ව විද්‍යාල ශ්‍රේණිගත කිරීම් වලට අනුව ලංකාවෙ විශ්ව විද්‍යාල වලින් ඒ ලෑයිස්තුවෙ උඩින්ම ඉන්නෙ මොරටුව විශ්ව විද්‍යාලය කියල දන්නවද???

    2. apoooo oya moratuwa api ganan gannethooooo……danna kenekutawath yanna nam denna..

  9. මලය යන්න ඉස්සෙල්ල ඔහොම නං ගියාම කොහොමට තියේද? 😛
    මලයත් යන්න 😀 ජයවේවා!!!

  10. apo malli mora uni nam yanna epa. dan ganan ganne eka akuruwat. job ekak ganna giyama terei.wena private course ekak karala goda yanna. uni pettewat yanna epa. eke inna lec la okkoma pisso. apitat ungen pissu hedenawa. 😀

  11. මෙහෙම තැන් වලට බය වන සිද්ධිය සාමාන්‍යයි. නොදන්න තැනකට චකිතයෙන් යනකොට තමන් තනි වුනා වගෙ හැඟෙනවා. සුපුන් ගියේ රෝයල් එකට නේද? මාත් කලකට ඉහත ඒකේ හිටියේ, ඒකට එන්න කලින් මම හිටියේ ධර්මපාලෙ, එක දවසක් අපේ අක්කාගෙ දතක් පුරවන්න ආච්චි ත් එක්ක අක්කා ගියා රෝයල් එකේ ඩෙන්ටල් එකට ( ඉස්සර එහෙම තමා ). එතකොට ඒ බිල්ඩිම දැකලා ආච්චි ඇවිත් කීවා “අම්මෝ ඒකේ කුලුනු වල ලොකු, දැක්කමත් බය හිතෙනවා” කියලා. ඊට අවුරුදු දෙකකට පස්සෙ මම පහේ ශිශ්‍යත්වෙන් රෝයල් එකට එනකොට ආච්චි ට සතුටු හිතුනා. ඒත් අපි ගියේ රාජකීය කනිශ්ට් විද්යාලෙට ඒකේ තිබ්බ කුලුණක් නෑ, පස්සෙ කොලෙජ් එකට ගියාම කුලුනු වලට නෙවෙයි බය හිතුනේ ඒ කාලෙ හිටපු වයිස් ප්‍රින්සිපල් වුන කටයා හෙවත් ඊ සී ගුණසේකර ගුරු පියාණන්ටයි.
    තැනක් ගැන අපි හිතන විදිය තමා ඒක ගැන අපි ව බය කරවන්නේ. ඊට පස්සෙ මොරටුවටත් යන්න ලැබුනා, ඒ කාලෙ නම් ඒක හරියට කාන්තාරයක් වගේ, රැග ගැන විත්‍රයි බය තිබ්බේ. ඒකත් මහ ලොකුවට් තිබ්බෙ නෑ.

Leave a comment

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: