Categories
අධ්‍යාපනික අන්තර්ජාලය තොරතුරු තාක්ෂණය

Google Translate සඳහා සිංහල භාෂාව එක් කිරීමේ වැදගත්කම.

අන්තර්ජාල‍ය භාවිතා කරන ඕනම පොඩි එක්කෙනෙක් දන්නවා Google වෙබ් අඩවිය, Google ආයතනය ගැන. ඇත්තටම දැන් Google වලින් තොර ලෝකයක් හිතන්නවත් බැරි තරම්. ඇයි ඒ? GMail, Google Docs, Picasa, Calendar, Blogger, Maps, Reader සහ එකී මෙකී නොකී හැම Google වැඩසටහනක්ම අන්තර්ජාලය භාවිතා කරන හැම දෙනෙක්ටම ඉතාමත් වැදගත් වැඩසටහන් එකතුවක්. නිකමට හිතන්න ගූගල් නැති ලෝකයක් ගැන! ඒක නම් නපුරු හීනයක් වේවි. ඔව්. මේ Google වැඩසටහන් අතුරින්, ඉතාමත් වැදගත්ම වැඩසටහනක් තමයි Google Translate කියන්නේ.

මොකක්ද මේ Google Translate?
අන්තර්ජාලය හරහා Google Translate භාවිතා කරමින්, ඔබට පුලුවන් භාෂා 30කටත් වැඩි ප්‍රමාණයක් සමඟ ගනු දෙනු කරන්න. භාෂා පරිවර්තන කටයුතු සඳහා භාවිතා කරන ඉතාමත් වැදගන් ජාලගත උපාංගයක් තමයි ‍මේ. ඔබට Google Translate ගැන වැඩි විස්තර අවශ්‍ය නම්, මෙතැනින් පිවිසෙන්න.

මම මේ ඒකේ තාක්ෂණික පැත්ත ගැන කතා කරන්න නෙමෙයි මේ හදන්නේ. මම මේ හදන්නේ Google Translate වැඩසටහනට, සිංහල භාෂාව එකතුවුනොත් මොනවාද කරන්න පුලුවන් කියන දේ කතා කරන්න. ඒකේ ඇති වැදගත්කම කතා කරන්න. ඒකට Sinhala එකතු කරන්න ‍මොනවාද කරන්න ඕනේ කියලා කතා බහක් ඇතිකරන්න. මේ සඳහා ක්‍රියාකිරීමට කැමැත්තෙන් සිටින අයට පෙළඹවීමක් ඇති කරන්න.

අධ්‍යාපනය සඳහා Google Translate

අධ්‍යාපනය, ඔව් ඒක තමයි අංක එක. අන්තර්ජාලය දැනුම සාගරයක් කියන එක අපි හැමෝම දන්නා කාරණයක් නේ. ඉතින් මේ දැනුම සාගරයේ දැනුම බො‍හෝවිට, 99.9999%ක්ම පදනම් වෙලා තියෙන්නේ ඉංග්‍රීසි භාෂාවත් එක්ක. ඉතින් ඒ ඉංග්‍රීසියෙන් ලියැවිලා තියෙන වෙබ් අඩවි අපිට Google Translate වලට සිංහල භාෂාව එකතු කිරීම හරහා සිංහල භාෂාවට පරිවර්තනය කරගන්න පුලුවන්‍ වේවි. එතකොට අන්තර්ජාලය භාවිතා කරන සිසුන්ට (පාසල්, විශ්වවිද්‍යාල…..) තමන්ගේ මව් භාෂාවෙන් අධ්‍යයන කටයුතු කරගන්න. ඉංග්‍රීසි භාෂාවට දුර්වල ගම්බද පාසල් වල අයට අන්තර්ජාල පහසුකම් ලබාදීලා, Google Translate සඳහා සිංහල එකතු කරලා ඒක ඔවුන්ට භාවිතා කරන්න දුන්නොත් කොහොමට හිටීවිද? නිකම් හිතලා බලන්න. ඔවුන්ට දැනුම් සම්භාරයක් මේ හරහා ග්‍රහණය කරගන්න පුලුවන් ‍වේවි. ඒ වගේම වක්‍රාකාරව ඉංග්‍රීසි භාෂාන අධ්‍යයනයටත් එක විශාල පිටිවහලක් වේවි.

විනෝදාස්වාදය සඳහා Google Translate

විනෝදය, ඒක අධ්‍යාපනයට යටින් :). අන්තර්ජාලය වැදගත් වෙන්නේ අධ්‍යාපනයට විතරක් නෙවෙයිනේ, විනෝදාස්වාදය සඳහාත් අන්තර්ජාලය ඉතාමත් වැදගත් තැනක්නේ. අන්තර්ජාලයේ ඉංග්‍රීසි, හින්දි, අරාබි, හෝ වෙනත් භාෂාවකින් ලියැවිලා තියෙන බ්ලොග් සටහන් කියවන්න පුලුවන් වේවි. වෙනත් රට රට වල ඉන්න අන්තර්ජාල යාලුවෝ එක්ක ඔවුන්ගේ භාෂාවෙන් පණිවිඩ හුවමාරු කරගන්න හැකිවේවි. ඉතින් විනෝදාස්වාදය සඳහා Google Translate දායකත්වය දක්වන්නේ ඒ විදිහට. ආ ඒ විතරක් නෙවෙයි, අපිට චිත්‍රපටි වල Subtitles වුනත් ඉතාමත් ඉක්මනින් සිංහලට හරවන්න හැකිවේවි. එතකොට ඔන්න හින්දි චිත්‍රපටි බලන්න Language Barrier නැතිවේවි.

අන්තර්ජාල ජනමාධ්‍යකරණය සඳහා Google Translate

මේකත් ඉතාමත් වැදගත් දෙයක් අපි වගේ සිංහල බ්ලොග්කාරයන්ට. සිංහල බ්ලොග් කියවන පාඨක පිරිස සාපේක්ෂව ගත්තොත් ඉතාමත්ම අඩුයි. ඉතින් අපිට පුලුවන් අමතර මහන්සියක් නැතිව අපි ලියපු බ්ලොග් සටහන වෙනත් භාෂාවකට හරවලා අනිත් අයටත් කියවන්න සලස්වන්න. එතකොට ලෝකය පුරාම අපේ බ්ලොග් වලට පාඨක පිරිසක් හිදීවි. එළ නේද? 😉

අන්තර්ජාලයෙන් සල්ලි හොයන්න Google Translate 😉

ම්… නරකම නෑ ‍නේද අන්තර්ජාලයෙන් සල්ලි හොයන්න තියෙනවානං 😀 . ඉතින් Google Translate දායක වෙන්නේ මෙහෙමයි, අපි දන්නවානේ Google Adsense සිංහල භාෂාව සඳහා දායකත්වය දක්වන්නේ නෑ කියලා. ඒ කියන්නේ අපි සිංහල අන්තර්ගතයක් තියෙන වෙබ් පිටුවකට Adsense දැන්වීම් දැම්මොත් අපිට පෙන්නන්නේ මහජන සේවා දැන්වීම්. මේකට හේතු වෙන්නේ සිංහල භාෂාවෙන් දැන්වීම් නැති කමත්, සිංහල භාෂාව Google Translate වලට හරිහැටි අඳුරාගන්නත් බැරි නිසා. ඉතින් එතකොට අපිට පුලුවන් සිංහලෙන් තියෙන ‍‍දේ, ඉංග්‍රීසියට පරිවර්තනය කරලා වෙනම තැනක Adsense දැන්වීම් එක්ක එකතුකරන්න. එතකොට ඔන්න Adsense දැන්වීම් පෙන්නාවි.

මෙහෙමයි, Google Translate මිනිසකු පරිවර්තනය කරන විදිහටම පරිවර්තන කටයුතු කරන්නේ නැති බව ඇත්ත. ඒ වුනත්. අපිට ඒ ඇති වන වැරදි තැන නිවැරදි කර‍ගෙන කියවන්න පුලුවන්නේ…

ඉතින්. අපි දැන් බලන්න ඕනේ කොහොමද Google Translate සඳහා සිංහල භාෂාව එකතු කරන්නේ කියලා. ඇත්තටම ඒක කියන තරම් ලේසි වෙන එකක් නැති වෙන්නත් පුලුවන්. ඒ වුනාට අපිට ප්‍රමාණවත් තරම් සම්පත් දායකයන් ඉන්නා බවයි මගේ හැඟීම. මේ සඳහා ICTA වැනි ආයතනයක් මූලිකත්වය ගත්තත් මගේ ප්‍රශ්නයක් නෑ. මම හිතන්නේ ඒක අනිවාර්යයෙන්ම වෙන්න ඕනේ දෙයක් විදිහට.

