Skip to content

අවුරුදු දෙකක බ්ලොග් කෙරුවාව

පෙබරවාරි 26, 2010

කාලයක්ම බ්ලොග් අවකාශයේ නිහඬව හිටියා නෙව. ඒත් දැන් නිහැඬියාවට තිත තියන්න ඕනෙ කාලෙ ඇවිත් කියලයි හිතෙන්නෙ. මං හිතන්නෙ මාස දෙක තුනකින් හරියට කෙටි කතාවක්වත් ‍ලිව්වේ නැති තරම්. ඉතින් ඔය ඉන්න එකේ ඒවත් ඉඩ තියෙන තියෙන විදිහට ලියන්න ඕනෙ. මාතෘකාවෙන් පිට යාම මගේ සිරිත නිසාම මුලින් කිව්වෙම මාතෘකාවට එච්චර අදාළ නැති දෙයක්.

බ්ලොග් අවකාශයේ නිහඬව ඉන්න තවත් හේතු වුනේ හෙන ගැහුව වගේ අන්තර්ජාල සම්බන්ධතාව බිඳවැටීමත්. ඒත් එක්කම බ්ලොග් අඩවිය බිම ඇදගෙන වැටීමත් හරි. ඔන්න ඒ ප්‍රශ්න ඉවරයක් වුනා කියමු‍කෝ. වර්ඩ්ප්‍රෙස් ඩොට් කොම් උඩ‍ට බ්ලොග් අඩවිය අරගෙන එද්දි, මට නිකමට වගේ හිතුන කවද්ද මුලින්ම බ්ලොග් එක ලියල තියෙන දවස කියල හොයල බලන්න. බැලින්නම් දෙදාස් අට අවුරුද්දෙ ජනවාරි 20. ඒක බ්ලොග් ලිපියක් නෙවෙයි. බ්ලොග් එක හදන මුල් කාලෙ නිකන් ‍විහිළුවට වගේ දාපු පොඩි සටහනක්. ඒ අර්ථයෙන් ගත්තම ඊට පහුවෙනිද ඕම් ශාන්ති ඕම් චිත්‍රපටිය ගැන ලියල තමයි මේ ලියවෙන සුදාරකගේ අන්තර්ජාල සටහන ලියවෙන්න පටන් අරගෙන තියෙන්නෙ.

මීට කලින් බ්ලොග්-ස්‍‍පොට් ඇතුළෙ මුලින්ම බ්ලොග් කෙරුවාව පටන්ගත්තත්. ඒක එතන තියාගෙන හිටියෙ නම් නැහැ. කෙලින්ම වර්ඩ්ප්‍රෙස් වලිනුයි වැඩේ පටන්අරගත්තෙ. ඉතින් එහෙම බලනකොටත්, ඕම් ශාන්ති ඕම් චිත්‍රපටියෙන් ලිවිල්ල ඇරඹුන දිනය 21වීමත්, මේ කියන හැම මාසෙම විසි එක්වෙනි දිනය ජීවිතයත් එක්ක මහ ගුප්ත විදිහට බැඳිල තියෙන නිසාත්. මමම බ්ලොග් අඩවියේ ආරම්භක දිනය විදිහට දෙදාස් අටේ ජනවාරි විසිඑක්වෙනි දිනය තීරණය කළා. ඒක තනිකර ඒකමතික ඒකාධිපති තීරණයක්!

එහෙම ගත්තාම 2010 ජනවාරි 21වෙනි දිනයට මේ බ්ලොග් අඩවියට අවුරුදු 2ක්. “සුදාරකගේ අන්තර්ජාල සටහන” කියන නම මේකට වැටුනෙ හිතාමතා නෙවෙයි. ඒක නිකම්ම ඔළුවට ආපු නමක් වෙන්න ඇති. කොහොමහරි මේ නම මේකට වැටෙන්න හේතුවක් වෙන්න ඇත්තෙ ඒ කාලෙ අන්තර්ජාලයේ තිබුන සීමිත සිංහල බ්ලොග් ප්‍රමාණයක් අතරින් නිතිපතා වගේ යාවත්කාල වුන, හැම වෙලාවෙම වගේ කියවපු “මලින්තගේ සටහන” වෙන්න ඕනෙ. “මලින්තගේ” නම කපල ඒකට “සුදාරක” දාලා, ඒ මැදට “අන්තර්ජාල” ඔබල තමයි බ්ලොග් අඩවියට නම හදාගත්තෙ. මට මතක විදිහට නම් වුනේ එහෙමයි. :)

ඒ කාලෙ මම පොඩි එකා. දැනුත් මහලොකු වෙනසක් නැහැ ඉතින් බැලුවම. තාමත් ඒ උස ඒ උසමයි, ඒ කොට ඒ කොටමයි! :D හැබැයි බ්ලොග් ලියන්න පටන්ගත්ත එකෙන් ජීව විද්‍යාත්මකව වෙන වැඩිවිය පැමිණීම ඉක්මවෙලා ගිහින් නියම විදිහට සිතිවිලි පරිණත කරගන්න ලැබුනෙ ‍මේ අවුරුදු දෙකක් වගේ සුලු කාලයක් ඇතුළත. ඒ කාලයේ බ්ලොග් ලිවීමත්, ඒකට එන ප්‍රතිචාරත්… ඒ වගේම අන්තර්ජාලය හරහා ඇසුරුකරන්න ලැබුන පුද්ගලයින් කිහිප දෙනෙක් නිසා හිතන විදිහ සෑහෙන්න මට්ටමකින් වෙනස් වුනා. ඒක අන්තර්ජාලයට පහසුවෙන් සිංහල එකතුවීම කියන කාරණය වෙන්න පුලුවන්. මම ඒකෙන් අදහස් කරේ, ‍කෙනෙක්ට තමන් හිතන භාෂා‍වෙන් වැඩකරන්න, අන්තර්ජාලයේ සැරිසරන්න වැඩිපුර අවස්ථාව ලැබුනොත් ඒකෙන් ලොකු ආකල්ප වෙනසක් කරන්න පුලුවනි. ඒක කෙලින්ම බලපාන්නෙ රටේ දියුණුවට. ඒකයි මොන මඩ ප්‍රචාර, දේශපාලනික, ‍අදේශපාලනික, වැඩිහිටි අන්තර්ගත අරව මේව තිබුනත් මේව බලෙන් වාරණය සහ පාලනය නොකර ඉන්න ඕනෙ. කුතුහලය තියෙනවානම් ඒවා සොයායෑමේ වරදක් දකින්න නැහැ. මේව වාරණය වුනොත් අපිට ඉතිරිවෙන්නෙ බබාලන්තයක් විතරයි. සමහරවිට මුකුත්ම ඉතිරිවෙන එකක් නැතිවෙන්නත් පුලුවන්!

ආයෙත් මාතෘකාව වෙනත් පැත්තකට හැරෙව්ව නෙව. ඒක මගේ හැටි.

මට කියන්න ඕනෙ වුනේ බ්ලොග් අවකාශය කෙනෙක්ව උපරිම වශයෙන් පරිණත කරනව. ඒ කියන්නෙ අපි හරිහැටි ප්‍රස්ථාරගත කිරීමක් කරොත් කෙනෙක් බ්ලොග් අවකාශයට ඇතුළත් වීමට පෙර හා පසු කියල. අහස උසට කඩාගෙන යන වර්ධන රේඛාවක් දකින්න ලැබෙයි. ඒක තමයි ඇත්ත.

ඉතින්‍ සුදාරකගේ අන්තර්ජාල සටහනට අවුරුදු දෙකයි. ඉස්සරහට පන කෙන්ද රැකුණොත් සහ 2012 ‍‍ලෝක විනාශය සිද්ධ නොවුනොත්, තව ඉස්සරහට ‍මොනවහරි ලියන්න ලැබෙයි. මතක තියාගන්න. මේ බ්ලොග් එකේ තියෙන්නෙ 100%ක්ම වල්-පල්. මුල ඉඳල අගට බැලුවොත් සමහර විට කියවපු දෙයක් ඇත්තෙ නෑ වගේ දැනෙන්නත් පුලුවනි. ඒක තමයි මේ ලිවිල්ලෙ හැටි.

ප්‍රතිචාර 39 leave one →
  1. පෙබරවාරි 26, 2010 4:47 ප.ව.

    තව චිරාත් කාලයක් බ්ලොග්ම ලියන්නම ලැබේවා
    ආයුබෝඕඕඕඕ වේවා ;)

  2. පෙබරවාරි 26, 2010 5:12 ප.ව.

