පඩම් කරන්න පොත අතට ගත්තත් සිංහල යුනිකේත භාවිතා කරුවෙක් හැටියට මෑතක වෙච්ච සිදුවීමක් පිළිබඳව හිතට නැගිච්ච අදහස් නිසා. ආපහු ගොඩ වුනා සුදාරකගේ අන්තර්ජාල සටහනට. ඔබ සිංහල බ්ලොග් පිටු අතර සැරිසරනවානම් මේ දවස්වල ICTA කියපු ගමන්ම මතකයට නැගෙන්නේ මොකක්ද? ඔව් ඒ තමයි සිංහල Firefoxඇත්තටම මටත් මේක අහලා පුදුම පිළිකුළක් දැනෙන්නේ. ලංකාවේ තොරතුරු තාක්ෂණය දියුණු කරන්නට උත්සාහ ගන්න (ගන්නවා වෙන්න ඕනේ) ආයතනයක් විදිහට ICTA ආයතනය මේ වගේ වැඩ කරනවානම්. ලංකාවේ තොරතුරු තාක්ෂණයේ ඉදිරි ගමන පිළිබඳව හිතාගත්ත හැකි!. හරි. ඒ කතාකරේ දන්න අයටනේ. දැන් මේ කතාකරන්නේ මේ සිදුවීම ගැන නොදන්නා අයට.
මුලින්ම මේ ප්‍රවෘතිය අහලා ඉන්නකෝ
(මෙම වීඩියෝව අන්තර්ජාලයට යොමු කරන ලද්දේ මලින්ත සමරකෝන් සොහොයුරා විසිනි.
මොකද හිතෙන්නේ? අපේ තොරතුරු තාක්ෂණ ඒජන්සිය මරේ මරු නේද? (මොකද කියවනවද?) හැබැයි අර X Files චිත්‍රපටිය වගේ… “සත්‍ය ඇත්තේ එතැන නොවේ!” 😀
ඇත්තටම Firefox සිංහල කරේ කවුද? ඒ වෙන කවුරුවත් නෙවෙයි! ඒ ඩනිෂ්ක සහෝදරයා.
ඔන්න ඉතින් ඒ වගත් එසේම. වැඩි විස්තර ගැන දැනගන්න ඕනේ නම්, පහත යොමු වලට පිවිසී බලන්න. ඔබත් බ්ලොග් ලියනවානම්, වෙබ් අඩවියක් පවත්වාගෙන යනවානම්, එසේත් නැත්නම්, ජාලගත සංසද වලට සහභාගී වෙලා සිටී නම් මේ පිළිබඳව හැම දෙනාටම දැනගන්න ලියන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔබ යම් කිසි මාධ්‍යජාලයකට සම්බන්ධ වී සිටී නම් මේ ගැන ප්‍රචාරයක් ලබාදීමට අමතක කරන්න එපා.
- ෆයර්ෆොක්ස් සිංහල කරේ කවුද? – සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ කතාබහ
- සිංහල Firefox 3 මාධ්‍ය හමුව – කාලිංගගේ බ්ලොග් සටහන
- ෆයර්ෆොක්ස් සිංහල කරේ කවුද? – මලින්තගේ සටහන
- Sinhala Firefox Success Story – අප්‍රමාණ
- Firefox 3 Sinhala Press Release සිංහල ගිනි නරියා මාධ්‍ය හමුව – Harshana’s Blog
- නරිවාදම රෙද්ද පල්ලෙන් බේරෙන හැටි හෙවත් සිංහල Firefoxගැන අපේ රටේ ජනමාධ්‍ය… – වෙබ් ආලෝචනා
ඔන්න ඕකයි සිදුවීම. මේ වගේ වැරදි මඟහරවාගෙන ලංකාවේ තොරතුරු තාක්ෂණය දියුණු කරන්න ICTA උත්සාහ ගත්තොත් හොඳා! මේ සිදුවීම පිළිබඳව අපේ අවධානය යොමු කළ කාලිංග සොහොයුරාටත් බොහොම ස්තූතියි.
2 replies on “අහෝ ICTA! (ලැජ්ජාවේ බෑ!)”
shaaa……..
oya harima weda karayek……dakshayek
niyamai
niyamai
oyata jayawewaaaaaaaaaaaaaaaaa!!!!!
Danishka was paid by the ICTA and was required to deliver his work to ICTA according to the contract. This is same as private organisations paying for developers to develop FOSS products. There is nothing wrong in the organisations that paid for the developers taking credit.