මේ සඳහා භාෂාව පිළිබඳ දැනුමැති අය අවශ්‍ය වෙනවා
ඒ වගේම අන්තර්ජාලය, අන්තර්ජාලයේ භාවිතා වන තාක්ෂණික වචන පිළිබඳව දැනුවත් අයත් අවශ්‍යයි.
ඒ වගේම මේ සඳහා ස්වේච්ඡාවෙන් වැඩකරන්න කැමති අය එකතු කරගැනීම වැදගත්. විශේෂයෙන්ම විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් මේකට ස්වේච්ජාවෙන් ඉදිරිපත් වෙනවානං හොඳයි ඔය ගහමරාගන්නවාට වඩා 😀

ඉතින් අපි මොනවාද මේකට කරන්න ඕනේ? පරිගණක සඟරාවේ කතුවැකියකත් මං දැක්කා පොඩි අභියෝගයක් සිංහල යුනිකේතයට එල්ල කරලා තියෙනවා කියලා…
හිතුවොත් වැඩක් කරන්න නම් බැරි කමක් නම් නෑ!!

7 replies on “Google Translate සඳහා සිංහල භාෂාව එක් කිරීමේ වැදගත්කම.”

ඇත්තටම මේක කරන්න පුළුවන් නම් මේ සුදාරක හිතපුවටත් වඩා වැඩක් වෙයි. මට නම් ඇත්තටම මේ ක්‍රියාදාම‍‍යේ තාක්ෂණික පැත්ත ගැන අවබෝධයක් නෑ. නමුත් මට පුළුවන් තරමට උදව්වක් කරන්න පුළුවන් පටන් ගන්න කෙ‍නෙක්ට.

මල්ලි, එක කියනවාටත් වඩා අපහසු වෙවි එක අතකින්, මොකද සිංහල භාෂාවෙන් ඔය වැඩේ කරන්න ලේසි නැති නිසා. අපේ භාෂාවත් අනික් සංස්කෘත භාෂා වගේම පොහොසත් භාෂා නිසා. ඉංග්‍රීසි භාෂාවෙන් Aunty කියන එක අපේ භාෂාවෙන් කොච්චර අර්ථ තියෙනවාද? නැන්දා, ලොකු අම්මා, කිරි අම්මා වැනි. එහෙත් මම කියන්නේ බෑ කියලා නෙමේ, නො හැක්කක් නැත (Nothing Impossible) කියලා කියමනක් තියෙනවානේ. මල්ලිගේ අදහස ඇත්තටම හොංඳයි, මට සතුටයි, අලුත් දේ හිතන කරන අය නිසයි දියුණුවක් දකින්න ලැබෙන්නේ. මමත් පුලුවන් සහයක් දෙනවා ඒ සත්කාරයට.

It is possible if we correct the SLSI 1134 by giving all sinhala characters with absolute UTF Values. Until you accept this and correct the SLSI 1134 it will not possible

Donald Gaminitillake
I set the standard

Quote
There is a standard extant for Sinhala described in A Standard Code for
Information Interchange in Sinhalese by V.K. Samaranayake and S.T.
Nandasara
(ISO-IEC JTC1/SCL/WG2 N 673, Oct. 1990). The coding proposed in it was
foundto be an inadequate basis for a modern, computer-based interchange code,
though it is adequate to handle the capabilities of a Sinhala
typewriter forrepresenting contemporary colloquial Sinhala. In addition, the
document isambiguous as to coding order — presumably, given the graphic decomposition
in the code set, the text stream is to be coded in visual, not
phonetic order.An additional problem is that there is no provision to handle exceptional
cases. For example, RA U/UU is, as is common in the Brahmi family,
written ina non-standard way.
Unquote

Above is from

http://www.unicode.org/Public/TEXT/UTR-2.TXT

*the time is ripe to tell the truth to the public and make the
correction.*

Donald Gaminitillake
I set the standard

උත්සහ කරලා බලමු

මාත් බලන් ඉන්නේ ඒදේ කවදා හරි සිද්ද වෙනකං.මාත් හෙල්ප් එකක් දෙන්නම්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.