SPEED නියතං BANDWIDTH අනියතං

ඔන්න ඉතින් අන්තර්ජාලයේ භාවනා කරපු මට ඔන්න අන්තර්ජාලයේ පාවෙන්න චාන්ස් එක ලැබුනා. ගත්තා මොබිටෙල් Broadband එත් ඉතින් හිතෙන හිතෙන විදිහට පාවෙන්න නම් බෑ. මොකද ඉතින් Bandwidth එකක් තියෙනවානේ. ඒක නිසා මැණිකක් රකිනා නා රජි‍ඳෙකු සේ Bandwidth එක රැකගන්න ඕනේ. නැත්තන් ඉතින් මාසේ අන්තිමට නුගේගොඩ හන්දියට වෙලා හිඟාකන්න තමා වෙන්නේ. කොහොමවුනත් තාම මොඩම් එක ලැබුනේ නෑ. මොඩම් එක ලැබුනට පස්සේ වැඩියෙනුත් එක්ක කියන්නංකෝ! 🙂

Join the Conversation

10 Comments

  1. එල, අලිය ගත්තට කො දැන් හෙන්ඩුව ? (Modem) හික් හික්. මලින්තට වගේ උබටත් Bandwidth මදිවෙලා අඩන්නනම් එපා !

  2. අපෝ බෑන්ඩ්විඩ්ත් නම් ඉතින් මතක් කරන්න එපා. දැම්මම ඇඬෙනවා… ඔහෑ… ඔහෑ…

  3. ඇයි ඉතින් සීමාවක් නැතිව ADSL ගත්තා නම් වැඩේ ඉවරයි නේ

  4. බෑන්ඩ් විත් එක තමයි කෙල වෙන්නෙ

  5. නාගයා, වැඩේ මේකයි, මට තියෙන්නේ SLT CDMA ෆෝන් එකක් ඉතින් මම ටම් ජනවාරි මාසේ ටෙලිකොම් එකට ගිහිල්ලා ඉල්ලුවා ස්ථාවර දුරකතනයක්. ඒ අය අපේ පැත්තට ලූප්ස් නෑ කියන්න මාස 4ක් ගත්තා. ඊට පස්සේ ඩයලොග් බ්රෝඩ්බෑන්ඩ් ගන්නත් ගියා. ඒකේත් අපේ පැත්තට ආවරණය නෑ ඩයලොග් තාක්ෂණික කණ්ඩායම install කරන්න ආවාත් ආපුහු හැරිලා යන්න ගියා ආවරණය නැති වෙච්ච නිසා. ඉතින් කැරකිලා කැරකිලා අන්තිමටම තමයි මොබිටෙල් බ්රෝඩ්බෑන්ඩ් ගත්තේ. 🙁 ඒත් ගත්තේ කැමැත්තකින් නෙමෙයි. කරන්න වෙන දෙයක් ති‍බ්බේ නැති නිසා. බෑන්ඩ්විඩ්ත් එක පැන්නොත් ඉතින් බඩුම තමා! 🙂

  6. මටත් ඉතින් ඕක ගන්න වුණේ ඔය ප්‍රශ්නෙ හින්දම තමයි 🙂 නැත්තං සීමා රහිත එකක් ගන්න මගෙත් අකමැත්තක් නෑ! 😀

  7. ලංකා බෙල් එහෙම ගන්න බැලුවෙ නැද්ද? මම හිතන්නේ ලංකා බෙල් වල අසීමත වේගයෙන්(512 තමා ඉතින්) අසීමිතව පාචිච්චි කරන්න පුළුවන් 😉

  8. මම දැන් පාවිච්චි කරන්නේ ශ්‍රී ලංකා ටෙලිකොම් ඒ. ඩී. ඇස්. ඇල්. මේ දවස්වල නම් ඒක ලෙඩ ගොඩක්!, ඒත් දැනට මේක ඇති වගේ. 😀

Leave a comment

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: