මේ සැප්තැම්බර් මාසයයි. එපමණක් නෙවෙයි, මේ සාහිත්‍ය මාසයයි. සාහිත්‍ය, ග්රන්ථකරණය පිළිබඳ උනන්දුවක් දක්වන්නාවූ බුද්ධිමතුන්ටනම් වසරේ සෑම මාසයක්ම වැදගත් වන්නක් වන නමුත්, සාහිත්‍යයට පිළිබඳ උනන්දුවක් දක්වන සාමාන්‍ය පාඨකයාටනම් මේ සාහිත්‍ය මාසයේ අගය ගැන නම් විවාදයක් නැත්තේය. එමෙන්ම වාර්ෂිකව පවත්වනු ලබන ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශණය නිසා තවත් සමාජ කොට්ඨාසයක් පොත් අතරට ඇඳී එන බව නම් නොරහසකි. ඔවුන් පොත් මිළ දී ගනු ලබන්නේ කියවීමට නොවේ, විලාසිතාවටය. කෙසේ නමුත් මේ තුන් කොට්ඨාසයෙන්ම ග්රන්ථ රචකයන්ට හා මුද්රකයන්ට හිමිවන්නේ ඉමහත් වාසියකි. මුද්‍රණ වියදම් ඉහළ යෑම නිසාවෙන් පොත් මිළදී ගැනීමට පෙර තමා මේ පොත මිළදී ගත යුතුමද යන්න දෙවරක් සිතිය යුතු කාලයක් එළැඹ ඇත. එමෙන්ම සිංහල රචකයන්ගේ පොත් වලට වඩා, ඉංග්‍රීසි හා එම ඉංග්‍රීසි පොත් වල පරිවර්තනයන්ට පාඨක සිත් ඇඳී ගොස් ඇති බවද නොරහසකි. එයටද හේතු බොහෝමයක් ඇත. වර්තමානයේ ලියැවෙන සිංහල ස්වතන්ත්‍ර ප්‍රබන්ධ කතා පොත් අතුරින් විශාල ප්‍රමාණයක් ලියැවෙන්නේ තරුණ පාඨක පිරිස ඉලක්ක කරගනිමිනි. නමුත් මේවායින් 80%කම පමණ ඇත්තේ බොළඳ ආදර වෘතාන්ත පමණි. බොළඳ බස් වහර හා සරල කතාන්දර ඇතුලත් මෙවන් කෘති කියවන බොහෝ පිරිසකගේ මානසිකත්වයද බොළඳ වන බවට ඉතින් අන් කුමන කතා ද? නමුත් විදේශීය කෘතීන් හා පරිවර්තන විශාල ප්‍රමාණයකට පාඨක ජනතාව ඇඳී යෑම විශේෂයෙන් සැලකිය යුතු කරුණකි. හැරී පොටර් කතා පෙළ ඒ අතුරින් ප්‍රධාන තැනක් ගන්නා බව නොරහසකි. කෙසේ වෙතත් කොළඹ නිර්මාණය වී ඇති බටහිර උප සංස්කෘතියේ හැඳී වැඩෙන අන්තර්ජාතික පාසල් වලින් අයනු ආයනු නොකියා, ඒ. බී. සී අකුරු කියවන කුඩා ළමුන් තම දේශීය ජාතික වීරයන් අංශු මාත්‍රයක්වත් දැනගෙන සිටීන්නේදැයි සැකයකි. ඔවුන්ගේ වීරයා වන්නේ සිතේ නිර්මාණය කරනු ලැබ ඇති ෆැන්ටසියකි. ඒ හරියට ඇඳුමක් වත් ඇඳගැනීමට නොදන්නා (Super Man) සුපිරි වීර චරිත කිහිපයක් පමණි. අවම වශයෙන් රාවණ රජු ගැන, පණ්ඩුකාභය රජු ගැන (මේ කියන්නේ අබා චිත්‍රපටිය ගැන නොවේ) උනන්දුවක් දක්වන්නේ කීයෙන් කී දෙනාද? ඒ කොළඹ සාහිත්‍ය කතාවයි.
පරිපූර්ණ මිනිසකු බිහි කිරීමට සාහිත්‍යයෙන් ලබාදෙන්නේ ඉමහත් පිටිවහලකි. 10, 11 ශ්‍රේණිවල ඉගෙනුම ලබන සිසුන්ට නව විශය නිර්දේශය යටතේ ලබා දී ඇති සිංහල පොත් එකින් එකට ගෙන බැලූ විට එයින් දිස්වන්නේ ශ්‍රී ලාංකික අධ්‍යාපනයේ සිදු කෙරෙනු ලබන විශාල කප්පාදුවයි. හොඳම උදාහරණය සිංහල පාඨ ග්‍රන්ථය හා සිංහල සාහිත්‍ය අධ්‍යයන ග්‍රන්ථයයි. කිසිදු තෝරා බලාගැනීමකින් තොරව පාඩම් එකතු කර ඇත. සිංහල පාඨ ග්‍රන්ථයේ ඇති පාඩම් අතුරින් 75%ක්ම වාගේ ඇත්තේ වාර්තාමය ලිපි කිහිපයක් පමණි හරවත් රසවත් සිංහල කියැවීම් ඇත්තේම නැති තරම්ය. මාගේ මව සිංහල ගුරුවරියක වූ නිසාවෙන් මා හට ඈ සතුව තිබූ පරණ නිර්දේශ යටතේ ලියැවුනු සිංහල පාඨ ග්රන්ථ මා කුඩා කල සිටම කියවීමට ලැබීම වාසනාවක් සේ සලකමි. නමුත් ඒ වාසනාව නොමැති අනෙකුත් සිසුන්ට සිදුවී ඇත්තේ ඉමහත් පාඩුවකි. ලංකාවේ නාමික වශයෙන් හෝ ක්‍රියාත්මක වන නිදහස් අධ්‍යාපනය නැත්තටම නැති කිරීමට ගෙනයනු ලබන මේ අන්ත දුක්ඛදායී වැඩපිළිවෙල නිසාවෙන් පීඩාවට පත් වන්නේ ඉහත කී උප සංස්කෘතියේ හැදී වැඩෙන පිරිසට නොවේ, ගම්බද ග්‍රාමීය ජනතාව හා ඔවුන්ගේ දූ දරුවන්ටය. මෙවර උතුරුමැද විභාග ප්‍රශ්න පත්‍ර වලට මුහුනදුන් සිසුන්ට එල්ලෙන්නට වැලේ වැල් නැතිවිය. ඔවුන්ගේ අධ්‍යාපන අයිතිවාසිකම් අහෝසි වී ගොසිනි. එමෙන්ම අධ්‍යාපන කප්පාදුවේ තරම පෙන්වන තවත් කණගාටුදායක අවස්ථාවකි, මෙවර 5 ශිෂ්‍යත්ව විභාගය. පළමු ප්‍රශ්ණ පත්රයෙන්ම කුඩා ළමයාගේ මානසිකත්වය දෙදරා යැවීමට ඔවුන්ගත් උත්සාහය සාර්ථක විණි. ඒ අධ්‍යාපනය හා සාහිත්‍ය අතර ඇති සියුම් සම්බන්ධතාවය හා ලංකාවේ සමාජ තත්ත්වයේ සිදුවෙන් අහිතකර වෙනස්වීම් පෙන්වීම සඳහා උදාහරණ කිහිපයකි.
