ම්… අපේ 10-11 සාහිත්‍ය පොත නිකම් පෙරළනකොටයි කිඳුරු වලප පාඩම අහුවුනේ. කිඳුරු වලප පාඩම දැක්කාමයි මතක් වුනේ රත්න කොඩිකාර මහත්මයාගේ සිංහල සාහිත්‍ය විචාරය අංක 1 කියන පොත. සාහිත්‍ය අමාරු නම්, ඔන්න මේ පොත කියවන්න අමතක කරන්න එපා O/L මල්ලිලා නංගිලා. නියමෙටම කියලා තියෙනවා. සාහිත්‍ය විචාරය ලියන්න අමාරු නං, මෙන්න පොත ඇරගෙන කියවන්න. එතකොට තමන්ගේම කියලා චිචාරයක් ලියාගන්න පුලුවන් වෙන එක අනිවාර්යයි. ඔය නිකන්, එක එක විචාර කට පාඩම් කරගෙන ගිහිල්ලා ලියනවාට වඩා හොඳයි, තමන්ගේම කියලා විචාර ක්‍රමයක් ලියන එක. කෝ ඉතින් කියන්න ආපු එක කියන්න වුනේ නැ නෙව. ඉතින් ඔන්න මම රත්න කොඩිකාර මහත්මයාගේ සිංහල සාහිත්‍ය විචාර පොතේ මම හොයපු එක හොයාගත්තා. එක තමයි කුමාර හෙට්ටිආරච්චි කවියා විසින් රචිත කිඳුරියගේ විලාපය කවි පන්තිය. කියවලා නැත්තං මේං කියවන්න. නියම කවි පංතිය.
කිඳුරියගේ විලාපය – කුමාර හෙට්ටිආරච්චි
කිඳු රා නඟින්නේ බසයට බොරැල් ලේ
මක රා පසුම්බිය පඩි දා විදිල් ලේ
දෙද රා විද්ද විදමන රත් කිහිල් ලේ
කිඳු රා පපුව පැළිලා ගෙයි තොටිල් ලේ
සිප බඳ කොමළතින් ලුණු කැඳ පොවා පි යා
සැප නැති බදු ගේක වකුටු ව නිදා පි යා
ලප සඳ මහිමි ගිනි පොලියෙන් මුදා පි යා
පඩි පත කෑ තොපට හෙණ හතය පා පි යා
බල සම්පන්න දෙවියොත් පඩි නො ලබා ද
හිඟ මන් සදිසි පඩි පත දැක උණු වේ ද
සුප සන් මහිමිගේ ඉහ ගිනි දුටුවා ද
මට වන් මෙදුක තගෙ අඹුවට නො වදී ද?
දරුවන් උදේ අකුරට නොයති ද ඉති නේ
පවසින් සයින් නැඟි ගිනි දලු ඉහ මුදු නේ
ගසකින් කඩන කහවනු හීනෙන් පෙනු ණේ
ඉතිකින් කෙලෙස වෑවෙම් දෝ හිමි සඳු නේ
ඉතින් ඔන්න ඕකයි කවි පංතිය. මම O/L ලියන කාලේ හිටියේ හොස්ටල් එකේ නෙව. ඉතින් සිංහල ලියන දවසට කලින් කට්ටියත් එක්ක පාඩම් කර කර ඉන්නකොට මේ කවිය අහුවුනා. ඉතින් කට්ටිය පාඩම් කරන එක අත ඇරලා දාලා බකස් ගාලා හිනාවෙන්න පටන්ගත්තේ නැතැයි 😀
ඉතින් ඔන්න ඔහොමයි අපි පාඩම් කරේ O/L වලට. සිංහල වලට මොකක් ලැබේවිද මන්දා…. 😀
ආරන්චි වුන විදිහට මේ වගේ කවි තව තියෙනවාලු. තියෙනවානම්, ඔයාලාගේ බ්ලොග් අඩවි වලත් ලියන්න. එහෙම නැතිනම් අලුතෙන්ම එකක් ලියන්න. එතකොට අපිටත් කියවලා රස විඳතහැකි නෙව 😉
