2009 අවුරුද්දත් ලැබුවා එහෙනම්. අලුත් අවුරුද්දේ කරන්න නම් වැඩ කෝටියයි. ඔන්න මේ අවුරුද්ද එසේ මෙසේ අවුරුද්දක් නම් නෙවෙයි. ත්‍රස්තවාදය ලංකාවෙන් තුරන් කරන අවුරුද්ද තමයි මේක. ඒ විතරක් නෙවෙයි, මේ අවුරුද්ද තමයි තොරතුරු තාක්ෂණ හා ඉංග්‍රීසි ප්‍රවර්ධන වසර. ඉංග්‍රීසි ප්‍රවර්ධනය හොඳයි තමයි, ඒ වුනත් ඕක මෙහෙම වුනානම් හොඳයි කියලා මට හිතෙනවා. ”තොරතුරු තාක්ෂණ හා ත්‍රෛභාෂා, පරිශීලන හා ප්‍රවර්ධන වසර. ඇයි ඒ ත්‍රෛභාෂා කිව්වේ. ඔව් ඔව්, ත්‍රෛභාෂා කිව්වේ සිංහල, දමිළ, ඉංග්‍රීසි තමයි. මම අදහස් කරේ… ලංකාවේ අන්තර්ජාලය භාවිතා වෙන්නේ වැඩිපුරම ඉංග්‍රීසියෙන් නේ… ඒක නිසා ඉංග්‍රීසි ප්‍රවර්ධනය කිරීම වැදගත් වගේම. මව් භාෂාවනුත් අන්තර්ජාලය හා අනෙකුත් තොරතුරු තාක්ෂණ උපක්‍රමත් එක්ක බද්ධ කරොත් හොඳයි කියලයි. හැබැයි ඉතින් දැන් ඕක වෙනස් කරන්න මට බෑනේ. කොහොමින් කොහොමින් හරි මේ වගේ වසරක් ප්‍රකාශ කරපු එකට අපි ස්තූතිවන්න වෙන්න ඕනේ, අන්තර්ජාල තොරතුරු ප්‍රචාරණ බ්ලොග්කරුවන් විදිහට. හැබැයි මේක නම් කරාට විතරක් මදි. ක්‍රියාවට නං වන්නත් ඕන. ඉතින් හැබෑටම කොහොමද මේක ක්‍රියාවට නංවන්නේ? ඒක නම් ප්‍රශ්නයක්.
තොරතුරු තාක්ෂණය, එහෙමත් නැත්නම් IT (මේ IT අකුරු දෙක තමයි වැඩිපුර භාවිතා වෙන්නේ) කිව්වාම ලංකාවේ ගොඩක් දෙනෙක්ගේ ඔළුවට එන්නේ පරිගණකය, ගේම් ගැහිල්ල, වර්ඩ් වලින් ලියුමක් ටයිප් කරන එක විතරයි කියලා තමයි මටනම් හිතෙන්නේ. ඒත් ඒක වැරදියි. මුලින්ම මේක පිළිබඳ අවබෝධයක් ලබාදීම වැදගත් වෙනවා. Internet, Web, E-Mail, Chatting, Video Conferencing, Social Networking, Web Based Job Market (වෙබ් පදනම් කරගත් රැකියා වෙළඳ පොළ) හා ක්ෂණික තොරතුරු සම්ප්‍රේෂණය වගේ දේවල් පිළිබඳ වගේම ලංකාවේ නව ප්‍රවණතාවය වෙන Blog ගැන හැඳින්වීම් ඇතුලත් අංග සම්පූර්ණ දේශණ පවත්වන්න අවශ්‍යයි. මේක හරි ලේසියි. ICTA එකේ ඉන්නේ සම්පත් දායකයන්ට ඉතාමත් පහසුවෙන් පුලුවන්. පාසල් ග්‍රහණය කරගන්න. අවුරුද්දට දින 365ක් තියෙනවා නෙව. ඒකෙන් අවම වශයෙන් දින 222ක්වත් පාසල් පැවැත්වෙනවා. ඉතින් මේ එක දවසකට පාසල් 10කට වත් තමන්‍ගේ එක නියෝජිතයෙක්වත් (ඇත්තටම එක නියෝජිතයෙක් ඇති) යවලා පොඩි සම්මන්ත්‍රණ, වැඩමුළු වගේ දේවල් පවත්වන්න