    සුබ පැතුම්.
    තව තවත් ලියන්න ශක්තිය ධෛර්යය ලැබේවායි පතනවා.

  3. පෙබරවාරි 26, 2010 5:13 ප.ව.

    අවුරුදු දෙකක් කියන්නෙ ඉතාම කෙටි නමුත් ඉතාම දිග කාලයක්. බ්ලොගයක් කියන්නේ එහි හිමිකරුගේ පුද්ගලභාවයේ තවත් එක් ප්‍රකාශන මාධ්‍යයක් නිසා, සර්වසම්පූර්ණ නොවුනත් ඔබේ වෙනස්වීම් ගැන අදහසකුත් මේකෙන් ගන්න පුළුවන් ඇති.

    දිගටම ලියන්න, හොඳට ලියන්න සුභ පතනවා!

    • සුපුන් සුදාරක permalink
      පෙබරවාරි 26, 2010 6:04 ප.ව.

      ඔව්. සාමාන්‍යයෙන් පුද්ගලික බ්ලොග් අඩවියක් කියන්නෙ ඒ ලියන කෙනාගෙම ප්‍රතිබිම්භයක්ම තමයි. ඒකත් එක අතකට මරු! :)

      ‍බොහොම ඉස්තූති සුබ පැතුමට.

  4. පෙබරවාරි 26, 2010 5:22 ප.ව.

    සුබ සංවත්සරයක් වේවා! :D සෑහෙන කලක් ගිහින් නෙව. බොහොම ප්‍රයෝජනවත් දේවල් ලියලා – කරලා කියල තියෙන නිසා සතුටු වෙන්න පුලුවනි.

    (ප.ලි- මේ බ්ලොග් අඩෙවියටත් වර්ඩ්ප්‍රෙස්.com සර්වරවලටත් තෙරුවන් සරනයි :P )

    • සුපුන් සුදාරක permalink
      පෙබරවාරි 26, 2010 7:22 ප.ව.

      මුලින්ම ඉස්තූතියි සුබ පැතුමට. සිරාවටම දැන් දන්නෙම නැතිව සෑහෙන්න කාලයක් ගිහිල්ල. අපි ඉතින් සෑහෙන්න දේවල් ගැන සංවාද කරල තියෙනව නෙව. බොහොම ‍දේවල් ඉගෙනගෙනත් තියෙනව ආනන්දවර්ධනගෙන්.

      අර කිව්වා වගේ. සුදාරක කොතැනද, අල එතැන! :D

  5. පෙබරවාරි 26, 2010 5:37 ප.ව.

    Wish U All the best brother…

  6. පෙබරවාරි 26, 2010 6:25 ප.ව.

    එළ එළ.. බ්ලොගයේ දෙවෙනි සංවත්සරයට සුභ පැතුම්.. දිගටම ලියමු.

    • සුපුන් සුදාරක permalink
      පෙබරවාරි 26, 2010 7:23 ප.ව.

      අනිවා. ‍කොහොමහරි මොනවහරි ලියන්න ඕනෙ. ඇත්තම කිව්වොත් ලිව්වෙ නැතිවුනාම මුකුත්. හිතට සෑහෙන්න බරක් දැනෙනව.

  7. පෙබරවාරි 26, 2010 6:45 ප.ව.

    සුභ පැතුම් සුදාරක ලොක්කා
    දිගටම ලියන්න ශක්තිය ධෛර්යය ලැබේවා
    උබ මට කරපු උදව් වලට ගොඩක් පිං

    • සුපුන් සුදාරක permalink
      පෙබරවාරි 26, 2010 7:25 ප.ව.

      බොහොම ඉස්තූතී සහෝදරය. මනුශාන් මෙහෙන් චැට් මෙසේජ් එවනකොට මම තවත් දහසක් වැඩවල. සමහර වෙලාවට එක චැට් ‍මෙසේජ් එකකට රිප්ලයි කළෙත් පැයකට විතර පස්සෙ. ඉතින් ප්‍රමාද දෝෂ සඳහා සමාවෙන්න ඕනෙ. ජයවේවා! :)

  8. පෙබරවාරි 26, 2010 7:24 ප.ව.

    ඔයා ඉතින් වැඩ්ඩානේ …..අපි නොදන්නවායැ ඒක…දිගටම ලියන්න මලේ සුභ…. :)

  9. තූර්ය permalink
    පෙබරවාරි 26, 2010 7:47 ප.ව.

