Categories
විවිධ

ජුනි සටහන

ජුනි මාසෙත් ලැබුවා එහෙනම්. කොහොම කොහොම හරි අපි දවසින් දවස වයසට යනවා කියලා තේරෙන්නේම නෑ. බස් එකෙන් පන බයේ ඉස්කෝලේ යද්දී හිත ඈතට ඈතට යන්නේ හරිම පුදුම වේගයෙන්. කියලා වැඩක් නෑ ඒ ගැන. මේ අවු‍රුද්දේ දෙසැම්බර් මාසේ ටිකෙන් ටික ලංවෙන එක ගැන නම් තියෙන්නේ පුදුම ආකල්පයක්. එක පැත්තකින් සතුටක්, අනිත් පැත්තෙන් බයක්, තව පැත්තකින් දුකක්. අවුරුදු 16කින් පස්සේ පනින්න උත්සාහ කරන දෙවැනි පිම්මට ලංවෙනවා කියන එකේ තියෙන්නේ පුදුම සතුටක්. ඊට පස්සේ ටික කාලයක් හරි සාම්ප්‍රදායික ඉගෙනුම් රටාවෙන් මිදිලා වෙන මොනවා හරි දෙයක් ඉගෙනගන්න කාලයක් ලැබෙනවානේ, අන්න එකයි සතුට. එතකොට ඇයි මේ බය? ඒකනම් ඉතින් හැමෝටම තියෙන දෙයක් නේ, ඒ ගැන කියලා වැඩක් නෑ, එහෙනම් මොකද මේ දුක? ඇයි ඉතින් අවුරුදු ගානක් එකට හිටපු අයගෙන් ගොඩක් අය මේකෙන් පස්සේ මඟඇරෙනවානේ. ප්‍රතිඵල ආපු දවසින් පස්සේ අපි හැමෝම ‍එක එක පැතිවලට යයි. එක කට්ටියක් ගණිතය අං‍ශයෙන්, අනිත් අය විද්‍යාව පැත්තෙන්, තව අය කලා අංශයෙන් බෙදි බෙදී යයි. මේකට තමයි ජී‍විතේ කියන්නේ, ඒක හරිම පුදුම දෙයක්… මේ ගැන තවත් කතා කරන්න දෙයක් නෑ… අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා….

ගත වෙච්ච දවස් කීපය ගැන කතා කරනවානම්, ලංකාවේ තත්ත්වය ටිකෙන් ටික “දරුණු කරන” බවක් තමයි පේන්න තියෙන්නේ. විශේෂයෙන්ම ජන මාධ්‍ය, ලංකාවේ සමාජ රටාව තේරුම් නොගනිමින් ජනයායේ හැඟීම් උත්සාහ කරන්න තමයි දැන් ගොඩක් නාලිකා (ගොඩක් කිව්වාට ඉතින් හැම නාලිකාවක් වගේම එහෙම තමයි)  උත්සාහ කරන්නේ. මොනවා කරන්නද මේක ලංකාව නේ.

මේ දවස්වල දිගට හරහට පාඩම් කරන නිසා බ්ලොග් එකේ ලියන්නත්, අනිත් ‍බ්ලොග් බලන්නත් තියෙන වෙලාව අඩුයි. ඒක නිසාම ‍පොඩි වැඩක් හිතුවා. මේ අවස්තාව ලැබෙන්නේ සිංහල භාෂාවෙන් බ්ලොග් ලියන අයටයි. ඔබට පුළුවන් ඕබේ නමින්, මගේ බ්ලොග් එකේ ආරාධිත සටහනක් ලියන්න. කරන්න තියෙන්නේ මෙචිචරයි. ඔබ ඔබේ විදිහට සිංහල යුනිකේත යොදාගනිමින් බ්ලොග් සටහනක් නිර්මාණය ‍කොට, එම සටහන මගේ විද්‍යුත් තැපැල් ලිපිනය වන supun [@] sudaraka.com වෙත යොමු කරන එක පමණයි. අනතුරුව ඔබේ සටහනේ ගුණාත්මක භාවය සලකා බලා එය සුදාරකගේ අන්තර්ජාල සටහනනේ පලකිරීමට මා සූදානම්. ඔබ ලියන සටහන ඔබේ බ්ලොග් අඩවියේද සටහන් කිරීමටද පුළුවන්.

මේ මාසේ ටිකක් විශේෂ මාසයක් මට, ඒ ගැන ඉතින් පස්සේ කියන්නම්කෝ… ඒත් එක්කම අපේ මියැසි මීරාවය 2008 වීඩියෝ එකත් අන්තර්ජාලයට එකතු කරන්නයි ඉන්නේ. ඉතින් නැවතත් සුදාරකගේ අන්තර්ජාල සටහනෙන් හමුවෙමු. එතෙක් ඔබට ආයුබෝවන්!

3 replies on “ජුනි සටහන”

නෑ නෑ! කිසිදු සංස්කරණයක් කරන්නේ නෑ. ඒ විදිහටමයි පල කරන්නේ. ඒ ගැන කිසිදු ගැටලුවක් ඇති කරගන්න එපා. 🙂

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.