පුළුවන්. හැබැයි පරහක් තියෙනවා. සමහර පාසල් වලට විදුලිබල පහසුකම් නැති වෙන්න පුළුවන්. සමහර වෙලාවට හරි හැටි ශාලාවක් නැතිවෙන්න පුළුවන්. මෙන්න මේ නිසා, වහාම වගකිව යුතු පුද්ගලයින් එකතුවෙලා, ඒ පහසුකම් යම් වශයෙන් හරි සපුරාලන්න අවශ්‍යයි. එහෙම කරලා, ඊට පස්සේ අර නියෝජිතයාට ගිහිල්ලා තමන්ගේ වැඩමුළුව පවත්වන්න පුළුවන්. ඒ වගේම Schoolnet එක පුළුල් කරන්න අවශ්‍යයි. ළමයි අනවශ්‍ය වෙබ් අඩවි වලට යනවා කියලා හිතෙනවානං (එහෙම යනවා තමයි 😉 ) සුදුසු පෙරහන් භාවිතා කරන්න පුළුවන්. හැබැයි ඒක 100%ක්ම සාර්ථක නෑ. ඒක නිසා සුදුසු මඟ පෙන්වන්නෙක් අවශ්‍ය කරනවා. ඇත්තම තත්ත්වය කිව්වොත්, 90%ක් පාසල් ගුරුවරුන්ට තොරතුරු තාක්ෂණය පිළිබඳ තේරුමක් නෑ කියලයි මට හිතෙන්නේ. ඒක නිසාම තමයි, සමහර පාසල් වල කොම්පියුටර් ටික විදුහල්පති වරයාගේ කාමරේ හරි, නැත්තන් වෙන කාමරේක හරි හිර කරලා තියන්න සමහරු පෙළඹුනේ. මෙන්න මේ කරුණ නිසා, ICTA හෝ, වෙනයම් ආයතනයකින් පුහුනුවලත් දැනුම් තේරුම් ඇති පිරිසක්, අවම වශයෙන් 3ක්වත් එක් පාසලකට ලබාදීම වැදගත්. එතකොට ලංකාවේ රැකියා ප්‍රශ්නයටත් සැලකිය යුතු විසඳුමක් ලැබේවි. මේ කියන්නේ බැරි වැඩක් නෙවෙයි කියලයි මට නම් හිතෙන්නේ. තමන්ට ඇත්තටම තොරතුරු තාක්ෂණ ප්‍රවර්ධනය කරන්න අවශ්‍යනම්, මේ දේවල් මහලොකු වැඩ නෙවෙයි. ඊළඟට සෑම ගමකටම සියළුම සන්නිවේදන පහසුකම් ඇතුලත් නැණසළක් තියෙනවානම්, ඒක ඉතාමත් වැදගත් දෙයක්. ඒ වගේම SLT, Mobitel, Dialog වගේ ආයතනවලට තමන්ගේ සේවාවන් පුළුල් කරන්න අවස්ථාව ලබාදෙන්න ඕනේ වගේම, ඔවුන් තමන්ගේ සේවාවන් තදාසන්න ප්‍රදේශවලින් බැහැරට ගෙනියන්න අවශ්‍ය කරන යටිතල පහසුකම් සම්පාදනය කරගන්න උනන්දුවෙන්න ඕනේ. රටපුරා විහිදෙන ප්‍රකාශ තන්තු ජාලයකින්, Wi-Fi ජාලයකින්, Wi-Max, 3G ජාලයකින් හෝ HSDPA ජාලයකින් පහසු, ලාභදායි ජාලකරණ ක්‍රමයක් නිර්මාණය කරන්න අවශ්‍යයි. මේ සඳහා සුදුසු පියවර ගැනීම වැදගත්. ග්‍රාම සේවක වරුන්ට, තොරතුරු තාක්ෂණය පිළිබඳ දැනීමක් තියෙනවානං හොඳයි තමයි, ඒත්… ගොඩක් ග්‍රාමසේවක වරු මේ සම්බන්ධයෙන් උනන්දුවක් නෑ. උනන්දුවක් තියෙන අය නැතිවාම නෙවෙයි. ඒ වුනාට බහුතරයකට නෑ කියලා තමයි මට හිතෙන්නේ. මේ උනන්දුව නැති නිසාම ග්‍රහණය කරගන්න එක