සාහිත්‍ය ගැන කියනකොට මට මේ මතක් වුනේ. සාහිත්‍ය විෂය ශිෂ්‍යයන්ට පාසල් වන උගන්නන්නේ විභාග පාස් කරන්නම නෙවෙයි නේ. උසස් රසවින්දනයක් ඇති කරන්න. ඒත් අනේ අපේ මේ අධ්‍යාපන පරිපාලනය කියන්නේ නම් මහා අල පාත්තියක්. එච්. එම් කුඩලිගමයන්ගේ “වැස්ස” කවි පන්තියෙන් සාහිත්‍ය පොතට උපුටාගත් “වැස්ස” පාඩම ගැන සිංහල භාෂාවෙන්ම කිව්වොත් තනිකර “කවන්ධයක්” ඇයි හත්තිලව්වේ පළවෙනි කවියම කපලා දාලා නෙව. පාඩම උගන්නනකොට මිශ්‍ර පාසල් වල බවලත් උදවියට විළි ලැජ්ජා හිතෙනවාලු. පාඩම උගන්න ගුරුවරියන්ට විළි ලැජ්ජා හිතෙනවාලු. හනේ හපොයි, අද එච්. එච්. කුඩලිගම කවියා ජීවතුන් අතර හිටියානම් මොනවා හිතාවිද? එක්කෝ කවි පන්තිය හරි නැත්තං, කවි පන්තියම අයින් කරලා වෙන කවි පන්තියක් තෝරාගන්න ඕනේ. එහෙම නැතිනම් මුලු කවි පන්තියම එකතු කරන්න ඕනේ. ඔන්න නොදන්න අයට දැනගන්න මම මෙතන දාන්නම්, බලන්න විලි ලැජ්ජා හිතෙනවාද කියලා :P. සමහර විට කොටු කොටු වැටෙයිද දන්නෑ කවියට උඩින්. එහෙම වුනොත් නං ඕං මං නැ!
ගැබිනියකගෙ තන පුඩුවල පැහැය උරා
පා වෙන වළාකුළු පවතියි අහස පුරා
මිටියාවතේ මී දුම් ගොබ දෙපළු ඉරා
ඉගිලෙති කුරුලු හමුදාවෝ කැදලි කරා
ඉතින් ඔන්න ඕකයි තත්ත්වේ. ලංකාවේ අධ්‍යාපනේ එන්න එන්න බාල්දු වෙනවාද මංදා. එහෙනං ඉතින් පෞද්ගලික විශ්ව විද්‍යාල නොඇර මොනා කොරන්නද කියලා හිතාගන්නත් බෑ. බලාගෙන යනකොට ඒක තමයි යථාර්ථය. අනිච්චේ දුක්ඛේ කිව්වාලු 🙁
—
උපුටාගත් සියළුම පද්‍යයන්ගේ අයිතිය එහි කතුවරුන් සතුය.
22 replies on “කිඳුරියගේ විලාපය”
හපොයි මෙහෙම ගියොත් ළමයින්ට තන කිරි බොන එකත් තහනම් කරාවි නෙව. එතකොට අනවශ්‍ය දේවල් පේන නිසා ඒක වැඩිහිටියන්ට පමණක් කරන්න තීරණය කළත් පුදුම වෙන්න දෙයක් නැහැ 😮
මේක නං හරි යන සෙල්ලමක් නෙමෙයි!
ඔන්න බලනවකො, ගිය අවුරුද්දෙ අපි OL කිය කිය හිටපු හාදයා දැං කියනව “OL මල්ලිල නංගිල” ළු. ඔහොම තමයි. ඔන්න අපිත් තව අවුරුද්දකිං වයසට ගොහිං !
කුමාර හෙට්ටිආරච්චි ගේ කවි පංතියත් එළ. මං ඕක කළිං අහල තිබ්බෙ නෑ.
අපේ සිංහල සර් නං ඔය වගේ තැං වලදි සර් දන්න කවිත් (ඒ කියන්නෙ සත්‍ය වශයෙන් සිංහල සාහිත්‍යයේ තියන එවුවා) කියල දෙනව. අපේ ඉතිං කොල්ලො විතරක් ඉන්න නිසා චාටර් එකක් නෑ.
සුදාරක කිවුව කතාවට මම එකඟයි. එක්කො කවි පංතිය සම්පූර්ණයෙං දාන්න ඔන, නැත්නම් නොදා ඉන්න ඕන.
එහෙම බැලුවොත් ඒකෙ තියන අනිත් කෑලිත් අයිං කොරන්න එපයි ?
ඔහොම තමා ඒසී කාමර වල පුටු රත්කරකර ඉන්න හරක් රැල හෙතෙන හිතෙන විදියට අපේ අනාගතේ අනනව.. උන්ට මොකෝ, මෙතන තියෙන්නෙත් අර දේශපාලන ක්‍රමයම තමා, වෙනසක් නෑ, ක්ශේත්‍රය ගැන මෙලෝහසරක අත්දැකීමක් නැති (මම කියන්නෙ සහතික/විභාග පාස් කිරීම නොවේ )ඌරො (මේක තමා දාන්න පුලුවන් වචනෙ, කටට එන එක ලියන්න අමාරුයි, කොටු කොටු වැටෙයි ) රැල නිසි අවබෝධයක් නැතුව කරන වැඩ වලට වන්දි ගෙවන්නෙ අපි, මේ පොඩි උදාහරණයක් විතරයි, මේපාර සාපෙ වැදිච්ච ඔක්කොම දන්නව, මම කියන්නෙ මොකද්ද කියල
=========================================
අර නූතන ගුත්තිලය බලන්න (කතෘ නම් මතක නෑ 🙁 ) ඒකත් ඔයවගේ නියමයි, හැබැයි ගැඹුරු අර්ථයක් තියනව.. ඒ තමා යථාර්ථය…..
<<>>
යථාර්ථය, අතීත සිද්ධියත් එක්ක බද්ධ කරල, හාස්‍යයත් එක්ක ඇත්ත තත්වය ගැන හිතන්න පොලඹවනව…
මේ වාගෙ නිර්මාණ දැන් තියනවද??
2nd post eka 1st ekath ekka ekata kiyavanna honde…
අම්මා කෙනෙක් ගේ කිරි බොන්නේ නැතුව හරක් කිරි බීලා හැදිච්ච උන් කරන වැඩ හින්දා අනාත වෙන්නේ රටේ අනාගතේ…!
@ඇන්ඩෲ අංකල්- ඇත්ත ඇත්ත. GTalk එකේ මම ලියපු එකත් අයින් කරයිද දන්නෑ මෙහෙම ගියොත්, ලියපු එක මෙතන ලියන්න බෑ. ඒක කිව්වොත් තව විළි ලැජ්ජා හිතේවි 😛
@බුධාජීව සහෝදරයා- හික්! ඒකත් ඇත්ත! ඕං අපි අයියලා වෙලා. අවුරුදු 16ක් ගත වෙච්ච හැටි නං දැන් හීනයක් වගේ. ඒ හිනේ ගැන ලියන්න ඉතින් තව Blog Post 10ක් 15ක් ලියලා මදි වේවි.
@ගයාන් කල්හාර සහෝදරයා- ඇත්ත කතාව. උන් චූන් එකේ තීන්දු ගන්නවා. අපි මෙහේ කම්බස් වෙනවා 🙁
@මලී අක්කා- කියලා වැඩක් නෑ ඒ ගැන නම්. අනාගතේ ගැන හිතන්නත් බයයි වගේ 😮
> එහෙම බැලුවොත් ඒකෙ තියන අනිත් කෑලිත් අයිං කොරන්න එපයි ?
සුදාරක ඒක ගැන මොකද කියන්නෙ ?
බල්ලොන්ට කිරි අප්ප පැනපි කිව්වලු, මොකෝ මේ සහෝදරකමක් .. සුවර් එකටම වමට ගිහින් වාගේ, (ඒත් ඉතින් හින්දි පිස්සුව තියාගෙන නම් වමේ ඉන්න බෑ හරිද 😛 )
හරි එහෙනම් සහෝදරය (මම නම් ඉතින් ෆැසිස්ට් කාරය, ඒත් අවුලක් නෑ 😉 )
අනාගතේ ගැන හිතන්නෙ නැතුව දාමුකො අය්යා කෙනෙක් වීමේ ගමන්මග කියල පෝස්ට්ස් දෙක තුනක් 🙂
“ගිරවා කෙල පාටයි, ගිරවාට හෙටක් ඇත, අපට හෙටක් නැත..”
@බුධාජීව- හික් ඒක තමයි, ඒවා මුන්ට අපුල නැතිව ඇති. මවකගේ තන පුඩු පිළිබඳ මුන්ට ගැටලුවක් තිබ්බාට අනිත්වා ගැන විලි ලජ්ජා නෑ වගේ 😛
කවියක් කියවලා රසවිදින්නත් බුද්ධියක් තියෙන්න ඔනේ.කවියක රසය දන්නේ නැති බලධාරින් නිසා පාඩුව අනාගත් පරම්පරාවටයි. ඔයවගේම එක් කවිපන්තියක තිබු එක් පද පේලියක් (මතක විදියට මුනිදාස කුමාරතුන්ග ශුරින්ගේ) වන්නේ “අනේ පනේ තනේ වැනේ” යන්නයි. එහි තේරුම “අනේක ප්‍රණයන් තෘශ්ණාව නිසා වැනසේ” යන්නයි.තවත් එකක වන්නේ “බොධිසත්වයාන්නෝ බොධි වෘක්ශය මුලදි තෘශ්ණාවෙන් මීදුනයි” යන තේරුම දෙන “බෝ ගහ මුලදි තන මිරිකුනයි ජිනරත්න” යන්නයි.මෙහි තන යන්නේහි තේරුම තෘශ්ණාවයි.උපමාවන් තේරුම් ගෙන කවියක් රසවිදිනට පාලකයන්ට නැණ පහල වේවා!
