Categories
විවිධ

මැරතන් ඉවරායි!

සිංහල භාෂාවෙන් බ්ලොග් ලියන්නන්ගේ සහයෝගීතාවය වර්ධනය කිරීම උදෙසා මෙවර පළමු වරට පැවැත්වූ සිංහල බ්‍ලාග් මැරතන් ඉසව්ව මෙසේ නිමාවට පත්වන්නේ සතුටු සිතින්. සතුටු සිතින් කියලා කිව්වේ මේකයි. සිංහල භාෂාවෙන් බ්ලොග් ලිවීමේ වැදගත්කම මෙවර වඩාත් වැදගත් ලෙස ඉස්මතු වී පෙනුනා. දිගින් දිගටම සිංහල භාෂාවෙන් බ්ලොග් ලිවීමේ අවශ්‍යතාවය මෙවර පෙනෙන්නට ඇති. මම නම් කියන්නේ මේකයි. මැරතන් දුවනවා වගේ හැමදාම සිංහල දිගට හරහට බ්ලොග් ලියන්න අවශ්‍යතාවයක් නෑ නමුත් සිංහල යුනිකේතය ප්‍රයෝජනයට ගනිමින් බ්‍ලොග් ලිවීමේ නිරතවීම ඉතාමත් වැදගත් වෙනවා. තාම මට ඔක්කෝම සටහන් ගොඩ කියවන්න බැරිවුනා. ඒක නිසා මම පස්සේ වැඩියෙනුත් එක්ක කියන්නම්. නැවති නැවතී දිව්වාට ඇඟට මාර තෙහෙට්ටුවක් දැනෙන්නේ. ඒක නිසා දැනට නවතිනවා. පසුව හමුවෙමු! ඔබට සුභ රාත්‍රියක්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.