අමාරු වෙයි IT කියන දේ. මොකද තමන්ගේ උනන්දුව තියෙනවානං ඉතාමත් පහසුවෙන් තොරතුරු තාක්ෂණය අල්ලගන්න පුළුවන්. තොරතුරු තාක්ෂණයේ ගැඹුරටම යන්න අවශ්‍ය නෑ. මූලික දේවල්, ඒ කියන්නේ ඔෆිස් මෘදුකාංග, අන්තර්ජාලය වගේ දේවල් දන්නවානං විශාල සේවාවක් සපයන්න ග්‍රාමසේවක නිලධාරීන් හරහා පුළුවන් වේවි. ග්‍රාම සේවක නිළධාරීන් හරහා ගොවීන්ට, ගෘහනියන්, ශ්‍රමිකයන් සහ අනෙකුත් අයව එකතු කරගන්න පුළුවන්. ඒ වගේම පාසල් වල තොරතුරු තාක්ෂණ සංගම් පිහිටුවීම වැදගත් දෙයක් වේවි.
ඊළඟට ඉංග්‍රීසි. ඉංග්‍රීසි විතරක් නෙවෙයි භාෂා තුනම ප්‍රවර්ධනය කරා නං තමයි හොඳ. එතකොට දුර බැහැර, ඉංග්‍රීසි භාෂාව නොදන්නා අයට ඉතාමත් පහසුවෙන් අන්තර්ජාලයට එකතු වෙන්න පුළුවන් වේවි. අන්තර්ජාලයට එකතු වුනාම. ඒ අය සිංහල භාෂා අඩවි වල විතරක් හිර වෙන්නේ නෑ. අනිවාර්යයෙන්ම ඉංග්‍රීසි අඩවි වලටත් පිවිසෙනවා. ඒත් එක්කම ඒ අයට තේරේවි ඉංග්‍රීසි භාෂාව අවශ්‍ය බව. ඉතින් ඔන්න ඒ අයත් ඉංග්‍රීසි දැනුම හඹා යාවි. දමිළ භාෂාව නං ප්‍රවර්ධනය කරන්න දෙයක් නෑ. මං මේ කිව්වේ අහිතකින් නෙවෙයි. අපි පිළිගන්න ඕනේ ලෝකයේ දමිළ භාෂාව කතා කරන පිරිස, සිංහල භාෂාව කතා කරන පිරිසට වඩා වැඩි බව. ඔවුන් බොහෝ විට අන්තර්ජාලයේ දමිළ භාෂාව භාවිතා කරනවා. ඉතින් අමුතුවෙන් දමිළ භාෂාව ප්‍රවර්ධනය කරන්න අවශ්‍ය නෑ තමයි. ඒ වුනත්, ලංකාවේ දමිළ භාෂාවෙන් වැඩ කරන අයට අන්තර්ජාලයේ දමිළ භාෂාවට ඇති තැන පෙන්නා දීලා, අන්තර්ජාලයට එකතු කරන එක වැදගත් එතකොට මුලින් කිව්වා වාගේ, ඉංග්‍රීසි භාෂාව නිකන්ම ප්‍රවර්ධනය වේවි. ඒ කොහොම වුනත්, ඉංග්‍රීසි භාෂාව ප්‍රවර්ධනයටත් යම් කිසි පියවරයන් ගැනීම අවශ්‍යයි. ඉංග්‍රීසි භාෂාවෙන් ක්‍රියාත්මක රූපවාහිනී නාලිකා ප්‍රමාණය වැඩි කරන එක එක ක්‍රමයක්. ඉංග්‍රීසි චිත්‍රපටි වගේ දේවල් විකාශනය කරන එකත් තව ක්‍රමයක්. අනිවාර්යයෙන්ම ඉංග්‍රීසි අධ්‍යාපන පද්ධතිය ක්‍රමවත් කරන එක තමයි වැදගත්. ඉංග්‍රීසි ගුරුවරුන් නගර වලින් බැහැර ප්‍රදේශ වලට යවන්න පියවර ඇරගන්න ඕනේ. හැබැයි හැමෝම කරනකන් බලන්න ඉන්න බෑ. මම මගේ අවුරුදු සුබ පැතුමේ කියලා තියෙන විදිහට… තම තමන්ම නිසි පියවර ගන්න එක වැදගත්. එනිසා මාධ්‍ය හරහා අඩු තරමේ මේ පිළිබඳව ජනතාව දැනුවත් කරන්න ඕනේ.