@Dilan- මේකෙන් පේන්නේ අපේ රටේ පාලකයෝ කාටවත් නිසි අධ්‍යාපනයක් නෑ කියන එක. අධ්‍යාපනය විතරක් නෙවෙයි අනිත් දේවල් වලටත් හෙනේ වෙලා තියෙන්නේ ඕක තමා. 🙁
@ගයාන් කල්හාර- බය වෙන්න එපා, වමෙත් නෙවෙයි, දකුණෙත් නෙවෙයි. හරියටම මැදත් නෙවෙයි :D. මැදට පොඩ්ඩක් ළඟින්, වමට බර වෙන්න 😉 අයියා කෙනෙක් වීමේ ගමන් මඟ ගැන ඉතින් ලියනවානම්, ලියන්න පෝස්ට් දෙක තුනක් මදි වේවි. මොනා වුනත් අන්තිමට කියලා තියෙන කතාව නම් සර්ව සාධාරණයි 😛
—<>–
මේතියෙන්නෙ ඔය කියන නූතන ගුත්තිලයෙ එක කවි කිහිපයක් කර්තෘ තැමාගෙ නම ශ්‍රීමත් හනලියනගේ
මූසිලගෙ කාරය
ආව හැටිනම් මාරය
අරගෙන ගිටාරය
ගියේ ඇතුලට බියර් බාරය
යකෝ තොගෙ මියුසික්
බිඳක් වත් නැහැ ආශික්
විසිකරමින් මයික්
කීය අයිසේ ගෝ ටේක් අ හයික්
වැඩේ වූ බව චාටර්
මූසිලට විය මීටර්
ඩයල් කර ඔපරේටර්
ඇසී කෝ ගුත්‌තිල මාස්‌ටර්
ගුත්‌තිල දැන් බිසී
ඔහු ඇමතීම නොනිසී
දැන් වෙනවද විසී
අනෙක් පැත්තෙන් යමෙක් පැවසී
මේ සම්පූර්ණ කවිය දැන ගත හැකි ද?
හෆොයි මේ මොකද වෙලා තියෙන්නෙ මම හරියට එලිසමය පේලියට තියලා හිස්තැන් තියලා දාපු පද්‍ය පේලිය දැන් පේන්නෙ හරියට ගද්‍ය රචනයක් වගේනෙ!
@මචන් – ආ ඒක ගනන් ගන්න එපා :). එළ කවිය! 😀
නූතන ගුත්තිලයෙ මෙච්චරද? තව තියනවද?
තියනවනම් දාන්න.
mulinma siyaludenagenma samawa illanawa mama english walin type karata….
(kamak naha neda supun aiya?)
mama aiyage post eka kiyeuwa….liyala thiyena hamadema wage aththa…………..
ara kiyawanna lajjai kiyapu H.M.Kudaligamayan liyu kawiya aththatama ape sahithya pothenuth ewath karala……………………….(kanagatui a gana…)
honda post ekak….
Suba Pathum.!!!
@Bilali – ආ ඒකේ කිසි ප්‍රශ්නයක් නෑ නඟේ… 🙂
ඒක තමයි. අපේ අධ්‍යාපනය නම් එන්න එන්න බල්ලට යන තත්ත්වයක් තියෙන්නේ. ඒක නිසා අපි, අපේ සිලබස් එකේ පොත් වලින් එහාට ගිහිල්ලා සාමාන්‍ය අධ්‍යාපන රටාවෙන් වෙන් වෙලා අධ්‍යාපනයේ වෙනස් වෙනස් තැන් වලට යොමු වෙන්න ඕනේ. ප්‍රතිචාරයට බොහෝම ස්තූතියි 🙂
sha…maru kawiyakne…….
නූතන ගුත්තිලය ශ්‍රීමත් හනලියන ශූරීන්ගෙ. මට මතක විදියට 1950 දශකයෙ තමයි ලිව්වෙ.