අලුත් ඇඳුමක්!

හැමදාම හඩ්ඩා වගේ පරණ එකම ඇඳගෙන ඉන්න බෑනේ. පරණ ඇඳුමට යන්න කිව්වා.  ඒකට යන්න කියලා… ඔන්න ම‍ගේ බ්ලොග් එකට අලුත් ඇඳුමක් ඇන්දුවා. තාම අංග සම්පූර්ණ කරේ නැහැ. පොඩි පොඩි වෙනස්කම් වගයක් කරන්න තියෙනවා. ඔයාලටත් වර්ඩ්ප්‍රෙස් බ්ලොග් එකක් තියෙනවානම්, ඒකට අළුත් පෙනුමක් ඕනෑනම්, කරන්න තියෙන්නේ අලුත් ඇඳුමක් අන්දන එක. අළුත් වුනාට මදි. හොඳ පෙනුමක් තියෙන්නත් එපැයි […]

මියැසී මීරාවය 2008

සතියක දෙකක විවේකයෙන් පස්සේ ආපහු බ්ලොග් එකට ලියන්නයි මේ හදන්නේ. මේ දින ටිකේ මුකුත් ලියලා තිබ්බේ නැති නිසා වැඩි දෙනා කියවන්න ඇවිල්ලා තිබ්බේ නැ. මේ දවස්වල ලියන්න බැරිවෙච්ච හේතුව මොකක්ද කියලා නම් මටත් හිතාගන්නඅ අමාරුයි. (එක්කෝ බ්ලොග් අඩස්සිය, එහෙමත් නැත්නම් සා‍.පෙ පීඩනයද දන්නේ නෑ 🙂 ) මේක ලියන්න හිතුනේ ඊයේ තිබ්‍බ අපේ නේවාසිකාගාරේ 11ශ්‍රේණියේ සහෝදරයින් […]

අයියෝ ෂර්ලොක්!

මම කලින් කිව්වා මතක ඇතිනේ ෂර්ලොක් හෝම්ස් කියලා ටෙලිනාට්‍ය පෙළක් රූපවාහිනියේ විකාශනය වෙනවා කියලා. ඉතින් ඒකට සමගාමීව මමත් ෂර්ලොක් හෝම්ස් ගැන සටහනකුත් දැම්මා. ඉතින් මම ගිය සතියේ සෙනසුරාදා ලේස්ති වෙලා ටී. වී එක ඉස්සරහා හරියටම 9.30ත් කලින් වාඩි වුනා. ෂික් නාට්ටේ මඟහැරිලාවත්ද? විනාඩි 10ක් විතර ගියා තාම නාට්ටේ පටන්ගත්තේ නෑ. ඉතින් මොකද කරේ නාට්ටේ බැලිල්ල […]

හීන තටාකෙට – පට්ට කොපිය

කවුරුත් දන්නවා ඇති චිලී ගැන. එයා තවත් එක් නව රැල්ලේ එසේත් නැත්නම් නව පරපුරේ ගා‍ය‍කයෙක්. මේ ළඟදී එයා‍ගේ හීන තටාකෙක ගීතයට මියුසික් වීඩියෝ එකක් එළිදැක්වුනා. හැබැයි ඒක දැක්කාම පට ගාලා මතක් වුනේ හින්දි චිත්‍රපටියක්. ඒක තමා පසුගිය වසරේ වැඩිම ආදායම් වාර්තා තැබූ හින්දි චිත්‍රපටිය. වෙන මොකක්වත් නෙවෙයි! ඒ චිත්‍රපටිය තමයි “ඕම් ශාන්ති ඕම්” ! මියුසික් […]

ෂර්ලොක් හෝම්ස් ගැන…

මේ ටිකත් ලියන්න හිතුවේ ෂර්ලොක් හෝම්ස් ගැන නොදන්නා අය හට ෂර්ලොක් හෝම්ස් පිළිබඳ කුඩා හැඳින්වීමක් කරන්නයි. ෂර්ලොක් හෝම්ස්, ශ්‍රීමත් ආතර් කොනන් ඩොයිල් විසින් නිර්මාණය කරන ලද්දා වූ මේ සුවිශේෂී චරිතය පාදක කරගනිමින් ශ්‍රීමත් කොනන් ඩොයිල් විසින් දීර්ඝ රහස් පරීක්ෂක කතා 4ක් සමඟ කෙටි කතා 56ක් නිර්මාණක කර තිබෙනවා. ඔහුගේ අභාවයෙන් පසුව විවිධ කතා රචකයින් එම […]

ෂර්ලොක් හෝම්ස් රූපවාහිනියේ!