තොරතුරු තාක්ෂණය ප්‍රවර්ධනය වන ඉංග්‍රීසි දැනුම දියුණු වන අලුත් අවුරුද්දකට ඔන්න ආයෙමත් මගෙන් උණුසුම් සුබ පැතුම්! 🙂
4 replies on “මේ තොරතුරු තාක්ෂණ හා ඉංග්‍රීසි භාෂා ප්‍රවර්ධන වසරයි!”
English බාවිතයට හුරු කරන එකනම් ලොකු දෙයක්, මොකද නැත්නම් අපිට ඉදිරියට යන්න අමාරු වෙනවා, මොකද අපි වගේ පොඩි රටකට තනියම ඉන්න අමාරුයි, ගොඩක් තියන වැට කඩුලු බිදින්න පුලුවන් එක තමයි බාසාව, මොකද communication බැරිනම් හරි අමාරුයි වැඩ කරන්න. විදේස් රටව හා වෙලදාම් වගේ දේවල් කරන්න ඕනේ, එතකොට තමයි අපිට විදේෂවිනිමය එන්නේ, ඒක කරන්න මේ බාසාව කියන වැඩ කඩුලු බිද දාන්න ඕනේ. අනික ලමයි මේ ඉන්ගිරිසි කතාකරන්න තියන ලැජ්ජාව නැති කරන්න ඕනේ.
තොරතුරු තාක්ෂණ හා ඉංග්‍රීසි භාෂා ප්‍රවර්ධන වසර – තේමාව හොන්දයි. 🙂 🙂 🙂 🙂 😀 😀 😀 😀
තේමානම් හැමදාම ගේනවා ප්‍රායෝගික භාවිතය තමයි නැත්තේ.
ඉංග්‍රීසි අධ්‍යාපනය ඇත්තටම හොදයි. නමුත් එය සියලු දේශීය භාෂාවන් යටකරදැමීමක් නොවිය යුතුයි. මෙයින් මා අදහස් කලේ භාෂාවක් දියුණු වීමට අවශ්‍ය නව වචන ඇතුළු කිරීම සමහර භාෂාවන්ගෙන් වචන උකහා ගැනීම නොකළ යුත්තක් බවනම් නොවේ.
(මටනම් එපා වෙන්නේ කථා කරන්නේ සිංහලෙන් වුනාට සිංහල ජීවිතේට කථා කරලා නෑ වගේ උච්චාරණය කරනකොටයි. බොහෝ එෆ්.එම් නිවේදකයින්ට සහ වන්ට මේ ලෙඩේ තියෙනවා)
ඊ- කටයුතු සදහා අප විසින් මී ලගට කළයුතු ප්‍රධානතම දේ සිංහල භාෂා පරිවර්ථකයක් නිර්මාණය කර ගැනීමයි. මෙයට දැනට UCSC මගින් අත්හදා බැලීම් තරනබවට අසන්නට ලැබුනා. ඒ ගැනත් සතුටුයි.
ඒව මේව නෙවේ, මේ පාර සමහරැ දෙවෙනි පාරටත් සාමාන්‍ය පෙල ලියනවනේ…. නේද?