ලෝක ඉතිහාසයේ සමාජ විප්ලවයන් ගණනාවක් සිදුවී ඇති. මෑතකාලීන ඉතිහාසයේ වූ විප්ලවයන් අතර රුසියානු විප්ලවයට හිමිවන්නේ අද්විතීය ස්ථානයකි. රුසියාව සිය සමාජවාදී ආකල්ප ලොව පුරා පතුරවමින් සීතල යුධ සමයේ බල කඳවුරු නිර්මාණය කරගැනීම සඳහා සාහිත්‍ය උපයෝගී කරගත් ආකාරය සුවිශේෂී ය. ලංකාවේද මෑත කාලයේ සමාජ විප්ලවයන් සිදු කිරීමට ගියේ රුසියානු ආකල්ප සිත්හි දරාගනිමිනි. එය ලංකාවට ගැලපීමට උත්සාහ කරාද යන්න නම් සැක සහිතය. ඒ කාලයේදී සාහිත්‍යමය හා කලාත්මක පැත්තෙන් විප්ලවයට උරදුන් චරිත බොහෝමයකි. නමුදු, විප්ලවය සාර්ථක වූයේ නැත. නන්දා මාලිනී ගේ හඬින් එදා ශක්තිමත් වූ තුරුණු ප්‍රජාවක් අද සිටීද? එදා තුවක්කුවෙන්, තුණ්ඩුවෙන් විප්ලවය කරන්නට උත්සාහ කර නුමුදු විප්ලවයේ තැත වැරදිනි. එයට හේතු කවරේද? ඒ අන් කවර හේතුවක් නොවේ. අතීතයේ වීර කැප්පෙටිපොළ සමයේද ඔවුන්ගේ විප්ලවය අසාර්ථක වීමට හේතුවක් වූයේ පාවාදෙන්නන්ගෙන් සිදුවූ පාවාදීම් නිසාවෙනි. ඒ අයුරින් පාවාදෙන්නන් නිසාවෙන් ශ්‍රී ලංකාවේ සමාජ විප්ලවයන් අසාර්ථක විය. නමුත් ඒ පාවාදෙන්නන්ගේ බලපෑම් මධ්‍යයේ විප්ලවයන් යම් තාක් දුරකට ක්‍රියාත්මක විණි. පාවාදෙන්නන් බිහිවූයේ ශක්තිමත් මානසික පදනමක් නිර්මාණය නොවූ නිසාවෙනි. ශක්තිමත් මානසික පදනමක් නිර්මාණය වීම සඳහා ශක්තිමත් සාහිත්‍යයක්-කලාවක් නිර්මාණය විය යුතුය. නමුත් එසේ සාහිත්‍යයක් හා කලාවක් නිර්මාණය වූවාදැයි සැක සහිතය. රුසියානු සාහිත්‍යයෙන් යම් තාක් දුරකට බලාත්මක වූ නමුත් ශ්‍රී ලාංකික අනන්‍යතාවයකින් යුතු සාහිත්‍යකින් තොරව විප්ලවයකට ඉදිරියට යෑමට නොහැකිය. විප්ලවය-සාහිත්‍ය-කලාව අතර අද්විතීය සම්බන්ධතාව එසේය. නමුත් සමාජ විප්ලවයකට උරදෙන සාහිත්‍යයක් ලංකාවේ මෙතෙක් නිර්මාණය වී නැති බව ඔබ විශ්වාස නොකරන්නේද? වර්තමානයේ විප්ලවය කරහැක්කේ තුවක්වෙන් නොවේ. විප්ලවය සිදු කරහැක්කේ මානසික ව්යායාමකිනි. නමුත් ලංකාවේ අධ්‍යාපන ක්‍රමය නිසාවෙන් මොටවී ඇති නූතන තරුණ පරම්පරාවට කුමන විප්ලවද? අන්තර්ජාතික පාසලට යන ඔවුන්ගේ එකම ඉටු දෙවියා අමෙරිකාවය, එසේත් නැතිනම් ලෝක බැංකුවය. හැරී පොටර්, සුපර් මෑන් රසවිඳ ෆැන්ටසියන් නිර්මාණය කරගැනීමේ කිසිදු ගැටළුවක් නැත. මා පැවසුවේ රටක දියුණුව උදෙසා නූතන දේශීය සාහිත්‍යක් නිර්මාණය වීමේ අවශ්‍යතාවය පිළිබඳව ය.