ලංකාවේ මේ වෙන කොට ටෙලිනාට්‍ය විශාල ප්‍රමාණයක් විකාශනය වෙලා තියෙනවා, විකාශනය වෙලා තියෙනවා වාගේම විකාශනය වෙන්නත් තියෙනවා. ඒ වගේ විකාශනය වෙන්න තියෙන ටෙලිනාට්‍යක් ගැන තමයි මේ කියන්නේ. මේක පරිවර්තන නාට්‍යයක්, ලන්ඩනය, 221/බී, ඩොක්ටර් කොනන් ඩොයිල් ගැන කියවෙනකොටම ඉතින් මතක් වෙන සුවිශේෂි චරිත දෙකක් සිටිනවා. ඉංග්‍රීසි සාහිත්‍යයේ මේ සුවිශේෂි චරිත 2 ගැන ඉතින් ආයේ මතක් කරලා […]

කවි පද තේරීම

අපේ නවය වසරේ මල්ලී කෙනෙක් එයාගේ සිංහල පොත (මුද්‍රිත) ගෙනල්ලා මට කවියක් පෙන්නලා කිව්වා තේරුම කියලා දෙන්න කියලා පඬියා වගේ පොත අතට ගත්තාට මොකද තේරුම නම් හිතාගන්න බැරිවුනා. හැබැයි මට පුදුම හිතුනා ඇයි මේ වගේ බැරෑරුම් කවියක් 9ශ්‍රේණිය වගේ සාපේක්ෂව පොඩි පන්තියකට දීලා තියෙන්නේ කියලා. කොහොමහරි මෙන්න මේකයි කවිය, මියගිය කොළ හා දොඩමින් තරුවක් සිටියයි, […]

ඒහි පස්සිකෝ බ්ලොග් මැරතන්!

බ්ලොග් මැරතන් වලට තව දින කිහිපයයි. සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ කට්ටිය ගජරාමෙට හිටු කියලා වැඩ. හැම දෙනාම අඩු වැඩි වශයෙන් වැඩ. ඒ අතුරින් අපේ ආනන්දවර්ධන, මලින්ත, කාලිංග, වරුණ කනිෂ්ක නම් අමතක කරන්න බෑ. ඒ වගේම ඔක්කොම දමලා ගහලා ගියපු ටිරෝන්වත් (ටිරොන්ගේ අදහස හරිද වැරදිද කියලා ඔබත් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ වෙබ් අඩවිය බලලා තීරණය කරන්න) අමතක කරන්න […]

ජබ් වී මෙට් (Jab We Met)

ඔන්න මීට කලින් සැලසුම් කරපු විදිහටම ජබ් වී මෙට් (Jab We Met) චිත්‍රපටිය ඊයේ (2008.04.12) රාත්‍රී 9.30ට ස්වර්ණවාහිනියෙන් සිංහල උපසිරැසි සමඟින්ම නැරඹීමට හැකියාව ලැබුනා. ඇත්තෙන්ම මේ චිත්‍රපටිය සරල, එහෙත් ආකර්ෂණීය සිනමා නිර්මානයක් ලෙස සැලකීමට හැකියි. චිත්‍රපටියේ ගීත සියල්ලම ඉතාමත් වින්දනීය ආකාරයෙන් නිර්මාණය කර තිබෙන ඇති අතර එහි සියළුම ගෞරවය හිමිවන්නේ මෙම චිත්‍රපටියට සංගීතයෙන් දායකත්වය දැක්වූ […]

සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය දැන් ක්‍රියාත්මකයි!.

ශ්‍රී ලාංකේය බ්ලොග්කරණය ප්‍රචර්ධනය හා සිංහල බ්ලොග්කරුවන්ගේ උන්නතිය උදෙසා, සිංහල බ්ලොග් ලියන්නන්ගේ එකමුතුවෙන් නිර්මාණය වූ නවතම වෙබ් අඩවිය “සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය“යි මෙම වෙබ් අඩවිය හරහා සිංහල භාෂාවෙන් බ්ලොග් ලියන්නන් වෙනුවෙන් විවිධ ඉසව් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන අතර, ඒවායෙහි ප්‍රධාන අරමුණ වන්නේ තරඟකාරීත්වයක් ඇතිකිරීම නොව සිංහල බ්ලොග්කරුවන් අතර සුහදත්වයක් ගොඩනැගීම හා නිර්මාණශීලි බව වර්ධනය කිරීමයි. දැන් […]