    ආ ලොක්කා….ඔහොම ලියමු… අපිත් ඉන්නව ඕන දේකට…

  10. පෙබරවාරි 26, 2010 8:05 ප.ව.

    Happy පරක්‌කු Birthday පැතුම්‌ :D

  11. පෙබරවාරි 26, 2010 8:13 ප.ව.

    ඔහොම යං ජය ජය වේ‍.

  12. පෙබරවාරි 26, 2010 8:31 ප.ව.

    ඔන්න දෙවර්ෂ පූර්ණයට මගෙනුත් සුභ පැතුම්! :D

  13. පෙබරවාරි 26, 2010 8:32 ප.ව.

    හ්ම් මම කලිනුත් කියල තියනව ෙනාවැ මම මුලින්ම CDMA එෙකන් ෙනට් ගිහිල්ලා ෙමාකක්ෙදා් එකක් ගහල මෙන්න කියනවා එක දිගට සුපුන් සුදාරක සුපුන් සුදාරක සුපුන් සුදාරක සුපුන් සුදාරක කියලා මට පුදුමයි ඒ දවස්වල
    කොහොම හරි ඉස්සෙල්ලාම බැලුවෙ ඔන්න මේ බ්ලොග් එක මේකෙන් තමයි සිංහල බ්ලොග් කියවනය අදුන ගත්තේ
    ඔබට විශ්වාසනීය වෙනසක් සමග සුබ අනාගතයක් :P

  14. පැතා permalink
    පෙබරවාරි 26, 2010 9:17 ප.ව.

    කොල්ලට මගේ සුභ පැතුම්! දිගටම ලියපන්!

  15. Chooti_malliya permalink
    පෙබරවාරි 27, 2010 11:11 පෙ.ව.

    Happy Anniversary කිව්ව ඔන්න අපිත්….. මේකට පාටියක් දැම්මනම් තමා වටින්නේ, කට්ටියම සුදා අයියගේ ගෙදර ගිහින් කෑම ටිකක් කාලා එහෙම මේ ඇනිවසරිය සමරමු! Hikz :D

  16. පෙබරවාරි 27, 2010 11:15 පෙ.ව.

    දැන් ඉතින් කරන්න වෙන වෙන වැඩ තියෙනවනෙ. අවුලක් නෑ මොනව හරි කරල වෙලාවක් හදාගෙන බ්ලොග් එකත් ලියමු. මගෙන් සුභ පැතුම් !

  17. පෙබරවාරි 27, 2010 6:13 ප.ව.

    අනේ බං උඹ නැති බ්ලොග් අවකාෂේ හරියට පරිප්පු නැති හෝටලයක් වගේ දැනුනේ . . හික්ස්

    • පෙබරවාරි 28, 2010 8:09 පෙ.ව.

      :D මං විතරක්යැ. ඇයි දුකා නැති බ්ලොග් අවකාශයත් එහෙම්මම තමයි. ආසාවෙන් කියවපු බ්ලොග් එකක්. “කියවපු” කියල ලිව්වෙ මේ වැඩ නිසා ළඟදි කියවන්න බැරි වුන නිසා. හැබැයි ඔන්න ඉස්සරහට නම් අනිවා කියවනව. :)

  18. පෙබරවාරි 27, 2010 9:57 ප.ව.

    හප්පා. කොල්ලා දැන් ලොකු ලමයෙක් :D

    මොනවා වුනත් අර කතාව නම් ඇත්ත.

    //බ්ලොග් අවකාශය කෙනෙක්ව උපරිම වශයෙන් පරිණත කරනව. ඒ කියන්නෙ අපි හරිහැටි ප්‍රස්ථාරගත කිරීමක් කරොත් කෙනෙක් බ්ලොග් අවකාශයට ඇතුළත් වීමට පෙර හා පසු කියල. අහස උසට කඩාගෙන යන වර්ධන රේඛාවක් දකින්න ලැබෙයි. ඒක තමයි ඇත්ත.//

    ඒක හුඟක් අය අත්විඳින දෙයක් මම හිතන්නේ හැමෝටම නැතිවුනත්.

    තවත් බර ගාණක් වල්පල් (උඹම කියන විදියට හරිද?) ලියන්න මගෙන් සුබ පැතුම්.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Note: You can use basic XHTML in your comments.

Subscribe to this comment feed via RSS