ලංකාවට සමාජ විප්ලවයක් අවශ්‍යය. නමුත් ඒ මානසික විප්ලවයකිනි. සාහිත්‍යයෙන් තොර මානසික විප්ලවයක් නිර්මාණය කර නොහැක. ලංකාවට ශක්තිමත් සාහිත්‍යයක් නිර්මාණය කිරීමට අප සියළුදෙනාම එක්වෙමු!
—
පසු සටහන – වෙනස් ආරකින් මෙවර සටහන ලියන්න හිතුනා. මේ මාසේ සාහිත්‍ය මාස වීම ඒකට එක හේතුවක්. ඒ වගේම ළඟ ළඟ විභාගය එන නිසා සිංහල රචනා ලිවීමත් පුරුදුවෙන්න ඕනැකම තියෙනවා. ඒකනිසා, සටහන කියවලා සටහනේ අදහස් ගැන ප්‍රතිචාර දෙනවා වගේම, සටහනේ අක්ෂර වින්‍යාස, පද බෙදීම් වැරදි ගැනත් කියලා යන්න අමතක කරන්න එපා. 🙂
3 replies on “සාහිත්‍ය සහ සමාජ විප්ලවය”
“ලංකාවට ශක්තිමත් සාහිත්‍යයක් නිර්මාණය කිරීමට අප සියළුදෙනාම එක්වෙමු!”
මේ කතාවට මමත් කැමතියි.ඒ වගේම මේ වාතාවරණයට සිංහල බ්ලොග් කරුවන් වශයෙන් අප සැමට ඉටු කළ හැකි පහසු කාරයභාර්යක්
සුපුන් රචනාවක් ලිවීමේදී පැහැදිලි අදහස් මුල් කර ගත යුතුයි. ඔබ සාහිත්‍යය ලෙස හඳුන්වනුයේ කුමක් ද? සුපර්මෑන්, හැරී පොටර් සසහිත්ය ලෙස සලකනවා ද? ඒවා ලමා කතා නොව? ඔබ කියන පරිදි, සිංහළෙන් ඇතිකරන නව නිර්මාන බිහි කරන්නේ තරුණ පාඨක පිරිස ගැන සිතමිනි. ඉහත කිව් ඉංගිරිසි පොත් ලියා ඇත්තේ ද තරුණ පිරිසටයි.
තව ද ලංකාවේ සාහිත්‍ය ය යනු සිංහල ඉතිහාසය හා බැඳුනු කතා පමණ ද? ඉංගිරිසි සාහිත්‍යය කියා ඔවුන් සලකනුයේ ඉංගිරිසියෙන් ලිවූ දේ පමණ ද?
නැත.
එසේනම් අපේ සාහිත්‍යය ලෙස වෙන් කොට සැලකීම ට මූලික වන කරුණු කිම?
@ fosssurgeon – සමාවන්න වැරදි අදහසක් මතු වූවානම්, මම මගේ මේ සටහන ලිවුවේ රචනාවක් විදිහටම නොවේ, රචනා ශෛලිය පුරුදු වීම සඳහායි. ලංකාවේ සාහිත්‍ය ලෙස මා අදහස් කරේ ඉතිහාස කතා පමණක් නොවේ. මා අදහස් කරේ සුපර් මෑන් වැන් ෆැන්ටසි වීර චරිත තමන්නේ වීරයන් පවට පත් කර ගෙන සිටින නූතන ළමා පරපුර අවම වශයෙන් තමන්ගේ ඉතිහාසයේ එන දුටුගැමුණු වීර චරිතය පිළිබඳව වත් නොදන්නා බවයි. සාහිත්‍ය ලෙස අදහස් කරේ දැනුම, නව ආකල්ප, සමාජ මට්ටම්, ෆැන්ටසි හා තවත් නොයෙකුත් දෑ (නමුත් එයට බොළඳ බස් වහර අදාල නොවේ) අඩු වැඩි වශයෙන් එකතු වූ ගද්‍ය හා පද්‍ය වලටයි.
ඔබේ ප්‍රතිචාරයට ස්තූතියි.